උඩුකය නිරුවත් ඡායා රූපයක්....

rangathusith

Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    උඩුකය නිරුවත් ඡායා රූපයක්....

    579501_394392767266260_387926787912858_1117536_436274541_n.jpg



    මේ තියෙන්නෙ වයසට ගිය මහත ආච්චි අම්මෙක්ගෙ උඩුකය නිරුවත් ඡායා රූපයක් නෙමෙයි..ලොවෙත් නැති උදාන වාක්‍ය කිය කිය නැතිවෙන්න බීලා සිරෝසිස් නම් රෝගය තෑගි වශයෙන් ලැබුනු පිරිමියකුගේ ඡායා රූපයක්.අරක්කු එහෙම නැතිනම් මත්පැන් කියන වචනය ඇහෙනකොටම ඒකටම බද්ධ වුන අනික් වචනය වෙන්නේ “සිරෝසිස්”. මේක සමාජයේ බොහෝදෙනා දන්නා දෙයක්. “සිරෝසිස්” කියන වචනය දැන ගත්තාට ඒකෙදි වෙන දේ ගැන අවබෝධයක් නැති නිසා වෙන්න ඇති ලංකාවේ මෙපමණ මත්පැන් ප්‍රමාණයක් භාවිතා වෙන්නේ. අද අපි “සිරෝසිස්” කියන්නේ මොකක්ද කියලා දැන ගනිමු.

    මත්පැන් හා හේතූන් කිහිපයක් නිසා අක්මාව ක්‍රමයෙන් පීඩාවට පත්වෙනවා. ප්‍රතිඵලය ලෙස “හෙපටයිටීස්” නම්වූ තත්ත්වයකට පත්වෙනවා. මෙම පීඩාව ටික කලක් තිබී ඉන්පසුව “සිරෝසිස්” නම් වූ සුවකළ නොහැකි තත්ත්වයකට පත්වෙනවා. “සිරෝසිස්” රෝග තත්ත්වයට පත්වූ පසුව සුවකළ නොහැකි වූවත් ඊට පෙර අක්මාව හෙපටයිටීස් තත්වයේ පීඩා විඳින විට අදාළ හේතු ඉවත් කරන්නේ නම් යථා තත්වයට පත්වීමේ හැකියාවක් තියෙනවා.

    ""සිරෝසිස් තත්ව ඇති වූ පසුව රෝග ලක්ෂණ කිහිපයක් දකින්න ලැබෙනවා.අත් පා තද රතු පැහැ වීමත්, සියුම් නහර ලේවලින් පිරී මකුලුවකු ආකාරයට ශරීරයේ තැනින් තැන දිස්වීමත් නියපොතුවල සිදුවන වෙනස්වීමත්, පිරිමි අයකුගේ පියයුරු වර්ධනය වීමත්, වෘෂන කෝෂ කුඩා වීමත්, බඩ පුරවා වතුර එකතුවීමත්, බඩ මත ඇති රුධිර නාල පිරී විශාල වීමත්, ඇස් කහ පාට වීමත්, බර අඩු වීමත්, කෑම අපි‍්‍රය වීමත්, ශරීරයේ දුර්වල වීමත්, ඉතා ඉක්මනින් මහන්සිය දැනීමත් ඒ අතර ප්‍රධාන වෙනවා.""

    සිරෝසිස් රෝගය සඳහා විශේෂිත ප්‍රතිකාරයක් නැහැ. නමුත් දියුණු ප්‍රතිකාර මගින් අක්මාව තවදුරටත් විනාශ වීම වළක්වා මරණයට පත්වීම කල්දමා ගත හැකි වනවා. මේ අතර මත්පැන් හෝ වෙනත් අදාළ හේතුවන ද්‍රව්‍යය/ සාධකය සම්පූර්ණයෙන්ම නවතා දැමීමත් ප්‍රතිකාර සඳහා ඉවහල් වෙනවා. මීට අමතරව පාලනය කරන ලද සිරෝසිස් රෝගියකුට වෙනත් හේතු නිසා (උදාහරණ ලෙස විශබීජ ආසාදන, නැවත මත්පැන් ගැනීම, සමහර ඖෂධ වර්ග ගැනීම) නැවත රෝග තත්ත්වය උග්‍රවීමක් දකින්න පුලුවන් වෙනවා.

    දැන්වත් තමන්ගෙ වල තමන්ම කපාගන්න හැටි ගැන ආයෙත් හැරිල බැලුවොත් හොඳයි නේද?




    Source : http://www.facebook.com/beyonddeHorizon

    පිස්සු හදුනා මේක දැකල, :baffled: බොනවානම් ගානට හොදේ... :rolleyes: වටිනාකමක් තියෙනවනම් නුල ඉදිරියට ගෙනයාම ඔබට බාරයි. :yes:
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    non alcoholic එක හෑදු නොත් මොකෝ කරන්නේ....
    බිව්වමත් හෑදෙනා නොබිව්වමත් හෑදෙනවා... හොදම දේ ලාවට ටිකක් ගන්න එක....;);)
     

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    වටිනවා මචන් ඇත්තමයි...
    අර එරෝසන්ගේ කඩේ යන පොස්ට් වගේ නෙවෙයි මේවානම් ගොඩක් වටිනවා
    :):):):):):)
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    කමක් නෑ නේද මචන්.. :confused: මටත් ඕකමයි හිතෙන්නේ.. :D


    ඔව් බන් තමන්ගේ ලිමිට් එකට අරගෙන කාටවත් කරදරයක් නෑතුව ආතල් එකේ ඉන්නවනම් එච්චරයි..... හෑබෑයි පුරුදු වෙන්න හොද නෑ..... ඔය යාලුවෝ ටිකක් කාලෙකින් සෙට් උනාම වගේ දෙයක් ඈරෙන්න පුරුද්ද්ට, පෙරේත කමට ගෑහුවොත් තමා කෙල වෙන්නේ;)
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    ඔව් බන් තමන්ගේ ලිමිට් එකට අරගෙන කාටවත් කරදරයක් නෑතුව ආතල් එකේ ඉන්නවනම් එච්චරයි..... හෑබෑයි පුරුදු වෙන්න හොද නෑ..... ඔය යාලුවෝ ටිකක් කාලෙකින් සෙට් උනාම වගේ දෙයක් ඈරෙන්න පුරුද්ද්ට, පෙරේත කමට ගෑහුවොත් තමා කෙල වෙන්නේ;)

    අනිවා මචෝ...

    :yes::yes::yes:
     
    Last edited:

    chatm

    Member
    Oct 11, 2008
    378
    21
    0
    Matara, Srilanka
    අද කාලේ මේ වගේ නූලක් වැටෙන එක වටින. කාලක් ගැහුවත්, බොතලේම ගැහුවත් වෙන්නේ එකම දේ තමයි.

    :baffled::baffled::baffled::baffled::baffled:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    non alcoholic එක හෑදු නොත් මොකෝ කරන්නේ....
    බිව්වමත් හෑදෙනා නොබිව්වමත් හෑදෙනවා... හොදම දේ ලාවට ටිකක් ගන්න එක....;);)

    ලාවට අරන් බලන්නකෝ වෙන දේ..:baffled::baffled:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    සිරොසීස් හැදෙන්න එක දෙයක්තමයි මත්පැන්..ඊට අමතරව මිරිස් වලිනුත් සිරොසීස් රොගය හැදෙන්න පුලුවන්..මේක ලොකු කුඩා කියල බේදයක් නැහැ..සිරොසීස් හැදිල ඉන්න පොඩි ළමයින් උනත් ඉන්නව..
    ඒක නිසා බොන්න ඔච්චරම ආසයි නම්...තරමට බීල, හොදට කාපන්