ෆොන්සේකා කොයිබටද????
කොටි සැකකරුවන් නිදහස් කර ගැනීම මගේ වගකීමක් – ෆොන්සේකා
රැඳවුම් භාරයේ සිටින එල්ටීටීඊ සැකකරුවනුත් දේශපාලන සිරකරුවන් බවත්, චෝදනා තිබෙන්නේනම් ඔවුන්ට විරුද්ධව එම චෝදනා ඉදිරිපත් කළ යුතු බවත්, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා පවසයි.
බීබීසී සංදේශය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ බව ප්රකාශ කළ හිටපු හමුදාපතිවරයා, එල්ටීටීඊ සැකකරුවන්ට එරෙහිව චෝදනා නැත්නම් ඔවුන් නිදහස් කළ යුතු බවද පැවසීය.
“එල්ටීටීඊ සාමාජිකයන්ට වුනත් සාධාරණය ඉෂ්ට කළ යුතුයි. එල්ටීටීඊ සැකකරුවන්ට වුනත් දේශපාලන සැකකරුවන් ලෙස සලකලා ඒගොල්ල කරපු වැරදි තියෙනවනම් ඒ ගැන චෝදනා පත්ර ඉදිරිපත් කළ යුතුයි,” ඔහු පැවසීය.
එල්ටීටීඊ සැකරුවන් ඇතුළු ඕනෑම කෙනෙකු අසාධාරණ ලෙස රඳවාගෙන සිටීනම් තමන් එයට විරුද්ධ වන බව පවසන සරත් ෆොන්සේකා ඔවුන් නිදහස් කරගැනීම සඳහා සටන් කිරීම තමාගේ වගකීමක් ලෙස සලකන බවද බීබීසී සංදේශයට ප්රකාශ කළේය.
පසුගිය ජනාධිපතිවරණයේදී තමන්ට සහාය දැක්වූ ජනතා විමුක්ති පෙරමුණ “අන්තවාදී වාමාංශික අදහස් දරන” පක්ෂයක් ලෙස විග්රහ ෆොන්සේකා, තමන්ට එම අන්තවාදී අදහස් සමග එකඟවිය නොහැකි බැවින් දැනට වෙනත් පක්ෂ සමඟ සම්බන්ධ නොවී තම පක්ෂය සමග පමණක් දේශපාලනයේ නිරතවන බවද පැවසීය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පත්කරන ලද උගත් පාඩම් සහ සංහිඳියාව පිලිබඳ කොමිසමේ නිර්දේශ පිළිබඳව විමසූ අවස්ථාවේ ඔහු පැවසුවේ එහි බොහෝ නිර්දේශ සමග තමන් එකඟ වන බවයි.
“රටේ මානව හිමිකම් උල්ලංඝණයන් සිද්දවන බවට කොමිසම කරන නිගමණයට මම කෙලින්ම එකඟ වෙනවා,” ඔහු පැවසීය.
එමෙන්ම ශ්රී ලංකාවේ ප්රධාන ජාතීන් අතර සංහිඳියාවක් ඇතිවිය යුතු බවට කොමිසම කරන නිර්දේශයටද තම සහාය පලවන බවත්, පසුගිය සතියේ ජනාධිපති සමාවක් මගින් බන්ධනාගාරයෙන් නිදහස් කෙරුණු ෆොන්සේකා කියා සිටියේය.
කෙසේවුවද එල්.ටී.ටී.ඊ යට එරෙහිව කෙරුණු යුද්ධයේ අවසාන අදියරේදී යුධ අපරාධ සිදුකෙරුණු බවට කෙරෙන චෝදනා තමන් ප්රතික්ෂේප කරන බව පවසන ඔහු, එවැනි යුධ අපරාධ පිළිබඳව නිශ්චිත චෝදනා තිබෙන්නේනම්, ඒ පිළිබඳව පරීක්ෂාකර බැලීම ආණ්ඩුවේ වගකීම බවද සඳහන් කළේය.
මූලාශ්ර - BBC