බූට් එකක් කෑවද.. ඒත් ජීවිතේ එතනින් හමාර නෑ..

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බූට් එකක් කෑවද.. ඒත් ජීවිතේ එතනින් හමාර නෑ..

    alone_man_ii_by_grck.jpg


    ජීවිතයේ යම් දිනක කොයි මොහොතක හෝ ඔබේ සිතටත් ආදරය නම් වූ ඒ උත්තරීතර හැඟීම ඇතුළු වූවා ද? ආදරය නිසා ඔබේ ජීවිතය කොයිතරම් සුන්දර වූවාද? ඔබේ ජීවන ගමන ආලෝකමත් කළ ඒ ආදරය නිසා අද ඔබ දුකට, වේදනාවට මෙන්ම පසු තැවීමකට පත් වී සිටිනවාද? මොනයම් හෝ හේතුවක්‌ නිසා බිඳී ගිය ප්‍රේමයක්‌ නිසා කැඩී බිඳී විසිරී ගිය ඔබේ හිත හදා ගන්නේ කොහොමද කියන කාරණාව ගැන අද "සිහින සිතිජය" තුළින් අපි කතා කරමු.

    කලා නිර්මාණ බිහි වන්නේ විරහ වේදනාව නිසයි


    ජීවිතයේ ඇති සියලු බලාපොරොත්තු පොදි බැඳන් අරඹන ආදරය බිඳී යන සිතට එය දරාගත නොහැකිය. තම ජීවිතයේ සියලු සැලසුම්, අනාගත ඉලක්‌ක මේ සියල්ල ආදරය හා එක්‌කර ගොඩනගා ගත් බලාපොරොත්තූ බිඳී යන කල එය දරා ගත නොහැකි කෙනකු සිටීමට නොහැකිය. ප්‍රේමයෙන් පරාජය වීමෙන් හදවතකට ඇතිවන වේදනාව මනුෂ්‍ය හදවතකට දරා ගත නොහැකි චිත්ත වේගයකි. ප්‍රේමය නිසා හිතට දැනුණු වේදනාව තමන්ගේ ජීවිතයට යහපතක්‌ උදා කර ගැනීමේ අරමුණින් එයට මුහුණදීමට ප්‍රේමවන්තයින් උත්සාහ දැරිය යුතුය. එය ආදරයෙන් පිදුණු ඔබේ සිත හදා ගැනීමට විශාල පිටිවහලක්‌ වනු නොඅනුමානය. ආදරයේ සදාතනික සිහිවටනයක්‌ වූ ලෝක ප්‍රකට ටඡ්මහල මෙන්ම කවියන්, ගායකයන්, කලාකරුවන් වැනි බොහොමයක්‌ සාහිත්‍යකාරයන් බිහි වන්නේද ආදරයෙන් සිතට දැනුනා වේදනාත්මක සිතුවිලි නිසාවෙනි. ආදරය බිඳීයැම නිසා සිතට දැනුණු චිත්ත වේගයන් නිර්මාණාත්මකව ප්‍රකාශ කිරීමේ ප්‍රතිඵල මත මෙවැනි උසස්‌ කලා නිර්මාණ බිහි වුවද අයහපත් ආකාරයට ප්‍රකාශ කිරීම මත බරපතළ අපරාධ ඇතිවීමට තරම් ප්‍රේමය නිසා ඇතිවන ආවේග බොහෝ ප්‍රේමවන්තයින්ට පාලනය කරගත නොහැකිය.


    කාලය ගැටලු රාශියකට විසඳුම් ලබාදෙයි


    ආදරය නිසා පරාජය වූ එකම පෙම්වතා හෝ පෙම්වතිය ඔබ පමණක්‌ යෑයි නොසිතන්න. මනුෂ්‍ය ජීවිතයේ සියලු දෙනාටම ආදරය පොදු වූවා සේම ආදරය නොලැබී යැමත් එසේමය. ඒ නිසා මෙවන් වේදනාත්මක හැඟීමක්‌ සිතට දැනුණු විට කාලයට ඉඩ දෙන්න මන්ද කාලය ඕනෑම ප්‍රශ්නයකට විසඳුම් ගෙනෙන බව ඔබ අමතක නොකළ යුතුය. ජීවිතයේ අපට දැනුණු බොහෝ වේදනාත්මක හැඟීම් කාලයත් සමඟ අමතක වී යන්නා සේම ආදරය බිඳී යැමෙන් ඔබේ සිතට දැනුණ වේදනාවන් ඒ මොහොතේ නැවත නැවත මතක්‌ කිරීමෙන් දුකක්‌ දැනුණ ද කාලයක්‌ ගත වනවිට ස්‌වභාවයෙන් ඒ හැඟීම ඔබට නොදැනීම ඈතට ගමන් කරනු ඇත.


    ප්‍රථම ප්‍රේමයේ වියෝව
    සිතට දැනෙනවා වැඩියි

    ප්‍රේමය අහිමි වූ බොහෝ අය කෙරෙහි විශ්වාසවන්ත නැති බවක්‌ අන් අයගේ සිත්වල ඇති කරගන්නවා. එවැනි තත්ත්වයන් ඇති වන්නේ තමන්ගේ වරදින් ප්‍රේමය බිඳී ගිය හැඟීමක්‌ ඒ අයගේ සිත් තුළ ඇතිවන නිසාවෙන් විය හැකිය. නමුත් අන් අයගේ වැරැදි අවබෝධය නිසා ආදරය නිසා දුකට පත් ප්‍රේමවන්තයන්ගේ සිත් තව තවත් වේදනාවට පත්වේ. පෙම්වතා හෝ පෙම්වතිය අවංකව ආදරය නොකිරීම ආදරය බිඳී යැමට මූලිකම හේතුවනු ඇත. නමුත් අවංක ආදරයක්‌ නොලැබෙන තැන එය පවතිනවාට වඩා අහිමි වීම තමන්ගේ අනාගත දිවියේ සාර්ථකත්වයට ද මඟ පාදනු ඇත. ආදරය බිඳී ගිය විට වේදනාව වැඩි වන්නේ අතීත සිදුවීම් සිහිවටන මතකයේ රඳවා ගැනීමත් සමඟයි. අවංකව ආදරය කළ අයකුට මෙය හිතාමතාම අමතක කිරීම අපහසු වුව ද වෙනත් ක්‍රියාවන් සඳහා සිත යොමු කිරීම තුළ ඔබට යම් පමණකින් වේදනාව අඩුකර ගත හැකිවේ. ප්‍රථම ප්‍රේමය අහිමි වී ගිය විට එය කෙනකුගේ හිතට වඩාත් තදින් දැනෙන හැඟීමක්‌ නිසා මුළු ජීවිත කාලය පුරාවටම මතකයේ රැඳෙනු ඇත. එවැනි දෙයක්‌ අපහසුවෙන් අමතක කරනවාට වඩා සුදුසු වන්නේ අහිමිරි වුවත් ඒ කටුකත්වය තුළ සැඟවුණු මිහිරි බව වින්දනය කිරීමයි.


    කාලයක්‌ පුරුදු පරිසරයෙන් ඈත් වී සිටින්න


    ආදරයත් සමඟම මතකයේ යෙදුණු යම් යම් ස්‌ථාන වගේම යම් යම් දේ ඕනෑම ප්‍රේමවන්තයින්ගේ ජීවිතය හා බැඳී පවතිනු ඇත. ඇඳුම් පැළඳුම්, දෙදෙනා හුවමාරු කරගත් සිහිවටන දෙදෙනා එක්‌ව තනි වූ ස්‌ථාන මතකයට නැඟීම සිතට වේදනාවක්‌ එක්‌ කරයි. තාවකාලිකව හෝ පුරුදු පරිසරයෙන් කාලයක්‌ ඈත් වී සිටීම ඔබේ වේදනාව මඟ හරවා ගැනීමට උපකාරී වනු ඇත. බොහොමයක්‌ පෙම්වතුන්ට හා පෙම්වතියන්ට තමන් පරාජිත පෙම්වතියක්‌ හෝ පෙම්වතෙක්‌ යන හැඟීම දරාගත නොහැකියි සේම තමන්ට ආදරය අහිමි වූවා යෑයි යන හැඟීම පවා දරාගත නොහැකිය. ඒ නිසාම තමන්ට පුරුදු පරිසරයෙන් කාලයක්‌ ඈත් වුණු විට වේදනාව පහසුවෙන්ම අමතක කළ හැකියි. මනස සුවපත් කිරීම මෙන්ම ආදරයෙන් බිඳී ගිය ඔබේ සිත සුවපත් කිරීමේ හැකියාව සාහිත්‍යය තුළ පවතිනවා. ඒ නිසා සිතට දුකක්‌ ඇති වන හැම විටම කවියක්‌, ගීතයක්‌ ලියන්න පුරුදු වනවා නම් යම් පමණකින් හෝ මානසික සතුටක්‌ එයින් ඔබේ සිතට දැනෙනු ඇත. බිඳී ගිය ආදරය සමඟ සැමදා දුක්‌වීම හැර එය ඔබේ ඉදිරි ජීවන ගමනේ සාර්ථකත්වයට පිටිවහලක්‌ කර ගැනීමට ඔබේ සිතට ඔබ විසින්ම ධෛර්යයක්‌ ඇතිකර ගන්න. ආදරය බිඳී ගිය පසු එතැනින් ඔබේ මුළු ජීවිතයේ සියල්ල හමාර නොවන බව විශේෂයෙන් යෞවන ආදරවන්තයින් මතකයේ තබාගත යුතුයි.


    මනෝවිද්‍යා උපදේශක සරත් අමරබන්දු මහතා ලියූ ලිපියකි.
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ආ‍ද‍ර‍ය‍..... මො‍න‍ම‍ හේ‍තු‍ව‍ක්‍ ම‍ත‍ව‍ත්‍ ඉ‍ක්‍ම‍න්‍ තී‍ර‍න‍ ග‍න්‍න‍ එ‍පා‍... ජී‍වි‍ත‍ කා‍ලෙ‍ම‍ වි‍ද‍ව‍න්‍න‍ වෙ‍යි‍..
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    ප්‍රථම ප්‍රේමයේ වියෝවසිතට දැනෙනවා වැඩියි
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :love::love::love:

    ආ‍ද‍ර‍ය‍..... මො‍න‍ම‍ හේ‍තු‍ව‍ක්‍ ම‍ත‍ව‍ත්‍ ඉ‍ක්‍ම‍න්‍ තී‍ර‍න‍ ග‍න්‍න‍ එ‍පා‍... ජී‍වි‍ත‍ කා‍ලෙ‍ම‍ වි‍ද‍ව‍න්‍න‍ වෙ‍යි‍..
    :yes::yes::yes:

    ප්‍රථම ප්‍රේමයේ වියෝවසිතට දැනෙනවා වැඩියි
    :yes::yes::yes::(

    උගුරෙ බයිට් පාවෙන්න ගැහුවා නම් හරි:cool:
    ජයවේවා
    11.gif

    :angry::angry: තෝ තාම බොන එක නැවැත්තුවෙ නෑ නේද..
    :oo::oo::(

    maxxxxxxxxxxxxaaa
    තෑන්ක්ස් මචං..

    kathawa aththa...............................:yes::yes::yes:
    :):)

    11.gif


    :frown: bonna epa bn kello nisa :rofl::rofl:
    මූ කෙල්ලො නිසා බොනවා නම් දුක්ක නෑ.. මූ බොන්නෙ ආතල් එකට බං.. මෙලෝ රහක් නෑ.. හැමදාම බොනවලු..:lol::lol:

    :(:(:oo:

    Oww. e-ta wada modakamak thawath ne..:cool::cool:
    ඌට ඒක තේරෙන්නෙ නෑ බං.. සල්ලිකාරයොනෙ..:)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මමත් බූට් පාරක් නම් කාලා ති‍යනවා ජීවිතේට අමතක නොවෙන්න.... :yes::yes::yes::yes:දැන් නම් ඒක ගැන ගානක් වත් නෑ. හැබැ‍යි ඉතින් ඊට පස්සේ වෙන කෙල්ලෙක් එක්ක ‍යාලු වුනේ නම් නෑ.:baffled::baffled::baffled::baffled: අර කතාවකුත් ති‍යනවනේ "ගිනි පෙනෙල්ලෙන් බැට කාපු මිනිහා කණාමැදිරි‍යාටත් බ‍ය‍යි " කි‍යලා.:lol::lol::lol::lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මමත් බූට් පාරක් නම් කාලා ති‍යනවා ජීවිතේට අමතක නොවෙන්න.... :yes::yes::yes::yes:දැන් නම් ඒක ගැන ගානක් වත් නෑ. හැබැ‍යි ඉතින් ඊට පස්සේ වෙන කෙල්ලෙක් එක්ක ‍යාලු වුනේ නම් නෑ.:baffled::baffled::baffled::baffled: අර කතාවකුත් ති‍යනවනේ "ගිනි පෙනෙල්ලෙන් බැට කාපු මිනිහා කණාමැදිරි‍යාටත් බ‍ය‍යි " කි‍යලා.:lol::lol::lol::lol::lol:
    :yes::yes::yes::yes:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මට ඉස්සර කෙල්ලෙක් හිටියා. :love: එයා මගෙන් අයින් වුනා..:( ඒ දවස් වලනම් මාර අප්සට් එකේ හිටියේ. :( නමුත් දැන් හිතෙනවා එහෙම වුන එක හොදයි කියලා. :rofl: හැබැයි එයාගෙන් පස්සේ තාම වෙන කෙල්ලෙක්ට මගේ හිත ගියේ නෑ........... :P