කටුවනට යුධ හමුදාව

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
කටුවනට යුධ හමුදාව

හම්බන්තොට, කටුවන ප්‍රදේ‍ශයේදී ජනතා විමුක්ති පෙරමුණු රැස්වීමට එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයින් 22 කුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සදහන් කළේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා යුධ හමුදාවේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සහාය මත මේ වනවිට ප්‍රදේශයේ මෙහෙයුමක් ක්‍රියාත්මක බවය.


ඊට හමුදා සාමාජිකයින් 200 ක් පමණ සහභාගිවී සිටින බව ඔහු සඳහන් කළේය.

ඊයේ රාත්‍රී සිදුවූ මෙම වෙඩි තැබීමෙන් මියගිය කාන්තාවගේ සහ දරුවාගේ මළ සිරුරු පිළිබද මහේස්ත්‍රාත් පරික්ෂණය අද පැවැත්වීමට නියමිත බව ද ඔහු සදහන් කළේය.


NF