ගුවන් තොටුපලෙන් එන්නේ මෙහෙමයි...!!

ozi

Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    ගුවන් තොටුපලෙන් එන්නේ මෙහෙමයි...!!

    කලින් මම ත්‍රෙඩ් එකක් දැම්ම මතක ඇති ගුවන් තොටුපලින් පිටරටකට යන්නේ කොහොමද කියලා..ඒකේ කට්ටිය ඇහුවා රට ඉදන් එන්නේ කොහොමද කියලා..ඔන්න ඒ ලිපිය..!!

    ගුවන් යානය ගුවන් තොටුපලේ පර්යන්ත ගොඩනැගිල්ලේ නවතා අවසන් වී ගුවන් සේවිකාවන් විසින් මගින් ට බැසීමට සුදානම් වන ලෙස දන්වන තෙක් මදක් ගුවන් යානයේ රැඳී සිටින්න. ඉන්පසුව තමන්ගේ ගමන් මල්ල (උඩ රාක්කයේ තැන්පත් කළ) පරිස්සමින් රැගෙන ගුවන් සේවිකාවන් පෙන්වන දොරෙන් හෝ තමන්ගේ ආසනයට ආසන්නම දොරෙන් පිට විය යුතුයි. යානය ගුවන් තොටුපළට සම්බන්ධ කර ඇති අවස්ථාවකදී නම් කෙළින්ම පර්යන්තයට පිවිසිය හැකියි. ඒ “එයරෝ බ්‍රිජ්“ මගින්. පහත රූපය බලන්න.

    IMG_0152_thumb20.jpg

    එහෙම නැති නම් පුළුවන් පඩි පෙළකින් බැහැලා එතන සිට පර්යන්ත ගොඩනැගිල්ල දක්වා බස් රථයකින් පැමිණෙන්න. ඔය පහළ තියෙන්නෙ ඒ වගේ ඡායාරූපයක්.

    bus_thumb7.jpg

    මේ වාහනය සහිත පඩිපෙළට කියන්නෙ “ස්ටෙප් ලැඩර්“ කියලා.

    ඔය මොන විධියෙන් හරි ගුවන් යානයෙන් එළියට ඇවිත් පරියන්තයේ ඇවිදින කොට ඉස්සරලාම හමු වන්නෙ ආගමන විගමන කවුළු. මේ ස්ථානයේදී තමන්ගේ ගමන් බලපත්‍රය ඉදිරිපත් කර අවශ්‍ය ලියවිලි මගින් සනාථ කර ගුවන් තොටුපලේ ඉදිරියට ගමන් කළ හැකියි.

    ඉන් පසුව හමු වන්නේ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයයි. .

    Duty-Free_thumb2.jpg

    මෙහිදී තමන්ට අවශ්‍ය භාණ්ඩ තීරුබදු රහිතව මිළ දී ගත හැකියි. නමුත් විදේශ ගත වී සිටි කාලය අනුව තමයි තීරණය වන්නේ තමන්ට කොපමණ ප්‍රමාණයක භාණ්ඩ ලබා ගත හැකිද කියා. ඒ වගේම මුදල් ගෙවිය හැක්කේ විදේශ මුදල් මගින්. මෙහිදී ටොෆි, චොකලට්, මත්පැන් වගේ දේවලුත් අනෙකුත් ගෘහ විදුලි උපකරණත් තීරු බදු රහිතව මිළ දී ගත හැකියි. ඒ භාණ්ඩ මිළ දී ගැනීම සඳහා අනිවාර්යයෙන් ගමන් බලපත්‍රය ඉදිරිපත් කළ යුතුයි.

    Duty-Free-2_thumb6.jpg

    දැන් මේ බඩුත් අරගෙන පහළට එනවිට ගුවන් යානයට ඇතුල් කළ ගමන් මල්ල ලබා ගැනීමේ අවස්ථාව ලැබෙනවා. ඔය පහළ තියෙන්නෙ ඒ ගමන් මළු ලැබෙන ආකාරය.

    Convey-Belt1_thumb5.jpg

    මේ වගේ පටි බොහෝ ගනනක් තියෙන්න පුළුවන්. ඉතින් එතකොට ප්‍රශ්ණයක් වෙනවානෙ තමන්ගෙ ගමන් මල්ල තියෙන්නෙ මොන පටියෙද කියන එක. ඒකට විසඳුමක් ලෙස සෑම පටියක් අසලම ඒ පටියේ පැමිණෙන්නෙ කුමන ගුවන් යානයේ මගීන්ගේ ගමන් මළුද යන්න සඳහන් වෙනවා. මේ පහළ තියෙන ඡායාරූපයේ තියෙන්නෙ ඒ වගේ තිරයක්.

    baggage-Display_thumb5.jpg

    දැන් මෙතනදී තමන්ගේ ගමන් මල්ල නිවැරදිව තෝරා ගත යුතු වෙනවා. ඒසේ තෝරා ගත් ගමන් මළු අවශ්‍ය නම් ට්‍රොලියක් භාවිතයෙන් ගෙන යා හැකියි. මෙහිත් පෝටර් වරුන් සිටිනවා.

    හදිසියේවත් තමන්ගේ ගමන් මල්ල මේ පටියේ පැමිණියේ නැති නම් ඒ බව එතන තියෙන කවුන්ටරයට පැමිණිලි කරන්න පුළුවන්. ඒ අය එවිට එය සොයා ගැනීමට උදව් කරාවි. යම් හෙයකින් ගමන් මල්ල නැතී වී තිබුණහොත් ඒ බව අදාල ගුවන් සමාගමට දැනුම් දිය හැකියි. එවිට ඔවුන් එය සොයා බලා ඒ සඳහා සුදුසු වන්දි මුදලක් ගෙවාවි. එ‍සේ නොගෙව්වොත් හෝ සොයා නොබැළුව හොත් ඒ බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියට පැමිණිලි කළ හැකියි.

    කෙසේ හෝ මෙම ස්ථානයෙන් ගමන් මලු රැගෙන ඉදිරියට එන විට හමු වන්නේ ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන්. සාමාන්‍යයෙන් ඔවුන් සෑම මගියෙකු්ම පරීක්ෂා කරන්නේ නැහැ. ඒත් ඒක අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම ඔවුන්ට දැනුමක් .තිබෙනවා යම් අකටයුත්තක් සිදු වෙනවනම් ඒ බව හඳුනා ගන්න. යම් හෙයකින් ඔවුන් ඔවුන්ගේ රාජකාරිය කිරීමට උත්සාහ කළොත් ඒ සඳහා ඔබගේ උපරිම සහයෝගය ලබා දෙන්න. මේ අවස්ථාවේදී සමහර ඔබ මිළ දී ගත් භාණ්ඩ හා ඒවායේ බිල් පත් ආදිය පෙන්වීමට සිදුවේවී. ඒ වගේම ඔබගේ භාණ්ඩ වලට යම් බදු මුදලක් ගෙවිය යුතු නම් ඒ බවත් ඔවුන් දැනුම් දේවි.

    මේ සියල්ල අවසන් කර ඉදිරයට යන විට ඔබට සංචාරක නියෝජිත ආයතන කීපයක කවුන්ටරුත් කුලී රථ ලබා ගැනීඹ සඳහා කවුන්ටරුත් පිහිටා තිබෙනවා. ඔබට අවශ්‍ය නම් කුලී රථයක් ලබා ගත හැකියි. නැති නම් තමන්ගේ රථයක් පැමිණ තිබෙනවානම් ඒ වෙත ගමන් කළ හැකියි. නැතහොත් ගුවන් තොටුපලේ සිට ඇවරිවත්ත/කටුනායක බස් නැවතුම් පළ වෙත පැමිණීමට බස් රථයට ගොඩවිය හැකියි. එලෙසම අවශ්‍ය නම් පයින් ඇවිදගෙන ගොස් ඉදිරිපස පාරේ ත්‍රිරෝද රථයක් ලබා ගැනීමත් කළ හැකියි.

    මේ ස්ථානයෙන් එළියට පැමිණිය විට අවශ්‍ය නම් දේශීය බැංකු කීපයක ටෙලර් යන්තු පිහිටා තිබෙන නිසා ඒවායින් මුදල් ලබා ගැනීමටත් හැකියාව තිබෙනවා.

    මා මෙහි සඳහන් කලේ අපේ ගුවන් තොටුපලට පැමිණි පසු එයින් පිටතට එන ආකාරයයි. වෙනත් රටවලත් මෙයට සමාන ආකාරයෙන්ම සිදුවෙනවා. ඒ වගේම විදේශයකදී මුදල් මාරු කර ගැනීමේ හැකියාවත් ලැබෙනවා. අපේ ගුවන් තොටුපලේ පැමිණීමේ පර්යන්තයේත් මේ පහසුකම් තිබෙනවා. තමන් ළග තිබෙන විදේශ මුදල් දේශීය මුදල් බවට පරිවර්ථනය කර ගැනීමට හැකියාව තිබෙනවා.

    මේ ලිපියෙන් ඔබට යම් දැනුමක් ලැබෙන්න ඇති. ඒ වගේම මේ කියපු සරල ආකාරයට වඩා වෙනස් විධියේ සිද්ධිත් සිදු වන්න පුළුවන්.

    මේ ලිපියත් මම ගත්තේ අපේ අහස බ්ලොග් එකෙන්..මේකෙ සම්පූර්ණ ගෞරවය ඒ බ්ලොග් එක ලියන කෙනාට තමයි අයිති...ගොඩක් කට්ටියට වැදගත් වෙන නිසා මෙතනත් දැම්මා...

    අනිත් කට්ටියත් බලන්න පුලුවන් වෙන්න බම්ප් එකක් දාලා යන්න...රෙප් නම් වැඩිය හොදයි...!!
     
    mudalihami

    Banned
    Dec 27, 2011
    396
    58
    0
    සිංහල දේශය
    අනෙ අම්මෝ මොන ගුවන් සේවයේ ගියත් කමක් නෑ... මිහින් ලංකානම් ටිකට් බුක් කරන්න එපා....තරහා කාරයෙක්වත් යවන්නත් එපා....සමහර දවසට පෑය 12-15 පරක්කු වෙනවා... සර්විස් එක, යානයේ තත්වය අන්තිමයි... කකුලක් වත් දිග ඈරගන්න ඉඩක් නෑ සීට් දෙකක් අතර..... දේසපාලනේට ආපු එයාර් හොස්ටස්ටා ටිකක් ඉන්නේ... උනුත් හෙන ලොකු එකෙන් හිතන් ඉන්නේ උන් ගෑන.... යනවනම් ශ්‍රි ලංකන් යන්න... ලෝකේ හොදම තත්වයේ ගුවන් සේවයක් .... හෑම දේම හොදයි....
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    අනෙ අම්මෝ මොන ගුවන් සේවයේ ගියත් කමක් නෑ... මිහින් ලංකානම් ටිකට් බුක් කරන්න එපා....තරහා කාරයෙක්වත් යවන්නත් එපා....සමහර දවසට පෑය 12-15 පරක්කු වෙනවා... සර්විස් එක, යානයේ තත්වය අන්තිමයි... කකුලක් වත් දිග ඈරගන්න ඉඩක් නෑ සීට් දෙකක් අතර..... දේසපාලනේට ආපු එයාර් හොස්ටස්ටා ටිකක් ඉන්නේ... උනුත් හෙන ලොකු එකෙන් හිතන් ඉන්නේ උන් ගෑන.... යනවනම් ශ්‍රි ලංකන් යන්න... ලෝකේ හොදම තත්වයේ ගුවන් සේවයක් .... හෑම දේම හොදයි....

    :nerd::nerd::nerd::nerd::nerd::nerd:
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    කෙසේ හෝ මෙම ස්ථානයෙන් ගමන් මලු රැගෙන ඉදිරියට එන විට හමු වන්නේ ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන්. සාමාන්‍යයෙන් ඔවුන් සෑම මගියෙකු්ම පරීක්ෂා කරන්නේ නැහැ. ඒත් ඒක අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම ඔවුන්ට දැනුමක් .තිබෙනවා යම් අකටයුත්තක් සිදු වෙනවනම් ඒ බව හඳුනා ගන්න. යම් හෙයකින් ඔවුන් ඔවුන්ගේ රාජකාරිය කිරීමට උත්සාහ කළොත් ඒ සඳහා ඔබගේ උපරිම සහයෝගය ලබා දෙන්න. මේ අවස්ථාවේදී සමහර ඔබ මිළ දී ගත් භාණ්ඩ හා ඒවායේ බිල් පත් ආදිය පෙන්වීමට සිදුවේවී. ඒ වගේම ඔබගේ භාණ්ඩ වලට යම් බදු මුදලක් ගෙවිය යුතු නම් ඒ බවත් ඔවුන් දැනුම් දේවි.

    hama ekkakma check karan naththe ay???
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නියමයි මචං.. කලබලෙන් කියෙව්වෙ.. නිවාඩු පාඩුවෙ කියවන්න බුක්මාක් දාගත්තා.. ජයෙන් ජය..!
     
    foxmorio

    Active member
  • Jul 19, 2007
    315
    105
    43
    thanks buddy,, very useful info...but try not to change your foreign currency at the bank outlets in the airport. just change a little that will be enough for your first day, i dont know why but the currency exchange rate in the air port is very very low than the exchange rate in the banks out side of the airport.
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    කෙසේ හෝ මෙම ස්ථානයෙන් ගමන් මලු රැගෙන ඉදිරියට එන විට හමු වන්නේ ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන්. සාමාන්‍යයෙන් ඔවුන් සෑම මගියෙකු්ම පරීක්ෂා කරන්නේ නැහැ. ඒත් ඒක අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම ඔවුන්ට දැනුමක් .තිබෙනවා යම් අකටයුත්තක් සිදු වෙනවනම් ඒ බව හඳුනා ගන්න. යම් හෙයකින් ඔවුන් ඔවුන්ගේ රාජකාරිය කිරීමට උත්සාහ කළොත් ඒ සඳහා ඔබගේ උපරිම සහයෝගය ලබා දෙන්න. මේ අවස්ථාවේදී සමහර ඔබ මිළ දී ගත් භාණ්ඩ හා ඒවායේ බිල් පත් ආදිය පෙන්වීමට සිදුවේවී. ඒ වගේම ඔබගේ භාණ්ඩ වලට යම් බදු මුදලක් ගෙවිය යුතු නම් ඒ බවත් ඔවුන් දැනුම් දේවි.

    hama ekkakma check karan naththe ay???

    Hama Bag ekakma check karana eka amrui ban...hithapanko flight 3k witara eka laga awoth oya okkomema inna ayage(700-800k witara) bag check karanna giyoth passengerta eliyata enna peya 7 8k yawi..eka practical wedak nemei..:yes::yes::yes::yes::yes::yes:
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    Hama Bag ekakma check karana eka amrui ban...hithapanko flight 3k witara eka laga awoth oya okkomema inna ayage(700-800k witara) bag check karanna giyoth passengerta eliyata enna peya 7 8k yawi..eka practical wedak nemei..:yes::yes::yes::yes::yes::yes:

    ethakota KUDU unath pannanna puluwan ne........
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    ethakota KUDU unath pannanna puluwan ne........

    ow machan...Normally custom eken karanne saka hithena widiyata hasirena ayawa check karanawa.... kohomath oya India wala(Chennai,Trich etc.) idan ena fligh walata ehema loku attention ekak denawa Custom eken... kohoam unath ahu wenne nathi ewwath tiyanawa..:yes::yes::yes::yes::yes::yes: