අනාගත යුද සෙබළු

Nov 30, 2011
5,572
840
0
මිහිතලයෙ
අනාගත යුද සෙබළු

ඔන්න යාලුවනේ අද මං ඔයාලට කියන්න යන්නේ ඇමෙරිකාවේ අත්හද බලා තිබෙන නවීනතම ඇදුම් කට්ටලයක් ගෙනයි.ඔයාලට මතකයි නේද වගේ ෆිල්ම් වල තිබුන නවීන රොබෝලා .අන්න ඒ වගේ දෙයක් ගැන තමා මේ විස්තරෙත්. මේක අදුන්වන්නේ.එතරම්ම සාර්ථක තත්වයක නොමෙති උනත් කවද හෝ එම තත්වයට පැමිණීමේ බලාපොරොත්තු ඇතිව.නිපදවා ඇති මෙය (HULC) නම් වේ එනම් Human Universal Load carrier ලෙස හඳුන්වන එක්සෝස්කෙලිටන් නිර්මාණ ව්‍යාපෘතියයි.

96181021.jpg


මෙමගින් කෙරෙන්නේ කිසිම අපහසුවකින් තොරව සෙබළෙකුට විශාල ප්‍රමාණයේ බර ප්‍රමාණයක් එනම් රාත්තල් 200ක් බරක් (කිලෝග්‍රෑම් 100ක් පමණ) සැතපුම් 20ක් වැනි දුරක් යා හැකි ලෙසය.මේ අඩුම නිර්මාණය කර තිබෙන ආකාරය අනුව අදුමෙහි විශේෂ කරණය වනුයේ මෙම බර ගෙනයාමේදී සෙබලාට කිසිදු අපහසුවක් නොදැනීමයි.මෙම සැකසුම ඉතා සැහැල්ලු එහෙත් වානේ මෙන් ශක්තිමත් ටයිටේනියම් වලින් නිපදවා ඇති HULC යන්ත්‍රය හයිඩ්‍රොලික් ඇකියුටේටර් මගින් ක්‍රියාත්මක වේ. යන්ත්‍රයේ ඇති පරිගණකය මගින් එය පැලඳ සිටින්නාගේ ශාරීරික ක්‍රියාකාරකම් නිවැරදිව හඳුනාගෙන යන්ත්‍රයේ දෑත් හා පාදවලට නිවැරදිව විධානයන් දෙන නිසා පලඳින්නාට අපහසුවකින් තොරව එය පැලඳගෙන යා හැකිය. හයිඩ්‍රොලික් ඇකියුටේටර් වලට බලය ලබාදෙන්නේ අධිබල බැටරියක් මගිනි. මෙය නිපදවා තිබෙන්නේ ප්‍රමුඛ පෙලේ අමෙරිකානු ආරක්ශක සමාගමක් වන LockheedMartin Defense System සමාගම මගින් නිර්මාණය කර ඇති මෙම රොබෝ එක්සෝස්කෙලිටන් යන්ත්‍රය මේ වන විට විද්‍යාගාර පර්යේශණ අවසන්කොට පරීක්ශණ මට්ටමට ලඟාවී තිබෙනවා. පහත දැක්වෙන්නේ අමෙරිකානු සෙබලු HULC යන්ත්‍රය බවිත කර ඇති ආකාරයි..
180262.gif


මෙම යන්ත්‍රය පැළඳගත් සෙබලෙකුට සාමාන්‍ය ක්‍රියාකාරකම් සියල්ල කල හැකි බව මෙමෙ යන්ත්‍රයේ නිෂ්පදකින් කියා තිබෙනවා එනම් සාමාන්‍ය ආකාරයට ඇවිදීමට, පැනීමට, බඩගාගෙන යාමට, කඳු නැගීමට හා ඇණ තබාගෙන සිටීමට හැකියාව මෙම යන්ත්‍රයට පවතී.
අමෙරිකන් යුධහමුදාව මෙම පද්ධතියේ හැකියාවන් යුධ තත්වයන් යටතේ ක්‍රියාකරන ආකාරය දැඩි ලෙස පරීක්ශාවට බඳුන්කරන අතර HULC පද්ධතිය පැලඳගත් සෙබලුන් බිමක් මැදින් ගමන් කිරීමේදි HULC පැලැඳගෙන සිටින්නාට ලැබෙන වාසි මොනවා දැයි සොයා බැලේ. විශේෂයෙන්ම සෙබලුන්ගේ ඔක්සිජන් භාවිතය, මාංශපේශීවල විඩාව යන කරුණු පරික්ශාවට බඳුන් කරන අතර HULC පැළඳගෙන සිටින සෙබලුන් හට මේ අංශ වලටදී වාසි ඇත්දැයි සොයා බැලේ. දැනට ලැබී ඇති දත්ත අනුව පද්ධතිය යුධ සෙබලෙකු භාවිතාකරන ඔක්සිජන් ප්‍රමාණය 15-20% අතර ප්‍රමාණයක් අඩු කිරීමට සමත් වේ පරීක්ෂකයන් පවසයි .ඔක්සිජන් භාවිතය අඩුවීම යනු සෙබලෙකු ගන්නා ආයාසය අඩුවීමකි. මෙය සෙබලෙකු ඇති වන මහන්සිය මගහරවා ගැනීමට විශාල උපකාරයකි.අනෙක් කරුණ වන්නේ මෙම තාක්ෂනය අබදිත සෙබළුන්ට පවා ආදේශ කිරීමට ඇති හැකියාවයි.

මීට අමතරව HULC පද්ධතියේ බල සැපයුම වැඩිකරගත හැකි ආකාරයේ තාක්ශණයක් අත්හදා බලමින් තිබේ.යම් දිනක මෙය සාර්ථක වනු නියතයකි..එනම් රට රටවල සුපිරි ගනයේ නවීන සෙබළු සටන් වල දෙකගත හෙකිවිම නොඅනුමයය ..
පහතින් ඇත්තේ එහි Video පටයකි.


මෙන්න LINK එක වැඩ නැත්නම්

http://www.youtube.com/watch?feature=player_embedded&v=kat8I5UM_Vs
වැරදි තිබේනම් Sorry වෙන්නොනේ..

හෙමොටම ජයවේව..!!


source-http://www.lockheedmartin.com/us/products/hulc.html

http://en.wikipedia.org/wiki/Human_Universal_Load_Carrier

http://www.wired.com/dangerroom/2012/05/combat-exoskeleton-afghanistan/
:cool::cool::cool::cool: