ලැප්ටොප් එකදිගටම විදුලිය හා සම්බන්ධ කර භ&#3535

tharind007

Member
Jun 22, 2009
77
27
0
ලැප්ටොප් එකදිගටම විදුලිය හා සම්බන්ධ කර භ&#3535

ගොඩක් අය විවිධ මතයන් ඉදිරිපත් කරන මාතෘකාවක් තමයි බැටරිය විදුලිය හා සම්බන්ධ කරගෙන වැඩ කිරීම. සමහරෙක්ට අනුව එසේ කිරීම සුදුසුයි, තවකෙක්ට අනුව එසේ කිරීම සුදුසු නැහැ. මෙම සටහනින් කතා කිරීමට බලාපොරොත්තු වන්නේ ඒ ගැනයි.

ප්‍රධාන වශයෙන් අද වෙනකොට භාවිතා වෙන බැටරි වර්ගය තමයි ලිතියම්-අයන් (Li-ion). ලැප්ටොප්, ජංගම දුරකථන, කැමරා, ටැබ් ආදී අයිතම ගණනාවක් තුල භාවිතා වෙන්නෙ මෙම බැටර් වර්ගයයි. මීට පෙර භාවිතා වුනේ නිකල් බැටරි (Ni-MH) නිකල් බැටරි භාවිතා කලයුතු වුනේ බොහොම පරිස්සමින් (තවමත් ඇතැම් කැමරා වර්ග සඳහා තවමත් භාවිතා කරන්නෙ නිකල් බැටරි). මොකද මෙම බැටරි නැවත් ආරෝපණය (Charge) කරන්න, දැනට තියෙන ආරෝපනය සම්පූර්ණයෙන්ම අවසන් වන තුරු සිටිය යුතුයි. නැතුව අතරමැදින් චාජ් කලොත් වෙන්නෙ බැටරිය බොහොම ඉක්මනින් සවුත්තු වෙලා යන එක.
නමුත් ලිතියම් බැටරි වල තත්වය මීට වඩා ගොඩක් වෙනස්. මෙම බැටරි තුල වෙනමම පරිපථයක් අඩංගු වෙනවා බැටරියේ දැනට ආරෝපනය වී ඇති ප්‍රමාණය දැනගැනීමට. එම නිසා පරිපථය දන්නවා මේ වන විට බැටරියේ ආරෝපනය වී ඇති ප්‍රමාණය. එම නිසා නැවතත් විදුලිය හා සම්බන්න කල විට පරිපථය විසින් බැටරියේ හිඟ ආරෝපණ ප්‍රමාණය පමණක් ලබාගෙන චාජ් කිරීම නවතා දමනවා. එතැන් සිට කෙලින්ම ප්‍රධාන විදුලියෙන් තමයි උපාංගය බල ගැන්වෙන්නෙ.
ඇතැම් විට අලුතින් මිලදී ගත් ලැප්ටොප් වල පවා බැටරිය හානි වී ඇති බව මෙහෙයුම් පද්ධතිය මගින් දන්වනවා. නමුත් සාමාන්‍ය පරිදි නියමිත කාලයම උපාංගය ධාවනය වෙනවා ඔබ දැක ඇති. එසේ වන්නෙ කලින් සඳහන් කල පරිපථයට පමණත් හානි වී ඇති විටයි.


ලැප්ටොප් එකදිගටම විදුලිය හා සම්බන්ධ කර භාවිතය සුදුසුද?
පිළිතුර : ඔවු. ගැටළුවක් නැහැ



සමහරුන් මතයක් දරනවා බැටරිය චාජ් වී අවසන් වූ පසුව විදුලියෙන් විසන්ධි කර භාවිතා කල යුතු බවට. ජංගම දුරකථන, කැමරා, ටැබ් ආදියට නම් විදුලියෙන් විසන්ධි නොකර භාවිතා කිරීම ප්‍රායෝගිකව අපහසුයි. නමුත් ලැප්ටොප් එසේ අපහසු නැහැ. කෙසේ වුවත් මෙසේ විදු​ලියෙන් විසන්ධි කර භාවිතා කිරීමෙන් වෙන්නෙ බැටරියේ ආයු කාලය ඉක්මනින් අවසන් වෙන එක.
බැටරියක් නිෂ්පාදනය කිරීමේදී එහි ආයුකාලය charge cycle වලින් දල ගණනයක් සිදු කරනවා. බැටරියෙන් බැටරියට මෙම cycles ගණන වෙනස්. මෙහිදී එක cycle එකක් කියන්නෙ පැයක් දෙකක් භාවිතා කර නැවත චාජ් කිරීම නොවෙයි.
බැටරියේ එක charge cycle එකක ආයු කාලය පැය 4ක් කියා සලකන්න (charge cycle එකක ආයුකාලය යනු සම්පූර්ණයෙන්ම චාජ් කර, නැවත චාජ් කිරීමකින් තොරව සම්පූර්ණයෙන්ම බැස යන තෙක් සම්පූර්ණ කාලයයි). මෙම බැටරිය පැය දෙකක් භාවිතා කර නැවත වරක් චාජ් කලහොත් බැටරියේ එක life cycle එකක් සම්පූර්ණ වන්නේ නැහැ. එවිට අවසන් වනේ charge cycle බාගයක් පමණයි. නැවතත් පැය දෙකක් භාවිතා කර තවත් වරක් චාජ් කලහොත්, එවිට charge cycle “එකක්” සම්පූර්ණයි. (කලින් පැය 2 + දැන් පැය 2 = පැය 4)


සිතන්න ඔබ සැමවිටම ලැප්ටොප් යන්ත්‍රය විදුලියෙන් විසන්ධි කර පාවිච්චි කරනවා කියා, ඔබ සිදුකරගන්නේ බැටරියේ charge cyclesගණන වැඩි කරගැනීමයි.


රී පෝස්ට් නම් සොරි..:baffled::baffled::baffled::baffled::baffled:

උපුටා ගැනීම ටෙකකතා..
 
Last edited:

cool_hiruni

Member
Feb 16, 2012
60
11
0
ඇත්තට ම නොදන්නා දෙයක් දැන ගත්තා. ඔයාට ගොඩා&#34

ඇත්තට ම නොදන්නා දෙයක් දැන ගත්තා. ඔයාට ගොඩාක් ස්තුතියි!
 
  • Like
Reactions: lasankandy

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    11.gif
    11.gif
     

    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    ඇත්තටම මටත් තිබ්බ ගැටළුවක් මේ පොස්ට් එක නිසා විසදුනා .මාත් හැම තිස්සෙම ලැප මින් කරන්ට් එකට ගහල තමයි තියන්නේ .ස්තුත්යි මචන් rep +