ගම්පහ දූෂිත සහ භීෂක බල්ලෙක්

appuva

Active member
  • Jan 29, 2011
    661
    131
    43
    ගම්පහ දූෂිත සහ භීෂක බල්ලෙක්

    අපි ගම්පහ භිෂකයා සොයා ගියෙමු
    sarana.jpg
    ශ්‍රීල.නි.ප යේ නිර්මාතෘවරුන්ගේ නිජබිම හේතුවෙන්, අත්තනගල්ල දේශපාලන ඉතිහාස පොතේ ලියෑවී ඇත්තේ නිලෙන් බැබැලුණු පැත්තක්‌ ලෙසය. "ශ්‍රී.ල.නි.ප. ය කොහෙන් වැටුනත්, අත්තනගල්ලෙන් නම් වැටෙන්නේ නෑ" දේශපාලන විරුද්ධවාදීන් ඡන්ද ප්‍රතිඵල ගැන අනුමාන කරමින් කතා කරන්නේ එහෙමය. ලංකා සිතියමේ කොහෙන් නිල් පාට මැකුණත් අත්තනගල්ලෙන් නම් මැකෙන්නේ නෑ කියන්නෙත්, ඒකටමය. එහෙම බැලුවාම ශ්‍රී.ල.නි.ප. ය අන්ත අසරණ වූ මොහොතේ පවා පණ රැක ගත්තේ අත්තනගල්ලේ පිහිටෙනි. එහෙම තිබූ අත්තනගල්ල අද ශ්‍රී.ල.නි.ප ආණ්‌ඩුවේ මර ගීය ගයන පුරවරය බවට පත්ව තිබේ.
    sarana4.jpg

    ප්‍රබලයකුගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස
    අජිත් කුමාර විසින් ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද විසිටින් කාඩ්පත

    sarana5.jpg

    රුපියල් ලක්‍ෂ 32 චෙක්‌ පත හා අජිත් කුමාර විසින් එය අත්සන් හා
    හැඳුනුම්පත් අංක යොදා මාරුකරගෙන තිබූ අන්දම.

    ගම් හතක්‌ ගිනි තබන්නට කටින් ගිනි පිඹූ මකරුන්ගේ කතා සුරංගනා කතා ගොඩට එකතු වී තිබියදී, අත්තනගල්ලෙන් මැති සබයට පැමිණි සරණ ගුණවර්ධන දූෂණයෙන්, චණ්‌ඩිකමින්, වංචාවෙන් ගම්පහ ගිනි තබන ඇත්ත කතාවක්‌ ඇස්‌පනා පිට දකින්නට තරම් අපි අවාසනාවන්ත වී සිටිමු.

    මහින්ද චින්තනයේ හා මහින්ද චින්තන ඉදිරි දැක්‌මේ සෑම තැනම තිබෙන්නේ "විනයගරුක, නීතිගරුක, සදාචාර සමාජයක්‌, එක රටක්‌, එක නීතියක්‌, රාජ්‍ය සේවය ජනතාව පිණිසයි" වැනි ජනතාව උඩින් තබා ලියූ දේවල්ය. ගම්පහ භීෂණයක්‌ මවනා ආණ්‌ඩුවේ නියෝජ්‍ය ඇමැති ධුරයක්‌ දරන්නාගේ ක්‍රියා පිළිවෙත දකින විට මහින්ද චින්තන ඉදිරි දැක්‌මේ එන පෙර ලියූ වැකි වලදී, ජනතාව උඩින් තබා ඇත්තේ මුරුංගා අතුවල දැයි සිහිපත් වේ.

    sarana3.jpg


    ගම්පහට මේ ආණ්‌ඩුව හොඳ පාරවල් දුන්නේය. එහි තිබෙන පිළිවෙළට සකස්‌ කරන ලද මංසන්ධි කොහෙවත් නැති තරම්ය. පාසල්, රෝහල් වැනි රජයෙන් සපයන පහසුකම් බැලුවත් එහෙමය. ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ආණ්‌ඩු පක්‍ෂයේ නායකත්වය දරන්නේ මේ ආණ්‌ඩුවේ සිටින ප්‍රබල චරිතයකි. බැසිල් රාජපක්‍ෂ වැනි ප්‍රබලයකු ගම්පහට ලැබීම එහි ජනතාව සලකන ලද්දේ "මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා, ගම්පහට සලකන හැටි පේනවා නේ දැයි" අසමිනි. ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී, අත්තනගල්ල ආසනයේ ශ්‍රී.ල.නි.ප. සංවිධායක, ඛනිජ තෙල් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනගේ හැසිරීම දෙස බලමින් දැන් ගම්පහ ජනතාව ජනාධිපතිවරයාගෙන් අසමින් සිටින්නේ "අපිට සලකන්නේ මෙහෙම ද" කියාය.

    නිට්‌ටඹුව හන්දියට රඹුටන් කූඩ දෙකක්‌ රැගෙන විත්, මහ මග යන එන අයට රඹුටන් විකුණා වේල සරිකර ගන්නා අහිංසක වෙළෙන්දාගෙන් සරණගේ ගෝලයෝ ලබා ගන්නා රුපියල් සීයේ සිට අනුන්ගේ ෆැක්‌ටරි පරණ යකඩ වලට රුපියල් කෝටි ගාණට විකිණීම දක්‌වා සරණගේ ලැජ්ජා නැති කමේ පරිමාණය පුළුල්ය.

    තමන්ට අල්ලස්‌ දී නිවාස යෝජනා ක්‍රම පටන්ගෙන, වැඩේ යන අතරේදී ගාණ නොදුන්නාට, නිවාස සංකීර්ණයම කූඩු කරන්නට සරණට බලය තිබේ. අත්තනගල්ලෙන් පටවන පස්‌ කියුබ් එකෙනුත් බාන පස්‌ කියුබ් එකෙනුත් ගාණක්‌ සරණට ඕනේය. µeක්‌ටරියක්‌ ඉදිකරන විටත් සරණට ගාණක්‌ ඕනේය. ඉඩමක්‌ විකුණුවත් තත්ත්වය එයමය. කොටින්ම දැන් අත්තනගල්ලෙන් කපුටන්ට පියාඹන්නටත් සරණට ගාණක්‌ අයවිය යුතු තත්ත්වයක්‌ නිර්මාණය වී තිබේ.

    සරණගේ වසුරු වත පිළිබඳ කතා ප්‍රමාණය, කතා සරිත් සාගරය සේය. සංවර්ධන ලොතරැයි මණ්‌ඩලයේ සභාපති පුටුවේ සිට, ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේගේ මරණයෙන් හිස්‌වූ මන්ත්‍රී අසුනට පත්වී නියෝජ්‍ය ඇමැතිවරයකු වී සිටින මේ දක්‌වා සරණ කළ දූෂණ, මැරකම් එතරම්ය. පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයා කතා කරමින් සිටියදී, විරුද්ධ පක්‍ෂය පැත්තට සරණ වතුර බෝතලයකින් දමා ගැසුවේය. එය විසිවී වැටුණේ ජනාධිපතිවරයා අසලටය. සරණට සති ගණනක පාර්ලිමේන්තු තහනමක්‌ පැනවිණි. ඒ සියලු දේ තිබුණත් සරණ තවමත් යහතින්ය.

    සරණගේ දූෂිතභාවය හෙළිවන එක්‌ කතාවක්‌ අද ඉදිරිපත් කරන්නේ තවදුරටත් ඔහු මහජන නියෝජිතයකු, නියෝජ්‍ය ඇමැතිවරයකු ලෙස සිටින්නේ නම් දිගින් දිගටම ඔහුගේ දූෂිත වත හෙළිකිරීමේ ආරම්භයක්‌ ලෙසය.

    ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ අත්තනගල්ල ආසනයේ වතුපිටිවල ප්‍රදේශයේ ආයෝජන සංවර්ධන කලාපයක්‌ පිහිටා තිබේ. ලංකා කේබල් නම් ආයතනයක්‌ එම කලාපයේ තමන්ගේ කර්මාන්ත ශාලාවක්‌ පවත්වා ගෙන ගොස්‌ ව්‍යාපාරය නවතා දමා කර්මාන්ත ශාලාව වසා දමා තිබිණි. වසා දැමූ කර්මාන්ත ශාලාවේ අමානෝ තහඩු, යකඩ ඇලුමිනියම් ආදියේ වටිනාකම දළ වශයෙන් රුපියල් කෝටි හතරක්‌ පමණ විය. ඉන්දියානු සමාගමක්‌ වූ එහි හිමිකරුට තර්ජනාංගුලිය එල්ල කර මේ සියලු දේපළ රුපියල් ලක්‍ෂ විසි පහකට තමා සතු කරගන්නට සරණ හා ඔහුගේ නඩය සමත් වී තිබිණි. එතනම තිබෙන්නේ වංචාවකි. තමාගේ මහජන නියෝජිත බලතල පෙන්වා, ආසන සංවිධායක හයිය පෙන්වා රුපියල් ලක්‍ෂ 400 ක දෙයක්‌, රුපියල් ලක්‍ෂ විසි පහකට ගැනීම කෙතරම්, වංචාවක්‌ද? එතැන් සිට සරණ හා ඔහුගේ කල්ලිය පටන් ගන්නේ ඩීල් එකය. කර්මාන්ත ශාලාවේ තහඩු, යකඩ, ඇලුමිණියම් පෙන්වමින් එය විකුණන බව කියා කිහිප දෙනකුගෙන්ම සරණ හා ඔහුගේ කල්ලිය මුදල් ලබා ගත්තේය. ඒ සඳහා එක්‌ අයකුගෙන් ලක්‍ෂ පහළොවක්‌ පමණ ගනු ලැබීය.

    හලාවත ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු වන එස්‌. එච්. ආර්. රශ්මි හා තවත් දෙදෙනකුහට ගම්පහ කම්හලක්‌ යකඩ සඳහා විකිණීමට ඇති බව ආරංචි වන්නේ මේ අතරේය. ආරංචිය ලබා දෙන්නේ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි හෙට්‌ටිආරච්චි නමැති බ්‍රොaකර්වරයකු විසිනි. අදාළ පිරිසට බ්‍රොaකර්වරයා විසින් මේ කටයුත්ත සඳහා හඳුන්වා දෙනු ලබන්නේ ඩී. ආර්. අජිත් කුමාර නමැත්තෙකි. වසා දැමූ µeක්‌ටරිය, යකඩ ලෙස විකුණන බවත් එම කොන්ත්‍රාත්තුව තමන්ට ලබාදිය හැකි බවත් ඔහු විසින් ගැනුම්කරුවන්ට පවසනු ලබයි. අජිත් කුමාර තමාව හඳුන්වා දෙනු ලබන්නේ ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ආණ්‌ඩු පක්‍ෂයේ නායකයාගේ ආගමික කටයුතු සම්බන්ධීකරණ ලේකම් ලෙසය. ඔහුගේ විසිටින් කාඩ්පතේ තිබෙන්නේද එසේය. රාජ්‍ය ලාංඡනය මුද්‍රණය කර ඇති එය බැලූ බැල්මට ව්‍යාජ කාඩ් පතක්‌ බව පෙනේ. තමාට එම ලොක්‌කා විසින් මෙම කොන්ත්‍රාත්තුව බාරදී ඇති බවත්, ඔහුට මේ සඳහා රුපියල් ලක්‍ෂ පනහක මුදලක්‌ ලබාදිය යුතු බවත් අජිත් විසින් පිරිසට පවසනු ලබයි. ඩී. ආර්. අජිත් කුමාර බියගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකි. ඔහු සරණගේ ගෝලයකු වුවත්, ජාවාරම් කටයුතු වලදී විකුණන ලද්දේ ගම්පහ ප්‍රබලයාගේ නමය.

    කොන්ත්‍රාත්තුව බාර ගැනීම සඳහා ලක්‍ෂ පනහක මුදලක්‌ රැගෙන ප්‍රබලයා හමුවීමට ඔහුගේ ගෙදරට තමා සමග යැමට පැමිණෙන ලෙස අජිත් පිරිසට කියා සිටින්නේ මහන්තත්වයෙන් යුතුවය. තමාට ප්‍රබලයා සමග ඇති සම්බන්ධය තහවුරු කිරීම සඳහා ප්‍රබලයාට පිරිස ඉදිරියේ දුරකථන ඇමතුමක්‌ද අජිත් විසින් දෙනු ලබයි. "සර්, අර යකඩ ටික විකුණන්න මට කට්‌ටියක්‌ හම්බවුණා. මම ඒගොල්ලොත් එක්‌ක ලක්‍ෂ පනහකුත් අරගෙන හෙට ගෙදර එනවා."

    අජිත් සමග ප්‍රබලයාගේ නිවසට යැමට කොන්ත්‍රාත්තුව අපේක්‍ෂා කරන පිරිස පැමිණෙන අතර අජිත් විසින් පිරිස රැගෙන යන්නේ සරණගේ ගෙදරටය. වැඩේ පිටුපස ඉන්නා සැබෑ ලොක්‌කා සරණ බව පිරිස දැනගන්නේ ඉන් පසුවය. රුපියල් ලක්‍ෂ 18 ක්‌ මුදලින් හා ඉතිරි ලක්‍ෂ 32 ක මුදල නේෂන්ස්‌ ට්‍රස්‌ට්‌ බැංකුවේ චෙක්‌පතකින් පිරිස සරණට බාර දුන්නේය. වැඩේට පහසුකම් සැපයීම වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 25 ක මුදලක්‌ අජිත් කුමාරද ලබා ගත්තේය. මුදලින් ලබා දුන් රුපියල් ලක්‍ෂ 18 සරණ භාර ගත්තේය. ඒ වෙනුවෙන් පිරිස, භාර ගැනීමේ ලිපියක්‌ ඉල්ලීම හේතුවෙන් සරණගේ තවත් ගෝලයෙක්‌ වන අශෝක වීරක්‌කොඩි නමැති ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා මුදල් භාරගත් බවට සරණ ඉදිරියේම ලියුමක්‌ ලබා දුන්නේය.

    සරණ විසින් කොන්ත්‍රාත්කරුවන්ගෙන් තවත් කුට්‌ටියක්‌ කඩා ගැනීමට උපායක්‌ කල්පනා කළේය. අජිත් චෙක්‌ එක මාරු කරගෙන මට දුන්නේ, ලක්‍ෂ පහළොවක්‌ අඩුවෙන්. ඒක මට ඕනේ. ඒක දුන්නේ නැත්නම් වැඩේ දෙන්නේ නැහැ. කොන්ත්‍රාත්තුවේ තවත් හවුල්කරුවකු වූ නවුෂාඩ් රුපියල් ලක්‍ෂ පහළොවක්‌ 5% ක පොලියට සරණට ගෙනත්a දෙන්නේ "කොහොම හරි වැඩේ කරගන්න ඕනෑ" යන අදහසිනි. සරණ යලිත් වරක්‌ තවත් රුපියල් ලක්‍ෂ දහයක්‌ ඉල්ලුවේය. එය රුපියල් ලක්‍ෂ හය දක්‌වා අඩු කරගෙන එය සරණට දෙනු පිණිස අශෝක වීරක්‌කොඩිට ලබා දුන්නේය. සරණට ලබා දුන් රු. ලක්‍ෂ 18 සඳහා කුවිතාන්සි ලිපිය ලබා දුන්නේ මෙම අශෝක වීරක්‌කොඩිය.

    කතාව කියවන කෙනකුට දැන් සිතෙන්නේ රුපියල් ලක්‍ෂ අනූ හයක මුදලක්‌ සරණට හා ගෝලයන්ට ලබා දුන් පසුව කොන්ත්‍රාත්කරුවෝ සතුටින් යකඩ ටික කපාගෙන විකුණාගන්නට ඇතැයි කියාය.

    හොරුන්ගේ ක්‍රමය එහෙම වෙතත්, සරණ වැනි කම්බා හොරුන්ගේ ක්‍රමය එය නොවේ.

    යකඩ කැපීම සඳහා අවශ්‍ය තාක්‍ෂණික උපාංග හා කම්කරුවන් රැගෙන පැමිණ එස්‌. එච්. ආර්. රශ්මි ඇතුළු පිරිස පැරණි කර්මාන්ත ශාලාවේ තිබූ අමානෝ තහඩු මුලින්ම ගලවන්නට පටන් ගත්තේය. ඒවා විකිණීම සඳහා "බයර්" කෙනෙකුද ඔවුන් සතුවිය. කර්මාන්ත ශාලාව සඳහා සරණ විසින් මුරකරුවකු යොදවා තිබිණි. ඔහුගේ නම ටිකිරි බණ්‌ඩාය. බඩු මිලදී ගන්නට ගැණුම්කරුවකු පැමිණි විටම ටිකිරි බණ්‌ඩා විසින් ඒ බව සරණට දැනුම් දෙයි. "ඕකේ ඇති වෙන්න බඩු තියෙනවා. අමානෝ තහඩු ටිකේ සල්ලි මට ඕනේ" ඒ සරණ විසින් රශ්මිට දෙන විධානයය. මෙසේa සියලු බඩුවල සල්ලි අවසානයේ ගියේ සරණගේ සාක්‌කුවටය. රශ්මිගේ ගැනුම්කරුවන් හරහා සරණ ඔහුගේ ගෝලයන් එසේ ලබාගත් මුදල රුපියල් එක්‌ කෝටි අසූ ලක්‍ෂයක්‌ පමණ වේ. අන්තිමේදී රශ්මිට "අතිනුත් කයිට්‌" වී තිබිණි. යකඩ කැපීමට ගෙනා උපකරණ ඒ සඳහා යොදාගත් ශ්‍රමිකයන්ගේ ගාස්‌තු කොන්ත්‍රාත්තුව ලබා ගැනීම සඳහා සරණට හා ඔහුගේ ගෝලයන්ට ලබා දුන් මුදල් ආදිය බලන විට රශ්මි ඇතුළු පිරිස කර තිබුණේ "අතින් කාලා, හරක්‌ බලාගත්තා වගේ" වැඩක්‌ය.

    මේ අෙ¹aනාව රශ්මි විසින් සරණට කියනා විට ඊට විකල්පයක්‌ද සරණ විසින් ලබා දුන්නේය. "සෝන් එකේ තියෙනවා, වනස්‌පති තෙල් හදපු පැක්‌ටිරියක්‌ වහලා දාලා. මම ඒකේ යකඩ ටික ඔයාට දෙන්නම්" එයත් සරණ විසින් තම බලය යොදවා ගන්නට හදන තවත් කර්මාන්ත ශාලාවකි. ඒ වැඩේද සරණ රශ්මිට කර දුන්නේ නැත.

    රශ්මි ඊළඟට ගියේ ප්‍රබලයකුගේ ඩීල් එකක්‌ බව පවසමින් තමන් වෙත වැඩේ සම්බන්ධ කර දුන් බියගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී. ආර්. අජිත් කුමාර වෙතය. "ඔයගොල්ලෝ මේක හැම තැනම කියන්න යන්න එපා. දන්නවනේ සරණ ලොක්‌කගේ හැටි.

    ............තුමාගෙත් නෑදැයොනේ. එයත් මෙයාට මුකුත් කියන්නේ නැහැ. අනිත් එක චණ්‌ඩියනේ. කතා කරලම වැඩේ ගොඩදාගන්න බලන්න" අජිත් පිළිතුරු දුන්නේය.

    එයිනුත් වූ සෙතක්‌ නැති තැන අජිත් කුමාර සම්බන්ධ කර දුන් මාලිගාවත්තේ බ්‍රොaකර් හෙට්‌ටිආරච්චිට රශ්මිලා කතා කළහ. "මම ඒ ගැන කතා කළා. රුපියල් ලක්‍ෂ තිස්‌ හය පහක්‌ දෙන්න. මම ලොක්‌කට කියලා ෂෙඩ් එකක්‌ අරගෙන දෙන්නම්" ඉගෙන ගත් පාඩමට තවත් රුපියල් ලක්‍ෂ තිස්‌පහක්‌ දෙන්නට රශ්මිලා කැමැති වූයේ නැත.

    මේ සරණ ගැන කතා පෙළේ පළමු කතාවය. සරණගේ හඬපට, ගෝලයන්ගේ හඬපට අදාළ ලියකියවිලි සහිතව මෙය ඔප්පු කළ හැක්‌කකි. මෙවැනි කතා, සරණ ගැන ඕනෑ තරම්ය. ඒවා ඉහළම තැන්වලටද අසාධාරණයට ලක්‌වූ මිනිසුන් විසින් දන්වා තිබේ. නමුත් සරණට ගැලවීම ලැබී තිබේ. ලොක්‌කන් සරණට දෙන බුරුල සරණ තේරුම්ගෙන තිබෙන්නේ, "ඔහොම යමං පුතා" කියන්නාසේ බව පෙනෙන්නේ, ඔහු තම වැඩපිළිවෙළ අඛණ්‌ඩව කරගෙන යැමෙනි.

    සරණගේ ක්‍රියා පිළිවෙත ගැන අපි ඉහළ තැන්වලින් අසන්නේ එක්‌ ප්‍රශ්නයකි. උසාවිය ඔහුට සිතාසි නිකුත් කර තිබේ. කරන ලද වංචා, දූෂණ, ජඩකම්, මැරකම් ගැන ඕනෑතරම් සාක්‍ෂි තිබේ. නමුත් ඉහළම තැන් සරණ ගැන නොඇසූ කන්ය, ඇස්‌ අන්ධ යෝය, කට වසා ගෙනය. ඔවුන්ගේ ඇස්‌, කන්, කට ඇරෙන්නට අපි මහා හඬින් එක ප්‍රශ්නයක්‌ අසමු.

    මේ මහින්ද චින්තනයද?

     

    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    මුන් වගේ බල්ලෝ රටේ පාලනේ හිටපු නිසා තමයි ඔලිම්පික් පදක්කම් තියා ලබ්බවක් නැතිව ලංකාව බලු සිංහයන්ගේ රටක් වෙලා තියෙන්නේ.මේ වගේ පොන්න මිනිස්සු මුන්ට චන්දේ දෙන රටවල් වලට මොන ඔලිම්පික්ද?
    :angry::angry:
     

    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    Code:
     divaina.com/2012/08/12/politics02.html
     
    Last edited by a moderator:

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මේ ගූ සක්කිලිය ඉන්නෙ අපේ පැත්තේ..:angry:
    නොදකින් සක්කිලියට හෙනම ගහපිය ..කුනු වෙලාම පල.. හොරා,ගෑනූ පෙරේතයා,කප්පම් පරය.:angry:
    කොහෙද .. අපේ ගම්වල මෝඩ ගෑනුඉ ,මිනිස්සුයි රෙද්ද උස්සන් ගිහින් චන්දෙ දෙනවනේ මුන්ට..ශික්:confused::angry:
     

    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    ආයෙත් අහලා ලංකාවෙ ඉන්නේ කොච්චර ගොන් බුරුවො ටිකක්ද කිව්වොත් චන්දේ ලන්වෙනකන් බැන ඉදලා ආපහු ගිහින් කතිරෙ ගහනවා ...:angry:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මේ ගූ සක්කිලිය ඉන්නෙ අපේ පැත්තේ..:angry:
    නොදකින් සක්කිලියට හෙනම ගහපිය ..කුනු වෙලාම පල.. හොරා,ගෑනූ පෙරේතයා,කප්පම් පරය.:angry:
    කොහෙද .. අපේ ගම්වල මෝඩ ගෑනුඉ ,මිනිස්සුයි රෙද්ද උස්සන් ගිහින් චන්දෙ දෙනවනේ මුන්ට..ශික්:confused::angry:

    :yes::yes::yes::yes:
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ලංකාව මාර චාටර් නෙද බන්... පිට උන් එක්ක ඉන්නකොට තමයි තෙරෙන්නේ ලංකාව තරමි බලු රටක් තිබෙද කියලා,. එ උනාට අපේ උන්ගේ වචන වලින්නමි අඩුවක් නැහැ.. සුරපුරයක් නොවැ..:P:P
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ලංකාව මාර චාටර් නෙද බන්... පිට උන් එක්ක ඉන්නකොට තමයි තෙරෙන්නේ ලංකාව තරමි බලු රටක් තිබෙද කියලා,. එ උනාට අපේ උන්ගේ වචන වලින්නමි අඩුවක් නැහැ.. සුරපුරයක් නොවැ..:P:P

    වැඩක් නෑ බන් කියල, හැමදාම ලෝකේ උතුම් රට ලංකාවයි කිය කිය අපි අපිවම රවට්ටගන්නව..
    ඉන්න තරමක් දේශපාලුවොත් හොරු මිනිස්සුත් වැඩි හරියක් කුහක මෝඩ රැලක්.. ගෙවල් වලට වෙලා පොර ටෝක් දිදී ඉන්න එකනේ කරන්නේ
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ආයෙත් අහලා ලංකාවෙ ඉන්නේ කොච්චර ගොන් බුරුවො ටිකක්ද කිව්වොත් චන්දේ ලන්වෙනකන් බැන ඉදලා ආපහු ගිහින් කතිරෙ ගහනවා ...:angry:

    deshapalana andabalayek! :P
     

    poornarm

    Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    මේ ගූ සක්කිලිය ඉන්නෙ අපේ පැත්තේ..:angry:
    නොදකින් සක්කිලියට හෙනම ගහපිය ..කුනු වෙලාම පල.. හොරා,ගෑනූ පෙරේතයා,කප්පම් පරය.:angry:
    කොහෙද .. අපේ ගම්වල මෝඩ ගෑනුඉ ,මිනිස්සුයි රෙද්ද උස්සන් ගිහින් චන්දෙ දෙනවනේ මුන්ට..ශික්:confused::angry:

    Man Inneth e paththe banz. ehenam ubata lagai.
    Mehe inna un dannawa muge okkoma wisthara.:yes::yes::yes:
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    අනේ මන්ද මේ වගේ පරයින්ට හෙන ගහන්නෙවත් නැද්ද මන්ද...ඒකත් ආශ්චර්යයක් තමයි.
     

    dissagm

    Member
    Jun 17, 2012
    882
    131
    0
    මචන් අපි ඉන්නෙ ගම්පහ දිස්තිරික්කෙ මීරිගම ආසනේ දෙවනියට ව්ශාලතම ගමේ. එත් තාම ගමට එන්න පාරක් නෑ. අන්තිමට තාර දලා තියෙන්නෙ 1990ට නම් එහා කාලෙක (මට මතක කාලය 1990න් මෙහා ) පාරෙ අලි නාවන්න පුලුවන් වලවල් 50 කට නම් වෑඩි. ගමෙ පවුල් 2000 ක් විතර ඉන්නවා.
    ඔන්න ඔකයි බන් තත්වෙ.