හිතන්න දැන් සමහර අය පාන් කනවා විශේෂයෙන්ම ඔය දුප්පත් මිනිස්සු එහෙම මේ අයට බත් කන්න ලැබුනම ගොඩක් සතුටු වෙනවා නමුත් බුරියානි හම්බ වුනාම ඊට වඩා සතුටු වෙනවා. බුරියානි කවදාවත් නොකපු මිනිසා බුරියානි වලට පෙරේත වෙන්නෙ නෑ ඒ ගැන පොඩි ආශාවක් තිබුනත්, දන්න දේ නොදන්න යකාට වඩා හොදයි කියලා දන්න බත් කාගෙන ඉන්නමයි බලන්නේ. මම හිතන්නේ මේ වගේ දෙයක් ඔයාට වෙලා තියෙන්නේ. ඔයා කවදාවත් කාන්තාවක් සමග ලිංගික ඇසුරක් පවත්වලා නැති නිසා ඒක මොන වගේද කියලා දන්නේ නෑ. පිරිමියෙක් සමග ලිංගික සම්බන්ධයක් පවත්වලා තියෙන නිසා ඔයා දන්නේ ඒක මොන වගේම කියලා පමණයි.
අනෙක් එක තමයි මේ සමාජයේ තියෙනවා ඒකාකෘතික රමුවක්. මේක මවා පාන්නේ මධ්‍යය මගින්. මේ මාධ්‍යය අඩ නිරුවතින් ඉන්න කාන්තාවන් කිහිප දෙනෙක් පෙන්වලා පැත්තකින් පෙන්වනවා ඒකට පිරිමි ආකර්ශණය වෙන හැටි. ඉතින් මේක දකින ප්‍රේක්ෂකයන් කරන්නේ මේ ඒකාකෘතික රාමුව ඔළුවට අරගෙන මේ අනුව තමන්ගේ සිතුවිලි සකස් කරගන්න එකයි. නමුත් ඇත්ත වශයෙන්ම මිනිසා කියන්නේ ද්වි ලිංගික සත්වයෙකුටයි. මොහු බලන්නේ තමන්ගේ ලිංගික තෘප්තිය කොහොම හරි සංසිදවීමටයි නමුත් මේ ඔහු හෝ ඇය සාමාජයේ පවතින මේ ඒකාකෘතික රමුවට හිරවෙලා ඉන්න නිසා නිතැතින්ම පෙළඹෙනවා ඒ ගත්ත රාමුවට අනුකූල ලෙස තමන්ගේ අවශ්‍යතාවන් සංසිදවාගන්නට. දැන් උදාහරණයකට ස්ලාමීය රටක සමලිංගිකත්වය ආගමින් තහනම් කරලා තියෙන්නේ, ස්ලාමීය රටවල සමලිංගික සම්බන්ධතා වලට අනුබල දෙන්නේ නෑ, මිනිස්සුන්ගේ ඔළුවට දාලා තියෙනවා මේක පවු කාර වැඩක් ඉතින් මේ ඒකාකෘතික රමුවට හිරවෙන මිනිසා කරන්නේ තමන්ගේ ලිංගික තෘප්තිය සංසිදවා ගන්නට කාන්තාවන් වෙත නැඹුරු වෙන එකයි බෞද්ධයන් වුනත් අද ඔළුවල තියාගෙන ඉන්නේ මේකම තමයි. නමුත් බටහිර සාපේක්ෂ ලෙස මේ තත්වය වෙනස් ඒක නිසා අද බටහිර Lesbian/Gay සම්බන්ධතා ඕන තරම් දැකගන්න පුලුවන්.
තව එකක් තියෙනවා ඒක තමයි තමන් විරුද්ධ ලිංගික ගති ලක්ෂණ යැයි නම් කරන ලද ලක්ෂණ වලට ආකර්ශණය වීම. සමහර පිරිමි ඉන්නවා කාන්තාවක් වගේ රූප ස්භාවය හොදට තියෙන අනෙක් පිරිමි වෙත ආකර්ශණය වෙන වගේම සමහර ගැහැණු ඉන්නවා පිරිමි වගේ ගති ලක්ෂණ තියෙන කාන්තාවන් වෙත ආකර්ශණය වෙන. මේ තත්වය සමාන්‍යයයෙන් සමලිංගික නැඹුරු තාවක් නෙවෙයි.
මට කියන්න තියෙන්නේ තමන් තමන්ගේ අවෙක්ෂා (expectation) මට්ටම නොදැන තීරණයකට එළබීම අනුවන කමක් ඒක නිසා තමන්ගේ සැබෑ ස්වරූපය අවබෝධ කරගැනීම වටිනවා.
මේ කොහොම වෙතත් තමන් සමලිංගිකයෙක් නම් ඒකට ඉඩ දී තමන්ගේ කැමැත්ත වෙත පිය නගන එකයි හොදම වැඩේ. මොකද මේකෙන් කාටවත් හානියක් වෙන්නේ නෑ ඔයා සමලිංගිකයි කියලා. තමන් සමලිංගික නම් කාන්තාවක්ව බැදලා ජීවිතය සතුටෙන් තොරව ගෙවන එක මෝඩ වැඩක්. අනුන් කියන ඒවා අහන්න එපා තමන්ගේ හිතට එකගව තමන්ට ඕන දේ කරන්න. අනෙක් එක විවාහය කියන්නේ ලිංගිකව හැසීරීමට පවත්වන දෙයක් නෙවෙයි. විවාහය කියන්නේ ජීවන සහකරුවෙක්ව තෝරාගැනීමට පවත්වන සම්මත චාරිත්රයකටයි.
මේකට ලිංගිකත්වය අදාළ නෑ. ලිංගිකව නොහැසිරි වුනත් දෙදෙනෙකුට විවාහයක් පවත්වා ගන්න පුලුවන්. මොකද විවාහයක මූලික අඩිතාලම ආදරය නිසා. තමන් යම් කිසි කෙනෙකුට ලිංගිකව පමණක් ආකර්ශණය වී ඒ පුද්ගලයාව විවාහ කරගන්නවා නම් ඒ සම්බන්ධය ඉතා ඉක්මනින්ම ඉවර වීමේ දැඩි සම්භාවිතාවක් තියෙනවා.
ඒක නිසා තමන් විවාහ වන්නේ නම් ලිංගික ආකර්ශණයට වඩා ආදරයට තැන දී විවාහ වෙන්න මේක එතකොට ගොඩක් කල් පවතීවී.