උස්සන්න_කලින්_මේ_ගැනත්_හිතන්න

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    උස්සන්න_කලින්_මේ_ගැනත්_හිතන්න

    "උස්සන්න කලින් මේ ගැනත් හිතන්න" - 18+
    images


    ආදරය සහ රාගය අතර ඇත්තේ කිරි සහ පැණි අතර ඇති තරම් කිට්ටු සම්බන්ධතාවයකි. කිරි සහ පැණි රසවත් වන්නේ ඒ ‍දෙකෙයි මනා සම්මිශ්‍රණයක් ඇතිවුවහොත් පමනි... ආදරයද එසේය.... අපි හැමදෙනම ආශාවන් ඇත්තන් වෙමු... විරැද්ධ ලිංගිකයන් කෙරෙහි අපි හැමගේම ආකර්ෂණයක් ඇත... එය පොදු ධර්මතාවයකි... මේ සම්බන්ධතාවයට ආදම් සහ ඒව "තහනම් ගහේ ගෙඩි කෑම" දක්වා අතීතයක්ද ඇත... නමුත් අද මේ ලිපියෙන් මා පෙන්වා දෙන්නට උත්සහ කරන්නේ ආදරය නමින් සිදුකරනු ලබන්නා වු ලිංගික අපයෝජන හා කූට්ඨනය පිළිබඳවය... මෙහි ලිංගික අපයෝජනය ලෙස අදහස් කරන්නේ ලිංගික වශයෙන් සිදුකරන වැරදි භාවිතයයි.... (අප + යෝජනය) යොදාගැනීමයි....හැසිරීමයි.... කුට්ඨනය යනු පෙළඹවීමයි... වැරදි හැසිරවීමයි... මේවා ශ්‍රී ලංකාවේ නීතිය තුල වසර 7 සිට වසර 20 දක්වා සිර දඬුවම් ලබාදිය හැකි වැරදිය..මෙම නීතිමය රාමුව පිළිබඳව වෙනත් ලිපියකින් කථාකරමු.. අපි මෙතැන සිට ඉතා සරළ තේරෙන භාෂාවෙන් කථාකරමු..

    images




    අද "වැල" නොබලන, නොබලපු කෙනෙක් (ස්ත්‍රී පුරැෂ බේදයකින් තොරව) හම්බුවෙන්නේ අහම්බෙන් තමයි.. ඒ කාලේ අපිට වැලක් බලන්න ටිකක් මහන්සි වෙන්න ඕනේ... අද වගේ පරිඝනක...... ලැප්ටොප්......ජංගම වල... එහෙම නැත්තම් අයිපොඩ්... අයිපෑඩ් වල... ඩීවීඩී... වීසීඩී තිබුනේ නැහැ... එහෙමත් යාලුවෙකගේ ගෙදරක තමයි වීඑච්එස් පටි දාන්න පුලුවන් ප්ලේයර් එකක් තිබුනෙත්... "වැල"ක් හොයාගන්න එකත් ලේසි නැහැ.. අනිත් එක ගෙදර ගෙදරක කව්රැවත් නැති වෙලාවක් හොයාගන්න ඊටත් වඩා අමාරැයි... ඔය හැම දේම තියෙද්දිත් අපි "වැල" බැලුවා... අදත් ලැබුනොත් බලනවා..... අපි හරි ආසයි ලංකාවේ "වැල" බලන්න... ඒ කාලේ හොයාගන්න අමාරැ වුනත් තිබුනා... ඔය සුමනා ගෝමස් වගේ "වැල" නිලියන්ගේ වගේම... අප්‍රසිද්ධ වැල නිළියන්ගෙත් චිත්‍රපටි තිබුනා... ඔය වගේ වැල නිළියෝ බොහොම අතලොස්සක් හිටියා....

    අද ලංකාවේ තත්වය ඊට හාත්පසින්ම වෙනස්... ඉන්ටනෙට් එ‍ක බැලුවොත් ඕන තරම් "වැල" නිලියෝ හොයාගන්න පුලුවන්... ගොඩක් ඒවා පෞද්ගලික චිත්‍රපටි වගේ... ‍කොල්ලා කෙල්ලව ජංගම දුරකථයෙන් වීඩියෝ කරලා... කෙල්ල නානවා... පිහිදනවා... අනේ අර නංගිලා හිනාවෙනවා.... එක එක pose දෙනවා.... ඒ එක කොටසක්... තව කොටසක් නංගිලා මුලදී වීඩියෝ කරනවට අකමැතිය.... කොල්ලා කරන්නේ ආදරය මුලට දැමීමයි... "අනේ මං ආදරෙයිනේ සුදු".... "ඔයා නැතිව ඉන්නකොට බලන්නනේ රත්තරං"... "ආයි නිවාඩු එනකන් බලන්න තියාගන්නනේ පැටියෝ"... කෙල්ල ගැටේට අසුවේ.... ඒ ඇසිල්ලේ වැඩ පටන්ගන්නා අයියලා තියන ඔක්කොම සෙල්ලම් දමා නංගිව අවුස්සයි... අන්තිමට නංගී සද්දෙට වැඩේ අවසන් කරයි... තවත් කොටසක් ඇත... ඔවුන් කරන්නේ පන්ති දැමීමය... නංගීට උගන්නයි... මේක කරන ආකාරයත් අරක කරන ආකාරයත් කියාදේ... නංගීගේ "‍ෆීල්" එක පරීක්ෂා කරයි... මේ හැම දේම ජංගම දුරකථනයේ සටහන් කරගනියි.... ඔය සියළු ආකාරයට වීඩියෝ කරගන්නා දේ අවසානයේ නතරවෙන්නේ අන්තර්ජාලයේය...


    images



    අපි යෞවනය විඳ ඇත... (අපි කියනවාට වඩා "මම" කියන එක හොඳයි වගේය) ආදරය කර ඇත (ඒ ආදරයමදැයි දැන් මා ‍මගෙන්නම ප්‍රශ්ණ කරගනිමි) මල්වතුවල.... ෆිල්ම් හොල් වල.... කරක්ගසා ඇත්තෙමි... "විසිල්කාරයෝ" නැති වෙලාවල් බලා ගස් අස්සේ රිංගා ඇත.... මුහුදු වෙරළේ... වැටෙකෙයියා ගාල්වල රිංගා ඇත.... අතුල්ලාගැනීම්... තලාගැනීම් ගැන මටද අත්දැකීම් මෙන්ම කකුල් දැකීම්ද ඇත.. නමුත් අපිට යම් සීමාවක් තිබින.... නංගිලාද එය දැනසිටියේය... සිමාවේදී නංගිලා අනතුරැ අඟවයි.... ලිහලා බලන්නට තියන මල්ල ඔබලා බලන්නට දුන්නද ලිහන්නට අවසර දුන්නේ නැත.... ඒ කාගේ නංගිලාට "ඔර්ජිනල් පැකිං එක" වැදගත්ය... අද වගේ "සිල් එක කඩා එක්ස්පයර්" වන්නට කැමැත්තක් නැත... හොරන් කඩාගත් උන් සිටියද අතලොස්සකි.... එහෙම උන් ඉක්මනින් අයිතිකාරයාට බා‍රදේ... ඒ බොහෝ විට "සීල්" කැඩුනු බව අම්මගේ කනේ තියන නිසාය.. අද සීල් ගැන කථා කරන්නටම දෙයක් නැත.... අද කෙලින්ම යන්නේ කාමරයටය....එකනදී වෙන්න ඕන සියලු දේ සිදුවේ.... අයියලා නංගිලාව එක්කගෙන යන්නේ නිදහසේ කථකරන්නටය..... සිද්ධීය පටන්ගන්නේ එතැන සිටය... මේ එක් වීඩියෝවක ඉන්නේ ළදරැවෙකි... වයස 18 නැති තරම්ය.....නමුත් නංගී පළපුරැදු කාරියක් බව පෙනේ... අපුරැවට හසුරවයි... අයියා ඇයට හොඳට උගන්වා ඇති බව පෙනේ... මෙම වීඩියො ක්ලිප්ස් වල තවත් විශේෂ කරැණක් ඇත... ඒ අයියලාගේ මුන නොපෙන්වීමයි.... දෙදෙනා එකට සිටින්නේ අයියාගේ මුන කැපීයන පරිදිය..බොහෝවිට අයියාගේ මුන පේන්නට නැත....
    මේ විඩියෝ ක්ලිප්ස් අන්තර්ජාලය හරහා ලොකයේ හතර කොනේම සිටින අන්තර්ජාල පාවිච්චි කරන්නන් නරඹයි...ලංකාවේද බලන උන් බලති... අපේ ලංකාවේ වැඩ්ඩන්ට ඕක කජ්ජක්තරම් වත් නොවේ... තවමත් අන්තරජාලයට මේවා එකතුවෙමින් පවතියි.... මේවා කිසි දිනක අන්තර්ජාලයෙන් ‍ඉවත්වන්නේ නැත...අතින් අත යමින් තවත් වසර ගනනාවක් පවතිනු ඇත.
    images

    මේ අන්තර්ජාලය හරහා ජනප්‍රිය වන්නේ අප කාගේ හෝ දියණියකි... නැගනියකි..... සහෝදරියකි.... ගැහැණිය රැකගතයුතු වස්තුවකි... ඒ හෙට රටට දරැවන් ජාතක කරන්නේ ඇය වන හෙයිනි....

    images
    images

    ආදරණිය නංගිලාගෙනුත්..... දියණියන්ගෙනුත් පැනයක් අසමි,.. යම් දිනෙක ඔබගේ දරැවෙකු මේ වීඩියෝවක් නැරඹුවහොත් ඔබට ඇතිවන තත්වය කුමක්ද ? ඔබගේ දියණියගේ වීඩියෝවක් ඔබට බලන්නට ලැබු‍‍නොත් ඔබගේ තත්වය කෙසේවිය හැකිද ?
    ආදරණීය මල්ලිලාගෙනුත්.... පුතාලාගෙනුත් මෙසේ අසමි....... යම් දිනෙක ඔබගේ දියණියගේ වීඩියෝවක් ඔබට බලන්නට ලැබු‍‍නොත් ඔබගේ තත්වය කෙසේවිය හැකිද ? ඔබේ නැගනියගේ විඩියෝවක් ඔබට බලන්නට සිදුවුනොත් ඔබගේ තත්වය කසේව්ය හැකිද ?
    මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!!

    http://www.elakiri.com/forum/tags.php?tag=upulcla


     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    එකෙන්ම මචං.. ඔය කතාව සහතික ඇත්ත..
    කෙල්ලො සිය දිවිහානිකර ගත්ත කේස් කොච්චර තියනවද..
    අර තව බුවෙක් wending එකත් video කරල honey moon එකත් video කරල දෙකම එලියට leak කරගෙන.. කෙල්ල සිය දිවි නසා ගත්තෙ.. video කරන සහ video කරන්න ඉඩ දෙන දෙපාර්ශවයේම තමා වරද..:no:

    කෙල්ලට ප්‍රශ්නයක් නැත්තම් videos පිටට ගියාට අවුලක් නැත්තම් අවුලක් නෑ..:rolleyes:
    තමන්ගෙ දුවගෙ එකක් පිටරට ඉන්න තාත්තට අහුඋන සිද්දියකුත් ගියෙ ! :no:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එකෙන්ම මචං.. ඔය කතාව සහතික ඇත්ත..
    කෙල්ලො සිය දිවිහානිකර ගත්ත කේස් කොච්චර තියනවද..
    අර තව බුවෙක් wending එකත් video කරල honey moon එකත් video කරල දෙකම එලියට leak කරගෙන.. කෙල්ල සිය දිවි නසා ගත්තෙ.. video කරන සහ video කරන්න ඉඩ දෙන දෙපාර්ශවයේම තමා වරද..:no:

    කෙල්ලට ප්‍රශ්නයක් නැත්තම් videos පිටට ගියාට අවුලක් නැත්තම් අවුලක් නෑ..:rolleyes:
    තමන්ගෙ දුවගෙ එකක් පිටරට ඉන්න තාත්තට අහුඋන සිද්දියකුත් ගියෙ ! :no:

    :yes:
     

    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    ආදරණීය මල්ලිලාගෙනුත්.... පුතාලාගෙනුත් මෙසේ අසමි....... යම් දිනෙක ඔබගේ දියණියගේ වීඩියෝවක් ඔබට බලන්නට ලැබු‍‍නොත් ඔබගේ තත්වය කෙසේවිය හැකිද ? ඔබේ නැගනියගේ විඩියෝවක් ඔබට බලන්නට සිදුවුනොත් ඔබගේ තත්වය කසේව්ය හැකිද ?
    මේ වගේ ප්‍රශ්න හැම වෙලේම ලංකවේ එව්න් අහනව එයාල හිතන් ඉන්නේ හැමෝම එක වගේ කියල වෙන්න ඇති.මටනම් ප්‍රශ්නයක් නෑ කව්රු මොනවා කරගත්තත් මගේ ඇග නෙමෙයිනේ.:D
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    එකෙන්ම මචං.. ඔය කතාව සහතික ඇත්ත..
    කෙල්ලො සිය දිවිහානිකර ගත්ත කේස් කොච්චර තියනවද..
    අර තව බුවෙක් wending එකත් video කරල honey moon එකත් video කරල දෙකම එලියට leak කරගෙන.. කෙල්ල සිය දිවි නසා ගත්තෙ.. video කරන සහ video කරන්න ඉඩ දෙන දෙපාර්ශවයේම තමා වරද..:no:

    කෙල්ලට ප්‍රශ්නයක් නැත්තම් videos පිටට ගියාට අවුලක් නැත්තම් අවුලක් නෑ..:rolleyes:
    තමන්ගෙ දුවගෙ එකක් පිටරට ඉන්න තාත්තට අහුඋන සිද්දියකුත් ගියෙ ! :no:
    අප්පට සිරි උබ දන්නා දේවල්..:D උබ මේ වගේ සින් ගැන අධ්‍යනය කරනවද..???:rolleyes::rolleyes:
     

    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    කතාව නම් ඇත්ත. කොල්ලො විතරක් නෙවෙයි කෙල්ලොත් වැරදි කාරයො.