ජිවිතය කියන්නේ අභියෝගයක්

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ජිවිතය කියන්නේ අභියෝගයක්

    Day84_ReachedTheTop2.jpg


    ජිවිතය කියන්නේ අභියෝගයක්

    හිතන්න ඒ අභියෝගය බාරගන්න ඔයගොල්ලෝ කොච්චර දුරට ලෑස්තිද කියලා. කියවන්න මේ පුංචි කතා ටික.


    • ශාරුක්ඛාන් අවුරුදු ගණනක් වේටර් කෙනෙක් විදිහට ආපන ශාලාවක වැඩ කරපු කෙනෙක්. ඒ වගේමයි දමිළ සිනමාවේ සක්විති ‍රැජිනි කාන්ත් අවුරුදු 25 දි බස් කොන්දොස්තර කෙනෙක්.


    • සින්දු කියන්න ආශාවෙන් හිටපු තරුණයෙක් හිටියා ඔහු අවුරුදු ගණනක් වේදිකාවල මුදලක් නොගෙන ගීත ගායනා කළා. සමහරු ඔහුට හූ තිබ්බා. ඔහු ගීත ගායනා කළ මුල්ම චිත්‍රපට ගීතයත් නිෂ්පාදක කපල ඉවත් කළා. චිත්‍රපට නිෂ්පාදකයා බැණ වැදුනේ ඔහුට සිනමාවට ගැළපෙන කට හඩක් නැහැයි කියලා. එහෙත් ඔහු උත්සාහය අතහැරියේ නැහැ. ඒ තමා අපි කවුරුත් හදුනන එච්. ආර් ජෝතිපාල ජනප්‍රිය ගායන ශිල්පියා.


    • අවුරුදු 7 වන විටත් වචනයක්වත් කියවගන්න බැරි කොලුගැටයෙක් හිටියා. ඔහු පන්තියේ හැමදාමත් අන්තිමයා. කවුරුවත් ඔහුව ගණන් ගත්තේ නැහැ. දෙමව්පියෝ හිතුවේ ඔහු මානසික රෝගියෙක් කියලා. ඒ තමා ලෝකයම දිනපු ප්‍රසිද්ධ විද්වතා ඇල්බට් අයින්ස්ටයින්


    • අනාථයෙකුව ඉපදුණු කුඩා දරුවෙක් හිටියා. ඔහු ඔහුගේ ළමා කාලය ගතකළේ මහ මග. අනුන්ගේ කඩපිල්වල. තරුණ වියට පත්වෙද්දී ඔහු ‍රැකියාව විදිහට මහා මාර්ගයේ යනෙන මිනිස්සු හිනැස්සුවා. ඒ දවසට පවුම් 2 හොයාගන්න. එහෙත් ඔහු මැරෙද්දි මුළු ලෝකයම ඔහු වෙනුවෙන් හැඩුවා. ඔහුගේ නම චාලි චැප්ලීන්.


    • තරුණ වියේදි එක තරුණයෙකුව කැලිෆෝනියා සිනමා පාසලෙන් නෙරපා දැමුවා. ඔහුගේ එකම සිහිනය වුණේ සිනමා උපාධියක් අරගන්න. ඔහු උත්සාහය අත ඇරියේ නැහැ. තමන්ගේ සිහිනයක් වු උපාධිය 2002 වසරේදී විශ්ව විද්‍යාලය විසින් නොමිලේම ඔහුට පිරිනැමුවා. ඒ ස්ටීවන් ස්පිල්බර්ග් ලෝප්‍රකට සිනමාවේදියා.


    • සැමියා අතහැර දැමු වැන්දඹු කාන්තාවක් තම එකම දරුවා ජිවත් කරගන්න පත්තරවලට සුරංගනා කතා ලිව්වා. ඒ කතා සියල්ලම පුවත් පත්වලින් ප්‍රතික්ෂේප කරද්දිත් ඇය තිරණය කළා පොතක් ලියන්න. ඒ පොතත් ‍රැගෙන ඇය සියගණනක් ප්‍රකාශන ආයතනවලට පයින් ගියා. එහෙත් සෑම කෙනෙක්ම එය බාල වර්ගයේ නිර්මාණයක් ලෙස විසිකර දැමුවා. අවසානයේ එක සමාගමක් එය ප්‍රකාශ කරන්න බාරගත්තා. මේ තමා ජේ. ආර් රෝවැලින් සහ ඇයගේ මුල්ම නිර්මාණය " හැරී පෝටර්" නවකතාවේ ඉතිහාසය.


    • වරක් ගීත නිෂ්පාදන ආයතනයක් එක තරුණයෙක්ව තම සමාගමෙන් අස් කර දැමුවා. "උඹට සින්දු කියන්න බෑ. උඹට පුලුවන් ට්‍රක් එලවන්න විතරයි" සමාගමේ අයිතිකරු ඔහුට එසේ කිව්වේ ඔහු වෘත්තියෙන් ට්‍රක් එලවන්නෙකු වුණු නිසා. එහෙත් තරුණයා එයින් සැලුනේ නෑ. ඔහු නැවත නැවතත් උත්සහ කළා. ඔහු පසුකාලයේ ජනප්‍රිය වුණා. " එල්විස් ප්‍රෙස්ලි" නමින්.


    • දුප්පත් ගොවියෙකුට දාව උපන් දරුවෙක් හිටියා. කුඩා කාලයේ අධ්‍යාපනය ලැබීමේ වාසනාව ඔහුට නොලැබුණේ ඔහුගේ දුප්පත් කම නිසා. කුඩා කාලයේම ඔහු මුදල් උපයන්න ඔරු පදින්නෙකු ලෙසත් දුම්රිය මාර්ග සාදන්නෙකු ලෙසත් සේවය කලා. ඒ උපයා ගත් මුදලින් ඔහු නිතී විද්‍යාලයට බැදී නීතී උපාධියත් සමග දේශපාලනයට අවතීර්ණ වුණා. දහතුන් වතාවක් ජන්දයෙන් පැරදුණු ඔහු 1961 දී ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරයට පත් වුණා. ඒ එබ්‍රහම් ලින්කන්.

    අපි දුප්පත් වෙලා ඉපදුනොත් ඒක අපේ වැරද්දක් නෙවේ. එහෙත් අපි දුප්පතෙකු විදිහටම මැරුණොත් ඒක අපේ වැ‍රැද්දක්. ජිවිතයේ වැටෙන වැටෙන හැම මොහොතකම අපි ආයේ නැගිටින්න ඔනේ. ජිවිතයේ වැටෙන හැම මොහොතේම අපි තවත් ශක්තිමත් වෙන්න ඔනේ. මැරෙන මොහොතේදී හදවතට ජිවිතය ගැන දුකක් දැනෙන්න තියන්න එපා. තමන් හැම මොහොතේම ජිවිතය දිනන්න උත්සහ කළා කියන හැගීම හදවතට දැනෙන්න ඉඩදෙන්න....



    Code:
    උපුටා ගැනීම රිද්ම පුවත් පත

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Captain ජැක් ස්පැරෝ;13348040 said:
    Day84_ReachedTheTop2.jpg


    ජිවිතය කියන්නේ අභියෝගයක්

    Code:
    උපුටා ගැනීම රිද්ම පුවත් පත

    මේ ත්‍රේඩි එක මේ විදිහටම පලවුනු තුන්වෙනි පාර මචන්:dull::dull::dull:. උබ විතරයි උපුටා ගත්ත තැන දැම්මේ:yes::yes::yes:.
    නියම ත්‍රේඩ් එක
    :yes::yes::yes:
    th_98b65b37.gif