රත්නපුර

rathnapure

Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    රත්නපුර යනු ශ්‍රී ලංකාවේ සබරගමු පාළාතේ පළාත් බද අගනුවරයි.එය රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා තිබේ.නුතන නම බ්හිව් ඇත්තේ මේම ප්‍රදේශයේ පරමිපරිකව නිශ්පාදනය කල තල් සුකිරි වන හකුරු සදහා වන පෘතුගිසි නම වන රාපඳුර යන වචනයෙන් ඛව සමහරෙක් කියති. නමුත් වඩාත් පිලිගත් මතය වන්නේ එය බිහිවි ඇත්තේ මැණික් යන අදහස ඇති "රත්න" සහ නගරය යන යන අදහස ඇති "පුර" යන වචන එකතුවිමෙන් බවයි. රත්නපුර යන්න ඉංග්‍රිසි භාෂාවේදි Ratnapura සහ Rathnapura ලෙස අක්ෂර විනය්‍යාසය දක්වයි.

    කොළඹ නගරයට කි.මි 100ක් පමන ගිනිකොනින් පිහිටා ඇති මෙම නගරය දීර්ඝ ඉතිහාසයක් සහිත කර්මාන්තයක් වන ආර්නුල් සහ රතු වැනි අගනා මැණික් වර්ග ලබා දෙන පතල්කර්මාන්තයේ කේන්ද්‍රස්ථානයයි. පතල්කර්මාන්තයට අමතරව මෙම නගරය වී සහ පලතුරු ගොවිතැන සදහා ප්‍රසිද්ධ නගරයකි. මෙම නගරය පුරා විශාල තේ සහ රබර් වගාවන් දැකිය හැක. මේම කලාපයේ තේ පහතරට තේ නමින් හදුන්වයි. රත්නපුර නගරයේ ස්ථාපිත වූ සංචාරක කර්මන්තයක්ද දැකිය හැක. සිංහරාජ වනරක්ෂිතය, උඩවලව ජාතික වනෝද්‍යානය, කිතුල්ගල, සහ සිරිපාදය සංචාරකයන් අතර විශේෂයෙන් ජනප්‍රිය ස්ථාන වේ.1901 දි රත්නපුර නගරයේ ජනගහනය 4,084 වන අතර 2001 දි එය 46,309 දක්වා වර්ධනය විය. 2001 දි රත්නපුර දිස්ත්‍රික්කයේ ජනගහනය 1,008,164 විය. ඒයින් 86.42% ක් බෞද්ධ ජනතාවද සහ 9.88% ක් හින්දු ජනතාවද වු අතර අනිත් පිරිස කතෝලික සහ මුස්ලිම් ජනතාව විය.
     

    roshan1

    Member
    Mar 16, 2007
    649
    49
    0
    ai ban Bopath ella, Saman devalaya, dewale thiyena gal palaya dapanko wisthara tikak, mata welawak naha kotanna.