චීනයද ?_ඉන්දියාවද ?

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    චීනයද ?_ඉන්දියාවද ?

    චීනයද ? ඉන්දියාවද ?

    click.gif

    යුද්ධය පැවති සමයේ, යාපනය බිඳ වැටීමට ආසන්න මොහොතක, ත්‍රස්තයන් යාපනය වෙත දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමින් සිටි මොහොතක, කොටින් මර්ධනය කිරීම සඳහා චන්ද්‍රිකා රජය ඉන්දීය රජයෙන් ක්ෂණික යුධ ආධාර, මල්ටි බැරල් ආදිය ඉල්ලා සිටියේය. ඉන්දියාව එය ප්‍රතික්ෂේප කල අතර, අවැසි නම් යුධ හමුදාව ඉවත් කර ගැනුමට නැව් සැපයිය හැකි බව පැවසීය. ඒ අවස්ථාවේ අප රැකීමට ඉදිරිපත් වූයේ චෙක් ජනරජය සහ පකිස්ථානය සමඟ චීනයයි. මෙය එක් අවස්ථාවක් පමණක් නොවේ. දුරාතීතයේ සිටම චිරාත් කාලයක් තිස්සේ සේද මාවත ඔස්සේ බැඳුනු චීන-ලංකා මිතුදම අති විශිෂ්ඨය. සිරිමා බණ්ඩාරණයක 70-77 රාජ්‍ය සමය එහි කූට ප්‍රාප්තියයි. බණ්ඩාරණයක සම්මන්ත්‍රණ ශාලාව, සිරිමාවෝ බණ්ඩාරණයක සම්මන්ත්‍රණ ශාලාව, ඔරුවල වානේ කම්හල ආදී විවිධ ත්‍යාගයන් මේ අඛණ්ඩ මිතුදමේ ජීවමාන සාක්ෂි වෙති.

    ආසන්නම අවස්ථාව, එක්සත් ජාතීන් ඉදිරියේ, චීන-රුසිය මිත්‍රත්වයේ රැකවරණයේ ශක්තියයි.

    ඒ අවස්ථාවේ ඉන්දියාව හැසිරුනේ ශ්‍රි ලංකාව ඔවුන්ගේ සතුරු රටක් වශයෙන් සලකා සේය. අපි හැමවිටම කලාපීය බලවතා, ලොකුඅයියා ආදී ලෙස කියමින්, ඔවුන්වෙත ගෞරවයෙන් (හා භියෙන්) අමතමු. නමුත් ඔවුන්ගේ කුඩු කේඩුකම් වල නිමක් ඇත්ද ? දුරාතීතයේ සිටම, ඉන්දියාවෙන් අපවෙත ලැබුනේ මොනවාද ?

    කොටි ත්‍රස්තයන්ට කිරි පොවා, පුහුණුව සහ අවි ආයුධ දී පෝෂණය කලේ ඉන්දියාවයි.

    අපට කිසිසේත් නොගැලපෙන පළාත් සභා නම් වරිග සභා සුදු අලියා අපවෙත බලෙන්ම පැටවූවෝ ඉන්දියානුවෝයි.

    1987 දී තරම් අතීතයේදී, පරාජයේ මුව මත සිටි ප්‍රභාකරන් ඇතුළු කොටි ත්‍රස්තයන් වෙත මර භිය ඇතිකළ වඩමාරච්චි මෙහෙයුම නවතන ලෙස බල කලේ, ගුවනින් පරිප්පු දමා, අප ගුවන් කලාපය බලයෙන්ම ආක්‍රමණය කර, ස්වාධීන නිවහල් රාජ්‍යයට අනිසි බලපෑම් කලේ ඉන්දියාවයි. කොබ්බෑකඩුව මහ විරුවා ප්‍රභාකරන් වට කර, ඔබතුමාට අවශ්‍ය ප්‍රභාකරන්ගේ හිසද, නැතහොත් කඳද යයි ජේ. ආර්. ජනාධිපති තුමන්ගෙන් ඇසූ බැව් කියවේ. එසේ නොවන්නට මීට අවුරුදු 22 කට කලින් යුද්ධය නිමා වන අතර, යුද්ධයට වැයවූ සහ ත්‍රස්තයන් වැනසූ මහා ධනස්කන්දයක් ඉතිරි කර ගත හැකිව තිබුනි.

    බොහෝ කැප කිරීම් කර, කොටි ත්‍රස්තවාදය පරදා, ඊළාම් සංකල්පය පරාජය කල කල්හි, ලංකාවට වඩා විසි තිස් ගුනයකටත් වැඩියෙන් විශාල ඉන්දියාවේ තමිනාඩුව තිබියදී, ඉන්දියානුවෝ ලංකාවේ ඊළමක් පිහිටුවීමට අර අදිති. (ද්‍රවිඩ ජනයා වෙනුවෙන් ඔවුන් දක්වන ආදරය සැබෑ නම් ජයලලිතාට, කරුනාණිධිට, වයිකෝට, නැදුමරන්ට තම විසල් භූමියේ ඊළමක් පිහිටුවා ගත හැක.)

    ලාංකීය ද්‍රවිඩයා ගැන කිඹුල කඳුලු හෙලන තමිල්නාඩු අවස්ථාවාදියෝ ලාංකීය ද්‍රවිඩයා ඵල ලබන මත්ස්‍ය සම්පත කොල්ල කාගෙන යති. අසරණ ලාංකීය ද්‍රවිඩ ධීවරයෝ මුහුදු සීමා උල්ලංඝනය කල බව පවසමින්, අත් අඩංගුවට ගෙන තමිල්නාඩු අධිකරණ වෙත පමුණුවා සිර කරති. මෙරට මත්ස්‍ය සම්පත් කොල්ලකන ඉන්දීය ධීවරන්ට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කරන කල්හි, උද්ඝෝෂන, තර්ජන සහ බලපෑම් කර බලෙන්ම ඔවුන්ව නිදහස් කරගනිති.

    මෙවැනි අසාධාරණ ලොකු අයියෙකුගෙන් අපට ඇති රැකවරණයක් නැති. අපේ සම්පත් කොල්ලකන, තර්ජන, බලපෑම්, හිරිහැර සහ තාඩන පීඩන කරන කලාපීය බලවතාගේ ශක්තියෙන් අපට වන සෙතක් නැති. විසල්, බලවත් ඇමරිකානුවන් ඉදිරියේ තම ශක්තියෙන් දෙපයින් සිටගන්නා කියුබානුවන් මෙන්, මේ ලොකුඅයියා ඉදිරියේ අප දණ නොනැමිය යුතුය. ස්වභාව ධර්මයෙන් අපට ලැබී ඇති පිහිටීමේ වාසිය ප්‍රයෝජනයට ගෙන, අපට සැබෑ ලෙසම හිතවත්, ජත්‍යන්තරය ඉදිරියේ අප හා අත්වැල් බැඳ ගන්නා නව ආරක්ෂණ උපක්‍රම වෙත අප යොමු විය යුතුය. එවැනි සැබෑ මිතුරන් වෙත වඩ වඩාත් අපි ලංවිය යුතුය. එවැනි බලවේග අතර, එවැනි මිතුරන් අතර, බලවත් චීනය එක්සත් ජාතීන්ගේ නිෂේධ බලය හිමි ලොව දැවැන්තයෙකි. අපේ සැබෑ කලණ මිතුරෙකි. විශිෂ්ඨ රැකවලෙකි. එදා සිටම ශ්‍රි ලංකාවේ සැබෑ මිතුරෙකි. බොදු සංස්කෘතික සංහිදියාව මේ මිත්‍රත්වයට ආභරණයකි.

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මුලින්ම මෙහෙම කියන්නත් ආස නැහැ..ඒත්
    ඉන්දියාව මහා කාලකන්නි රටක්.
    ඉන්දියාවෙ ඉන්නෙ මහ කාළකන්නි මිනිස්සු..
    මුස්පේන්තු පෙරේත ජරා හැත්ත..:angry::angry::angry:
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    මුලින්ම මෙහෙම කියන්නත් ආස නැහැ..ඒත්
    ඉන්දියාව මහා කාලකන්නි රටක්.
    ඉන්දියාවෙ ඉන්නෙ මහ කාළකන්නි මිනිස්සු..
    මුස්පේන්තු පෙරේත ජරා හැත්ත..:angry::angry::angry:

    එතකොට ලංකාවේ ඉන්න මිනිස්සුත් ඒකට අයිති වෙනවා මොකද විජයත් ඉන්දියාවේ නිසා..
    විජය ආවේ මුලාශ්‍ර වලට අනුව බෙංගාලේ ඉදලා බෙංගාලේ අයිති ඉන්දියාවට..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එතකොට ලංකාවේ ඉන්න මිනිස්සුත් ඒකට අයිති වෙනවා මොකද විජයත් ඉන්දියාවේ නිසා..
    විජය ආවේ මුලාශ්‍ර වලට අනුව බෙංගාලේ ඉදලා බෙංගාලේ අයිති ඉන්දියාවට..

    හා..
    ගොඩක් සිංහල ඉතිහාසෙ ඉගෙනගෙන වගේ අපේ නාගන්න අක්ක...:P
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    එතකොට ලංකාවේ ඉන්න මිනිස්සුත් ඒකට අයිති වෙනවා මොකද විජයත් ඉන්දියාවේ නිසා..
    විජය ආවේ මුලාශ්‍ර වලට අනුව බෙංගාලේ ඉදලා බෙංගාලේ අයිති ඉන්දියාවට..

    hello topology...............
    after long time na..............
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එතකොට ලංකාවේ ඉන්න මිනිස්සුත් ඒකට අයිති වෙනවා මොකද විජයත් ඉන්දියාවේ නිසා..
    විජය ආවේ මුලාශ්‍ර වලට අනුව බෙංගාලේ ඉදලා බෙංගාලේ අයිති ඉන්දියාවට..

    bengale neme gujarat walin
     
    bandar

    Member
    Nov 23, 2009
    21
    2
    0
    good analysis

    • yours a good analysis
    • yes, China our best friend ever
    • no war if our President's cut the roots of terror from their inception. they did not do it for some reason (to be investigated some day)
    • India is also a great country, Sri Lankan stupid leaders just dont know how to handle India. Do USA, Japan, Germany UK, France have any issue with India? answer is never.
    • So no one to blame here but to ourselves.
     
    • Like
    Reactions: CME

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට ලංකාවේ ඉන්න මිනිස්සුත් ඒකට අයිති වෙනවා මොකද විජයත් ඉන්දියාවේ නිසා..
    විජය ආවේ මුලාශ්‍ර වලට අනුව බෙංගාලේ ඉදලා බෙංගාලේ අයිති ඉන්දියාවට..
    ඇත්ත ඇත්ත ඔයා වගේ කට්ටිය අයිති වෙන්නෙ ඉන්දියාවට :P:P:lol::lol:
     
    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    එතකොට ලංකාවේ ඉන්න මිනිස්සුත් ඒකට අයිති වෙනවා මොකද විජයත් ඉන්දියාවේ නිසා..
    විජය ආවේ මුලාශ්‍ර වලට අනුව බෙංගාලේ ඉදලා බෙංගාලේ අයිති ඉන්දියාවට..

    ටොපා ආයිත් ඇවිල්ලා වගේ ..:love::love::P
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    චීනය අපිට අත්‍යාවශ්‍ය වෙලාවල් වල අපිට උදව් කලා...
    ඉන්දියාව කුහක විදිහට අපෙ රට තනිකලා..
    ලෝකෙ ඊනියා බලවතුන් ගල් ගැහිලා ඉන්නෙ චීන -රුසියා එකමුතුකම නිසයි.
    සිරියාවෙ සිදුවෙන දේ මොක උනත් හිලරි අක්කලා සිරියාවට වැඩක් දෙන්න බැරුව ඉන්නෙත් රුසියාව එක්ක චීනෙත් ඉන්න නිසා...
    මොක උනත් ඉන්දියාව බයේ ඉන්නෙ චීනය ලංකාවෙ ආයෝජනය කරන එකට.
    ඒකනෙ චීනෙක් ඇවිත් ගිය ගමන් ඉන්දියාවත් මොකෙක් හරි එවන්නෙ මොකෑ උනේ බලන්න.
    :P
     
    සිරා කතාව ..:yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එතකොට ලංකාවේ ඉන්න මිනිස්සුත් ඒකට අයිති වෙනවා මොකද විජයත් ඉන්දියාවේ නිසා..
    විජය ආවේ මුලාශ්‍ර වලට අනුව බෙංගාලේ ඉදලා බෙංගාලේ අයිති ඉන්දියාවට..
    හුයන්නක් කථා කරන්න එපා නංගි හුයන්නක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බය වෙන්ඩ එපා මේ ආණ්ඩුව තියෙනකන් චිනේ සාක්කුවේ වගේ තමයි.:rofl::lol::)
    හොදම උදාහරනේ යුද්දෙදි අපිට උදවු කරපු එක :):):)