ඡේ. ආර්. ජයවර්ධන
106 වැනි ජන්ම සමරුව අද
ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ධුරය හෙබවූ ඡේ. ආර්. ජයවර්ධන මහතාගේ 106 වැනි ජන්ම දින සමරුව අද (17) ට යෙදී තිබේ.
කීර්තිමත් දේශපාලනඥයකු වූ ඡේ. ආර්. ජයවර්ධන මහතා වෙනුවෙන් ප්‍රධාන ජන්ම දින සමරු උළෙල අද (17) ප.ව. 4.00 ට කොළඹ 7, ධර්මපාල මාවතේ ඡේ. ආර්. ජයවර්ධන කේන්ද්‍රයේදී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. ප්‍රධාන දේශනය මහාචාර්ය කේ. ඩී. පරණවිතාන මහතා පවත්වයි.
ඡේ. ආර්. යුගය ගැන මතක බිඳක්
ධර්මරත්න තෙන්නකෝන්
පරිනත දේශපාලනඥයකු ලෙසත් ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත් රාජ්යතාන්ත්රිකයකු ලෙසත් ප්‍රකට අභාවප්‍රාප්ත ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමන්ගේ පාලන කාලය පිළිබඳව කතා කළ යුතු දැ බොහෝ ඇත. අද බොහෝ දේශපාලනඥයන් එතුමාගේ ගමන් මග තම පැවැත්ම සඳහා තෝරාගෙන ඇති බව අපට පෙනීයන්නේ ඔවුන්ගේ ක්‍රියා වලිනි.
1977 න් පසු කරලියට එන ඡේ. ආර්. ජයවර්ධන මහතා තම හස්තසාර ජීවිත අත්දැකීම් දේශපාලනය හා මුසුකොට ක්‍රියාවට නගන අතර ඒ ක්‍රියාවලිය තුළ හරිගිය දැ බොහෝ බව දේශපාලන විචාරක මතයයි. කෙසේ වෙතත් 1977 ට පෙරතිබූ අඳුරු අසාර්ථක ප්‍රවිශ්ඨයන් යළිත් නියම මාර්ගයට ගෙන ජනතාවට සහනය ලැබෙන පරිදි රාජ්යයාන්ත්රණය සකස් කරන්නේ ජයවර්ධන මහතායි. ඒ සාර්ථක වූ වෑයම පිළිබඳව වූ තොරතුරු අපට ලබාදෙන්නේ ඒ කාලයේ පළවූ බැංකු වාර්තා හා සංවර්ධනය පිළිබඳව වූ වාර්තාය.
ඡේ. ආර්. ජයවර්ධන යුගයේ සිදුවූ අති ප්‍රබල වෙනස්කම නම් දකුණු ආසියාවේ මුල්වරට නිදහස් වෙළඳ රටාවක් අපේ රටෙන් ආරම්භ කිරීමයි. හැමදෙනාම ඊට එකහෙළා විරුද්ධ මත ප්‍රකාශ කළත් අද අපේ රටේ සියලුම ජන කොටස් මදි නොකියන්නට භුක්ති විඳින්නේ ඒ ලබාදුන් වරප්‍රසාදයන්ය. ඒ 1978 න් පසුවයි. එය මේ රටේ කිසිවකුට බොරු කළ නොහැක. අඩු තරමින් ඒ වරප්‍රසාද යටතේ ලබාගත් ජංගම දුරකථනයක් හෝ හැම අයෙක්ම සතුව ඇත.
1977 න් පසුව මේ කුඩා දිවයින ලෝක වෙළෙඳපලක් ලෙසින් මුළුමහත් ලෝකයට විවෘත කිරීම නිසා අපට විදෙස් ආයෝජන ගලා ආවේ එතෙක් වසා තිබූ දොරටු විවෘත වෙමින්ය. අද බොහෝ දෙනා කතා කරන එම ආයෝජක ආකර්ෂණය අපට ලබාදීම සඳහා මුල් අඩිතාලම දමන ලද්දේ ජයවර්ධන යුගයේදීය. 1977 ට පෙර තිබූ තත්ත්වය පිළිබඳව අත්දැකීම් ඇති බොහෝ අය අදත් අප අතර සිටී. ඒ පිළිබඳව විස්තර කතා කිරීමට වඩා එම යුගයේදී සිදුවූ වෙනස්කම් පිළිබඳ කතා කිරීම ඉතා වැදගත්ය. අපේ රටේ අපේ මිනිසුන්ට හාල් ඇටයක් මිරිස් ඇටයක් එහා මෙහා ගෙනයාමට අවසර නොදුන් කාලයක්ද විය. ඒ සමගම රටේ හෝටල්වල බත් විකිණීම තහනම් කරන ලදී. තේ සමඟ හකුරු කැබැල්ලක් දීම සිදුවූයේ සීනි සුඛෝපභෝගී භාණ්ඩයක් වීම නිසාය.
ජයවර්ධනයුගයේදී බඩු භාණ්ඩ සුබල කර ඕනෑ අයෙකුට ඕනෑතරම් ලබාගැනිමට ඉඩකඩ සලසා දෙන ලදී. රටේ ආර්ථික පසු බෑම අති විශාල ලෙස සිදුවීමත් සමඟ රටින් ආනයනය කරන මිරිස්, සීනි, කරවල, සුදුළුණු, පරිප්පු ආදිදේ අපට හිඟවිය. ඇතැම් පළාත්වල පොඩිදරුවන්ට කිරිපිටි නැත්තටම නැතිවිය. මේ නිසා භාණ්ඩහිඟය රට පුරා පැතිරුනි 1977 5/6 ක බලය ලබාගත් ඡේ. ආර්. ජයවර්ධන මහතා පළමුව කළේ ආහාර ඇමැතිවරයා ලවා අවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වහා ඇනවුම් කිරීමයි. එතෙක් කඩල, මුංඇට, පරිප්පු නොකෑ අයට ඒවායේ රස බැලීමට ලැබුණි. කෙසේ වෙතත් අද අප කඩල ඇටයක රස විඳින්නෙත් ඇපල් හෝ මිදිගෙඩියක නැත්නම් රටඉඳි ඇටයක රස විඳින්නේ ජයවර්ධන යුගයට පිංසිදු වන්නටය. එය අමතක කිරීම අසත්පුරුෂ කමකි. ජයවර්ධන යුගයේ අනෙක් විශේෂත්වය නම් එදා සිව්රු පිරිකර ගැනීමට ආදායම් පාලකගේ අවසරය ඕනෑවිය. මඟුල් කටයුත්තකට අවශ්‍ය "කච්චි කිරිකඩ" ගැනීම සඳහා ආදායම්පාලගේ අවසරය ඕනෑවිය. නමුත් 1977 න් පසු ජයවර්ධන යුගයේදී ඒ අනවශ්‍ය තහංචි ඉවත්කර දමන ලදී. අඳින්නට ලබාදුන් චීත්තයාර දෙක වෙනුවට ඕනෑතරම් මිලදී ගතහැකි විය. එසේම වානිජ නිදහස ඇති කිරීම නිසා රටේ ආර්ථිකයටද එයින් යහපතක් සිදුවූ අතර පාරිභෝගිකයාට එය මහත් රුකුලක් විය.
අතගසා නතර කර තිබූ මහවැලි ව්‍යාපාරයට පන ලබාදුන්නේ ඡේ. ආර්. යුගයේදීය. කඩිනම් මහවැලි ව්‍යාපාරය යනුවෙන් නම් ලැබූ එය වසර හයක් තුළ ක්‍රියාවට නංවා නිම කළේය. ඒ මගින් දැවැන්ත ජලාශ කීපයක් බිහිවිය. වික්ටෝරියා, කොත්මලේ, රන්දෙනිගල, රන්ටැඹේ එම ජලාශයන්ය. අනෙක් වැදගත් ව්‍යාපෘතිය නම් උපාධිධාරින්ට රැකියා ලබා දීමයි. වාර්ෂිකව සිදුකළ එම ක්‍රියාවලියේදී. උපාධි අපේක්ෂකයන්ට ක්රමාණුකූලව රැකියා ලැබුණි. ඔවුන්ට කල්බැලීමක් සිදු නොවීය. අදමෙන් එදා උපාධිධාරීන් පල්වුනේ නැත. ජයවර්ධන යුගයේ තිබූ විශේෂත්ත්වය එයයි. උපාධිධාරීන් සඳහා විශේෂිතවූ රැකියා විධායක රැකියා පුද්ගලික අංශයේද නිර්මාණය විය. හැම කටයුත්තක්ම එක සමානව ක්‍රියාවට නැංවුණේ ජයවර්ධන යුගයේදීයි.
කටුනායක හා බියගම බිහිකළ අපනයන සංවර්ධන කලාප මගින් තරුණ තරුණියන්ට රැකියා සුලබ විය. පොල්අතු වියමින් ගමේ පල්වූ තරුණියන් හොඳ වැටුපකට නගරයට ඇදුනේ ජයවර්ධන යුගයේදීය. සමහරුන් එය වැරදි ආකාරයට දුටුවත්. අදත් වර්තමාන පාලකයන්ට ඉන් සහනයක් ලැබී ඇත. නැතිනම් රැකියා සඳහා මහා උද්ඝෝෂණ ඇතිවීමට බැරිකමක් නැත. එක්වර ලක්ෂ තුන හතරකට රැකියා ලැබුණේ 1979 න් පසුවයි. ඒ කටුනායක ඉදිකළ ඇඟළුම් කම්හල් මගිනි. මහකොළඹ ආර්ථික කොමිෂම ලංකාවේ බිහිවූ නිර්මාණශීලී කාර්මික උපාය මාර්ගය විය. එහි ප්‍රථම ප්‍රධානියා වූයේ "දිවයින" ජාතික පුවත්පත නිර්මාණය කළ "උපාලි විඡේවර්ධන" මහතායි. ඡේ. ආර්. යුගයේ ඇතිවූ අති දැවැන්ත සංවර්ධන කාර්යයන් දෙකක් නම්, ගුවන් තොටුපළ සංවර්ධනය හා වරාය බහලු සංවර්ධනයයි. මේ ව්‍යාපෘති දෙක මගින් අපේ රටට සැලසුනේ අති විශාල වාසියකි. ජාත්‍යන්තර වෙළෙ¹ම වර්ධනය වීමත් ඒ මගින් තවත් රැකියා වර්ධනය වීමත්. සංචාරක ව්‍යාපාරය දියුණුවීමත් ඒ නිසා රැකියා අලුතින් බිහිවීමත් සිදුවිය. අද අප ඒ මගින් ලබන වාසි සඳහා මූලික අඩිතාලම වැටුනේ ඡේ. ආර්. යුගයේ දීයි.
මහපොළ ශිෂ්‍යත්ව ක්‍රමය ඡේ. ආර්. යුගයේ බිහිවූ තවත් වැදගත් අංගයකි. ඒ මගින් ලක්ෂගණනක් වූ උසස්පෙළ සමතුන්ට මුදල් ආධාර ලැබුණි. ඉන් දරුවන්ගේ දෙමව්පියන්ට මහත් වාසියක් සැලසුනි. එසේම එම අවධියේ නිර්මාණය වූ "මහවැලි මහගොවිදැක්ම" අතිශය විශේෂ වූ විශ්මිත නිර්මාණයක් විය. ඒ මගින් ගොවීන්ට විදේශ සංචාර පවා ලබා ගැනීමට හැකි විය. ගාමිණී දිසානායක අමාත්‍යවරයා ඊට මුල්විය. මහපොළ නිර්මාණයට මුල් වූයේ එවක වෙළෙඳ අමාත්‍ය ඇතුළත් මුදලි මහතාය.
ඡේ. ආර්. යුගයේ බිහිවූ තවත් වැදගත් දෙයක් නම් ගම්උදා ව්‍යාපාරයයි එහි නිර්මාතෘ ආර්. ප්‍රේමදාස අග්‍රාමාත්‍ය වරයායි. ඒ මගින් නිවාස නැති අයට නිවාස ලැබුණි. මෙවැනි ජනතාව අරමුණු කරගත් විශේෂ ව්‍යාපෘති එකල බිහිවිය. "විද්‍යාපීඨ" ක්‍රමය මුලින්ම ආරම්භ වූයේ විශ්වවිද්‍යාලවලට යා නොහැකි වූ සිසුන් සඳහාය. එසේම අපේ රටට අලුතින්ම හඳුන්වා දුන් පරිගනක අධ්‍යාපන ක්‍රමය අපට ලබාදුන්නේද ඡේ. ආර්. යුගයේය.
කොටින්ම කියතොත් නිදහස් ආර්ථික ප්‍රතිපත්ති සමග අපට දායාද වූ නව තාක්ෂණික ක්‍රියාවලිය මගින් ලබාගත් අලුත් මෙවලම් විශාල සංඛ්‍යාවක් විය. අද ජනගහනයටත් වැඩියෙන් පාවිච්චිවන ජංගම දුරකථන මෙහි පාවිච්චියට ආවේ ජයවර්ධන යුගයේදීය. එය අද අපට මහත් වාසියකි. එසේම රූපවාහිනිය අපේ රටට නොමිලයේම ලබාගත්තේ ජයවර්ධන යුගයේදීයි. පරිගණක ක්‍රියාවලිය තුළින් ලෝකය විශ්වගම්මානයක් බවට පත්වූයේද එම යුගයේය. ඒ නිසා ඒ ලබාගත් වාසි. අප විසින් අව තක්සේරුවට ලක්කළ යුතු නොවේ.
මේ රටේ නිදහසින් පසු ඇතිවූ වැඩිම ආර්ථික වේගය වූ 8.8 මුල්වරට වාර්තා වූයේ 1978 වර්ෂයේදීය. ඒ මේ රටේ දේශීය නිෂ්පාදන ධාරිතාව වැඩිවූ නිසා බැව්. ආර්ථික විශ්ලේෂක මතයයි.
ජාතික තරුණ සේවා සභාව පිහිටුවීම හා යෞවන සමාජ සංකල්පය ආරම්භ වූයේද ඡේ. ආර්. යුගයේදීය. එසේම පෙර පාසල් ගුරු අධ්‍යාපනයට අඩිතාලම වටුනේද ඒ හරහාය එහි නිර්මාතෘවූයේ "රනිල් වික්‍රමසිංහ" එවක අමාත්‍යවරයාය. එය අද බොහෝ ව්‍යාප්තවූ සේවයක් බවට පත්ව ඇත.
නොමිලේ පාසල් පොත්. නොමිලේ පාසල් ඇඳුම්, නොමිලේ පාසල් දිවා ආහාරය ඡේ. ආර්. යුගයේ ඇතිවූ තවත් වටිනා සේවාවන් රැසකි. "මම මිනිසුන් හදා රට හදමි" ඒ ඡේ. ආර්. ජයවර්ධන මහතාගේ අදහසකි. සිරිමාබණ්ඩරනායක යුගයේදී කිසිවකුට රටින් පිටරටකට යාමට අවසර නැති විය.
"ඡේ. ආර්. ජයවර්ධන පාලන යුගය ආරම්භ වූ පසු මේ රටේ උදවියට දඹදිව වන්දනා යාමේ අවස්තාව උදා කරදුනි" එය කාටවත් නැතැයි කිව නොහැකිය. ඒ නිසා අද දඹදිව වන්දනා චාරිකා සංගම් අති විශාල සංඛ්‍යාවක් බිහිව ඇත. ඒ 1978 ට පසු ඡේ. ආර්. ජයවර්ධන මහතා කළ හපන්කමකි. රටක නායකයන් හිතාමතා යම් යම් දේ කළ යුතුව ඇත. ඉන් රක්ෂා ප්රශ්නය ප්‍රධාන තැනක් ගනී.
ඡේ. ආර්. යුගයේදී උපාධිධාරීන් වේවා උසස් පෙළ සමතුන් වේවා හෑල්ලු කිරීමක් සිදු නොවීය. ඔවුන්ට රැකියා ලබා දුන්නේ වෙහෙසට පත් නොකරමින්ය. ඡේ. ආර්. යුගයේදී තරමක් කණගාටු දායක දේද සිදුවිය. ඒවා පසු ලිපියකින් විමසීමට අදහස් කරමු. එදා 1977 ට පෙර නොතිබූ අති විශාල වාසි රැසක් අපට ලේසියෙන්ම ලැබුණේ ඡේ. ආර්. යුගයේ දීය. එය කිසිවකුටත් නැතැයි කීමට හෝ බොරුකිරීමට නොහැකිය. 77 ට පෙර මහජනයා ඇමතීම සඳහා අදමෙන් ඉතා විශාල උපකරණ නොතිබුණි. කොටින්ම කියතොත් ගම්බදට ශබ්ද විකාශන යන්ත්‍රයක් හෝ නොවිය ඒවාගෙන්වීමද තහනම් කර තිබුණි. එදා සංගීත කණ්ඩායම් හෝ සංදර්ශන නොවීය. ඒ සඳහා පහසුකම් නොවිනි. ඒවා ලබාදුන්නේ ඡේ. ආර්. යුගයයි.
විවෘත ආර්ථිකය අපේ රටට මහත් විශ්මිත වෙනස්කම් ඇතිකර දුන්නේය. එදා අද මෙන් මුද්‍රණ පහසුකම් හෝ ඒ සඳහා යෙදවුම් හෝ නොලැබුණි. අති විශේෂ "ඕප්සෙට්" ක්‍රමය රටට ආ නිසා විවිධ මාදිලියේ මුද්‍රණ හාස්කම් බිහිවිය. එය රටට වාසියකි. අප නොදන්නා ඇදහීමට නොහැකි තාක්ෂණ දියුණුවක් අද අපේ තරුණ පෙළ වින්දනය කරයි. එය ආශ්චර්යයකි. තොරතුරු තාක්ෂණ වේදය ඡේ. ආර්. යුගයේ ඇතිවූ විශ්මිත හාස්කමයි. ක්ෂණයකින් ලෝකය ලංකර ගැනීම එහි ඇති අරුම පුදුම තාවයි. මෙවැනි බෝහෝ විශ්මිත දේ ඡේ. ආර්. යුගයේදී අපට ලැබුණි. අද අප අතර ඡේ. ආර්. ජයවර්ධන මහතා නැතත් ජංගම දුරකථනය අතට ගන්නා හැම මොහොතකම එතුමා සිහියට එනු ඇත.