.: RaMoNa & BeEZus (Very Cute Movie) :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ආපහු පැංච කාලෙට යන්න කැමති අය අත උස්සන්න බලන්න....:)

    ramona-and-beezus.jpg

    මේ තියෙන්නේ ඒ අයට ගැලපෙන ෆිල්ම් එකක්....;) ලස්සනම ලස්සනම ලස්සන ෆිල්ම් එකක්....ඒ තරම්ම හිතට අල්ලපු නිසා තමයි ලස්සන කියන වචනේ කීප සැරයක්ම කියවුනේ...:yes:
    11.gif



    selena-gomez-in-ramona-and-beezus.jpg

    මේ තමයි ෆිල්ම් එකේ ප්‍රධාන චරිත දෙකට පන පොවන අක්ක නගෝ දෙන්න.....කට්ටිය අක්කව නම් හොඳට අඳුනවනේ.....;) හැබැයි මට දැනිච්ච විදියට නම් ෆිල්ම් එකේ ලස්සන වැඩි වෙලා තියෙන්නේ සැලීනාගේ රඟපෑමටත් වඩා මේකේ ඉන්න පුංචි ගෑනු ළමයා ඒ කියන්නේ රමෝනාට පන පොවන "joey king" ගේ අති විශිෂ්ට රඟපෑම නිසා....ඉතාම දක්ෂ පුංචි නිලියක්....:yes:

    Ramona+Beezus+New+York+Premiere+bY0Et0F6OyRl.jpg

    මට මේ ෆිල්ම් එක දීපු මගේ යාලුවත් දැනටමත් දෙතුන් සැරයක් මේ ෆිල්ම් එක බලල තාමත් ඩිලීට් කරන්නේවත් නැතුව තියන් ඉන්නවා....මමත් සාමන්‍යයෙන් ෆිල්ම් එකක් එකසැරයකට වඩා බලන්නේ නෑ හිට්ම උනොත් ඇරෙන්න.....හැබැයි මේ ෆිල්ම් එක නම් තව සැරයක් බලන්න පුළුවන් කිසිම කම්මැලිකමක් නැතුව....:love:

    extrait.jpeg

    මම මේ ෆිල්ම් එකේ දැකපු විශේෂ සිදුවීමක් තමයි, එක තැනකදී මේ පොඩි කෙල්ල ගෙදර අයත් එක්ක තරහ වෙලා ගෙදරින් යනවා කියල ඇඳුම් බෑග් එකක් පැක් කරනවා....ඒ වෙලාවේ මෙයාගේ අම්ම කරන්නේ මොකක්ද දන්නවද ? ලොකු බෑග් එකකට මෙයාගේ ලට්ට ලොට්ට පුරවල ගෙනත් දෙනවා එහෙනම් ගිහින් බලන්න කියල....මේ කෙල්ලත් බෑග් එකත් උස්සගෙන යනවා බස් හෝල්ට් එකට....ඊට පස්සේ එතන ටිකක් වෙලා ඉන්නකොට තමයි ටික ටික ගෙදර මතක් වෙන්නේ......අපේ රටවල වගේ නෙවෙයි ක්‍රියාවෙන්ම ඒ දරුවට කියල දුන්න පැනල යනවා කියන එකේ අමාරුව.....:yes:

    ramona-and-beezus-john-corbett-selena-gomez.jpg

    මේ වගේ රසවත් සිදුවීම් ගොඩක් මේ ෆිල්ම් එකේ තියෙනවා....පුංචි කාලේ මතක් කරගන්න කැමති අය ෆිල්ම් එක බලලම අදහසක් දාමු එහෙනම්....:)

    Torrent Link (DVD Rip 696.7 MB)


     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අහ අපිත් බැලුව ඕක සිංහල සබ් එකත් එක්ක
    මරු ෆිල්ම් එක තමයි හිනා වෙවී බලන්න පුළුවන්
    සෙලීන නංගිත් ඉන්නව නෙ
    අන්තිමට සෙට් එක නටන සිංදුවත් මරු