බේබද්දා

sujeewahms

Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala

    abanovakvilmosdrinkersw.jpg



    ඉස්කෝලෙ පළවෙනි වසරට අළුත් පොඩිඑවුන් ටික ආවා. අළුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අනුව ඉස්කෝල පිට්ටනිය පුරා සෙල්ලම් ගෙවල් හැදුනා. දැං පිට්ටනිය වෙනම ගම්මානයක් වගේ.

    පහේ පන්තියට උගන්නන වීරසිංහ සර් නිකමට වගේ මේ ගම්මානෙට ඇදුනා. පොඩිඋන් ගජ රාමෙට වැඩ. වීරසිංහ සර් සෙල්ලම් ගෙවල් වලට ඔලුව දාගෙන වචනයක් දෙකක් කතා කරගෙන යන ගමන් ටිකක් අමුතු ගෙදරකට ගොඩවැදුනා. ගෙදර කතාබහේ හැටියට ඒවෙලාවෙ උන්නේ අම්මයි පුතාල දෙන්නයි විතරයි. කට්ටිය සෙල්ලම් බත් උයනවා.

    "මාර බඩගින්නක් තියෙන්නේ.... කන්ඩ මුකුත් නැද්ද?" වීරසිංහ සර් කතාවට වැටුනා.

    "නෑහ්...."
    අම්මාට රඟපාන පොඩිත්ති ගස්සලා කිව්වා.

    "අඩුගානේ තේ ටිකක්වත්..."

    "තාම වැක්කෙරුවේ නෑ..."
    ප්‍රතිචාරයේ වෙනසක් නෑ.

    "තේ හදන්ඩ වෙලා යයිද?"

    "ඔව්.. තව වෙලා යනවා.."

    "හ්ම්හ්.... මං තව ටිකකින් එන්නංකෝ...."

    වීරසිංහ සර් නැගිටලා එලියට ආවා. අඩියක් දෙකක් තියනකොට ගේ ඇතුලෙන් අර අම්මන්ඩිගේ කටහඬ ටිකක් හයියෙන් ඇහෙනවා.

    "කසිප්පු පැලිල පැලිලා එනවා මෙතන තේ ඉල්ලන්ඩ......"

    වීරසිංහ සර් මේ කතාව කිව්වහම අඬනවද හිනාවෙනවද කියලා මට හිතාගන්න බැරිඋනා.

    මෙය වසර කීපයකට පෙර වයඔ පළාතේ ගම්බද පාසලක සිදුවූ සත්‍ය සිදුවීමක්.



    source :- http://reargate.blogspot.com

    කියවන්න පටන් ගද්දි තිබුන සැහැල්ලුව ලොකු බරක් උන හින්දත්, හොඳ දෙයක් දැක්කම ඔයාලව මතක් වෙන හින්දත් බෙදාගන්න හිතුන.

    දෙයියනේ මේ වගේ ජිවිත කොතරම් අපි අතරම ඇත්ද?

    කියවල , ඔයාලගේ අදහසත් දල යන්න.

    ම්ම්ම්ම්
    මං කොටු 8 අද්දර.......
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    rep 2+.
    mamath kotu 8 addara thamai
    sira kathawa machan. apita samahara welawata e jeewitha gana danennewath na.

    ඔව් මචං. මාර දුක්බර ජිවිත අපි එක්කම ඉන්නවා. ඒවාගෙන් පුංචි අහිංසකයෝ දුක් විඳින එක තමයි ලොකුම වැරැද්ද?

    ඔන්න මගෙන් රේප් + 4 ක්

    ඉක්මනට 8 ට යන්න

    :D:D:D:D
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    me patiyage amma hamadama kiyamawa ahena kathawa wenna athi....:-(
    rep barilu thawama

    ඔව් බේබදු තාත්තෙක් ගෙන් බැටකන අම්මෙක් සහ ඒ දුක් දරාගෙන ඉන්න පුංචි පැන්චියෙක්.......

    ඔය වගේ බේබදු කාලකන්නි උන්ට............. #$@%&*$@$$$#

    රෙප් අවුලක් නෑ සහෝ. මට කමෙන්ට් එක මාර වටිනවා.