6%ක් නෙමෙයි අපිට ඕනෑ වැඩි පඩියක්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    6%ක් නෙමෙයි අපිට ඕනෑ වැඩි පඩියක්

    6%ක් නෙමෙයි අපිට ඕනෑ වැඩි පඩියක් – නිර්මාල්..; FUTA නිරුවත හෙළි වේ :baffled:


    මේ සැප්තැම්බර් 29 දින ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති විකාශයේ කොටසකි. මාස 5කට ආසන්න කාලයක් තිස්සේ දිග්ගැස්සෙමින් පැමිණි විශ්වවිද්‍යාල ආචාර්ය වර්ජනය නිසා මාස 5 කට ආසන්න කාලයක් විශ්ව විද්‍යාල වසා තැබුණු අතර, මෙවර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර බැලීමද ඔවුන් විසින් වර්ජනය කරන ලදී.
    මේ හේතුවෙන් දහස් ගණනක් වූ විශ්ව විද්‍යාල සිසුන්ගේත්, ලක්ෂ ගණනක් වූ උසස්පෙළ සිසුන්ගේත් අනාගතය දැඩි අවිනිශ්චිත භාවයකට පත්වන ලදී. මෙය හුදෙක් දේශපාලන උවමනාවක් අරබයා ආරම්භ කරන ලද්දක් බව ඇස් පනාපිටම පෙනෙන්නට තිබූ අතර මෙහි පෙරමුණ ගන්නා ලද්දේ ජ.වි.පෙ න් කැඩි ගිය පෙරටුගාමී පක්ෂයේ එන්.ජී.ඔ බළල් අත් ටික හා, ජ.වි.පෙ, යූ.එන්.පී පක්ෂවල අතකොළු ටිකක් විසිණි.
    ඔවුන් තම වර්ජනය සාධාරණීකරනය කිරීමට යොදා ගත්තේ අධ්‍යාපනය වෙනුවෙන් 6% වෙන්කළ යුතුයි යන ඉල්ලීමයි. සරසවි සිසුන්ගෙන්ද මේ වර්ජනයට සහය ලබා ගැනීම පිනිස ඔවුන්ට පෙන්වූයේ මෙම 6% ලබාගැනීමට එක් වන ලෙසයි. සරසවි සිසුන්ද බහුතරය එයට රැවටුන අතර දැන් ඔවුන්ගේ සැබෑ අරමුණ මල්ලෙන් එලියට පැන ඇත. එනම් තමන්ගේ වැටුප් වැඩිකර ගැනීම නම් හුදු පෞද්ගලික අරමුණ ඉෂ්ට කර ගැනීමයි. ඒ වෙනුවෙන් ඔවුන් බොරු 6% GDP රංගනයක් කරමින් ජනතාව මෙතෙක්කල් රවට්ටා ඇති බව මෙම විඩියොවෙන් ඔප්පු වේ.
    මෙම වීඩියෝවේ ආචාර්ය නිර්මාල් දේවසිරිගේ ප්‍රකාශය පැහැදිළිවම දැක්වෙද්දී ඔහු මෙසේ නොකී බව පවසයි. නමුත් මීට පෙරදී, “සිවුපාවුන් උරගයින් නොවන මනසක් සහිත දෙපයින් ඇවිදින සියළු ශ්‍රී ලාංකිකයන් අද ඇරඹෙන පාගමනට එක් වනු නොඅනුමානයි” යනුවෙන් ඔහු වෙබ් අඩවියක් හරහා පවසා ඇත.
    එමගින් FUTA වර්ජනයට සහභාගී නොවූ සියලුම ශ්‍රී ලාංකිකයින්ට “සිව්පාවුන්, උරගයින් වන මනසක් රහිත දෙපයින් නො ඇවිදින උදවිය කියමින්” සරසවි ආචාර්ය වරයෙකුට නොගැලපෙන අන්දමින් ඉතාමත් පහත් ආකාරයෙන් නිර්මාල් දේවසිරි අපහාස කර ඇති නමුත් ඊට ජනතාවගෙන් සමාව ගන්නවා වෙනුවට ඔහු කළේ, පසුව එයත් පුවත් විකෘති කිරීමක් යැයි පවසා ඇඟ බේරා ගැනීමයි.
    කෙසේ වෙතත් එජාපය, ෆොන්සේකා, ජවිපෙ ඇතුළු පොදු විපක්‍ෂය මෙන්ම අන්තරයද කියුවේ මෙම වර්ජනය දියත් වන්නේ අධ්‍යාපනය සඳහා 6%ක ඉල්ලා කරන සාධාරණය අරගලයක් ලෙසය. නිර්මාල්ගේ මෙම ප‍්‍රකාශයෙන් ඔහු පැහැදිලිවම කියන්නේ තම මූලික ප‍්‍රශ්ණය වැටුප් වැඩි කිරීම බවයි.
    දැන් රනිල්, ෆොන්සේකා, සෝමවංශ, බාහු, මනෝ, අන්තරය ආදී එකැස් අන්ධයින්ගේ මීලඟ ප‍්‍රකාශයන් දෙසද අපි ඉතා උවමනාවෙන් බලා සිටිමු.

    ***ඕකනේ කියනේ අපි කියන කිසිම දෙයක් වරදින්නෙ නැ,අපි ඕකම කලින් තේර්ඩ් වලදී කියපුවම මේකේ ඩෙගා නටපු මෝඩයො ටික දැන් නම් හිමිට ලිස්සලයයි. :lol::lol::lol:
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ඕක මොනවා උනත්, දැන් මේවා කරගෙන යන ඇමතිවරුන්ගේ නොහැකියාවක් කියලා දෙයක් තියෙන බව තේරෙන්නේ නැද්ද ?
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    හරියට සාපෙලවත් නැති කාලකන්නි දේශඵපලුවෝ කෝටි ගණන් මාසෙට හොයන කොට
    බුධ්ධිමතුන්ටත් හොද ජිවන තත්වයකට යන්න මේ අස්චරයමත් රටේ වැඩියෙන් පඩි ලැබෙන්න ඕන
    යකෝ සමාජයේ ඉහලින් ඉන්න පුළුවන් ඔය මංකොල්ල කාරයන්ට විතරද
     
    Last edited:

    cse123

    Active member
  • Nov 11, 2009
    584
    52
    28
    yako ugannanna hari okkotama kalin e minissu jeewath wela inna one...umba hithanne lecture la prof la eka dawasin hadanna puluwan kiyalada..umbala minister lata MP lata laksha ganan padi,vehicle permit,bodyguards,staff,backup vehicles,free unlimited fuel dena ewa gana kiyanne na.. e minissunta demand ekak kiyala deyak thiyanawa....apita denna barinam wena ona tharam privet uni walin gewanna balagena innawa..ehema un giyoth umbala kiyanawa free education walin igenagena pitaratata aawadanawa kiyala....eth umbala e padiyen 50% illuwama ekatath ba kiyanawa....mokadda yako me hatharabeeri kathawa,,,,,yako goo kawata kamak na eth hathpole gaaganna epa
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    රටට හෙන ගැහුවත් කමක් නැහැ බොලල්ලා අපිට ඕනේ රජාට කහින්න විතරයි
    නේද ඉරෝෂන්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ක්‍රි .ව. 2062 ශ්‍රී ලංකාව නම් සමෘධිමත් දේශය

    Code:
    http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2012/09/2062.html

    sl.png


    සිරිත් පරිදි එදා සවස තැබෑරුමෙන් ගල් බාගයක් ගසන්නට යන විට කොහේදෝ සිට එතනට කඩා වැදුණු බුවෙක් මා සමග පනාව දැමිය. මොහු කවෙරෙක්දැයි සිතමින් සිටින විට ඔහු සාක්කුව අස්සෙන් කාලේ බෝතලයක් ගෙන මා අත තැබීය.

    දොරේ මේක ගහලා බලන්ඩ නියම බඩු දන්කොටුව ස්පෙෂල් වගේ

    මම බුවාගේ බෝතල් කාලෙන් උගුරක් බිවෙමි. උගුර පිලිස්සීගෙන ගිය මුල් ෂොට් එකෙන්ම මට බඹර පදමට වැදුනි.

    නියම බඩු මචෝ කියමින් මම කාලේ බෝතලය එකවරම හිස් කලෙමි. මට මතක එපමණය. කුදාර් වෙන්නට වැදීම නිසා යන්තම් තැබෑරුමේ මුල්ලක කුඩා ගසා ගත්තා යන්තමින් මතකය. මම තද නින්දකට වැටුනෙමි.

    මට ඇහැරෙනවිට හොඳටම දවාල් වී තිබුණි.

    මළ කෙලියයි රස්සාවට යන්නත් ප්‍රමාද උනා. මම වහාම නැගිට තැබෑරුමෙන් එලියට ආවෙමි. මුළු ලෝකයම වෙනස් වී තිබෙන හැඩකි. අමුතු විදියේ අහස උසට අලංකාර ගොඩනැගිලි , ලස්සනට ඇඳ පැළඳගත් ජනයා හරියට සිංගප්පූරුව වගේය. තැබෑරුම ඉදිරිපිට තිබූ ටකරන් බස් නැවතුම්පල පෙනෙන්නටවත් නැත.

    මේ මොන විපරීතයක්ද කියා සිතමින් සිටින විට මට පුවත් පතක් කියවමින් සිටි මහලු මිනිසෙකු දකින්නට ලැබිණි. මම ඔහු වෙත ගියෙමි.

    අන්කල් මේ ......

    අන්කල් ? මහත්මයා ජේෂ්ඨ පුරවැසියන්ට විනීතව කතා කරන්න ඉගෙනගන්න, නැතිනම් මට සිදුවෙනවා සංස්කෘතික අමාත්‍යංශයේ ශිෂ්ඨ හැසිරීම සම්බන්ද ඒකකයේ නිලධාරී මහතුන්ට කතා කරලා මහත්මයාව පුනරුත්තාපනය ඒකකය වෙත යවන්න

    අනේ සොරි සර් මම අතරමං වෙලා , මට මේ මොනවත් තේරෙන්නේ නැහැ මම ඉන්නේ කොහෙද කියන්න ?

    මේ මහත්මයා ඉන්නේ කොළඹ පුරහල අසල

    වෙන්න බැහැ මම ටවුන් හෝල් එක හොඳට දන්නවා , කෝ අර කිළුටු පාට සුදු බිල්ඩිම , කැඩීච්ච බුලත් කෙල පාරවල් වැදුණු පෝස්ටර් අලවපු තාප්ප , මිනිස්සු උද්ඝෝෂණය කරන ලිප්ටන් වටරවුම , ටකරන් මඩු වගේ බස් හෝල්ට් , අර ඔටුවා පිටකොටුවා කියලා ගිරිය යටින් කෑ ගහන ප්‍රයිවෙට් බස් මල්ලිලා ?

    ඕ... අයිසී නොස්ටැල්ජියා , අතීත කාමය . මටත් ඕක ඉඳලා හිටලා එනවා. මෙන්න බලන්න අද පත්තරේ , අද කොළඹ යුනිවසිටි එකේ එක්සිබිෂන් එකක් තියනවා අපේ 2012 අපේ අශිෂ්ඨ පැරණි සමාජය කියලා . එහෙට්ට ගියොත් ඔය ඔක්කොම පරණ පින්තුර බලන්න පුළුවන්

    2012 පැරණි සමාජය ? නාකියාට ඔල්මොරොන්දන්වෙලා වත්ද ? මම එක්සිබිෂන් පුවත ගැන නොව පුවත් පතේ දිනය බැලුවෙමි. මළ සේක දිනය 2062 , මම අනාගතයට ඇවිත් ද ?

    අනේ සර් මම ගොඩක් කල් ලෙඩින් හිටියා මට ගොඩක් දේවල් මතක නැහැ , කියන්නකෝ 2012 ඉඳන් අපේ රටට වෙච්ච දේ ?

    ඕකේ ...ඇල්ශයිමර්ස් .... මගේ පියාටත් ඔය ලෙඩේ තිබ්බා .... හොඳයි මම කියන්නම් , හැබැයි දැන් මට කොළඹ යුනිවසිටි එකේ එක්සිබිෂන් එකට යන්න ඕනේ , අපි පයින්ම යමු . ඇවිදීම තමයි හොඳම වියායාමය.

    ඉතින් සර් කියන්නකෝ මොකද උනේ කියලා , 2012 ලංකාව පාලනය කාලේ මහින්ද රාජපක්ෂ හරිද ? ඒක මට මතකයි

    හොක්.. හොක් ..හොක් ...මහින්ද රාජපක්ෂ... ඔව් ඔව් එහෙම කෙනෙකුත් හිටියා ...

    එතකොට බැසිල් , ගෝටා , නාමල් , අර අභ්‍යවකාශයට යන්න හිටපු රෝහිත ඒ අයට මොකද උනේ ?

    දේ ආ හිස්ට්‍රි මෑන් හිස්ට්‍රි , ඒ අය දැන් ඉතිහාසයට එකතු වෙලා , මහ මිනිහගේ පොඩි එකා නම් හම්බන්තොට පැත්තේ පොඩි සිල්ලර කඩයක් කරගෙන ඉන්නවලු එකටත් ඉතින් අපේ මාලක සිල්වා මැතිතුමා තමයි අත හිත දීල තියෙන්නේ.

    මාලක සිල්වා මැතිතුමා ? මේ අර එක්ස්ටසි මාලකයා ? අර එකවුන්ටන්ලට , මේජර්ලට ඔලුව පැලෙන්න ගහ ගහ හිටපු , ක්ලබ් ගානේ ගිය මාලකයා , කැලණියේ දුරාචාර්යගේ පුතා ?

    මහත්මයා කරුණාකරලා වැදගත් මහත්තුරුන්ට කථා කරන්න ඉගන ගන්න , විශේෂයෙන් රටේ ජනාධිපතිවරයාට ...

    මොනවා මාලක සිල්වා ජනාධිපති ?

    මහත්මයාට හොඳටම ඇල්ශයිමර්ස් ... 811 කෝල් කරලා කොළඹ ඇල්ශයිමර්ස් සෙන්ටර් එකට යන්න. මාලක සිල්වා මැතිතුමා තමයි අපේ රට ගොඩගත් නායකයා , තාමත් එතුමා තමයි තුන් වන පාරටත් වැඩීම චන්දයෙන් ජනාධිපති ලෙසට අපේ ජනතාව තෝර ගත්තේ. දැන් ඇමරිකන් ප්‍රසිඩන්ට් උනත් මැදපෙරදිග ප්‍රශ්න වලදී ජනාධිපති මාලකගෙන් තමයි ඇඩ්වයිස් ගන්නේ. ගිය අවුරුද්දේ යූ එන් එකේ ජනාධිපති මාලක කරපු කතාව නෙල්සන් මැන්ඩේලා කරපු කතාවටත් වඩා විශිෂ්ට බව ටයිම් සඟරාව වාර්තා කලා. 2061 මෑන් ඔෆ් ද යියර් උනේ ජනාධිපති මාලක.

    අනේ සර් මට මොකුත් මතක නැහැ , අර 2012 දී මේජර් ගේ ඔලුව පලපු එකෙන් පස්සේ මොකද උනේ කියනවද ?

    එක බොරු කතාවක් නේ හලෝ ඒ මේජර් බොරු චෝදනා ගොනු කලාට හමුදාවෙනුත් අපකීර්තිමත් විදියට එල්ලෙව්වා , නමුත් ඊට පස්සේ මාලක සිල්වා මැතිතුමා ඇමරිකාවට ගිහින් ඉගන ගත්තා , ඩිග්‍රිය කරලා ආපහු ලංකාවට ආවහම එතුමාට තේරුනා මේක පසුගාමී ගෝත්‍රික සමාජයක් කියලා. ඊට පස්සේ එතුමා කැළණියෙන් චන්දය ඉල්ලලා පාර්ලිමේන්තුවට ආවා . ටික කාලයයි ගියේ ඇමති පදවියක් ලැබුනා.

    අධ්‍යාපන ඇමති . එදා තමයි ලංකාව දියුණු වෙන්න මුල් ගල වැටුනේ. එතුමා ලංකාවේ සියලුම ප්‍රධාන පාසල් , විශ්ව විද්‍යාල වල ප්‍රධාන තනතුරු සඳහා පිටරටින් සුදු මහත්තුරු ගෙන්නවලා අපේ අලුත් පරම්පරාවට කන බොන හැටි, පාරේ තොටේ යන හැටි, සමාජයේ හැසිරෙන හැටි, වාහන විනීතව එලවන හැටි, කුණු බැහැර කරන අන්දම වගේ දේවල් ඉගැන්නුවා . බලාගෙන ඉන්දද්දී අපේ බාල පරපුර , ශිෂ්‍ය පරපුර , විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ සිවිලයිස් උනා , ඒ අය තමයි අපේ වැඩිහිටියන් ගෝත්‍රික තුප්පහි ගති වලින් මුදවා ගන්න විශාල වැඩ කොටසක් කළේ.

    ඊට පස්සේ මාලක සිල්වා මැතිතුමාට සංස්කෘතික අමාත්යංශයත් භාර දුන්නා , මේ මහත්මයා දන්නවාද සංස්කෘතික අමාත්යංශය තමයි ලංකාවේ වැදගත්ම අමාත්යංශය. මුදල් අමාත්යංශයටත් වඩා වැදගත්. මීට කලින් හිටපු ජනාධිපතිවරු ඒ ඇමතිකම දුන්නේ පුස්සන්ට නිකං වේලි වේලි ඉන්න. නමුත් මාලක සිල්වා මැතිතුමා සංස්කෘතික අමාත්යංශයට අත ගහපු දා ඉඳන් ලංකාව වේගවත් සමාජ පරිවර්තනයකට ලක් උනා.

    පිටරටින් උපදේශකයෝ, ට්‍රේනර්ස් ලා ගෙන්නවලා අපේ රටේ සියලු ජනතාවට සමාජ හැසිරීම, ආකල්ප ගැන මාස හයක පුහුණුවක් දුන්නා. අපේ මිනිස්සු බලාගෙන ඉන්නකොට වෙනස් උනා. වෙනදා සත්තු වගේ පාරේ ගිය මිනිස්සු නිසි තැන වලින් තමයි පාර මාරු උනේ. ප්‍රයිවෙට් බස් , ත්‍රීවිල් , අර ඇමරිකාවේ , කැනඩාවේ , ඕස්ට්‍රේලියාවේ මිනිස්සු වාහන එලවනවා වගේ විනීතව වාහන එලෙව්වා . වෙනදා මිනිසුන්ට අම්මා මතක් කරලා බැනලා කණට ගහන පොලිසිය විනීත උනා, රජයේ සේවකයෝ වැඩ කරගන්න එන මිනිසුන් පිලිගත්තේ ගුඩ් මොර්නිඞ් සර් මැඩම් කියලා.

    දේශපාලකයෝ යහපත් උනා , දසරාජ ධර්මය නීතිගත උනා , හොරකම , වංචාව , කොමිස් නැතිවෙලා ගියා. ඉස්කෝල වල ගුරුවරු ළමයින්ට නිසි ගරුත්වය දුන්නා , විශ්ව විද්‍යාල වල නවක වදය නැතිවෙලා ගියා, පිටරට ප්‍රොෆෙසර් ලා සියලු විශ්ව විද්‍යාල වලට බඳවාගෙන විශ්ව විද්‍යාල අධ්‍යාපනය ඉහල දැම්මා , දේශණ කරන හැටි , හරියට පරියේෂණ කරන හැටි පරියේෂණ නිබන්ධන පළ කරන හැටි , වගේ දේවල් අපේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට කියලා දුන්නා. අද බලන්න ලෝක 2062 ජගත් විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව ලංකාවේ විශ්ව විද්‍යාල ඔක්කොම වගේ පළවෙනි 50 ඇතුලත ඉන්නවා.

    වෙන්න බැහැ 2012 දී ඕවා තිබ්බේ ඉතියෝපියාවටත් එහා , ඒ කාලේ විශ්ව විද්‍යාල ස්ට්‍රයික් කළා උද්ඝෝෂණ තිබුනා , ළමයි , විශ්ව විද්‍යාල ආචාර්යවරු පෙළපාලි ගියා , මිනි පෙට්ටි උස්සන් ගියා,

    යේස් ....යේස් .. අයි නෝ , මම ඉතිහාසය දන්නවා. එක තමයි පුතා කියන්නේ නායකත්වය කියලා. ඔන්න අපි කතාවෙන් කතාවෙන් කොළඹ විශ්ව විද්‍යාලයටත් ආවා , අර බලන්න ආර්ට් ෆැකල්ටි එකේ බිල්ඩින් වල ලොකු , ඒ කාලේ වගේ ආර්ට් ෆැකල්ටි එකේ ළමයි පොලු , පිහි අරගෙන මරා ගන්නේ නැහැ , බලන්න ඇඳගෙන ඉන්න ඇඳුම් ඔක්කොම ඩිසයිනර් , මේ අය ඉංග්‍රීසි විතරක් නෙවෙයි ෆ්‍රෙන්ච් පවා දන්නවා , හැමෝටම පොඩි කාර් එකක් මෝටර් සයිකල් එකක් තියනවා , ළමයින්ගේ අධ්‍යාපනයට ඇඳුම් වලට , වාහනයට ඔක්කොම මහපොළ ග්‍රාන්ට් එක ඇති. මදි උනොත් එඩියුකේෂන් බෑන්ක් ලෝන් එකක් අඩු පොලියට මහජන බැංකුවෙන් ගන්න පුළුවන් .

    මේ විශ්ව විද්‍යාල වල ළමයින්ට අඩු මුදලකට කන්න පුළුවන් ෆුඩ් කෝට් තියනවා. විදේශ සිසුන් පවා ඉගන ගන්න එන නිසා ජපන්, තායි , ඉන්දියන් , මෙක්සිකන් කෑම හිටන් තියනවා . බලන්නකෝ හරියට පිටරට විශ්ව විද්‍යාලයක් වගේ නේද ? පේරාදෙණිය , කැලණිය උනත් මෙහෙමයි. මාලක සිල්වා මැතිතුමා ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් , ඇමරිකාවේ හාවර්ඩ් විශ්ව විද්‍යාල ආකෘති තමයි ලංකාවේ විශ්ව විද්‍යාල වල ක්‍රියාත්මක කළේ. අලුතින් ගහපු බිල්ඩින් පවා ඒ මොඩ්ල් එකේ. දැන් ඇමරිකාවෙන් ඕස්ට්‍රේලියාවෙන් එංගලන්තයෙන් පවා විදේශ සිසුන් එනවා ලංකාවේ විශ්ව විද්‍යාල වල ඉගන ගන්න. ඒ තරමට අපේ අධ්‍යාපනය ලෝකේ ඩිමාන්ඩ්.

    එතකොට අන්තරේ ඒවාට විරුද්ද උනේ නැද්ද ?

    හොක්... හොක් ...හොක් ..අන්තරේ නේද ? බලන්න පුතා අර බී එම් ඩබ්ලිව් එකේ ඇවිත් බැහැපු ටයි එකක් දාගත්ත පොෂ් කොල්ලා බස බස ගලා ඉංග්‍රීසියෙන් දේශීය විදේශීය සරසවි සිසුන්ට කථා කරන හැටි. ඊයේ කැන්ටිමේ දුන්න මෙක්සිකන් ෆුඩ් වල ලුණු ටිකක් මදි වෙලා , ඒකට විරෝධය පළ කරනවා . එයා තමයි අන්තරේ කැඳවුම්කරු.

    වෙන්න බැහැ , ඒ කාලේ හිටියේ හිඟන ලුක් එක තියන, කෙට්ටු , කළු මුනේ සිරියාවක් නැති ක්‍රෝධය , හීනමානය ඔළුවට ගහපු , යටි ගිරියෙන් කෑ ගහන .........

    හරි හරි සමාජය වෙනස් වෙනවා .... දැන් ඉන්නේ පොෂ් කොල්ලෝ සෙට් එකක් , විරෝධතාව පළ කරන්නේ මහා පාරවල් බ්ලොක් කරලා මිනිසුන්ට යන එනමං නැති කරලා සිසුන්ගේ අධ්‍යාපන අනාගතය අනාථ කරලා නෙවෙයි. දැන් බලන්න සිසු නියෝජිතයෝ ටිකක් තව ටිකකින් ඩීන් හමුවෙලා පෙටිෂන් එක භාර දෙයි. හවස් වෙනකොට ප්‍රශ්නය ඩීන් විසඳලා. දැන් ඉන්න උසස් අධ්‍යාපන ඇමති හරිම නම්‍යශීලි කෙනෙක්, ශිෂ්‍ය සංවිධාන සමග හරිම එකතුයි.

    එතුමා කියන්නේ ශිෂ්‍ය සංවිධාන විශ්ව විද්‍යාල දියුණුවට යොදා ගන්න ඕනේ කියලා. අන්තරේ එක්ක නිතරම සාකච්ඡා කරලා ලංකාවේ විශ්ව විද්‍යාල දියුණු කරන්න බලනවා. අන්තරෙත් එහෙමයි , එක දවසක් , එක පැයක් විශ්ව විද්‍යාල අධ්‍යන කාලය නාස්ති කරන්න දෙන්නේ නැහැ. අන්තරේ මොඩ්ල් එක දැන් නිව් යෝර්ක් සරසවියත් අධ්‍යනය කරලා සිසු ගැටළු වලට එහෙත් අන්තරේ වගේ සංවිධානයක් ඇති කරන්න යනවා. අපි මේන් බිල්ඩින් ඒකට යමු එක්සිබිෂන් එක බලන්න , එකේ නම 2012 අපගේ ලැජ්ජා සහගත අතීතය , පරණ ෆොටෝ ගොඩක් බලාගන්න පුළුවන්

    2012 ගැන මට බලා ගන්නට අමුතු දෙයක් නැත. මම අන්කල්ගෙන් සමු අරගෙන මහා පාරට ගියෙමි. ලංකාව සහමුලින්ම වෙනස් වී තිබේ. අහස උසට ගොඩනැගිලි ඉදිවී තිබේ. පාරවල් පිරිසුදුය. කුණු පොදක් බෙහෙතකටවත් නැත. මිනිසුන් විනීතය, නීති ගරුකය. මම රෑ බෝවන තෙක් කොළඹ නගරයේ කරක් ගැසුවෙමි. මහ රෑ වුවද ගෑනු ළමයි බයක් සැකක් නැතිව පාරේ යති , දිලිසෙන ලංගම බස් වල සිට් වල හිඳ ගැනීමට පවා මට ලෝබ සිතේ.

    බස් වල ජැක් කාරයෝ නැත. විශාල අධ්‍යාත්මික වෙනසකට මුළු ලංකාවම ලක් වී තිබේ. කොපමණ සංවර්ධනයක් ලංකාවට ගෙන ආවද මාලක සිල්වා මැතිතුමාගේ කටවුට් එකක් , පෝස්ටරයක් පවා නැත. ඒ කාලයේ දෙගොඩතලාගෙන සයිරන් ගහගෙන මිනිසුන් යට කරගෙන ගිය ප්‍රභූ ආරක්ෂක වාහන නැත. සියලුම මිනිසුන් පාරේ තොටේ යන්නේ මයින්ඩ් ෆුල්නස් මෙඩිටේෂන් කරමිනි. මිනිසුන් එකිනෙකාට ගෞරව කරති. මේ මා දැන සිටි ලංකාව නොවේ.

    මට මහා පාළුවක් එපා වීමක් දැනුනි. මගේ ඉවසීමේ සීමාව සිඳී ගියේය. මට මේ රට එපා , මේ ක්‍රමය එපා, මට ඕනේ 2012 තිබුන රට, අර සුදු වෑන් එන , මිනිසුන් බියෙන් හැඟවෙන , සරණලා කප්පම් ගන්න , අනුන්ගේ ඉඩම් ගෙවල් අල්ලා ගන්න , මර්වින්ලා මිනිසුන් ගස් බඳින , දේශපාලකයෝ නිදන් හාරන , කඩු හොරකම් කරන, දේශපාලකයන්ට පන්දම් අල්ලන නිලධාරී ඉන්න , උන්ට ගොට්ට අල්ලා ජිවත් වෙන ජනමාධ්‍ය කාරයෝ ඉන්න , අර යකඩ හොරා , දුමින්දලා නිරුපද්‍රිතව ඉන්න , පොලිසියෙන් අසරණයන්ගේ ඇටකටු කඩන, පුජකයෝ , භික්ෂුන් , පුසාරිලා ළමයි ,කාන්තාවෝ අපයෝජනය කරන , එළුවෝ මරණ , තැන තැන කුණු දාන , බුලත් කෙල ගහන, බස් වල අසහනය පිරුණු ජැක් කාරයෝ ඉන්න , එලෝ සිහියක් නැතිව කැමති කැමති විදියට වාහන එලවන රියදුරන් ඉන්න , විශ්ව විද්‍යාල සිසුන්ගේ ඔළුවට කොම්පියුටර් මොනිටර් වලින් ගහන , නවකයන් නිරුවත් කරන, විශ්ව විද්‍යාල ආචාර්යවරු සතියට පැය දෙකක් තුනක් උගන්වා බොරුව කරන , ඉතියෝපියාව සමග කරට කර සටනක් දෙන විශ්ව විද්‍යාල තියන , එන් ජි ඕ සල්ලි , දෙමල ඩයස්පෝරාවේ සල්ලි වලින් යැපෙන මානවවාදීන් ඉන්න , ජාතිවාදය , ගෝත්‍රවාදය තියන , උද්ඝෝෂණ වලදී ගිනි තියාගන්න, මැරෙනකම් උපවාස කරනවා කියන සඟරුවන ඉන්න , කොටි සමග ඩිල් දාන ෆාදර් ලා ඉන්න , මිනිසුන් ට්‍රෝලර් වල බටහිර රට වලට පළා යන අර ලස්සන ගුණවත් උතුම් රට මට ඕනේ. මට මේ අලුත් ලංකාව එපා. මම විලාප දුන්නෙමි.

    මට ඇහැරුනේ ඔළුවට කව්දෝ හලපු වතුර බාල්දියකිනි

    ඕයි කෑවනම් බිව්වනම් පව් නොදී යනවා , බාර් එකේ වේටර් කෙනෙක් මට කිව්වේය.

    මම ඉක්මනට බාර් එකෙන් එලියට ආවෙමි. කිසිවක් වෙනස් වී නැත 2012 තිබුණු රට එලෙසම තිබේ. තැන තැන දාපු කුණුය. මිනිසුන් වෙනස් වී නැත , තාමත් මාලක පිටරට ගොස් නැත. අධ්‍යාපන ඇමති හිටපු එකාමය.

    - අමිල ගුණරත්න
     
    • Like
    Reactions: pavithra_uk

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    බස්රත්නේගේ පිහිටෙන් මමද ක්‍රි.පු 2061 ට ගිහින් ආවෙමි

    හෝක් හෝක් හෝක්
     
    • Like
    Reactions: urajdrlk

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    oka mama nam kalinma danagena hitiye.
    oya hamoma ka gahanna tamange padiya wadi kara ganna, education system eka gana hitala nevei.

    Also samahara lecturers la masa ganan uni enne wat na lu samahara university wala. samahara moda minissu, students la itin un kiyana kiyana eka karanwa. antimata students lata labena deyak ne.
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ

    ලංකාවෙ ලෙක්චරර්ස් ලට පිට රටවල ලක්ස ගණන් වල වැඩි පඩියට සැපට ඉන්න පුලුවන් කම තියාගෙන ජීවිතේ වැදගත්තම තරුණ කාලෙ උසස් අධ්‍යාපන පර්යේශන වලට වැය කරල නාකි වෙලා බැදල ජොබ් කරන්න පටන් අරන් ඒ මිනිස්සු ලංකාවට ඇවිත් සොච්චම් පඩියට කහින්නෙ පුකේ අමාරුවට නෙවේ බොල අද ජීවන වියදම එක්ක ඒ මිනිස්සුට කර කියා ගන්න දෙයක් නෑ

    කොයි ලෙක්චරර්ද කැමති තමන් මහනිසියනේ පී එච් ඩි එකක් අරන් ඉද්දි තමන්ගෙ දරවුවව ගමේ ඉස්කොලෙකට දාලා උගන්නන්න ඒ හින්ද ඒ මිනිස්සු ලමයව හොද ජනප්‍රිය පාසලකට දාගන්න බැරි නම් ඉන්ටර් නැෂනල් හරි දාල උගන්නන්න හදන්නෙ ඒකයි ඒත් 8 පාස් නැති ඇමති පුත්තු කොළඹ සුපිරි පාසල් වලට යනවා

    ඇමතියෙක්ට දෛනික වියදම් කරන මුදලින් අරිකකාලක් වත් දෙනවද ලෙක්චරර්ස්ලට

    හැබැයි දැන් පී එච් ඩී වලට රට යන අයට යන්තම් මොලේ පහල වෙලා තියෙනවා ඒ ඇත්තො පී එච් ඩී අරන් ඒ රටවල් වලම ඉදන් එයාලගෙ අනාගතේ ගොඩ නගා ගන්නවා මේ ගුණමකු මෝඩ හැත්ත රජ කරන ගොං රජාගෙ ආස්චර්යයට කහින්න එන් නැතුව ( වෙන්න ඕනෙ ඒක තමා නැත්නම් ඒ මිනිස්සනුට වෙන්නත් මෙහෙ ඇවිත් පයින් හැතැම්ම ගණන් ඇවිදින්නයි පාරෙ කට්ට අවුවො බෝඩ් ලෑල්ලි උස්සන් ඉන්නයි තමා )

     
    • Like
    Reactions: urajdrlk

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ලංකාවෙ ලෙක්චරර්ස් ලට පිට රටවල ලක්ස ගණන් වල වැඩි පඩියට සැපට ඉන්න පුලුවන් කම තියාගෙන ජීවිතේ වැදගත්තම තරුණ කාලෙ උසස් අධ්‍යාපන පර්යේශන වලට වැය කරල නාකි වෙලා බැදල ජොබ් කරන්න පටන් අරන් ඒ මිනිස්සු ලංකාවට ඇවිත් සොච්චම් පඩියට කහින්නෙ පුකේ අමාරුවට නෙවේ බොල අද ජීවන වියදම එක්ක ඒ මිනිස්සුට කර කියා ගන්න දෙයක් නෑ

    කොයි ලෙක්චරර්ද කැමති තමන් මහනිසියනේ පී එච් ඩි එකක් අරන් ඉද්දි තමන්ගෙ දරවුවව ගමේ ඉස්කොලෙකට දාලා උගන්නන්න ඒ හින්ද ඒ මිනිස්සු ලමයව හොද ජනප්‍රිය පාසලකට දාගන්න බැරි නම් ඉන්ටර් නැෂනල් හරි දාල උගන්නන්න හදන්නෙ ඒකයි ඒත් 8 පාස් නැති ඇමති පුත්තු කොළඹ සුපිරි පාසල් වලට යනවා


    ඇමතියෙක්ට දෛනික වියදම් කරන මුදලින් අරිකකාලක් වත් දෙනවද ලෙක්චරර්ස්ලට


    හැබැයි දැන් පී එච් ඩී වලට රට යන අයට යන්තම් මොලේ පහල වෙලා තියෙනවා ඒ ඇත්තො පී එච් ඩී අරන් ඒ රටවල් වලම ඉදන් එයාලගෙ අනාගතේ ගොඩ නගා ගන්නවා මේ ගුණමකු මෝඩ හැත්ත රජ කරන ගොං රජාගෙ ආස්චර්යයට කහින්න එන් නැතුව ( වෙන්න ඕනෙ ඒක තමා නැත්නම් ඒ මිනිස්සනුට වෙන්නත් මෙහෙ ඇවිත් පයින් හැතැම්ම ගණන් ඇවිදින්නයි පාරෙ කට්ට අවුවො බෝඩ් ලෑල්ලි උස්සන් ඉන්නයි තමා )


    wimal weerawansa wage noogath parayo laksha ganan koti ganan rajaye sali (ape salli) horakam karaddi mey minissunta wadi padiyak dena eka kisima asadaranayak naha
    රටට හෙන ගැහුවත් කමක් නැහැ බොලල්ලා අපිට ඕනේ රජාට කහින්න විතරයි
    නේද ඉරෝෂන්
    හරියට සාපෙලවත් නැති කාලකන්නි දේශඵපලුවෝ කෝටි ගණන් මාසෙට හොයන කොට
    බුධ්ධිමතුන්ටත් හොද ජිවන තත්වයකට යන්න මේ අස්චරයමත් රටේ වැඩියෙන් පඩි ලැබෙන්න ඕන
    යකෝ සමාජයේ ඉහලින් ඉන්න පුළුවන් ඔය මංකොල්ල කාරයන්ට විතරද

    එහෙනම් බන් පඩි ඕනෙ කියල ඉල්ලන්ඩ ඕනෙ.මේකේ තියෙනේ මල විකාරයක්නෙ නිදහස් අධ්‍යාපනේ පිට්න් තමන්ගේ මඩිය තර කර ගන්ඩ හදන ගොබ්බම උස්සහයක්. :baffled::baffled:ඕවට අපි නම් කියන්නේ අධ්‍යාපනේ විනාස කරන්ඩ දැගලීමක් ව්තරයි,එක මේ කතාවෙන් හොදටම පේනව. :frown::frown:
     

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    එහෙනම් බන් පඩි ඕනෙ කියල ඉල්ලන්ඩ ඕනෙ.මේකේ තියෙනේ මල විකාරයක්නෙ නිදහස් අධ්‍යාපනේ පිට්න් තමන්ගේ මඩිය තර කර ගන්ඩ හදන ගොබ්බම උස්සහයක්. :baffled::baffled:ඕවට අපි නම් කියන්නේ අධ්‍යාපනේ විනාස කරන්ඩ දැගලීමක් ව්තරයි,එක මේ කතාවෙන් හොදටම පේනව. :frown::frown:

    විශ්වවිද්‍යාල වලට පඩි ගෙවන්නේ, වී.වී.ප්‍ර.කො මෙන්. එකට සල්ලි දෙන්නේ ආණ්ඩුවෙන්. ඒ කියන්නේ උසස් අධ්‍යාපනයට වෙන්කරන මුදලින්. දැන් බලන්න විදුලි බල මණ්ඩලය Strike කරපු ගමන් පඩි වැඩි කරනවා. අඩුම තරමේ Lectures ල අධ්‍යාපනය ට හරි මුදල් ඉල්ලනවා....
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    බස්රත්නේගේ පිහිටෙන් මමද ක්‍රි.පු 2061 ට ගිහින් ආවෙමි..

     

    duli_ultimate

    Member
    May 13, 2011
    184
    9
    0
    Colombo
    uni ගිහින් ඉගෙනගෙන තියෙන බුද්දිමත් ජනතව මේ වැඩේට සපෝට්. ITN බලන වෙන අය කියන දේ ඉහටත් උඩින් විස්වාස කරන මිනිස්සු මෙයාලට පලු යන්න බනිනව. ආචාර්යවරුන්ට වෙන රටකට ගියානම් සතියෙන් හොයන්න තිබුන දැන් හම්බෙන මසෙ පඩිය. පුද්ගලික විශ්ව විද්‍යාලත් එන එකෙ කට්ටියම එවයෙ ජොබ් වලට ගියම තමා ඇමතිලට තෙරෙන්නෙ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,573
    86,862
    113
    ආශ්චර්යමත් රටක
    හරියට සාපෙලවත් නැති කාලකන්නි දේශඵපලුවෝ කෝටි ගණන් මාසෙට හොයන කොට
    බුධ්ධිමතුන්ටත් හොද ජිවන තත්වයකට යන්න මේ අස්චරයමත් රටේ වැඩියෙන් පඩි ලැබෙන්න ඕන
    යකෝ සමාජයේ ඉහලින් ඉන්න පුළුවන් ඔය මංකොල්ල කාරයන්ට විතරද

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    api kalin thread walat replay kara..
    danut karanwa,lissala yannae na.. :frown:
    api paa gaman walatat,udgoshana walatat giya...

    6% labenna ona kiyana illeema kawrut karanwa.. aniwaryayenma padi wadi wenna ona kiyana ekat api piligannawa.. :yes: wena ratawal wala hoda padi walata job walata yanna puluwankama tiyeddi ee ayawa mehe radawagannat , buddiyata danumata hariyana watupak aniwaryayenma labenna ona.. :nerd::nerd::(

    musala anduwe unge kakul lewakana unta,katu kana moda wassanta owa terenne natuwa ati.. :(:(
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    බස්රත්නේගේ පිහිටෙන් මමද ක්‍රි.පු 2061 ට ගිහින් ආවෙමි..



    අනාගතයට යනවා කියල අපි දෙන්නම ගිහින් තියෙන්නේ අතිඉතයට

    ක්‍රි.ව වශයෙන් සංශෝදනය විය යුතුයි