හරිත දඩයක්කරුවා
The Green Predator
මීදුම යනු හුදෙක් ජල වාෂ්ප පමණක් නොවන බව තිවංක මුලින්ම වටහා ගත්තේ එදින සැන්දෑවෙහිය. එය සජීවී දෙයකි. නකල්ස් කඳු වැටියේ නොඉඳුල් නිම්නයක් සොයා ගිය ගමනේදී, ඔවුන් වටා එතී තිබුණේ මීදුමක් නොව, සුදු පැහැති සීතල අත් දහස් ගණනක් බව ඔහුට සිතුණි. ඒ අත්, තිවංකවත් විහංගිවත් හෙමින් හෙමින් ගිල ගනිමින් සිටියේය.
"තිවංක, මට බයයි... අපි පාර වැරදිලා නේද?" විහංගිගේ හඬ වෙව්ලමින් තිබුණි. ඇය හිටියේ ඔහුට අඩි කිහිපයක් පිටුපසිනි. ඇගේ හුස්ම ගැනීමේ වේගය වැඩි වී තිබූ අතර, ඒ හුස්ම හඬ මේ මහා නිහඬ වනාන්තරය තුළ දෝංකාර දෙන බවක් දැනුණි.
තිවංක නතර වී මාලිමාව (NPP
) දෙස බැලුවේය. එහි කටුව පිස්සු වැටුණාක් මෙන් කැරකෙමින් තිබුණි. ඩිජිටල් ඔරලෝසුවේ තිරය අඳුරු වී ගොසිනි. තාක්ෂණය මිය ගොස් ඇත. දැන් ඉතිරිව ඇත්තේ සහජ ඉව පමණි.
"බය වෙන්න එපා විහංගි. අපි පහළට බහිමු. දොළ පාරක් හොයාගත්තොත් පාර හොයාගන්න පුළුවන්."
තිවංක උත්සාහ කළේ තම හඬේ තිබූ තැතිගැන්ම ඇයට නොපෙන්වීමටය. නමුත් මෙය සාමාන්‍ය කැලෑවක් නොවන වග ඔහුට දැනී හමාරය.
ඔවුන් සිටියේ ගස් කොළන්වලින් වැසී ගිය අමුතුම ආවාටයක් වැනි නිම්නයක ය. මෙහි ගස්, ලංකාවේ සාමාන්‍ය වනාන්තරවල දකින ගස්වලට වඩා හාත්පසින්ම වෙනස් විය. ඒවා අහස උසට වැඩී තිබුණි. ඒවායේ කඳන් කළු පැහැති වූ අතර, පොත්ත මතුපිට නහර වැල් මෙන් ඉලිප්පී තිබුණි.
කොළ තද, දිලිසෙන කොළ පැහැයකින් යුක්ත විය. එහෙත් වඩාත්ම බියකරු දෙය වූයේ එහි පැවති වර්ණයයි. සාමාන්‍ය කොළ පැහැයට වඩා යම් විෂ සහිත දීප්තියක් ඒ ගස්වල අගිස්වලින් විහිදෙමින් තිබුණි.
ඉර බැස යමින් තිබුණි. අඳුර ගලා ආවේ සෙමෙන් නොව, කළු තීන්ත බාල්දියක් හැළුවාක් මෙන් එකවරමය.
"අපි අද රෑ මෙතන ඉමු. රෑට ඇවිදින එක අනතුරුදායකයි," තිවංක යෝජනා කළේය.
ඔවුන් විශාල නුග ගසක් වැනි ගසක් මුල නතර වූහ. විහංගි බිම වාඩි වූයේ ගසට පිට හේත්තු කරගෙනය. ඇගේ මුහුණ සුදුමැලි වී තිබුණි.
"තිවංක, ඔයාට දැනෙන්නෙ නැද්ද?" ඇය ඇසුවේ රහසින් මෙනි.
"මොකක්ද?"
"මේ ගස්... මේවා අපි දිහා බලන් ඉන්නවා වගේ."
තිවංක සිනාසීමට උත්සාහ කළේය. "පිස්සුද විහංගි. මේක කැලයක්. සත්තු ඉන්න පුළුවන්. ඒත් ගස් කොහොමද බලන්නේ?"
එහෙත් තිවංක බොරු කීවේය. ඔහුටද ඒ බැල්ම දැනෙමින් තිබුණි. දහස් ගණනක් වූ පත්‍ර අතරින් නොපෙනෙන දෑස් දහස් ගණනක් තමන් දෙස එල්ල වී ඇති බව ඔහුට දැනිණි.
ඔහු ගිනි මැලයක් ගැසීමට වියළි දර එකතු කළේය. නමුත් පුදුමයකි, මේ කැලෑවේ බිම වැටී තිබුණු එකදු දර කැබැල්ලක්වත් සොයා ගැනීමට නොහැකි විය. බිම වැටුණු කොළ පවා අමුතු සෙවල ස්වභාවයක් ගෙන දිරාපත් වෙමින් තිබුණි. අන්තිමේදී ඔහු ගෙනා කුඩා ගෑස් ලිප දල්වා එය වටා ගුලි වීමට ඔවුන්ට සිදුවිය.
රාත්‍රිය උදා විය.
ඒ සමඟම වනාන්තරය අවදි විය.
මුලින්ම ඇසුණේ ශබ්දයයි. එය සුළඟේ හඬ නොවේ. එය හරියට විශාල පිරිසක් හෙමින් හුස්ම ගන්නා හඬකි. ස්ස්ස්... හූහ්... ස්ස්ස්... හූහ්...
විහංගි තිවංකගේ අත තදින් අල්ලා ගත්තාය. ඇගේ නියපොතු ඔහුගේ සම තුළට කිඳා බැස්සේය.
"ෂ්... කෑ ගහන්න එපා," තිවංක ඇගේ කට අතින් වැසුවේය.
ඔවුන් ඉදිරිපිට තිබූ විශාල පර්ණාංග පඳුර සෙලවෙන්නට විය. සුළඟක් නොතිබුණි. නමුත් පඳුරේ අතු, නාගයින් මෙන් ඇඹරෙමින් ඔවුන් දෙසට හැරුණි. පත්‍ර දිග හැරුණේ හරියට සත්වයෙක් කට අරින්නාක් මෙනි.
"දෙවියනේ..."
විහංගිගේ කටින් ඉකිබිඳුමක් පිටවිය.
ඒ මොහොතේම සිදු වූ දෙය තිවංකගේ ලේ වතුර කළේය. විහංගි බිය වූ සැණින්, අර පඳුරේ වේගය වැඩි විය. එය අඩියක් පමණ ඉදිරියට රූරා ආවේය.
තිවංකගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය. ඔහුට බිය සිතුණි. ඔහු බිය වූ සැණින්, ඔවුන්ගේ හිසට උඩින් තිබූ ගසේ අතු පහතට නැමුණේය. කටු සහිත වැල් කිහිපයක් සර්පයන් මෙන් පහළට එල්ලී ඔවුන්ගේ මුහුණු ආසන්නයටම පැමිණියේය.
"විහංගි, මම කියන දේ අහන්න," තිවංකගේ මනසට විදුලියක් මෙන් අදහසක් ආවේය.
"බය වෙන්න එපා. උන් ප්‍රතිචාර දක්වන්නේ අපේ බය වලට."
"මොකක්ද?"
"මේ කැලේ... මේක සාමාන්‍ය කැලයක් නෙමෙයි. මේක ජීවමානයි. මේ ගස්වලට අපේ හෘද ස්පන්දනය දැනෙනවා. අපි බය වෙන තරමට උන් ශක්තිමත් වෙනවා. උන් දඩයම් කරන්නේ මස් නෙමෙයි... උන් දඩයම් කරන්නේ බිය."
එය විශ්වාස කිරීමට අපහසු වුවත්, ඇස් ඉදිරිපිට පෙනෙන දේ බොරු කළ නොහැක. විහංගි වේගයෙන් හුස්ම ගන්නා සෑම වාරයක් පාසාම, බිම දිගේ ඇදී එන වැල් ඔවුන්ගේ කකුල් දෙසට ලං වෙයි.
"සන්සුන් වෙන්න... විහංගි, ඔයාගේ අම්මව මතක් කරගන්න. අපි ගිය සතියේ බීච් ගිය හැටි මතක් කරගන්න. හොඳ දේවල් හිතන්න"
තිවංක ඇයට කොඳුළේය.
නමුත් එය පහසු නොවීය.
හරිත දඩයක්කරුවා නිකම්ම බලා සිටියේ නැත. ඌ උගුල් අටවන්නට පටන් ගත්තේය.
ගස් අතරින් අමුතු මීදුමක් නිකුත් විය. ඒ මීදුම ආඝ්‍රාණය වූ සැණින් තිවංකගේ මනස විකෘති වන්නට විය. ඔහුට මැවී පෙනුණේ ගස් නොවේ. ඔහුට පෙනුණේ ඔහු කුඩා කාලයේදී මියගිය ඔහුගේ පියා ය. පියාගේ මෘත ශරීරය ගසක එල්ලී තිබෙනු ඔහු දුටුවේය.
"තාත්තේ?" තිවංක නැගිට්ටේය. භීතිය ඔහුගේ පපුව පසාරු කරගෙන ගියේය.
ඔහු බිය වූ සැණින් යෝධ වැලක් ඔහුගේ කකුල වටා එතුණි. එය යකඩ දම්වැලක් මෙන් තද විය.
"තිවංක!" විහංගි කෑගැසුවාය.
තිවංකව බිම දිගේ ඇදගෙන යාමට වැල පටන් ගත්තේය. ගසේ කඳ දෙබෑ වී විශාල කුහරයක් මතු විය. එය හරියට කටක් වැනිය. ඇතුළත රෝස පැහැති මාංශල කොටස් සහ දියරයක් වෑස්සෙනු පෙනුණි. ගස සූදානම් වන්නේ ඔහුව සම්පූර්ණයෙනම ගිල ගැනීමටයි.
"මාව අතාරින්න! යකෝ අත!" තිවංක කෑගැසුවේය. ඔහු අතේ තිබූ පිහියෙන් වැලට කොටන්නට විය. වැල කැපුණු තැනින් රතු පැහැති දියරයක් විදින ලදී. එය ලේ ය. මේ ගස්වල දුවන්නේ ලේ ය.
වැල් තව තවත් තද විය. තිවංකගේ බිය වැඩි වන තරමට, ගසේ ග්‍රහණය දැඩි විය. දැන් තවත් වැල් සිය ගණනක් බිමෙන් මතු වී ඔහුව වට කර ගත්තේය.
විහංගි ගල් ගැසී බලා සිටියාය. ඇයට දුවන්නට ඕනෑ විය. කෑගසන්නට ඕනෑ විය. නමුත් ඇය දුටුවාය, තිවංකගේ කෑගැසීම සහ භීතිය නිසා ගස තව තවත් උද්දීපනය වන ආකාරය. මේ රකුසා පෝෂණය වන්නේ ඒ හැඟීමෙනි.
එක්වරම විහංගිගේ සිතට ආවේ පුදුමාකාර සිතුවිල්ලකි. ඇය යෝගා අභ්‍යාස කරන කෙනෙකි. ඇය භාවනා කරන කෙනෙකි. ඇය දන්නවා මනස පාලනය කරන හැටි.
ඇය දෑස් පියා ගත්තාය.
ඇය වටා සිදුවන ඝෝෂාව, තිවංකගේ විලාපය, ගස්වල පොඩිවෙන ශබ්දය... ඇය ඒ සියල්ල මනසින් ඉවත් කළාය. ඇය ගැඹුරු හුස්මක් ගත්තාය. ඇය සිතා ගත්තාය ඇය ඉන්නේ මේ බියකරු කැලේ නොවන බව. ඇය ඉන්නේ නිස්කලංක විලක් අයිනේ බව.
ඇය හිත ඇතුළෙන් මෛත්‍රිය වඩන්නට පටන් ගත්තාය. බිය වෙනුවට ආදරයත්, සාමයත් ඇගේ සිතේ පුරවා ගත්තාය.
පුදුමයකි!
ඇය දෙසට ඇදී ආ කටු සහිත වැල් හදිසියේම නතර විය. ඒවා අඟලක් පමණ ඈතින් අඩපණ වී බිම වැටුණි. හරියට විදුලිය විසන්ධි වූ යන්ත්‍ර මෙනි. ඇගේ සන්සුන්කම ඉදිරියේ ඒ රකුසාට ආහාර නැති විය.
විහංගි දෑස් ඇරියාය. ඇය තිවංක දෙසට පිය මැන්නාය. ඇය ගමන් කළේ ඉතාම සෙමිනි. ඇගේ හදවතේ රිද්මය ඉතාම පහළ මට්ටමක තිබුණි.
"තිවංක..." ඇය කතා කළේ ඉතාම මෘදු, තැන්පත් ස්වරයකිනි. "ඇස් වහගන්න. මගේ දිහා විතරක් බලන්න. බය වෙන්න එපා. මේක මායාවක්."
තිවංක ගසේ කට අසලම විය. ඔහු හුස්ම ගැනීමට දඟලමින් සිටියේය.
"තිවංක, ඔයා බය වුණොත් ඔයා මැරෙනවා. දැන්ම ඇස් වහගන්න! හුස්ම ගන්න!" විහංගිගේ හඬේ තිබුණේ අණ කිරීමක් නොව, විශ්වාසයකි.
තිවංක ඇය දෙස බැලුවේය. මේ මොහොතේ ඇය දෙවඟනක් මෙන් සන්සුන්ව සිටිනු දැකීමෙන් ඔහුට යම් සහනයක් දැනුණි. ඔහු දෑස් පියා ගත්තේය. ඔහු දඟලන එක නතර කළේය. ඔහු මුළු ශරීරයම බුරුල් කළේය. මම මැරුණත් කමක් නෑ යන හැඟීමෙන් ඔහු භීතිය අත්හැරියේය.
තත්පර කිහිපයක් ගත විය.
ඔහුගේ කකුල වටා එතී තිබූ යකඩ වැනි වැල බුරුල් වන්නට විය. ගසේ කුහරයෙන් නිකුත් වූ ගොරහැඩි ශබ්දය නතර විය. ගසට දැන් ඔහුගෙන් වැඩක් නැත. රසවත් භීතියක් නැති තැන, ගසට ඔහු නිකම්ම නිකන් මස් ගොඩක් පමණි. මේ දඩයක්කරුවා මළකුණු කන්නේ නැත ඌ කන්නේ පණ ඇති බියයි.
වැල ලිහී ගියේය. තිවංක බිමට වැටුණේය.
"නැගිටින්න. මගේ පස්සෙන් එන්න. දුවන්න එපා. හෙමින් එන්න."
විහංගි අත දිගු කළාය.
ඔවුන් දෙදෙනා අත්වැල් බැඳ ගත්හ.
දැන් ඔවුන් ගමන් කළේ මරණයේ නිම්නය මැදිනි. ඔවුන් වටා ලක්ෂ ගණනක් වූ විෂ සහිත ශාක, මාංශ භක්ෂක වැල් සහ යෝධ ගස් බලා සිටියේය. එකම එක බියට පත් සිතුවිල්ලක්... එකම එක හෘද ස්පන්දන වේගයක් ඇති වුවහොත්, මේ කැලෑව ඔවුන්ව ක්ෂණයකින් පොඩි කර දමනු ඇත.
විහංගි දිගටම ඇගේ හිතේ මන්තරයක් මෙන් යමක් මිමිණුවාය.
"අපි ගස්... අපිත් මේ කැලේම කොටසක්... අපිට බයක් නෑ..."
ඔවුන් අඩියක් තබන විට, පාද යට තිබූ කටු පඳුරු ඉබේම දෙපසට වී පාර ඉඩ දුන්නේය. ඔවුන්ගේ හිසට උඩින් තිබූ විෂ මල්, ඔවුන් එන විට හැකිළී ගියේය. සන්සුන් මනසක් ඉදිරියේ ස්වභාවධර්මයේ ඒ රුදුරු බලවේගය පවා දණ ගැසුවේය.
එය ලෙහෙසි ගමනක් නොවීය. පැය ගණනාවක් තිස්සේ, රාත්‍රියේ අන්ධකාරය මැදින්, මරණය අඟලක් ළඟ තබාගෙන කිසිම හැඟීමක් නැති රොබෝවරුන් මෙන් ගමන් කිරීම අතිශය දුෂ්කර විය.
තිවංක කීප වතාවක්ම බියෙන් ගැහෙන්නට ගියේය. ඒ හැම වතාවකම විහංගි ඔහුගේ අත තද කර, ඇගේ ශක්තිය ඔහුට සම්ප්‍රේෂණය කළාය.
අලුයම උදා විය.
ඉර එළිය කඳු මුදුන් අතරින් වැටෙන විට, ඔවුන් අර බියකරු නිම්නයේ මායිමට පැමිණ සිටියහ. ඉදිරියෙන් පෙනුණේ සාමාන්‍ය තේ වත්තකි. සාමාන්‍ය ලෝකය.
ඔවුන් අන්තිම පියවර තබා තේ වත්තට ඇතුළු විය.
ඒ මොහොතේම, ඔවුන් පිටුපසින් මහා හුළං හඬක් ඇසුණි. ඔවුන් ආපසු හැරී බැලූහ.
අර අද්භූත වනාන්තරය, මීදුමක් මෙන් බොඳ වී, කඳු පල්ලම දෙසට හැකිළී යනු ඔවුහු දුටුවහ. හරියට දඩයම මග හැරුණු මෘගයෙකු ආපසු ගුහාවට රිංගන්නාක් මෙනි. එතැන තිබුණේ සාමාන්‍ය කැලෑවක් පමණක් බවට පෙනෙන්නට තිබුණි.
තිවංක බිම ඇදගෙන වැටුණේය. ඔහු මහ හඬින් හිනා වන්නටත්, අඬන්නටත් පටන් ගත්තේය.
"අපි බේරුණා... විහංගි අපි බේරුණා!"
නමුත් විහංගි හිනා වූයේ නැත. ඇය කැලෑව දෙස බලාගෙන සිටියාය. ඇගේ දෑස්වල තිබුණේ පෙර තිබූ දීප්තිය නොවේ. එහි යම් ගැඹුරු, ශාන්ත, එහෙත් ගුප්ත බවක් රැඳී තිබුණි. ඇය ඒ රකුසා පරාජය කළේ නැත ඇය ඌව තේරුම් ගත්තාය. ඇය උගේ භාෂාව ඉගෙන ගත්තාය.
"තිවංක..." ඇය හෙමින් කීවාය.
"ඇයි?"
"අපි කැලෙන් එළියට ආවා. ඒත්... මට හිතෙන්නේ මගේ හිතේ පොඩි කොටසක් තාම එහේ තියෙනවා වගේ."
තිවංක ඇය දෙස බැලුවේය. ඇගේ ගෙල වටා, වැලක් එතුණු පාරක් මෙන් සියුම් කොළ පැහැති නහරයක් මතු වී තිබෙනු ඔහු දුටුවේය. එය හුදෙක් තැලුම් පාරක්ද? නැතහොත් ඒ හරිත දඩයක්කරුවා තමන්ගේ බීජයක් ඇය තුළ පැළ කළාද?
සුළඟක් හමා ආවේය. තේ ගස්වල පත්‍ර සෙලවුණේ ස්ස්ස්... හූහ්... යන හඬිනි.
තිවංක ගැස්සී ගියේය. ලෝකයේ කොහේ ගියත්, ගස් කොළන් තිබේ. ස්වභාවධර්මය හැමතැනම තිබේ. ඔවුන් පැන ආවේ එක කැලයකින් පමණි.
නමුත් හරිත දඩයක්කරුවා මුළු ලෝකයම වෙලාගෙන සිටින බව ඔහුට පළමු වරට පසක් විය.
අපි හිතාගෙන ඉන්නේ අපි සොබාදහම පාලනය කරනවා කියාය. නමුත් ඇත්ත නම්, සොබාදහම අපට ඉඩ දී බලා සිටිනවා පමණි. අපේ බිය, අපේ දුක, අපේ කෝපය උරා බොමින් ඌ නිහඬව වැඩෙයි.
විහංගි නැගිට්ටාය. "යමු. අපිට තව ගොඩක් දුර යන්න තියෙනවා."
ඇය ඉදිරියෙන් ගමන් කළාය. තිවංක ඇය පසුපස ගියේය. නමුත් මෙවර ඔහු බිය වූයේ කැලෑවට නොවේ. ඔහු බිය වූයේ තමාගේම බිරිඳ තුළ ඇති වූ ඒ අද්භූත වෙනසටය. ඇය දැන් මිනිසෙකුට වඩා, ගසක් මෙන් නිහඬය. ගසක් මෙන් ශක්තිමත්ය.
හරිත දඩයක්කරුවා ඔවුන්ව අතහැරියේ නැත. ඌ ඔවුන් සමඟම ගෙදර එමින් සිටියේය.
නිමි!

Last edited: