මෙන්න පිළිගන්න ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට එක්වෙන අළුත්ම කෙනා.....
S12
S12
අද මම වරායට ගිහින් එද්දී තමයි දැක්කේ මෙයා හොරා වගේ ඇවිත් ගොඩ බහිනවා.......

එව්වා කොහෙද මාත් එක්ක හොරෙන් ලංකාවට ගොඩබහින්න..... 

ගියා ඉතිං අපේ එළකිරි කට්ටිය වෙනුවෙන් පැපරාසි වැඩක් කරන්න.... 
ඔය ෆොටෝ එකේ මැද තියෙන්නේ මේවා ගෙනාපු නැව ජැටියේ නවත්තල තියෙන හැටි ඈතට පෙන විදිය.....
ඇවිත් තියෙන බඩු ලිස්ට් ඒක.....
1- S12 කෝච්චි එන්ජින් 4ක්
2- කෝච්චි පෙට්ටි 16ක් (2වන හා 3වන පන්තියේ පෙට්ටි ඒක එන්ජිමකට පෙට්ටි 8 බැගින්)
3- අමතර S12 කෝච්චි එන්ජින් 1ක් (4ක් ගත්තාම 1ක් නොමිලේ ද කොහෙද....
) ඔන්න මුලින්ම මෙන්න මෙයා තමයි මේ S12 යන්තර ටික චීනේ ඉඳං උස්සාගෙන ආවේ..... (හරි මහන්සිලු සෑහෙන්න දුරක්නේ ඇවිත් තියෙන්නේ ලොකු බඩු ගොඩක් එක්ක.......)
මෙන්න මෙහෙම තමයි බඩු පැක් කරගෙන ඇවිත් තියෙන්නේ..... (ඔතලා තියෙන්නේ කොලපාට wrapping papers වලින් එහෙම නෙවෙයි හරිය......
)
මම යන ටිකට පෙට්ටි 2ක් නැවෙන් බාලත් ඉවරයි..... 3වෙනි පෙට්ටිය තමයි මේ බාන්නේ...... මුලින් 2වෙනි පෙට්ටිය තල්ලු කරලා ඉස්සරහට කරා 3වෙනි පෙට්ටිය එතනට බාන නිසා.....
ඔන්න 3වෙනි පෙට්ටිය බිමට බාන්නයි හදන්නේ...... දැකලා තියෙනවාද කෝච්චි පෙට්ටි පියාඹනවා.......


ඔන්න එහෙනම් ඒ පෙට්ටියත් බාලා ඉවරයි...... දැන් හදන්නේ මේ කිරි කිරි ටොයියෝ ටික වරාය ඇතුලෙම තියෙන යාඩ් එකට ගෙනියන්න ඉතුරු ටික බාගන්න ඉඩකඩ මදි නිසා........ මෙන්න මේ පොඩි අයියලා දෙන්නා තමයි ඇවිත් හිටියේ අලුත් නංගිලා ටික එක්ක යන්න.......
ඔන්න එක්ක යනවා.....
ඔන්න ඔච්චරයි දැනට ෆොටෝ තියෙන්නේ...... දැන් කට්ටිය මට බනින්න නම් එපා කෝ මනුස්සයෝ ඇන්ජින් වල ෆොටෝස් කියලා..... ඒවා හෙට දෙන්නම් මොකද ඇන්ජින් ටික තියෙන්නේ නැවේ යට තට්ටුවේ...... උඩ ලෝඩ් කරලා තියෙන පෙට්ටි ඔක්කෝම බාලා ඉවර වෙන්න ඕනේ උඩ තට්ටුව ඇරලා ඇන්ජින් ටික එලියට ගන්න..... ඔය වැඩේට හෙට එළිවෙයි මට ඉතිං නැවේ බුදියාගන්න තමයි වෙන්නේ බානකං...... එනිසා හෙට වෙනකං රැඳී සිටින්න හෙට පෙන්වන්නම් අලුත් S12 හැඩකාරයාගේ මුනත්තහඩුව.....
Last edited:


