සල්ලි දීල ගවුම මැහුවෙ ඇදගෙන යන්න
අල්ලි දෙකක් වත් දුර බැහැ අඩිය තියන්න
ඇගට හිරට මහල කොටට ඇදල බලන්න
අදින්න මිනි ගවුම අදින්න
ලීලී මාගෙ නෝන එයා මෙහෙම කියන්නෙ
දැන් රටේ තොටේ කවුරුත් මිනි ගවුම් අදින්නෙ
මම කොහොමද සාරි ඇදන් මහමග යන්නෙ
මටත් ගවුමක් ඔනෙ ඔව් මිනි ගවුමක් ඕනෙ
මිනි ගවුමක් මොටද දැන්ම ඔයා සොයන්නෙ
ඇයිද ලිලී මගෙ පපුවට ගින්දර දෙන්නෙ
මිනි ගවුම් අදින්නේ මැරුණට පසුනෙ දෙවියනේ
මෙහෙම කිවුව ගමන් නෝනා මගෙ ඇගට ගොඩවුනේ
අපේ නෝනගෙ වැඩ පුදුමයි මට දැන් සිහිවෙනවා
මැරුනෙ නැතුවම නෝන මිනි ගවුම් සොයනව
බෑ කියන්නටත් ලොබයි අඩ අඩ ඉල්ලනවා
මිනි පෙට්ටි කඩෙන් මිනි ගවුමක් මෙමන් ඉල්ලුවා
මිනි ගවුමක් සමග මිනි පෙට්ටියකුත් දුන්නා
කාර් එකකුත් ලැබුනා ඒකෙම මමත් ගොඩ උනා
ගේ ලගටම එන්නා වටපිට සෙනග පිරෙන්නා
එය දුටු මගෙ නෝන මරහඩ දීගෙන පැන්නා
මොකද දෙවියනේ ඔයාට වෙලා තියෙන්නේ
මිනි පෙට්ටි මොටද ඇයි අද අපෙ කවුරුද මැරුනෙ
එය ඇසුනු මගේ ඇගේ මාලු ගගේ නටන්නෙ
අපේ නෝනට මම මේ විදියට උත්තර දුන්නෙ
මිනිගවුමක් දෙන්නෙ මිනි පෙට්ටියක් ගත්තම
ගත්ත නිසයි මම ගෙනාව දෙකම
මිනි ගවුම කිව්වෙ කොට්ට උරය වගෙ කොට ගවුම
නෝන කිව්ව එහෙම මට තේරුණ කරපු ගොන්කම