ජනපති vs T20

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
ජනාධිපති මහින්ද රාජපක්ෂ ක්‍රිකට් අවසාන තරඟයක් නැරඹීමට පැමිණියොත් එය පරාද වන බවට දැඩි මතයක් ක්‍රිකට් ලෝලීන් අතර ඇතිවී තිබේ.

පසුගිය අවසන් තරඟ දෙකකදීම ශ්‍රී ලංකා කණ්ඩායම දිරිමත් කිරීමේ අරමුණෙන් ජනාධිපතිවරයා පැමිණියත් අවසානයේ සිදුවුයේ පරාජයේ වේදනාවට හසුවූ ක්‍රිකට් ලෝලීන්ගේ චෝදනා වලට ලක්වීමටය.

කෙසේ නමුත් මෙම කාරණය ජනාධිපතිවරයාද මාධ්‍ය හමුවේ සාකච්චාවක් ලබාදෙමින් පිළිගෙන ඇත. ජනාධිපතිවරයා මෙම සාකච්චාව විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් තරඟාවලියට පෙර ලබා දී තිබුනේ "ටයිම්ස් ඔෆ් ඉන්දියා" පුවත්පත වෙතය.

එහිදී අදහස් දක්වා ඇති ජනපති කියා ඇත්තේ පසුගිය දෙවතාවකදීම අවසන් මහා තරඟ නැරඹීම සඳහා තමා ගිය විට එම තරඟ දෙකම ශ්‍රී ලංකාව පැරදුන බවත් එහෙයින් මෙවර අවසාන තරඟය රූපවාහිනියෙන් නැරඹීමට තමා වඩාත් ප්‍රිය කරන බවය.

කෙසේ නමුත් අප වෙත වාර්තා වන්නේ ජනපති ඉන්දියානු මාධ්‍යවේදීන්ට කියූ පරිදිම මෙවර අවසන් තරගාවලිය නැරඹීමට ක්‍රීඩාංගනයට පැමිණීමේ අදහසක් තිබී නැත.

නමුත් ශ්‍රී ලංකා පිලේ පන්දු යැවීම තුලින් කොදෙව් ක්‍රීඩකයන් දිගින් දිගට දැවී යනවිට ක්‍රීඩාංගනයේ සිටි ඉහල නිලධාරියෙක් ජනපති වෙත දුරකතනයෙන් කතාකොට පවසා ඇත්තේ තරඟය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කිරීමට යන බැවින් හැකිනම් පැමිණෙන ලෙසයි.

 

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,438
    703
    113
    Sri Lanka
    පිළිගත හැකි මුලාශ්‍රයක් දෙන්න?

    අර නිලධාරියාගේ කතාව නම් ඇත්තක්ද දන්නේ නැහැ එත් times of india web site එකේ මෙහෙම තියනවා

    http://articles.timesofindia.indiat..._lankan-president-premadasa-mahinda-rajapaksa

    Will he go to the Premadasa to cheer the Sri Lankan cricket team in the final against the West Indies on Sunday, the President was naturally asked.

    "We have lost both the times I have gone to the ground, so I now prefer to watch cricket on TV," he said in a lighter vein, before saying he "may just turn up." Does he think Lanka will win?