දළදා මාළිගාවේ ඉඩම් කොල්ලය

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
දළදා මාළිගාවේ ඉඩම් කොල්ලය

Maligawa.jpg



මහනුවර ශ‍්‍රී දළදා මාළිගාවේ ඉඩම් ඇතැම් පුද්ගලයින් විසින් අත්තනෝමතිකව අත්පත් කර ගැනීමේ ජාවාරමක් ආරම්භ වී ඇති බව අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය උඩුගම ශ‍්‍රී බුද්ධරක්ඛිතාභිධාන ස්වාමීන් වහන්සේ පවසති. එම ජාවාරම්කරුවන් පළමුවෙන් ඉඩම් බද්දට ලබාගෙන පසුව ඒවාට ව්‍යාජ ඔප්පු සකස් කර වෙනත් අයට අලෙවි කරන බවට අනාවරණය වී ඇතැයි උන්වහන්සේ සඳහන් කරනු ලබයි.

වැඩිදුරටත් අදහස් දැක් වූ මහනායක ස්වාමීන් වහන්සේ සඳහන් කළේ රටපුරා තවත් විහාර බිම් කිහිපයක් එලෙස තර්ජනයට ලක්ව ඇති බවයි. එහෙත් ඒවාට නීතියේ සරණ ලබා ගැනීම දුෂ්කර වී ඇතැයි ද උඩුගම ශ‍්‍රී බුද්ධරක්ඛිතාභිධාන ස්වාමීන් වහන්සේ පැවසූහ.
මේ අතර බුදු දහමවට එල්ල වී ඇති අභියෝග සම්බන්ධයෙන් අද (15) අමරපුර මහ නිකායේ මහ නායක ස්වාමීන් වහන්සේ වෙත සංදේශයක් භාරදෙන බව බොදු උරුමය සුරකීමේ සංවිධානය පවසයි. එහි ලේකම් පූජ්‍ය කන්තලේ සුමංගල ස්වාමීන් වහන්සේ සඳහන් කළේ මල්වතු හා අස්ගිරි මහනායක ස්වාමීන් වහන්සේ වෙත මෙම සංදේශය භාරදුන් බවයි.

බංග්ලාදේශය වැනි රටවල බෞද්ධ සිද්ධස්ථාන හා බෞද්ධයින්ට එල්ල වී ඇති බලපෑම් හමුවේ සියලූ දෙනා එක්ව කටයුතු කළ යුතු බව ද උන්වහන්සේ සඳහන් කළහ.






මුස්ලිම් ව්‍යාපාරිකයන් මේ පිටුපස සිටිය හැකි බව සැක පළ කෙරේ.

නුවර ස්ලාමීයකරණයට පත්වී ඇති අයුරු (වර්තමාන තත්වය)


attachment.php
 
Last edited:

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    දැල් බණ්ඩා තමයි හොර ලංකා පත්තරේ ඔය සීන් එක ගැන සම්පුර්ණ විස්තරයක් ගිහිල්ල තියනවා.කාට හරි පුලුවන්නම් හොයල පොස්ට් කරන්න