බජාර් එකේ ලලක්කා
කොල්ලො හිත හොඳ අක්කා
සුර සැප වික්කා -
කාගෙත් වත ගොත රැක්කා
සිල් අරගත්තා
පෝයට සීලෙත් රැක්කා
සිව් සැට මායං හොඳහැටි දන්නව අක්කා...
මම ගෑණුත් දැක්කා ඒ වගෙ ගෑණු නොදැක්කා....//
හුරුබුහුටියි හැඩකාරයි ගෑණි ලලක්කා....
මයියොක්ක පිපිඥ්ඤා වම්බොටු පොඩි බණ්ඩක්කා
කන්නට ආසලු
හිට හිට වැටකොලු අක්කා
නංගි රොසක්කා එතනම කසිප්පු වික්කා...//
දැක්ක නොදැක්කා වාගේ නංගිව අක්කා....
බජාර් එකේ ලලක්කා.....///
අක්කගෙ අම්ම ඉසක්කා ඉස්සර එලවළු වික්කා...
කීර පලා සොයා නෙලා වට්ටියෙ දොක්කා...
නෝන පලා ගන්නවද කියල එලවළු වික්කා...//
වික්ක නොවික්කා කාටත් පාඩු මිසක්කා...
බජාර් එකේ ලලක්කා.....///