"අලිමංකඩ" චිත්‍රපටිය ගැන කියද්දී කිව්වා වගේම සිද්දියක් මේ ෆිල්ම් එක ඉස්සර පෙන්නද්දී මගෙ මතකේ තිබුන කියල මතක් උනේ අද මේ ෆිල්ම් එක බලාගෙන යද්දී, ඒ සීන් එක ආපහු දකිනකොට.....කොල්ලයි කෙල්ලයි කැම්පස් එකේ බංකුවකට වෙලා පෙම් කෙල කෙල ඉඳිද්දී යාළුවො සෙට් එක වට කරලා ජල ප්‍රහාරයක් එල්ල කරන සීන් එක තමයි ඒ විදියට මගේ මතකෙ තිබ්බේ....කොල්ලට ඉන්නේ "කමල් අද්දරආරච්චි" එතකොට කෙල්ල තමයි "සංගීතා වීරරත්න"....අපේ රටේ හැදිච්ච ආදර කතා එක්ක බැලුවම ටිකක් වෙනස් විදියේ, සීනිබෝල නොවන කතාවක් තියෙන ෆිල්ම් එකක් කියල කියන්න පුළුවන්.....
මේ ෆිල්ම් එක බලාගෙන යද්දී අපේ හිතත් එක්කම කතා කරලා බලන්න අවස්තාවක් එනවා, ඒ කියන්නේ මේ තුන්කොන් ආදර කතාවේ ඇත්තටම වැරදි මොන චරිතයද කියල අපිම අපේ හිත් වලින් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා....ඒත් අන්තිමේදී ඇත්තටම වැරැදී මෙන්න මේ චරිතෙ කියල කෙලින්ම වැරැද්ද පටවන්න බැරි විදියේ කතාවක් තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ....ඒ නිසාම ෆිල්ම් එකෙ අන්තිම වෙනකන්ම අමුතුම විදියේ කුතුහලයක් එක්ක ෆිල්ම් එක බලන්න පුළුවන්....අපේ රටේ හැදිච්ච චිත්‍රපටියක ඒ වගේ වෙනසක් තිබිච්ච එක ගැන ඇත්තටම ගොඩක් සතුටුයි....ඒ වගේම නළු නිළියන්ගේ රඟපෑම ගත්තමත් ඉතාම හොඳ තාත්වික රඟපෑමක් මේ ෆිල්ම් එකේ දකින්න පුළුවන් මොකද කමල්,සවුම්ය ලියනගේ, නයනා කුමාරි, සංගීතා, ටෝනි රණසිංහ වගේ දක්ෂ රංගන ශිල්පීන් පිරිසක් මේ චරිත වලට පන පොවන නිසා....
ෆිල්ම් එකේ පොඩි සීන්ස් දෙක තුනක් තියෙනවා පොඩිහිටියන්ට ගැලපෙන්නේ නැති ඒකයි 18+ කියල දැම්මේ....හැබැයි ඒ නිසා සෙක්ස් ෆිල්ම් එකක් විදියට නම් මේක බලන්න යන්න එපා මොකද එහෙම සෙක්ස් පැත්ත ප්‍රොමෝට් කිරීමක් මේ ෆිල්ම් එකේ නෑ....ඒ නිසා මේ වගේ වෙනස් කතා මුල ඉදල අන්තිම වෙනකන්ම බලන්න කැමති අය විතරක් මේ පහල තියෙන යුටියුබ් ලින්කුවෙන් ෆිල්ම් එක බලන්න.....
ෆිල්ම් එක යුටියුබ් එකට මුදාහැරපු පුද්ගලයන්ට තුති මල්!