වෙන්වී යමි හිරු දුටු පිනි බිදුවක් මෙන්..........

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වෙන්වී යමි හිරු දුටු පිනි බිදුවක් මෙන්..........


    හිරු පායාලා...
    අහසට වීලා....
    මුලු ලෝකෙම එළිය කලා....
    මල් පීදීලා...
    පෙති විහිදාලා...
    සුවදත් ඇත ඉතිරීලා....
    සදු පායාලා ....
    තරු බැබලීලා......
    පිනි බිදු පොලොවට වැටිලා.......
    දින ගතවීලා....
    කාලය ගෙවිලා....
    සිත එකතැන නතර වෙලා........


    ගුරු පාරට තනිකම උරුම වෙලා......
    විකසිත මල් මිලිනව පෙති හැලිලා...... ආ...........
    අතිනත ගෙන යන්නට මේ පාරේ......
    නැත ආයෙත් එන්නේ ඔබ මිහිරේ ....මාගේ...............


    සිත් මල් පෙත්තක් සිද බිද දාලා....
    පණ මෙන් බැදි ආලෙට පිටු පාලා..........ආ......
    ඔහු හා නව දිවියට එළැඹීලා......
    පියා සලනු මැන අතීතයට පිටුපා........................

    කම්පා වෙන හදවත සැලෙන හදින්....
    අයදියි පිළිසරණක් ආදරයෙන්......ආ.........
    කුමටද තව දිරියක් ජීවිතයෙන්.......
    වෙන්වී යමි හිරු දුටු පිනි බිදුවක් මෙන්..........
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එලම එල !!! rep added
    11.gif