දේශපාලනය.......කවුද.....කුමක් සඳහාද?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    දේශපාලනය.......කවුද.....කුමක් සඳහාද?

    දේශපාලනය යනු හුදෙක් මවාපෑමක් පමණි. කොතරම් උඩ දාගෙන සිටියත් හැම එකාගෙම එකම ගේමය. අපි උන්ගේ රූකඩ සහ ඉතොතෝය.

    දිවයින පත්තරෙන් උපුටා ගන්න ලදී.


    ටිරාන් සහ අර්ජුන
    ෆොන්සේකාට පිළිතුරු දෙයි


    ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයෙන් ඉල්ලා අස්‌ වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අර්ජුන රණතුංග හා ටිරාන් අලස්‌ යන මහත්වරුන් වෙත පක්‍ෂයේ නායක සරත් ෆොන්සේකා විසින් එවා තිබූ ලිපිවලට පිළිතුරු ලිපි එම මන්ත්‍රීවරුන් විසින් පෙරේදා (14 වැනිදා) යවා තිබේ. අර්ජුන රණතුංග මහතා විසින් යවන ලද පිළිතුරු ලිපියේ මෙසේ දැක්‌වේ.

    සරත් ෆොන්සේකා මහතාණෙනි,

    2012.11.10 දාතමින් ඔබ එවූ ලිපිය මා 2012 නොවැම්බර් 14 දින ලදිමි.

    ජනතාවට කෘතඥතාව දැක්‌වීමට මා උගෙන ගත්තේ 2001 මහ මැතිවරණයට තරග කිරීමටත් පෙර සිට ජනතා සේවයට දිවි හිමියෙන් කැපවුණු මාගේ පියාණන්ගෙනි. මා උගෙන ගෙන ඇති කෘතඥතාව ඔබ සඳහන් කරන කෘතඥතාවය අතර වෙනසක්‌ ඇති දැයි මා නොදන්නා මුත් මාගේ වසර 11 ක දේශපාලන ජීවිතය පුරාම මා ජනතාවට කෘතඥතාව දක්‌වන ආකාරය ජනතාව හොඳින් දනී.

    රටේ වර්තමාන අභියෝග හමුවේ දුක්‌ විඳින ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සහ අනේකවිධ ගැටලුවලට විසඳුම් ලබා දීම වෙනුවෙන් මා කැප වීමට ගත් තීරණය වෙනස්‌ වී නොමැති බැවින් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයට ඡන්දය දුන් ජනතාවගේ විශ්වාසය සහ ඒ අරමුණු වෙනුවෙන් මා තවදුරටත් එම සන්ධානය තුළ රැඳී සිටින බව සඳහන් කිරීමට කැමැත්තෙමි.

    ඔබ පවසා ඇති පරිදි අලුත් මිනිසුන් සමඟ යැමට සැරසෙන අලුත් දේශපාලන ගමනට මාගෙන් සුබ පැතුම්.

    ටිරාන් අලස්‌ මහතා යවන ලද ලිපිය මෙසේය.

    මහතාණෙනි,

    2012.11.10 දා තමින් ඔබ එවූ ලිපියේ මා ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්‌වීමේ ලිපිය ඔබට ලැබී නොමැති බව සඳහන් කර තිබේ. ඔබේ ලිපිය මා වෙත ලැබුණේ ඔබ විසින් එය මාධ්‍යයට ලබා දී පැය 48 කට පසුවය.

    2010 පෙබරවාරි මස 08 වැනි දින සිට 2012 මැයි මස 21 වැනි දින ඔබ නිදහස්‌ කරන තෙක්‌ ඔබ වෙනුවෙන් සහ ඔබගේ පවුල වෙනුවෙන් මා කළ සේවය සහ කැපවීම මාස තුනක්‌ වැනි සුළු කාලයක්‌ තුළ ඔබට අමතක වූවා නම්, 2012 සැප්තැම්බර් මස 03 වැනි දින සවස 6.00 ට ඔබගේ නිවසට පැමිණ ඔබ අතට භාර දුන් අස්‌වීමේ ලිපිය ඔබට අමතකවීම ගැන මම ද මවිතයට පත් නොවෙමි.

    2010 මැතිවරණ ව්‍යාපාරයේදී මා සතුව තිබු පක්‍ෂයේ නම ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නමින් වෙනස්‌ කොට ඔබ සැමට තරග කිරීමට අවස්‌ථාව ලබා දෙමින් ඔබගේ ජයග්‍රහණය තහවුරු කිරීමටත්, පසුව ඔබගේ නිදහස තහවුරු කිරීමටත් මා ඉටු කළ කාර්යභාරය දන්නා ජනතාව ඔබ කෘතඥතාව දක්‌වන ආකාරයත් මා කෘතඥතාව දක්‌වන ආකාරයත් හොඳින් අවබෝධ කර ගෙන ඇති බව මට විශ්වාසය.

    ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයට ඡන්දය දුන් ජනතාවගේ අරමුණු දිනා දීමට සන්ධානය තුළ රැඳී සිටිමින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්‌ථාපිත කිරීම සහ ජනතාව මුහුණ දී තිබෙන අනිකුත් ගැටලු සඳහා සාධාරණ විසඳුමක්‌ ලබා ගැනීම වෙනුවෙන් මා කැප වන බව අවසාන වශයෙන් සඳහන් කිරීමට කැමැත්තෙමි.

    ඔබගේ ඉදිරි දේශපාලන ගමනට සුබ පතමි.


    මේ සියල්ලන්ගේම සෙල්ලම් ජනතාවගේ අතේය. ජනතාව අත බලය ඇත. පරිස්සමෙන් පාවිච්චි කල යුතුය. ඉක්මනින් ගිනි අවිලිය හැකිය.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    a kiyanne umba Fonsekata kade giya porak ne???

    denvath etta theruna eka hondai

    Malli mama deshapalakoyata kawadawath kade gihin nehe...Lankawe inna pottayanta birinta penna demme. Mokada okkama hemadama harakta chande deela kade gihin passa lewakaganna ekamana karanne....
    Athe bala tibunata wadaka ne, chnade deela path karaganne gon harak...
    antimata racing car gannai, netnam bogambara uluganan karaganna kiyana harak tamai dinum....
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    nvidialogoi.jpg