නොවැම්බර්22 ශ්‍රී ලංකාවේ පළමු චන්ද්‍රිකා &#352

sarinda100

Well-known member
  • Feb 13, 2010
    1,708
    545
    113
    colombo
    නොවැම්බර්22 ශ්‍රී ලංකාවේ පළමු චන්ද්‍රිකා &#352

    HDlY7.jpg


    ශ්‍රී ලංකාවේ ප්‍රථම පණිවිඩ හුවමාරු චන්ද්‍රිකාව නොවැම්බර් මස 22 වැනිදා චීනයේ ෂී චෑන්ග් චන්ද්‍රිකා නිකුතු මධ්‍යස්ථානයෙන් අභ්‍යවකාශ ගත කිරීමට නියමිතව පවතී.

    ශ්‍රී ලංකා‍ වේලාවෙන් රාත්‍රී 9.30 ට ගුවන්ගත කෙරෙන මෙය එම වේලාවෙන් විනාඩි 7 කට පසු දිවයිනට ඉහළින් අභ්‍යවකාශයේ ස්ථානගත වන්නට නියමිතව ඇත.


    චන්ද්‍රිකා තාක්ෂණයේ පියා දිවංගත ශ්‍රී ලාංකික විද්‍යාඥ ශ්‍රීමත් ආතර් සී. ක්ලාක් මහතා ලොවට හදුන්වා දුන් චන්ද්‍රිකා තාක්ෂණය ජයගැනීමට ශ්‍රී ලංකාවටත් හැකිවීම සැබවින්ම
    ආශ්චර්යමත් දෙයකි.


    මෙය ඇ.ඩො. මිලියන 320 ක ව්‍යාපෘතියක් වන අතර සුප්‍රීම්සැට් ( SupremeSAT) සමාගම චීන රජයට අයත් චයිනා ගේට් වෝල් ඉන්ඩස්ට්‍රී කෝපරේෂන් හා එක්ව මෙම චන්ද්‍රිකාව නිෂ්පාදනය කර ඇත.

    එමෙන්ම මෙම ව්‍යාපෘතිය පසුපස සිටිමින් තම සිහිනය ජයගැනීමට වෙරදරන නියමුවා වන්නේ අභ්‍යවකාශ ඉංජිනේරුවකු වන රෝහිත රාජපක්ෂ මහතායි.


    ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුතු වන ඔහුගේ එකම සිහිනය වූයේ කවුරුත් නොකල දෙයක් කර ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙන යෑමයි.සුප්‍රීම්සැට් සමාගම සමග ඔහු සිදුකල සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම චන්ද්‍රිකාව කක්ෂගත කෙරෙන්නේ ලංකාවට විශාල ප්‍රතිලාභ රැසක් අත්කර දෙමිනි.



    වාණිජමය ප්‍රතිලාභ හැරුණු කොට රටින් පිටවූ දැනුම නැවත රටට ගෙන්වා ගැනීමටත් මෙය මහගු අවස්ථාවක් වන බව රෝහිත රාජපක්ෂගේ අදහසයි.


    දැනට දකුණු ආසියානු කලාපයේ පාකිස්ථානයට හා ඉන්දියාවට පමණක් හිමි අභ්‍යවකාශ බලය ශ්‍රී ලංකාවට ද නතු කර ගැනිමට හැකි වීම අප ලැබූ සැබෑ ජයග්‍රහණයක් මෙන්ම මෙරටේ තාක්ෂණික දියුණුවේ විශාල ඉදිරි පිම්මක් ද වන බව ඔහු තවදුරටත් සදහන් කළේය.


    ඉදිරියේදී ශ්‍රී ලාංකික අභ්‍යවකාශ ඉංජිනේරුවන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් ඇරඹීමට ද තමාගේ අදහසක් ඇති බව රෝහිත රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

    306891_394147927328736_1979676003_n.jpg


    3736_394147900662072_765342794_n.jpg


    394979_394147687328760_172438355_n.jpg


    550113_394148107328718_14352139_n.jpg


    552309_394148000662062_45821200_n.jpg


    553751_394147857328743_1920512120_n.jpg


    63349_394147740662088_51398367_n.jpg


    72123_394147810662081_1468043001_n.jpg


    Suprime+Sat-+Gossip9-+%282%29.jpg


    ගත්තේ - hotandfast
     
    Last edited:

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    කෝ බන් මේකෙ ලන්කාවෙ කියලා නාමයක් නෑ නේ බන්..
    China එවුන් මුන්ව ගොනාට අන්දල ඉන්නේ :lol: