http://dharmanidhaana.wordpress.com/2011/03/08/ඇදහිය-හැකිද-මෙතරම්-බලයක්/
http://www.elakiri.com/forum/showthread.php?t=1364222
http://www.divaina.com/2012/06/22/naka01.html
http://www.dinamina.lk/2012/03/07/_art.asp?fn=a1203074
පිරිත් වල ගුණ ලැබෙන්න නම් කාරණා කීපයක් මූලික වෙන්න ඕනේ.
බුද්ධ භාෂිතය තියෙන්නෙ පාළියෙන්. හොඳම දේ පිරිත් පාළියෙන් කට පාඩම් කරගෙන ඒවගේ සිංහල තේරුම ඉගෙන ගන්න. උදා. අපි නමෝ තස්ස භවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස කියලා පාළියෙන් කියනකොටම අපේ සිතට එනවනේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුද්ධ රත්නයට මම නමස්කාර කරමි කියලා. ඒ වගේ. පාළියෙන් කියද්දි සිංහල තේරුම හිතට නගා ගන්න පුලුවන් වෙන ආකාරයට තේරුම් ඉගෙන ගන්න. නෙට් එකේ ගොඩක් පිරිත් වල සිංහල තේරුම් හොයා ගන්න පුලුවන්.
මතක තියාගන්න නිවැරදිව උච්චාරණයත් වැදගත්. සමහර පාළි වචන වැරදි විදිහට උච්චාරණය කලාම තනිකර වැරදි අර්ථයක් එන්නෙ. ධ ඪ ථ භ බගේ අකුරු නිවැරදිව උච්චාරණය කරන්න. එතකොට තේරුම දන්නෙ නැති පිරිත් වලින් පවා යම් ගුණයක් තියෙනවා.
නෙට් එකෙන් හරි පංසලේ හාමුදුරුවන් ගෙන් හරි වෙන කාගෙන් හරි හොයාගෙන කියවන්න මහා කස්සප, මහා මොග්ගලාන බොජ්ඣග පිරිත් වල නිධාන කථා. බොජ්ඣග පිරිත කියලත් එකක් තියෙන්වා. ඒකත් කියවන්න//////,/ අහගන්න., ඒවගේම රතන සූත්‍ර නිධාන කථාව, ගිරිමානන්ද පිරිත, ධජග්ග පිරිත, සූරිය පිරිත, මොර පිරිත වගේ ඒවගෙ නිධාන කථා කියවන්න. මහමෙව්නාවේ පිරිත් පොතෙන් තේරුම් ඉගෙන ගන්න . ඒත් සිංහලෙන් සිංදු වගේ කියන්න නම එපා දෙයියෝ. පාළියෙන්ම කියන්න. මහමෙව්නාවෙ තාලෙ සිංදු වගේ. නා උයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේ නියම විදිහට පිරිත් කියනවා. නෙට් එකෙන් බා ගන්න.
පිරිත් කියන කෙනා මෛත්‍රී කරුණාවෙන්, අර්ථ මෙනෙහි කරමින්, නිවැරදිව උච්චාරණය කරමින්, සීලයක පිහිටලා කියන පිරිත මහානුභාව සම්පන්නයි. අසන්නාත් සිත සංවර කරගෙන , සීලයක පිහිටලා, ශ්‍රද්ධාවෙන් යුතුව, අර්ථ මෙනෙහි කරමින් ඇසීමෙන් තවත් ප්‍රබල අනාශංස ලබන්න පුලුවන්. මම එවපු ලින්ක් එකේ දේශන අහන්න. කියවන්න. නෙට් එකේ
'පිරිත්" කියලා ගහලා ගොඩ දේ කියවන්න පුලුවන්.
එකම පිරිත ගොඩාක් සැරයක් කීමෙන් ලොකු බලයක් ජනිත වෙනවා. හැබැයි ඉහත විදිහට කිව්වොත් පමණයි. හරියට අපි පිහියක් එකෙපාරක් මුවාත් තිබ්බාමයි දහ පාරක් මුවාත් තිබ්බාමයි කැපෙනෙ විදිහ වෙනස් නේ. දහ පාරක් ගාපු පිහියේ කැපීම එක පාරක් ගාපු පිහියට වඩා හොඳයි නේ. ඒවගේ.
ලියන්න නම් පුලුවන් ගොඩාක් .අත රිදෙනවා.රේරුකානෙ චන් ද විමල මහා නා හිමියන් ගේ " බෞද්ධයාගේ අත්පොත, පොහොය දිනය පොත් කියවන්න.
http://www.ogatharana.org/
තෙරුවන් සරණයි!