අද්භූත_වස්තුව

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අද්භූත වස්තුව බොරුවක් යැයි කීමට ගොස් එය සනාථ කළ රූපවාහිනී කණ්ඩායම

    UFO1%2BPreview.jpg


    ඇමරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයට අයත් ඩෙන්වර් නගරයේ පසුගිය සතියකදී දෙතුන් වතාවක්ම දවල් 12 ත් 1.00 ත් අතර කාලයේ දර්ශනය වූ අද්භූත වස්තුවක් එම නගරයේ පුද්ගලයෙකු විසින් වීඩියෝ ගතකර තිබුණා.

    කුඩා කඳු ගැටයක් මත ආධාරකයක සවිකරන ලද කැමරාවක් මඟින් ඔහු එය වීඩියෝ කර තිබු අතර එහි අධික වේගය නිසා එය පියවි ඇසින් එය පැහැදිලිව බලාගත නොහැකි බවයි ඔහු පවසා තිබුනේ.

    රූගත කළ එම අද්භූත වස්තුව පසුගියදා එරට රූපවාහිනී නාලිකාවක මඟින් විකාශය කර තිබුණා.

    පසුව එම රූපවාහිනී නාලිකාවේ කැමරා කණ්ඩායමක් විසින් එම ප්‍රදේශයට පිටත් කර හැර තිබුනේ එය බොරුවක් බව ඔප්පු කිරීමටයි.

    පෙර කී වීඩියෝව ගත් ස්ථානයේම ඔවුන් තම කැමරා සවිකර පැයක පමණ රූගතකිරීම් කර තිබූ අතර පෙර කී වස්තුව ම ඔවුන්ගේ කැමරාවේද සටහන්වී තිබීමෙන් ඔවුන් පුදුමයට පත්වී තිබුණා.

    ඔවුන් පවසා තිබුනේ එය ගුවන් යානයක් හෝ හෙලිකොප්ප්ටරයක් නොවන බවයි. එමෙන්ම කුරුල්ලෙකුද නොවන බවයි.

    එම වීඩියෝ දෙකේම දක්නට ලැබුනේ තද පැහැති වස්තුවක් ගුවන් යානයකටත් වඩා වේගයෙන් වළාකුළු හරහා ගමන් කරනා දර්ශනයකි.

    එම ප්‍රදේශයේ ගුවන් සේවා නිළධාරීන් විසින් ගුවන් ගමන් වාර්තා පරීක්ෂ කළද එම වේලාවේ කිසිදු ගුවන් ගමනක්ද එම ප්‍රදේශය හරහා සිදුවී නොමැති බව සනාථ කළ අතර රේඩාර් පද්ධතියේද එවන් වස්තුවන් දර්ශනය වී නැහැ.

    මෙම පුවත පසුගියදා CNN මඟින් ද විකාශය කර තිබූ අතර එම වීඩියෝව පහතින්.




    ගූගල් සමාගම විසින් නිර්මානය කරන ලද "ගූගල් ස්ට්‍රීට් වීව්" වල ටෙක්සාස් ප්‍රාන්තයේ පිහිටි මාර්ගයක ගත් ජායාරූපයක අද්භූත වස්තුවක් දර්ශනය වී තිබෙනා බව පසුගියදා වාර්තා වුණා.

    එම වීඩියෝව පහතින්.




    SOURCE
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හඳුනා නොගත් වස්තුවක් කියන එකෙන් ඉතින් පිටසක්වල වස්තුවක් කියල හෝ පිටසක්වල ජීවීන් කියල හැදින්වෙන්නෙ නැහැනෙ :D