මහා වීරවරු

gaveshi

Member
May 13, 2009
129
38
0
අටවිසි බුදුවරුන්ට මාගේ නමස්කාරය වේවා !!!!!!!!!!

1. තණ්හංකර
2. මේධංකර
3. සරණංකර
4. දීපංකර
5. කොණ්ඩඤ්ඤ
6. මංගල
7. සුමන
8. රේවත
9. සෝභිත
10. අනෝමදස්සී
11. පදුම
12. නාරද
13. පදුමුත්තර
14. සුමේධ
15. සුජාත
16. පියදස්සි
17. අත්ථදස්සි
18. ධම්මදස්සි
19. සිද්ධත්ථ
20. තිස්ස
21. ඵුස්ස
22. විපස්සි
23. සිඛි
24. වෙස්සභු
25. කකුසඳ
26. කෝනාගම
27. කස්සප
28. ගෞතම

මහා වීරවරුනි, සසර පුරා අපට පිහිට වුන ගැලවුම්කරුවනි, කල්ප ගණන් දුක් විද අප හට පහන්ටැඹක් වුන සම්මා සම්බුදුවරුනි, ඔබවහන්සේලා පිරිණිවන් පෑවද අදටත් අප හිත් තුල ජීවත්වෙති. ඒ කාගේවත් බිය වැද්දීමක් නිසා නොව, ඔබවහෙන්සේලාගේ අප්‍රමාණ ගුණය නිසාය. අපේ ගෞතම බුදු හාමුදුරුවෝ අවුරුදු 2500 කට කලින්ද ඊට අවුරුදු දාස් ගණනකට කලින් පහළවුණ බුදුවරුද උත්සහ කලේ සත්වයින් දුකින් මිදවීම මිස බිය වද්දා යාතිකා කරවා ගැනීම නොවෙයි. එයින්ම ඔබවන්සේලාගේ උත්තම ගුණය ප්‍රදර්ශනය වේ. ඒ උතුම් බුදු වදන් අතුරුදහන් වීමට කලින්ම අන්‍යයන් බිය වද්දා අන්ධකාරයේ ගිල්වීමට ඇතැමුන් ගන්නේ සාහාසික උත්සාහයකි. ඒත් ඒ අයට අපව එලෙස බිය වැද්දවිය නොහැක:no:. නමුත් ඔවුන්ට කියලා වැඩක් නැති නිසා ඔවුන් හා වාද නොකර සිටීමට අපට ශක්තිය ලැබේවා!!!!!!!!

Insight

Member
Nov 8, 2010
297
32
0
අපේ බුදු හාමුදුරුවන්ගේ කාලෙත් හිටියනේ වැරදි මතයේම එල්ලිලා හිටපු අය. උදාහරණයක් විදියට නිඝන්ඨනාතපුත්‍ර වගේ අය ඇදුම් ඇන්දෙත් නැහැනේ පව් සිද්ද වෙයි කියල බයට. ඉතින් මොනවා කරන්නද? :)
 
gaveshi

Member
May 13, 2009
129
38
0
පෙර ජීවිත වලදී අපට මෙන්ම අන් අයටද පිහිට වූ සියළු බුදු වරුන්ට මාගේ නමස්කාරය වේවා ///

මේ ජීවිතේදී යම් බණ පදයක පිහිටක් ලැබුනේ නම් ඒ භාග්‍යවත් ගෞතම සම්බුදුරජාණන්වහන්සේ නිසාය. ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ///

S7300011.jpg

බුදුරජාණන්වහන්සේ,

* සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූ සේක, සියලු පාපයන්ගෙන් මිදුණ සේක, සියළු ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වන සේක, එමනිසා බුදුරජාණන් වහන්සේ අරහං නම් වන සේක.

* උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් ගුරු උපදේශ නැතිවම තමාගේ නුවණින් අවබෝධ කොට ගත් නිසා සම්මා සම්බුද්ධ නම් වන සේක.

* අනන්ත ඥානයෙන්ද, අනන්ත ශීලයෙන්ද, අනන්ත සමාධියෙන්ද, අනන්ත ගුණයෙන්ද, අනන්ත ප්‍රඥාවෙන්ද, අනන්ත විමුක්තියෙන්ද, සමන්විත වන නිසා විජ්ජාචරණසම්පන්න වන සේක.

* සුන්දර නිවන් මග අවබෝධ කොට සුන්දර නිවනට වැඩමකළ නිසා සුගත නම් වන සේක.

* සියලු බඹ ලොවද, සියලු දෙව් ලොවද, මිනිස් ලෝකයද, ප්‍රේත ලෝකයද, තිරිසන් ලෝකයද, නිරයද, දස දහස් සක්වළද, සැබෑ තත්වය අවබෝධ කොට එම සියලු ලෝක වලින් නිදහස් වුණු නිසා ලෝකවිදු වන සේක.

* දමනය කළ නොහැකි බ්‍රහ්මයන්, දෙවියන්, මිනිසුන්, ඇතුළු සත්වයන් මහා කරුණාවෙන්, මහා ප්‍රඥාවෙන්, ප්‍රතිහාර්යයෙන් දමනය කර සැනසීම ලබාදීමට කටයුතු කළ නිසාද, සත්වයන් දමනය කරන්නන් අතර ලෝකයේ අග්‍ර වූ නිසාද, අනුත්තර පුරිසදම්මසාරථී නම් වන සේක.

* නුවණ ඇති දෙව් මිනිසුන්ට, මෙලොව දියුණුව පිණිසද, පරලොව සුගතිය පිණිසද, උතුම් නිර්වාණාවබෝධය පිණිසද, ශ්‍රී සද්ධර්මය මහා කරුණාවෙන් දේශනා කොට වදාල නිසා සත්තා දේව මනුස්සානං වන සේක.

*
උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කර, තමන් අවබෝධ කරන ලද උතුම් ධර්මය අන් අයටද අවබෝධ කර ගැනීම පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ නිසා බුද්ධ වන සේක.

* සියළු සම්බුදු ගුණ දරා ගැනීමට තරම් භාග්‍ය ඇති නිසා භගවා වන සේක.

http://www.facebook.com/MyRefugeBuddha/posts/141719659302916
https://groups.google.com/forum/#!msg/amadamgagula/Gvg8xwIYCNI/t46nQ87UAEgJ
http://www.dhammavoice.lk/sinhala/articles/June 2012/nawa_arahadi_budu_guna.php

:cool:
 
Last edited:

SanjayRocks

Well-known member
  • Aug 29, 2006
    2,200
    2,510
    113
    London
    Hi ,

    Machan where can i download this picture of lord buddha? Isn't this the pic captured a by some foreigner when he took aphoto of sri maha bodiya?

    Thanks