බිඳුණු සිතේ හොල්මන් කල ඔබේ පෙම

goldstar

Active member
  • Nov 4, 2011
    227
    42
    28
    Sri Lanka
    බිඳුණු සිතේ හොල්මන් කල ඔබේ පෙම

    196z41.jpg
    196z41.jpg
    sadmanq.jpg


    බිඳුණු සිතක හොල්මන් කල ඔබේ රුව........ඉතින්
    ඔබේ හුස්මේ උණුහුම නෑ දැනුනේ පෙර.......මෙන්
    මා තනිවී සුසුම් හෙලමි ආදරේ.................නමින්
    මටම අනේ මෙහෙම උනේ නැතිදෝ..........පෙරපින්

    මුල්ම දිනේම ඔබේ රුවට වසඟ උන......හැටි
    තාමත් මට සිහිවේ ඔබ සිපගත්ත..........හැටි
    මගෙ ලයමත හිස පොවාන ඔබ දුන්නු....සෙනේ
    අද තනිවී සුසුම් පමණි ඉතිරි මගේ........ලොවේ

    ලොවට හොරෙන් අපි තනිඋන හැටි.....අමතකදෝ
    මගෙන් ලැබුණු ඒ උණුහුම ඔබට........මතකදෝ
    මගේ තුරුලේ සැනසුන හැටි දැන්.......අමතකදෝ
    මා තනිකර යන්න සිතක් ආවෙ.........කෙලෙසදෝ

    මගේම කරගන්නට ඔබ, මන්.............විමසාලා
    නිති වෙහෙසුනෙ ඔබ තියන්න රැජිනක්...විලසා
    හිතුවක්කාර ඔබේ මැසිවිලි... සැමවිට....ඉවසා
    මමනම් නෑ කිසිම දිනක ඔබ.............රිදවාලා

    මගේ හුස්ම වෙන්නට ඔබ මට............දිවුරලා
    වෙනකෙකු ළඟ සැනසෙනවද මට........පිටුපාලා
    කොහේ ගියත් ඔයා මගේ සිත............රිදවලා
    සැමදා මේ ලෙස ඉන්නම් ඔබෙ, සුසුමක්..වීලා
    :(:(:(
     

    goldstar

    Active member
  • Nov 4, 2011
    227
    42
    28
    Sri Lanka
    පෙමක් බිඳුණු මුල්ම දවසේ ඔහොම හිතෙනවා නේද? මටනං ඔය අත්දැකීම ලැබුනේ දැනට 6 අවුරුද්දකට විතර ඉස්සර.