London Amazing Spider - Man

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    ලන්ඩනයේ විකුම් පාන සැබෑ ස්පයිඩර් මෑන් :shocked:


    http://www.youtube.com/watch?feature=player_embedded&v=rY27FRD3L6c

    Spider-Man%2B%25282002%2529.jpg




    ස්පයිඩර් මෑන්ට බිත්ති දිගේ නඟින්නට පුළුවන් වෙන්නට පුළුවන්, මකුළු දැල් වියන්නට හැකි වෙන්න පුළුවන්. ඒත් ස්පයිඩර් මෑන් කියන්නේ කාටුන් චරිතයක් පමණයි. ඒත් ස්පයිඩර් මෑන්ගේ සත්‍ය ජීවිතය අනුකරණය කෙරෙමින් සැකසුනු වීඩියෝ පටයක් අන්තර්ජාලයට මුදාහැර ඇත. ස්පයිඩර් මෑන්ගේ ඇඳුම වන් රතු නිල් ඇඳුමකින් සැරසී ලන්ඩනයේ විවිධ විස්කම් පාන මේ තරුණයා කවරෙක්දැයි හෙළි වී නැතත්, වීඩියෝ පටයේ සඳහන් වන අයුරින් නම් මේ තරුණයාගේ නම “Peter Parkour” සිතිය හැක.
    විටෙක ලන්ඩනයේ උද්‍යාන මතින් පසුපසට කරණම් ගසන ඔහු විටෙක පාලම් අත්වැල මත දෙ අතින් සිටගෙන සිටී. එමෙන්ම කිසිදු ආධාරකයක් නැතිව බිත්ති දිගේ ඉහළට නඟි. පසුගිය අඟහරුවාදා අන්තරුජාලය වෙත මුදාහැර තිබූ මේ විඩීයෝ පටය හරහා The Amazing Spider-Man චිත්‍රපටයේ Blu-ray සහ DVD පට එළිදැක්වීම පිළිබඳව ප්‍රචාරයක් ද ලැබෙන දර්ශණ ඇතුලත් ය. කෙසේ වෙතත් සාමාන්‍ය ජීවිතයේ දී මෙවැනි පුද්ගලයින් අතිශය විරල නිසා මේ තරුණයාගේ හැකියාව ඇගයීමට ලක් විය යුතුය.​