රාවනා රඡුගේ ගුවන්යානා තාකෂණය.......

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    රාවනා රඡුගේ ගුවන්යානා තාකෂණය.......

    746_443693592364643_50170977_n.jpg


    පුරාණ ගුවන් යානා තාක්ෂණය පුරාණ ශිෂ්ටාචාරයන්හි ප්‍රචලිත වූ බවට සාධක එමටය. පුරාණ ශිෂ්ටාචාර වන මෙසපොතේමියානු, ඊජිප්තු, ඉන්කා, කීම, ඉන්දු වලින් මෙම සාක්ෂි හමුවී ඇත. එම සාධක සමග ඒ වටා ගෙතුණු කතා පුවත් පුරාණ අටුවාවේ සඳහන්වේ. දැනට පවත්වනු ලබන පරීක්ෂණ වලට අනුව ඊජිප්තුවෙන් සහ කොලොම්බියාවේ ටොලීමා වලින් සොයාගත් ගුවන් යානා ආකෘති පුරාණ ගුවන් යානා තාක්ෂණය මනාව විදහා දක්වයි. කෙතරම් ශිෂ්ටාචාරයන් තිබුනද අපේ ලංකාවේ තිබුණු තාක්ෂණය ගැන මඳක් සොයා බැලීමට අද අපි යොමු වෙමු. මෙතැන් සිට ඔබට කියවීමට ලැබෙන්නේ ආචාර්ය පී. වික්‍රමතුංග මහතා ගුවන්සර සඟරාවකට සැපයු තොරතුරු ඇසුරින් ගොනු කෙරුණු කරුණු ස්වල්පයකි.

    ” පුරාණ ගුවන් යානා තාක්ෂණය පිලිබඳව සම්පුර්ණ සඳහනක් ඉන්දියානු ශිෂ්ටාචාරයෙන් අපට සොයාගත හැක. වෛමානික ශාස්ත්‍ර ග්‍රන්ථයෙහි මේ පිලිබඳව ඉතාම සංකිර්ණ සඳහනක් කර ඇත. ඉන්දියන් මහා සෘෂි භාරද්වාජ විසින් රචිත වෛමානික ශාස්ත්‍ර ග්‍රන්ථයකට සමානය. එම ග්‍රන්ථයේ වර්ෂ 4000ක් පමණ පැරණි ගුවන් තාක්ෂණික ක්‍රම පිළිබඳව පැහැදිලි ලෙස දක්වා ඇත. මෙම ගන්ථයේ විමාන යානා තැනූ අමුද්‍රව්‍ය, විදුලි බලය, නියමුවන් හා නියමුවන්ගේ ඇඳුම්, භාවිතා කල කෑම වර්ග හා භාවිත කල ආයුධද දක්වා ඇති අතර එහි ගුවන් යානා පාලනය කල හැකි ක්‍රමය(Flight Manual) පවා සඳහන් කර ඇත. එහි දැක්වෙන ලෙසට යානය බල ගන්වන ක්‍රම 03 කි.

    1. ගයිරොස්කොප් (Gyroscope)

    2. විද්‍යුත් බලය (Electricity)

    3. රසදිය (Mercury)

    පුරාණ ගුවන් යානා සම්බන්ධයෙන් කල පරීක්ෂණ වලින් ඉහත සාධක සොයා ගැනීම පිලිබඳව මුලින්ම සාධක සඳහන්ව ඇත්තේ රාමායනයේය. රාමායනයේද මෙම විමාන පිලිබඳව සඳහන් වන අතර එය ලාංකික තාක්ෂණයක් ලෙස හඳුන්වා දී ඇත. මෙම ගුවන් යානා හෙල ශිෂ්ටාචාරයේ චක්‍රවර්ති රජු වූ රාවණ රජුගේ ප්‍රධාන ආයුධ වලින් එකක් ලෙස සඳහන් වේ.

    හෙල ඇසුර ශිෂ්ටාචාරයේ ව්‍යාප්තියට ඉවහල් වූ මෙම ගුවන් තාක්ෂණය රාවණ සමයේ දස දිසා පාලනයට උපකාරී විය. පුරාණ හෙලා අටුවාවේ සඳහන් පරිදි රාවණ අධිරාජයා තම රාජධානිය පුරා මෙම යානා වලින් සැරි සරූ බවත් එම ශිෂ්ටාචාර පැවැත්මට ඒවා උපකාරී වූ බවත් සඳහන් වේ. රාමායණයට අනුව නම් රාවණ අධිරාජයාගේ වඩාත් ජනප්‍රිය තාක්ෂණය ගුවන් තාක්ෂණයයි. රාමායණයට අනුව රාවණ පුෂ්පක රථය වෛශ්‍රවණ කුබේරගෙන් අල්ලාගත් බව සඳහන්ය. නමුත් ලංකා ඉතිහාසයේ ගුවන් යානා වූ බවට ඉන්දියාවට වඩා සාධක හමුවේ. රාවණගේ ප්‍රධාන ගුවන් යානය දඬු මොනර යන්ත්‍රය වේ. මෙම යානයෙන් රාවණ රජු ඉන්දියාව ඇතුළු රාජ්‍යයන් වෙතද ගමන කල බවද වැඩිදුරටත් සඳහන් වේ.

    මෙම යන්ත්‍රය රාවණ අධිරාජ්‍යයේ මතවාදයට තුඩුදුන් ප්‍රධානතම තාක්ෂණය වේ. මෙම යන්ත්‍රය නිමවා තිබූ ද්‍රව්‍ය හා උපකරණ පිළිබඳව එකල විවිධ මතයන් විය. දඬුමොණර යන්ත්‍රයට එම නම ලැබුණේ “රාවණ කතා” ඉපැරණි පුස්තකයට අනුවනම්, හිමාලය කන්දේ උතුරු දෙසට ගව් 7 ගියවිට “මයුර දණ්ඩ ” වෘක්ෂයෙන් පිරි වනයක් වේ. එම ලී ඉතා සැහැල්ලු වූ අතර ඉතා ශක්තිමත් විය. මෙම ශාකයේ කොළ අතු මොනර පිල් හැඩයට සමාන නිසාත්, මොනරුන් බෙහෙවින් ඒ ගස ආශ්‍රිතව ජීවත් වෙන නිසාත් එම ගස මයුර දණ්ඩ නමින් හඳුන්වා ඇත. එම නිසා දඬු මොනර යන්ත්‍රය නිමවා ඇත්තේ මෙම ලීයෙන්


    Credit goes to (Aape Urumee.අපේ උරැමේ)

    Repostනම් සොරි....:sorry:
    හොඳනම් සලකල යන්න..........:)
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    හොඳ පෝස්ට් එකක්.. පුලුවන්නම් රාම රාවණා කතාව හොයල දාන්න.. :)
    රෙප් 6+
     
    • Like
    Reactions: prasad9805

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ආ ,,,,ප්‍රසාද් මල්ලී ,,,,:):)
    වැදගත් ත්‍රෙඩ් එකක්
    ඔහොම යමු කොල්ලා ...........
    (ඔයාට රෙප් දෙන්ඩ බැරිලු මල්ලී) :(:(
     
    Last edited:

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    maxxxxxxxxxxxxxxxxxxxxa

    ආ ,,,,ප්‍රසාද් මල්ලී ,,,,:):)
    වැදගත් ත්‍රෙඩ් එකක්
    ඔහොම යමු කොල්ලා ...........
    (ඔයාට රෙප් දෙන්ඩ බැරිලු මල්ලී) :(:(
    ;)


    buy a book & read it


    නියමයි කොල්ලා..
    රෙප් දෙන්න බැරිලු..

    Ela Rep 5+

    නියමයි

    bohomatma stuti wewa.............:):):)