What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

dakshinasd

Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    macaha pichu wala gruha nirmana shilpaya sigiriyata hathpasinma wenas.pacha pichu godanegili karapu widiha hitha gannath behe.ekama jana kotasak kala kiyanna amarui eka nisa.

    Ekath ehemada?:oo:

    Ariel view ekakin baluwahama meka sahenna samanai wage mata penuna...

    Anyway... Thanks for letting me know!:D
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay
    413463_210843089022342_100002899581819_314076_1574687604_o_001.jpg
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay
    දෙවෙනි ලෝක යුද්ධය කාලේදි හිට්ලර් ගේ ඉංජිනේරුවන් විසින් නිර්මාණය කරන ලද අමුතු වර්ගයේ ගුවන් යානා සහ රොකට් තාකෂණය පිලිබද සකස් කෙරෙණු වාර්තාමය වැඩසටහනක්


     
    Last edited:

    Kubiya2012

    Member
    Jun 7, 2012
    3
    0
    0
    මුලින්ම මේ සංවාදය ආරම්භ කල යසස් සොහොයුරාට මාගේ ස්තූතිය හිමිවනවා එවගේම මෙම සංවාදය සාර්ථකව පවත්වාගෙන යාමට දායකත්වය ලබාදුන් සියලූම සහෝදර සහෝදරියන්ට මාගේ ප‍්‍රණාමය

    මම මීට පෙර මෙයට මාගේ ප‍්‍රතිචාරය යොමු කලත් එය ප‍්‍රකාශයට පත්වුනේ නෑ ඒ ඇයි කියලා මම දන්නේ නෑ මෙය පල වේවි කියා මම සිතනවා

    මෙම සංවාදය ආරම්භ කල යසස් සොහොයුරා වගේම දායකත්වය ලබාදුන් අනෙකුත් අයගේ මතයේ වුනේ මෙම සංවාදයට අඛණ්ඩව පවත්වාගෙන යාමට නමුත් හදිසයේම මෙම සංවාදය අක‍්‍රීය වෙනවා මෙයට දායකත්වය ලබාදුන් අය එකවර නිහඩවෙනවා අපේ සෑබැ ඉතිහාසය අපෙන් යටපත් වුනා වගේ මෙම සංවාදය හා සංවාදයේ සිටි අය යටපත් වෙනවා

    එසේ සිදුවුනේ අහම්බයක්ද ? එසේ නැතහොත් මේ පිටුපස වෙනත් බලවේගයක් පවතිනවාද කියා මගේ සිතේ සැකයක් පවතිනවා

    ඒ කෙසේ වුවත් මේ සංවාදයට දායකත්වය ලබාදුන් සහෝදර සහෝදරින් නැවත එකරාශි කරගෙන නව ජවයකින් අපි පෙරට යමු කියා මම යෝජනා කරනවා නවකයන් වශයෙන් මෙයට අපගේ උපරිම දායකත්වය ලබාදෙමින් අපේ සැබැ ඉතිහාසය සොයාගෙන යන මේ ගමනට අප සියලූ දෙනාම එකතු වෙමු

    ස්තූතියි
     
    Last edited:

    Kubiya2012

    Member
    Jun 7, 2012
    3
    0
    0
    මම දන්නා විදිහට මහාවංශය ලියපු මහනාම හිමියන් පැමිණියේ දකුණු ඉන්දියාවෙන් වෙනත් රටක ඉතිහාසයක් ලියන්න ඇයි මහනාම හිමියන් ලංකාවට පැමිණියේ එය පිටුපස යම් දේශපාලනික අරමුණක් තිබුනද ?

    තවත් කරුණක් මම මෙය අසා තිබෙන දෙයක් මෙහි සත්‍යතාවය පිළිබඳව නිවැරදිව දන්නා කෙනෙක් ඉන්නවා නම් සඳහන් කරන්න මහවිහාරයේ පුර්ණ අනුග‍්‍රහය මත මහනාම හිමියන් මහාවංශය ලියා අවසන් කරන අවස්ථාව පැමිණෙන විට මහවිහාරය වෙත ප‍්‍රබල තර්ජනයක් මතුවෙනවා හෙළ භාෂාවෙන් ලියන ලද ඇතුන් 7 බරකට සමාන පුස්කොළ ගබඩාකර තිබු මහ විහාරය එම පුස්කොළපත් සමඟම ගිනිබත් වෙලා අළු බවට පත් වෙනවා


    මම අසා තිබෙන පරිදි මේ අවස්ථාවේදි මහනාම හිමියන්ට අභයගිරියේදී ආරක්ෂාව ලැබෙනවා අභයගිරිය තුලදි තමයි මහනාම හිමියන් මහාවංශයේ අවසාන පරිජේද සම්පුර්ණ කරන්නේ මෙහිදි සිදුවන්නේ හෙළ භාෂාවෙන් ලියා තිබු අපගේ ඉතිහාසය පිළිබඳ පුස්තකයන් විනාශ වී අවසානයේ අපගේ ඉතිහාසය පිළිබඳ මුලාශ‍්‍ර ග‍්‍රන්ථය බවට මහවංශය පත්වීම


    මහවිහාරයේ අනුග‍්‍රහයෙන් මහාවංශය ලියන්නට පැමිණි මහනාම හිමියන්ට පසුව අභගිරියේ රැකවරණය ලැබුනේ කෙසේද? ඉන්දීය දේශපාලනික වුවමනාව මත මහවිහාරය හා අභයගිරිය අතර ගැටුමක් වර්ධනය කර මහවිහාරය විනාශ කලා වෙන්න බැරිද ? පසුව අභයගිරියෙන් මහනාම හිමියන්ට රැකවරණය ලැබුනේ ඒ නිසා වෙන්න බැරිද ?

    තවද දේශපාලනික වුවමනාවන් වෙනුවෙන් මහනාම හිමියන් පෙනි සිටියාද කියන බලවත් සැකය මතුවන්නේ විජයගෙන් අප පැවතගෙන ඒම හා බුදු හාමුදුරුවන්ට විජයගේ ඇති ඥාතීත්වය දක්වමින් මහාවංශය ආරම්භ කිරිම ඉන්දියාව ඉහළට ඔසවා තබන්නට සිදු කරන ලද්දක් ද? කෙසේ වුවත් මහාවංශයේ සියලූම තොරතුරු අසත්‍ය වන්නේ නෑ එය ඉතාමත් වැදගත් ලේඛණයක් නමුත් එහි බොහෝ ගැටලූ සහගත තැන් මතුවනවා

    වර්තමානයෙත් අපට විශේෂයෙන් දකුණු ඉන්දියාවෙන් විශාල දේශපාලනික බලපෑම් මතුවනවා අතීතයෙත් අපට එවැනි බලපෑම් මතුවී තිබෙනවා මහනාම හිමියන්ගේ මහාවංශයේ ප‍්‍රවේශය තුල මෙකී දේශපාලනීක අරමුණු තිබුනා වෙන්න බැරිද ?
     

    santush13

    Member
    Jun 12, 2007
    99
    1
    0
    After 5 months there is no any post :no::no::no::no::no::no::no:

    If I have time, I will come here and check the new post, But thing is there is no new info on thread now, But its OK BZ we know to find new info its hard, I need to tell malaka & yasas and other all please when you come here post at least one letter.

    Every body on this thread if you could please listen RAVANA on V FM sunday 7pm on that they discuss about helayugaya

    as i remember 107.0 FM
     
    Last edited:

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay
    රාවණා ඇල්ල අසල පොළොව යට ජල තටාකයක්


    406596_533758696635336_1187697575_n.jpg


    ”ඔය ගලට කකුල තියන්න එපා’’, ‘‘ගල බුරුල්වෙලා තියෙන්නේ. මෙතනින් අල්ලගන්න. එහා පැත්ත බලන්න එපා, අඩි තුන්සීයක් විතර වළක් පේනවා’’ අන්ධකාරය කපාගෙන ගුහාව පුරා දෝංකාරය දෙන්නේ මෙත්තානන්දගේ කටහඩයි. එහි දැඩි ආවේගශීලි බවක් දැනුනේ තරුණ පිරිස ගේ නොසැලකිලි බව නිසාවෙන් ගල්කිහිපයක් පහතට වැටීමෙනි. අප පොළොව මට්ටමේ සිට පහතට අවම වශයෙන් කිලෝමීටර් එකක්වත් පැමිණ ඇත.

    රාවණා ඇල්ලට මෑත කාලයේ ප‍්‍රසිද්ධියක් ලැබුණේ උමාඔය ව්‍යාපෘති භූමියේ දක්නට ලැබුණු අබිරහස් උමං කටක් නිසාය. අයෙක් එය රාවණා ගුහාව යයි අනුමාන කරති. තවත් අයෙක් පවසන්නේ එහි තුළ නිධන් හා දඩුමොණර යන්ත‍්‍රය ඇති බවකි. උමා ඔය යෝජනාක‍්‍රමයේ ව්‍යාපෘති අධ්‍යක්ෂක අතුකෝරල මහතා පවසන්නේ ව්‍යාපෘති භූමියේ එසේ උමගක් හමුවී නොමැති බවයි. කෙසේවෙතත් දැඩි ආරක්ෂාවක් යටතේ වර්තමානයේ එම ප‍්‍රදේශය ජනමාධ්‍යයට තහනම් කලාපයකි. තත්ත්වය එසේතිබියදී ඇල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කරදගොල්ල ගම්මානයේ තරුණයන් දෙදෙනකුට කැලෑබදකින් හමුවන්නේ තවත් උමං කටකි. කලාන්තරයක් මුළුල්ලේ සමාජයට වහන්වී පැවතුනු මෙම උමගය තුළ ඇතැයි කියන ජලතටාකය සොයා පසුගිය දිනක අනතුරුදායක ගමනකට අපි මුල පිරුවෙමු.

    අප පිරිස 25කි, ගමනේ නඬේගුරා කරදගොල්ලේ මෙත්තානන්දය. ඔහුගේ තීරණය අවසන් තීරණ වන්නේ වතාවක් දෙකක් ඔහු තනිව මෙම උමං කටට බැස තිබූ නිසාය.

    ප‍්‍රදේශයට මසක කාලයක් තිස්සේ ඇද හැළුනු වැස්ස තුරන්වූවා පමණි, රාවනා දිය ඇල්ලේ සිට කිලෝමීටරයක් තරම් දුරින් පිහිටි මෙම උමගය තුළට පිවිස එහි ඇතැයි සැලකෙන ජල තටාකාංගණය නැරඹීමේ කුුතුහලයක් මා තුළ පතිතවිය. එය සැබැවින්ම දැඩි අනතුරුදායක ගමනකි. එය කංසා වගා කරුවන් මුණගැසීමට ගිය ගමනටත් වඩා අනතුරුදායකය. එහෙත් මෙය රටට හෙළිකළ යුතුයි. එහි ප‍්‍රථිඵලයක් වශයෙන් මෙම වනවිට අප උමග තුළට කිලෝමීටර් එකකට අධික දුරක් පැමිණ ඇත.

    උමගය තුළට යාමට අවශ්‍ය ආලෝකය අප සපයා ගත්තේ බෝතල් කිහිපයකට ලාම්පුතෙල් පුරවා පොල්මුඩු ගසා සාදාගත් පන්දම් කිහිපයකිනි. ඊට අමතරව මා මිත‍්‍ර කපිල ගෙනවිත් තිබූ අධි ආලෝක විදුලි පන්දම් අපට බෙහෙවින් ප‍්‍රයෝජනවත් විය. උමං කට ගල් දේබොක්කාවකින් සෑදී ඇති අතර එහි තුළට මීටර් 20ක් පමණ ගමන් කළවිට පහතට බැසියයුතු තැන් කිහිපයක් හමුවෙයි. ඇතැම් තැන් බෙහෙවින්ම අනතුරුදායකය.

    කඹ යොදා සීරුවෙන් කුඩා විවරයෙන් අපි පහළට බැස ගතිමු. පැය තුනකට ආසන්න ගමනකින් පසු සිය දෙනෙකුට පමණ පහසුවෙන් නැවතී සිටිය හැකි ආකාරයේ විශාල කුටියක් අපට හමුවිය. පොළොවේ සිට එහි පියස්ස මීටර් 20 ක් තරම් උසකින් යුක්තය. අප එහිතුළට වී මඳක් ගිමන් හැරියෙමු. වෙනත් උමං තුළට ගමන් කරන විට වාතාශ‍්‍රය අඩුවුවත් මෙම උමගය තුළ වාතාශ‍්‍රයේ වෙනසක් නොවීම විශේෂ බව කිව යුතුයි.

    ‘‘දැං හරි අප යං’’ මෙත්තානන්ද පවසයි. ‘‘එක එක්කෙනා එන්න’’ යයි පවසා, ගල් බිත්තියේ වූ සිදුරකින් රිංගු ඔහුගේ විධානයෙන් අපි එකිනෙකා ගමන් කළෙමු. කුහරය අඩි දෙකකි, නළයක්මෙන් පහතට විහිදී ඇත. මුලින්ම කකුල් දෙක කුහරයට ඇතුළුකොට උඩුබැලි අතට ගමන් කිරීමට සිදුවිය. එය බෙහෙවින් දුෂ්කර කටයුත්තකි. මුහුණත් ගල් රැුන්දත් අතර පරතරය අඟල් හයකි. තට්ටම් ප‍්‍රදේශය උපයෝගිකොටගෙන අඩි විසි පහක් ගමන් කිරීම ශරීරයට දැඩි වේදනාවක් ගෙන දෙන්නක් විය.

    එම ගමනින් පසු පහසුවෙන් සිටගෙන ගමන් කිරීමට හැකිවන පරිදි උමග නිම වී ඇති තැනින් පහතට තවත් කිලෝමීටර් කිහිපයක් අවදානම් ගමනකින් පසු එක්තරා ස්ථානයක නැවතුනු මෙත්තානන්ද ගලක් පහතට දැමීය. ගල වැටුණේ වතුර වළකට බව අපට අවබෝධ විය.

    එදෙසට විදුලි පන්දම් අලෝකය යොමුකළ අපට දිස්වූයේ දර්ශනීය ජල තටාකයකි. විදුලි පන්දම් ආලෝකයට එම ජලය නිල්පාටට දිස්වන්නට විය. සියලූදෙනා කළේ විල අසලට බැස අතපය සේදීමයි ජලය දැඩි සීතලය.

    මෙත්තානන්ද සිය කටහඬ අවදිකරයි. ‘‘අපි පුංචිකාලේ තාත්තලා සීයලා කියා තියෙනවා කැලේ ඇති උමං ගැන, ඒවාට ගලක් දැම්මම ටිකවේලාවකින් තමයි ශබ්දය එන්නේ කියලත් කියා තියෙනවා. නමුත් තියෙන තැන් කාටවත් ඔවුන් පෙන්වූයේ නෑ. නමුත් මට මේ උමගක් තුළට යන්නට සිතුණා. පසුගිය දිනක තවත් මල්ලී කෙනෙක් එක්ක මං උමග තුළට පිවිසුනා. පාර සොයාගෙන තමයි ගියේ. පැය ගණනාවක් ගමන් කිරීමෙන් පසු තමයි දැක්කේ වතුරවළක්, ළඟටම ගියාම පුදුම හිතුනා. එය ජලයෙන් පිරුණු විශාල පොකුණක්, එයට එහායින් තවත් විශාල කාමරයක් තියෙනවා. 500කට 600 කට ඉන්න පුලූවන්. මේ ආකාරයට උමග තුළට ගමන් කරන්න පුලූවන්. නොදන්න කෙනෙක් ගියොත් ආපසු එනවා බොරු, ඇතැම් වළවල්වලට ගලක් දැම්මාම විනාඩි කිහිපයකට පස්සේ තමයි ශබ්දය ඇසෙන්නේ. එතරම් ගැඹුරුයි’’ යයි මෙත්තානන්ද පවසයි.

    උමගය සැබවින්ම විශ්මය ජනකය. ජලතටාංකාංගණය වෙත යාමට අවම වශයෙන් කිලෝමීටර් දෙකක් කන්ද තුළට යා යුතුය. එය බෙහෙවින් අවදානම් ගමනකි. යම් හෙයකින් උමගය තුළ පාර වැරදුණොත් නැවත ආපසු සොයාගැනීම හීනයක් බදුය. නිසල දියෙන් දිය දෝතක් පානය කළ මා ප‍්‍රශ්න කන්දරාවක් මෙනෙහි කරමින් ආපසු ගමන් ඇරඹිමි.

    බදුල්ල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රථම ආන්දෝලනාත්මක උමග හමුවූයේ 1997 වර්ෂයේදීය. එය පිහිටා තිබුණේ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයට යටින්ය. එදා ගමනේ නඬේගුරා වූයේ මා හිතවත් පාලිත ආරියවංශයන්ය. ඇල්ල යනු ඌවේ ප‍්‍රධාන විදෙස් සංචාරක කේන්ද්‍රස්ථානය වශයෙන් පිළිගනී. මෙම උමං තුළ පුරාවිද්‍යා වටිනාකමක් ඇද්දැයි සොයා බැලීම අදාළ බළධාරීන්ගේ යුතුකමකි. එය උමංකට දෙස බලා නොව එහි අභ්‍යන්තරයට ගමන් කරමින් පරීක්ෂාකර බැලීම මගින්ය. රජය සංචාරක කර්මාන්තය නගා සිටුවීමට දැඩි වෙහෙසක් දරන සමයේ මෙම උමං කිහිපය අනාගතයේ යම් දිනක විදෙස් සංචාරකයන්ට විවෘත වුවහොත් ප‍්‍රදේශයට සංචාරකයන් තව තවත් ගෙන්වා ගැනීමට එය වඩා මහෝපකාරීවනු ඇත.​
    ලංකාදීප
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay
    ගේට්ටු 18 ක් සමඟ පොකුණු රැසක් තිබෙන කරඳගොල්ලේ රාවණා උමඟ

    480374_533028716708334_909901928_n.jpg

    එය අරුම පුදුම ගුහාවකි. එක පැත්තක පිට්ටනියකි. තවත් පැත්තක පොකුණුය. අනෙක් පැත්තේ බුදු පිළිම ඇතුළු පුරා විද්‍යා ස්මාරක රැසකි. අවට අරුම පුදුම පරිසරයකි. හිතා ගන්නට බැරි සිසිලසක් ගතට සිතට දැනේ.

    මෙහි ගේට්ටු 18 ක් අතීතයේ තිබී ඇත. දැන් ඇත්තේ එක් ගේට්ටුවකි. කිලෝමීටර් දෙකක් දුරට ගුහාව ඇති බව පෙනේ. ගල් ඇඳක් ද මෙහි ඇත. මේ සියල්ල දක්නට ඇත්තේ ඈත අතීතයකට හිමිකම් කියන ඌව පළාතේ කරදගොල්ල ප්‍රදේශයේදීය.

    ඇල්ල - වැල්ලවාය මාර්ගයේ සිට කරඳගොල්ල විදුහල් මාර්ගයට පිවිස කිලෝමීටර් 05 ක් පමණ ඉදිරියට යා යුතුය. මෙහි කුඩා නිවසක් අසලින් පෞද්ගලික ඉඩමක් හරහා දකුණට කි. මී. 02 ක් පමණ (නිශ්චිත පාරක් නැත) මානා පඳුරු සහිත කන්දක් තරණය කිරීමෙන් පසු මෙම ගුහාවට යා හැක. දුෂ්කර ගමනකි. මෙය රාවණා රජුගේ නිර්මාණයක් බව පැරැන්නෝ කියති.

    පුළුල් පරාසයක විහිදී ඇති මෙම සුවිසල් ගුහාව මාර්ග, පිට්ටනියක් හා ජලාශයක් (පොකුණක්) පුරා විද්‍යා ස්මාරක යනාදියෙන් සමන්විත බව පැවැසේ. මානා පඳුරුවලින් ගහන කන්දක දුෂ්කර ගමනකින් පසු යථෝක්ත ගුහාවට ළඟා විය හැක.

    ජන ශූන්‍ය ප්‍රදේශයක් වන මෙහි ඉඳහිට ඇසෙන පක්ෂින්ගේ හඬක් හැර මිනිස් කටහඬක් නැති තරම්ය. මෙම අපූරු ගුහාව පිළිබඳව කීපදෙනෙක් මෙසේ කරුණු දිග හැරියහ. ඌව - කරඳගොල්ල පදිංචි බී. එම්. අබේතිස්ස පොඩිනිලමේ මහතා (52), මේ ගුහාව පිළිබඳව පළමුවෙන්ම දැන ගත්තේ 1989 වසරේදී. මා දැනට වාර තිහක් පමණ ගුහාවට බැස තියෙනවා. පළමුවෙන්ම ගිය දිනය මතකයි. දිග කිලෝමීටර් 2යි
    ලස්සන බුදු පිළිමයක්
    තිබෙනවා ඇතුළේ
    නයෙක් ඉන්නවා


    මා එදා ගියේ නෙල්ලි කඩන්නයි. එහිදී හමුවුණා නාඳුනන පුද්ගලයෙක්. ඔහු කීවා “වරෙන් උඹට පෙන්වන්න දෙයක් තියෙනවා” යයි මා මේ ගුහාවට කැඳවාගෙන ගියා. දැනට ගුහාවට බහින තැන එදා පඩි පෙළක් තිබුණා. එහි යන විට දකුණු පැත්ත බාග දොරටුවක් සහිත කාමරයක ගල් ඇඳක් තිබුණා. තරමක් ලොකු කාමරයක උස බුදු පිළිමයක් තිබුණ අතර එහි බිත්ති දිලිසෙමින් තිබුණා. එහෙත් පසු කලෙක එහි දොර වැසී ගිහින්.

    දොරටු 18 ක් තිබුණා මතකයි. හැමෝටම එහි යන්න බෑ. කෙසේ හෝ එම පාර පසුව සොයා ගන්න බැරිවුණා. තවත් සිදුවීමක් වුණා වසර දොළහකට පමණ පෙර දිනක විස්සකට වැඩි පිරිසක් සමඟ ගුහාව ඇතුළට යන විට පුද්ගලයන් සිව්දෙනෙක් පාර හරස් කර හිටගත්තා. අපට බයක් දැනුණා.

    කොහෙද යන්නෙ? අපෙන් ඇසූ පසු “ගුහාව බලන්න ආවා” කිව්වා. ඊට පසු ඔවුන් නොපෙනී ගියා. ඒ වෙලාවේ මා ඔවුන්ට උත්තර දී ඇත්තේ වෙනත් භාෂාවකින්. ගිය අය එය වීඩියෝ කළා. ඒත් දැන් එය සොයා ගන්න බෑ. වීඩියෝ කළ තැනැත්තා මිය ගිහිං. මේ ස්ථානය පිළිබඳව එදා සිට පළාත් මහ ඇමැති, දිසාපති හා පොලීසියට දැනුම් දුන්නා. ඒත් කිසිම පලක් වුණේ නෑ. පොඩිනිලමේ මහතා පවසයි.

    ඌව කරඳගොල්ල කේ. සෝමදාස මහතා මෙම ගුහාවට දස වරක් ගොස් තිබේ.

    එහි යාම අති දුෂ්කරයි. මුලින්ම මා ගියේ තවත් කණ්ඩායම් සමඟ. ඒ කඹයක ආධාරයෙන්. ඇතුළු වී මීටර 400 ක් පමණ පහළට බැස ගිය පසු පොකුණක් වැනි ජලාශයක් හමු වෙනවා. එහි ජලය පිරිසිදුයි. මා හැම වාරෙම භාජනයකට ජලය ගෙනවිත් දරුවන්ටත් බොන්න දෙනවා.

    පොකුණ ළඟ කුඩා සෙල්ලිපියක් තියෙනවා. මා තවම පොකුණෙන් එහාට ගොස් නෑ. බය නිසා. මේ ස්ථානය දන්නා තරමින් හාස්කම් ඇති තැනක්ව තිබුණේ. ඒත් දැන් දැන් කාන්තාවන් පවා ගොස් තිබෙනවා. එවිට බලය අඩුවෙනවලු. කෙසේ හෝ මෙම ස්ථානයට තවම රජයේ අවධානය යොමු වී නෑ. පුරාවිද්‍යා අංශයට වැදගත් තැනක් බව කිව හැකියි. සංචාරක ව්‍යාපාරයට යහපත් විය හැකියි. මෙය අපේ උරුමය. ඒවා රැකිය යුතුයි. අපට ඇති ප්‍රෞඪ ඉතිහාසයම පිළිබිඹු වන තැනක් බව කිව හැකියි.

    වැල්ලවායේ සුනිල් ඩී. ආනන්ද මහතා ද මේ පිළිබඳව කරුණු දක්වයි.

    අපේ හෙළ රජ දරුවන්ගේ විස්මිත දස්කම් අප දැක ඇතත් මෙතෙක් අප නොදුටු දෑ බහුතරයක් ඒ අතර තිබෙනවා. රාවණා රජුගේ නිර්මාණයක් වන වැල්ලවායේ සොයා ගත් මෙම සුවිසල් ගුහාවෙන් පැහැදිලි වෙනවා මෙම ස්ථානය පිළිබඳව ප්‍රදේශවාසීන් දැනුම්වත් වී සිටියත් රටට එය ගියේ නෑ. කිනම් හෝ රජයකින් මෙම ඓතිහාසික ස්ථානයේ සංවර්ධනයක් හෝ ආරක්ෂාවක් සිදු නොවීම අභාග්‍යයකි. එය එසේ වූද වන මැද නිහඬ පරිසරයක පිහිටි මෙම

    ස්ථානයේ දිවා රෑ ආරක්ෂකයෙක් සිටින බවනම් සත්‍යයකි.
    ඒ ගුහා ප්‍රවේශ මාර්ගයේ ඉහළින් ගල් ලෑල්ලක් මත මහත් උජාරුවෙන් වැජඹෙන සුවිශේෂී නාග රාජයායි. අසාමාන්‍ය වූ මෙම නාග රාජයා සිය අසුනේ සිට පෙනය පුම්බා සිටින අයුරු තෙජාන්විතය. මෙහි යනෙන ඇතැමුන් නාගයා නොදුටුව ද ඒ සෑම කෙනෙක්ම නාග රාජයාට ගරු බුහුමන් කර අවසර ගෙන යාමට අමතක නොකරති. මේ නිසා ගුහාව නරඹා ආපසු එන තෙක් කිසිදු නොමනා දෙයක් නොකිරීමට සියල්ලෝ වග බලා ගනිති.

    වැල්ලවායේ කේ. බී. එම්. ජයවික්‍රම මහතා පවසන්නේ, රාවණා ගුහාව පිළිබඳ දැනගත් දා සිට එය බලන්න යන්න ලොකු ආසාවකින් හිටියේ. එහි ගියපු අය කියන විස්තර අනුව යාමට ඇති බය සමඟ ගමන කල් ගියා. අවසානයේ දසදෙනෙකුගේ කණ්ඩායමක් හදාගෙන දැඩි අධිෂ්ඨානයෙන් ගියා යයි පවසයි. ප්‍රදේශවාසී කීප දෙනෙක් ද හිටියා. ඒ අයගේ මග පෙන්වීම අනුව ගුහාව ඇතුළට කඹවල ආධාරයෙන් උදේ 9.00 ට පමණ බැස්සා. බහින්න පමණක් පැය 5 ක් පමණ ගියා. හැම කෙනෙක් අතේ විදුලි පන්දම බැගින් තිබුණා. ඇතුළත යාමට පාරවල් නෑ. ඉතා පරෙස්සමෙන් යායුතු ඇත්තේ. මේ අතර හිටි ගමන් උඩින් ගල් කෑලි ගැලවී වැටෙනවා.

    කිලෝ මීටර දෙකක් ඈත එළිය විහිදෙනවා. අධි බලැති ආලෝකයේ නිමක් නෑ.

    අහසට ටෝච් එකක් ගැහුවා වගේ. වවුල්ලු නැති වුණත් ලිහිණින් සිටින බව පෙනුණා. කෙසේ හෝ තවත් ඉදිරියට යාම භයානක බැවින් ගමන නවත්වා කඹවල ආධාරයෙන් උඩට ආවා.

    ඒ පස්වරු 5.30 ට පමණ. ගුහාව එක දිනයක නැරැඹීම කළ නොහැක්කක්. අවම වශයෙන් ඒ සඳහා දින දෙකක්වත් අවශ්‍ය වෙනවා” ජයවික්‍රම මහතා පැවසීය.​



    silumina