ඔබ ළඟ නැති මේ සසරේ
තනිකම දැනුනා අඳුරේ
පැතුවා ඔබේ සිසිල උනුසුම් කතරේ
ඔබ මා ලඟ අතරේ....
රන් දේදුනු පෑවූ දා
ඔබ හා මා එක්වූ දා
මතකයි ඔබේ සුදු අත ගෙන පිය මැන්නා
පොද වැස්සක අපි තෙමුනා....
විළඳ පොරි ඉහලා අපට සුභ පැතුවා
අසිරි හඬ දීලා මංගලම් කීවා
සුවඳින් පිරී අසරැල් ඔබේ මගෙ මුවගට ළංවුවා
ඔය රුව මගෙ නෙත දුටුවා....
සඳ කිරණ වැදිලා මල් සුවඳ දැනිලා
පිනි දහඩිය වැටිලා ඔබේ මුහුණ දිදිළා
ඔබ හා මෙමා දෙදෙනෙක් කියා සිතුවා ඉවරයි හිතුනා
රැය පහන් කලා දෙදෙනා....
ඔව් බං..මම දෙපාරම බෑන් වුනේ ඕකට කුණුහරපෙන් බැනලාසුපිරිඕකා ඉස්සර ඉදන්ම ඔහොමද බන්
![]()