තරු පංතියේ හෝටලයකින් කනවානම්...

Hood

Member
Dec 3, 2012
524
402
0
Ohio
තරු පංතියේ හෝටලයකින් කනවානම්...

තරු පංතියේ හෝටලයකින් කනවානම්...

buffets-06Apr2011114717695246_zps4a8c7fa8.jpg


කලින් තරු පංතියේ මගුලකට යන හැටි දන්න තරමින් කිව්වනෙ.. තාම බැලුවෙ නැත්නම් මෙතනින් යන්න.. ඒකෙ සමහරු පෙන්නල දුන්න මග ඇරුනු කරුනු තිබ්බ. (එයාලට ස්තූතිය) ඒව කමෙන්ට් විදියට දැන්ම. සමහරු වැරදියට තේරුම් අරන් තිබ්බ. ඒ ඔක්කොම වෙනුවෙන් ඒ ටික මුලින්ම කියල ඉන්නම්කො. වෙඩින් buffet එකයි සාමාන්‍ය buffet එකකුයි පටලවා ගන්න එපා..


1.මම කියල තිබ්බ දෙපාරක් කන්න බෑ කියල. ඒ වෙඩින් හෝ පාටි buffet එකක විතරයි. සාමාන්‍ය තරු හෝටලයක buffet එකකින් ඕන තරම්පාරක් කන්න පුලුවන්.. අපි තරු හෝටලයක buffet එකකින් කනකොට ඉදුල් පිගාන ආයිත් buffet එකට අරන් යන්නෙ නෑ. දෙපාරක් කන්න ඕන උනොත් කරන්නෙ අලුත් පිගානකට ආයිත් බෙදා ගන්න එකයි. ඒකයි buffet එකකින් කීප පාරක් කන ක්‍රමේ. Wedding එකක හරි party එකක හරි අමුත්තො ගනනට තමා කෑම ඇණවුම් කරන්නෙ. අපි කියමු 200ක් කියල. එතකොට අමුත්තො 200ක් ආවත් නැතත් කෑම පිගන් 200ටම අය කරනවනෙ. ඒත් මෙයාල කෑම හදන්නෙ හරියටම 200කට නෙමේ. සංවිධානය කරන අය 230කට විතර ඇනවුම් කරනව. හෝටලෙන් 250කට විතර හදනව. එතකොට හෝටලෙන් අමුත්තන් ගනන ගනින්නෙ දොරෙන් ඇතුලුවෙන ගනනින්වත් හදපු කෑම 230න්වත් නෙමේ. කන පිගන් ගනනෙන්. (230+x) ඒ නිසා ඔයාල buffet එකේදි දෙපාරක් කනව කියන්නෙ පිගන් 2ක්. එතකොට පිගන් 2කට charge වෙනව. ඒකයි දෙපාරක් කන්න බෑ කිව්වෙ.

BuffetsCatering010L_zps9e4eed4c.jpg


2.හැබැයි ඔයාලගෙ සල්ලි වලින් breakfast/dinner buffet එකකට වගේ යනව නම් ඕන plates තරමකට ඕන තරම් පාරක් කන්න පුලුවන්. කන කන plate එකට charge එක වැටෙනව. ඒත් ඕකෙ මුදල් අය කරන ක්‍රම තියෙනව. breakfast/dinner එකට මිලක් නියම කරන තරු පංතියේ buffet එකකින් කොහොම කෑවත් අදාල මුදල තමයි.
ex- breakfast එක 1000යි කියල තියෙනව නම් plates කීයක කෑවත් 1000ම තමා.

p1b_zps84a2d67e.jpg


3.තරු හොටෙල් එකේ room එකක් අරන් තියෙනව නම් ඒත් එහෙමයි. buffet එකෙන් කොහොම කෑවත් එකම ගාන. හැබැයි ඔයාලගෙ restaurant එක නම් ටිකක් වෙනස්.. semi self service වගේ. ඒ කියන්නෙ table settings කරල නෑ. ඒ වගේම ටිකක් සද්දෙයි. සෙනග වැඩී. හොටෙල් එකේම ඉන්න guestල කන්න එන නිසා ටිකක් වෙලා ඉන්න වෙන්නත් පුලුවන්. ඔතනදි විවිධ කෑම වර්ග තියෙනව. සිංහල කෑම. බටහිර කෑම, එදාට Hotel එකේ තියෙන Theme එකට අදාල කෑම. ගානට කන්න ඕනෙ. ගොඩක්ම නාන්නෙ අපේ Honeymoon යන කපල්ස් තමයි..

BuffetPlatesJL09_zps796ca542.jpg


4.මෙච්චර plate ගොඩක මොනාද කන්නෙ ඔච්චර කන්න බෑනෙ කියල හිතෙනව ඇති. ඇත්තටම plates කිපයක් සමහර buffet වල ඕනෙ වෙනව. වෙඩින්ග්/පාටි වල buffet නෙමේ. තරු හෝටලේ guest restaurant එකෙන් කන්න එන එක එක රුචි තියන අයට එක එක කෑම වර්ග තියෙනව. ඒ හැම එකක්ම එකම plate එකේ කන්න බෑ. එහෙම කෑවොත් නෝන්ඩි. ඒ නිසා ඒව කීප සැරයකදි වෙනවෙනම plate වලට බෙදාගන්න ඕනෙ.

Sri-Lanka-Food_zpsece1b1a8.jpg


5.Hotel guest restaurant එකේ ඉදිආප්ප, පිට්ටු, කඩල, කිරිබත්, නූඩ්ල්ස්, පැස්ට, බ්‍රෙඩ්ස්, බන්ස්, බ්ලා බ්ලා ගොඩක් තියෙනව. නූඩ්ල්ස්, පැස්ට එක්ක කඩලයි, බිත්තරයි, සොසේජ් වගේ එහෙම දාගෙන කන්න එපා. ඒ ගෙදර කද්දිනෙ පානුයි, බතුයි ඔක්කොම දාගන්නෙ. එහෙදි එහෙම බෑ. දෙපාරකට ප්ලේට්ස් 2ක කන්න.

fork-and-spoon_zps9239e815.jpg


6.දැන් තරු හෝටලේනෙ කියල හැන්ද ගෑරුප්පුව ඉස්සර කරගන්න එපා. මොකද අපි දැකල තියෙනව ලන්කාවෙ couples ඉදිආප්ප, පිට්ටු, කඩල කනව fork n spoon වලින්. පට්ට චා. වෙන්න පොශ්. තැන අනුව වගේම කෑම එක අනුවත් වෙනස් වෙන්න ඕනෙ. ලන්කන් කෑම නම් කන්නෙ,, අනිවා අතින් කන්න. ඒ වගේම බටහිර කෑම නම් හැදි ගෑරුප්පු තමා. හැබැයි table setting එක නෑ කිව්වනෙ. අවශ්‍ය tools buffet එකේ අනිත්මට තියෙනව. එතනින් ඕන ටික අරන් එන්න පුලුවන්..
ඒත් wedding එකක තියන කෑම වර්ග නම් ඔක්කොම fork n spoon වලින් කන්න පුලුවන්. මස් වුනත් පුලුවන්. කන්න ලේසි වෙන කෑලි තමා දාගන්න ඕනෙ. කොහොමත් තරු හොටෙල් වල බෙලි, පිහාටු වගේ ඒව නෑ. ඒව තිබ්බොත් තරු හැලෙනව.

243_fresh_bread-460x235_zpsabb80e20.jpg


7.බ්‍රෙඩ්ස් කනව නම් buffet එකෙන් වෙන් කරපු තැනක තියෙන්නෙ. එක එක බ්‍රෙඩ්ස් එක එක හැඩෙන් තියෙනව. අවශ්‍ය ඔක්කොම tools තියෙනව. එතනින් ඕනෙ ඒව එතනදිම කපල ගන්න. චීස්, බටර්ස් වගේ ගන්නව නම් අවශ්‍ය චීස්, බටර්ස් එතනින් අරන් ටේබල් 1ට එන්න. table එකේදි අවශ්‍ය බටර්ස්, චීස් ගාල කපල හදා ගන්න. බිත්තර, සොසේජ් වගේ ඕනෙ නම් ඒටික buffet එකෙන් ඒ plate එකටම ගන්න පුලුවන්.

හරි දැන් බලමු තරු පංතියේ හෝටලේකින් කන විදිය..

Buffet-Breakfast_zpscbdb0025.jpg


මුලින්ම බලමු වාඩි වෙන විදිය. ගොඩක් formal parties වල නම් (Formal/Official/Business, restaurant Dine out එකකටත් අදාල වේ) බොහෝ වෙලාවට වාඩි වෙන්න නියමිත තැනක් හැමෝටම තියෙනව. තම නම සදහන් පොඩි කාඩ් එකක් Table එකේ තියෙනව. ඒත් ගිය ගමන් වාඩි වෙන්න එපා. එහෙම කාඩ් එකක් තිබෙ නැත්නම් කැමති තැනක් තෝරගන්න Table එකට invite කරන්න කලින්. ඔයාලට ආරධනා කරපු කෙනා වාඩි වෙනක්ම් ඉන්න ඕනෙ වාඩි වෙන්න. එහෙම නැත්නම් එයා කියනකම් ඉන්න.

Die out එකකදි girl/wife/female partner කෙනෙක් එක්ක යනවා නම් වාඩි වෙනකොට එයාලට උදවු කරන්න ඕනෙ. සමහර වෙලාවට Lady ට වාඩි වෙන්න waitersල උදවු වෙනව. ඒත් Gentleman උදවු කරනව නම් තමයි හොද. ඒ වගේම ඔබට ලගින් ඉන්න කවුරු හරි Lady කෙනෙක් වාඩි වෙන්න හදනවා නම් ඔබට උදවු කරන්න පුලුවන්. ඒත් එහෙමයි කියල දැන් restaurant එකේම වාඩි වෙන්න හදන ගැනු හොයහොයා දුවන්න එපා.. උදවු කරන හැටි දාන්න ගියොත් මේක අම්බානෙකට ලොකු වෙනව. පුටුව අදින විදිහ. තල්ලු කරන විදිහ. නවතින්න ඕන තැන වගේ ගොඩාක් දේවල් තියෙනව. ඒව ඕනෙ නෑ. Simple දේවල්නෙ.

dragon_lunch_plate.jpg


බෙදාගන්නකොට ලොවක් දෙවක් නැතුව බෙදාගන්න එපා. සමහර කට්ටිය ඉන්නව කොත වගේ බෙදාගන්නව කන්න ගියාම බෙදාගත්ත එකෙන් කාලක්වත් කාල නෑ. ඒ නිසා දෙයක් කියන්නම්. පිටි වලින් හදපු කෑම,(බන් වගේ) ඒව ගන්න එපා. මොකද ඒක ඉස්සෙල්ල කාල වතුර හරි වයින් හරි බිව්වම බඩ පිපෙනව.කන්න බෑ.ඒ නිසා බත් හැඳි 2,3ක් බෙදාගෙන අනෙක් ව්‍යංජන ටිකක් වැඩිය බෙදාගන්න.

1. නැප්කින් භාවිතය.

Napz_zps6a39d6f1.jpg


Invite කරපු කෙනා නැප්කින් එක එලාගත්තෙ නැත්නම් ඔබත් මුකුත් කරන්න එපා. ඒ වගේම කිසිම waiter කෙනෙකුට මොනම හේතුවක් නිසාවත් අවශ්‍යතාවයක් වෙනුවෙන් කතාකරන්න යන්න එපා. invite කරපු කෙනා (host or hostess) නැප්කින් එක විවෘත කරනවා නම් ඒක තමයි signal එක අනිත් හැමෝටම එහෙම කරන්න කියන. නැප්කින් එකේ කොනකින් අල්ලල දකුණු අතෙන් තමයි නැප්කින් එක ගන්න ඕනෙ. කක්කි ලේන්සු අල්ලනව වගේ ඇගිලි දෙකෙන් අල්ලන්න එපා.. ඊට පස්සෙ ඔයාලගෙ දකුණ පැත්තෙ table එකේ යටට අරන් ගසල දිග ඇරල කලව උඩින් තියාගන්න. දකුණු අත විතරයි දිග අරින්න පාවිච්චි කරන්න පුලුවන්... නැප්කින් එකෙන් වෙන්නෙ හදිසියෙවත් ඉඳුල් ඔයාගෙ ඇඟට වැටීම වලක්වන එක. ඒ නිසා ඒක කරන්න. ඒකෙන් අනික් අය දැනගනී ඔයා වැදගත් කෙනෙක් විත්තිය. අනික කට වටේම ගාගෙන තලු මර මර කන්න එපා. තොලේ ගෑවුනොත් කන දේ දිව දාල ඒක ලෙවකන්න එපා. නැප්කින් එකෙන් පිහිදගන්න.

2. පිහිය සහ ගෑරුප්පුව පාවිච්චියේදී

550px-ForkKnife-Step-1_zpsfef7aa3a.jpg


i.ඕනෑම Table Setting එකකදි තමන්ගෙ Seat එකට අයිති ගෑරුප්පුව තියෙන්නෙ plate එකට වම්පසින්, පිහිය දකුනුපසින්. සාමන්‍යයෙන් ඔයාලගෙ හුරු අත් වෙනස් නම්.. උදාහරනයක් විදියට ඔයාල වම් අත හුරු පුද්ගලයෙක් නම් තියෙන විදිය වෙනස් කලාට කමක් නෑ, ඒත් කෑම කන්න පටන් ගන්නකම් වෙනස් කරන්න එපා.. Table එකේ වාඩි උනාට පස්සෙ මොනම විදියකින් වත් කෑම ආහාරයට ගන්න කලින් හැදි පිහි ගෑරුප්පු වගේ උපකරණ අල්ලන්නෙ නෑ. අත්දෙක මේසෙ උඩින් තියන්නෙත් නෑ.

550px-HoldKnife-Step-2_zps6ed2db67.jpg
550px-ForkLeft-Step-3_zps21d9bcbd.jpg


ii.මොනාහරි item එකක් කපන්න ඕනෙ නම් දකුනු අතට පිහිය ගන්න. දබර ඇගිල්ල මේ විදියට තියාගෙන ඉතිරි ඇගිලිවලින් මිටෙන් පිහිය අල්ල ගන්න. ගෑරුප්පුව වමතට අරගන්න. පිහිය වගේම අල්ලගන්න.හැබැයි වැඩිය මිට ලගින්ම අල්ලන්න එපා. කෑමවල අනිත් ඇගිලි ගෑවෙන්න පුලුවන්.

550px-BendWrist-Step-4_zpsba87c840.jpg


iii.අත කෙලින් wrist එකෙන් තමා ගේම යන්නෙ. කන්න පුලුවන් තරම් කෑල්ලක් කැපෙන විදියට ගෑරුප්පුවෙන් item එක අල්ලගන්න. හැබැයි ගෑරුප්පුවෙන් ඇතුලට යන්න අනින්න එපා. අල්ලගන්න. කැපුවට පස්සෙ තමා ගැරුප්පුවෙන් ඇනල ගන්නෙ. හැන්දට ගන්නව වගේ සමහර items ගැරුප්පුවට ගන්නෙ නෑ. ඇනල තමා ගන්න ඕනෙ. බැරිවෙලා හරි කැපුන කෑල්ල ලොකු වැඩි උනොත් ආයිත් ඒක කෑලි කපන්න යන්න එපා. ගෑරුප්පුවට ඇනල අරන් පැත්තකින් දෙපාරකට කන්න පුලුවන්..

550px-CutWKinife-Step-5_zps0127c3d0.jpg


iv.elbows ඇග ලගින්ම තියාගන්න. නැත්නම් එහාපැත්තෙ ඉන්න කෙනාගෙ ඇගේ වදින්න පුලුවන්. මස් වගේ කනකොට වම් අතෙන් ගෑරුප්පුවයි දකුණු අතින් පිහියයි අල්ලගෙන කන එක තමයි ක්‍රමය. ගෑරුප්පුව අල්ලගන්නෙ වම් අතේ ඇගිලි 3කින් (මාපටැගිල්ල,දබැගිල්ල,මැදැගිල්ල.) අත මිට මොලවල අල්ලන්න එපා.

550px-BendWrist-Step-4_zpsba87c840.jpg


පිහිය සාමාන්‍ය විදියට අල්ලගෙන මස් කෑල්ල කපන්න. කපනකොට ප්ලේට් එකේ වැදෙන්න, සද්ද දාන්න එපා. පොඩි සද්ද ආවට කමක් නෑ. ප්ලේට් එකේ ඉඩ තියෙන්න ඕන මස් කපල කන්න. නැත්තං ප්ලේට් එකේ බත් පිගානෙන් මේසෙ උඩට වැටෙයි. ඒක නොවෙන්න වග බලාගන්න. අනික මස් කෑල්ලෙ පුලුවන් ටික කන්න,ගෑරුප්පුවෙන් ගන්න බැරි ඒව කන්න ගියොත් වෙන්නෙ මස් කෑල්ල slip වෙලා යන එකයි (ලිස්සල යයි වෙන කෙනෙක්ගෙ ගාවට හරි ටේබල් එක උඩට හරි.) වස ලැජ්ජාව වෙන්නෙ එතකොට. හොටෙල් එකේ උඩ තියෙන බල්බ් ගනින්න තමා වෙන්නෙ.

550px-PickRice-Step-7_zpsaab1d196.jpg


v.බත් වගේ දේවල් උනත් ගෑරුප්පුවෙන් කන්න පුලුවන් ඇනල නෙමේ හැන්දක් විදියට. ඒත් කැපුවට පස්සෙත් රෝල් වෙන දේවල්,, ගෑරුප්පුවට ගත්තාම අස්සෙන් වැටෙන් දේවල් ගෑරුප්පුවෙන් කන්න යන්න එපා. කාල ඉවර උනාම (11 o'clock position to 4 o'clock position) මේ විදියට තියන්න. එහෙම නැත්නම 4.20 position එකට තිබ්බත් අවුලක්ම නෑ.

550px-XWhenFinished-Step-9_zpsfc840e9d.jpg


තව තියෙනව. ගොඩාක්ම ලොකු උනොත් එපාවෙනවනෙ. වෙන එකකින් ඉතිරිය දාන්නම්..

එහෙනම් අපි ගියා.
අන්තර්ජාලයේ කරුනු සහ අත්දැකීමෙන් ලැබුනු කරනු ඇසුරෙන් හැදුවෙ. වැරදුනු තැන් ඇති. ත්‍රෙඩ් එකේ අඩුපාඩු ඇති. ඒවත් පෙන්නල දීල හොද නම් මොනා හරි කියල යන්න. දවස් දෙකක් තිස්සෙ හැදුවෙ.
ඊලගට අඩුවට බොන්න පුලුවන් සුපිරි පොට්, ඔඩෙල් එකේ ශුෂී රෙස්ටුරන්ට් එකෙන් කන හැටි වගේ ත්‍රෙඩ් වලින් සෙට් වෙමු.

11.gif
11.gif
 

adflavion

Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    මචන් උඹ Dining Etiquette Expert කෙනෙක් වගේ..:yes::yes::yes::yes:
    මම මෙ හොයාගෙන හිටියෙ මේවගෙ ත්‍රෙඩ් set එකක්....:cool::cool:
    ඉස්සහරට බැරිද අපිට High-Tea, Indian,Thai, Korean & Japanese Cuisines වලට සෙට් වෙන්නෙ කොහොමද කියලත් දාන්න...? ඒ කෑම හරි අමාරුයි කන්න.. (දන්නෙ නතුව කන්න ගිහින් නිකන් පච වෙන්න ඕනේ නෑනේ..)
    එවගෙ තමා මට අහන්න බැරිවුනා කාලා ඉවර වෙලා Napkin එක
    කොහෙද & කොහොමද තියන්නෙ කියලා අහන්න..:shocked::shocked::shocked:


    BUMP +
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    Bump and Rep 2+ ( Meka loku help ekak godak ayata) Apith mul kaale owwa nisaa amara lesa nondi welaa tiyanawaa.. Dan nam shape :)
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    මචන් උඹ Dining Etiquette Expert කෙනෙක් වගේ..:yes::yes::yes::yes:
    මම මෙ හොයාගෙන හිටියෙ මේවගෙ ත්‍රෙඩ් set එකක්....:cool::cool:
    ඉස්සහරට බැරිද අපිට High-Tea, Indian,Thai, Korean & Japanese Cuisines වලට සෙට් වෙන්නෙ කොහොමද කියලත් දාන්න...? ඒ කෑම හරි අමාරුයි කන්න.. (දන්නෙ නතුව කන්න ගිහින් නිකන් පච වෙන්න ඕනේ නෑනේ..)
    එවගෙ තමා මට අහන්න බැරිවුනා කාලා ඉවර වෙලා Napkin එක
    කොහෙද & කොහොමද තියන්නෙ කියලා අහන්න..:shocked::shocked::shocked:


    BUMP +

    කෑමෙන් පසුව නැප්කින් එක ,

    නවල පිගානේ වම් පැත්තෙන් තියන්න පුලුවන්..

    සමහර අය නැගිටල යන කොට ඉදගෙන හිටිය පු‍ටුව උඩ තියනව ඒකෙන් අදහස් වෙන්නේ අනිත් අමුත්තන්න අපේ ඉදුල් දැකල අප්‍රියතාවයක් ඇතිනොවෙන්න..

    Fine Dining (සිංහලෙන් දන්නේ නෑ) වල නම් අලුත් නැප්කින් එකක් replace කරනව ..


    කරන්න එපා,

    කෑමෙන් පසු නැප්කින් එක ඉදුල් පිගාන උඩ දාන්න එපා,

    නැප්කින් එකෙන් කටපිහින්න එපා(සියුම් තෙත මාත්තුවක් කල හැකියි) ...හො‍ටු හූරන්න එපා..:lol:

    නැප්කින් එක කමිසයේ, කලිසමේ බොත්තම් වලට හිරකරන්න එපා..

    කන්න අප්‍රිය දේවල් නැප්කින් එකට වමාරන්න එපා,
     
    • Like
    Reactions: thomian