machang mamanang giye winsys .ccna kale winsys eke namuth ccnp mama self kare .unge guralanam niyamai machang bokkenma kiyala denawa.mata ccna hariyata kare nettang mamakohamad machang ccnp self karanney .ung hondhai bang.
වෙන්න ඇති මචං. මම ඔය classes ගැන වැඩිය කියන්න කැමති නෑ. මොකද මම CCIE කලෙත් කිසිම class එකකට නොගිහින්. ඒක නිසා මම ඒ ගැන දන්නේ නෑ. නමුත් මම field එකේ ඉන්න නිසා එක එක අයගෙන් news එනවා. එහෙම ආපු news එකක් තමයි මම කිව්වේ (සමහර විට වෙන lecture කෙනෙක්ද දන්නේ නෑනේ දැන ඉන්නේ). මම හැමදාම කියන්නේ එක දෙයයි. ඕනෑම class එකකට යන්න හැබැයි භාගෙට තේරැම් අරන් Exam ලියන්න යන්න එපා. ඒ වගේම practical කරන්නේ නැතුව dump කරලා Exam කරන්න යන්න එපා කවදා හරි job එකක් කරන්න ගිය දවසට අනිවාර්්‍යයෙන්ම හැලෙනවා. ඒක නිසා තමන්ට පෙෘද්ගලිකව ප්‍රශ්න අහලා නිරාකරණය කරගන්න පුලුවන් තැනකට යන්න. පුලුවන්නම් සිංහලෙන් තේරැම් කරලා දෙන්න කියලා ඉල්ලන්න. මොකද හුගක් අය අද class කරන්නේ English වලින් එතකොට සමහර පාඩම් මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ. නමුත් අර English වලින් කලේ නැත්තම් අගයක් නැතිවා වගේ අහන් ඉන්නවා. වැඩක් නෑ මුලින්ම සිංහලෙන් තේරැම් ගන්න ඊට පස්සේ මේ Internet එක තියෙන්නේ ඕන තරම් අදාල පාඩමෙන් ඉංග්‍රීසි notes හොයා ගන්න පුලුවන් එතකොට ඒ පාඩම හොදට තේරැම් ගන්න පුලුවන් වෙයි සිංහලෙන් වගේම ඉංග්‍රීසියෙනුත්. තමන් හරියට පාඩම තේරැම් ගත්තේ නැත්තම් ඒක බලපාන්නේ තමන්ටමයි. ඒක නිසා තමන්ට පුලුවන් තීරණය කරන්න තමන් යන class එක මොකක්ද කියලා. අපේ CCNA කරන්න class වලට ගිය කට්ටිය පොඩ්ඩක් උදව් කරන්න.






