ආඩම්බර තාත්තා ඒකටත් කෙලියි

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
ආඩම්බර තාත්තා ඒකටත් කෙලියි

ධාන්‍යය වලින් දේශීය බිස්කට් හැදු ව්‍යාපාරිකයා පැහැර ගනියි

2834409785.jpg
දේශීය ධාන්‍ය ඇසුරින් බිස්කට් නිර්මාණයේ ඉතිහාසය
මහව බලල්ලේ පදිංචි අජිත් දසනායක මහතා ගේ පියා පාරම්පරික බේකරි කරුවෙකි. සිය පියාගේ වියෝවෙන් පසුව බේකරියේ පාලනය සියතට ගන්න අජිත් මහතා සහල් පිටි වලින් විස්කෝතු සෑදීමට ආරම්භ කරනු ලබන්නේ 1990 දීය. නමුත් එය අසාර්ථක වී ඇත්තේ සහල් පිටි එකතු කල විට තිරිඟු පිටි මෝලිය පට්ටයක් ලෙසට සවිවීමෙනි.

ඉන්පසු ඔහු ප්‍රදේශයේ වැව් වලින් බහුලව කඩා ගත හැකි ඕලු ඇට පිටි කොට ඒවා සහල් පිටි වලට මිශ්‍ර කොට විස්කෝතු සෑදීමේ ක්‍රියාවලිය දියුණු කරලිමට හැකි දැයි අත්හදා බලා ඇත.

ඕලු අලයේ මෙන්ම ඇටයේ ද තිබෙන මෙළෙක් ස්වභාවයද, පිටි මෝලියට කලවම් නොකරන තවත් දේශිය ද්‍රව්‍ය කීපයක් ද අලුතින් එක් කිරීම මගින් තව දුරටත් පිටි මෝලිය මෙළෙක් වන බව ඔහු සොයාගෙන ඇති අතර ඒ අනුව සහල් පිටි සියයට විස්සක්ද ඕලු ඇට පිටි සියයට අසූවක් ද කලවම් කොට අජිත් මහතා විසින් නිර්මාණය කළ විස්කෝතුව බේකරි කර්මාන්තයේ විප්ලවීය ආරම්භයක් විය.

රාධා ලංකා නැචුරල් නමින් වූ නිෂ්පාදන නාමය අනුව ඔහුගේ ඊළඟ නිර්මාණය බවට පත් වන්නේ ඕලු පිටි වලින් නිෂ්පාදනය කරනු ලැබූ කේක් ගෙඩියකි. එය සහමුලින්ම නව නිර්මාණයක් විය. එම අත්දැකීමෙන් පසු සහල් පිටි සියයට විස්සක්ද තිරිඟු පිටි සියයට විස්සක් ද ඕලු පිටි සියයට හැටක් ද මිශ්‍ර වූ පාන් ගෙඩියක් එම නිෂ්පාදන අතරින් එළියට පැමිණෙන්නේ එවකට බේකරි නිෂ්පාදකයින් අත නොගැසූ නවතම කේෂ්ත්‍රයකට අවතීර්ණ වෙමිනි.

කෙසේ වෙතත් සහල් පිටි හා ඕලු පිටි යොදමින් පාන් ගෙඩියේ පිපීම සාර්ථක කර ගැනීමට කරන ලද අත්හදා බැලීම තුලින් ඉදිරියට පැමිණි අජිත් දසනායක මහතා රුපියල් විස්සකට පාන් ගෙඩියක් වෙළෙඳ පළට නිකුත් කළ හැකි යයි කළ අභියෝගයද සුලුපටු නොවේ. එය කලහැක්කේ සත්ව ආහාර සඳහා බහුල වශයෙන් ගැනෙන දේශිය බඩ ඉරිඟු පිටි යොදා ගනිමිනි. එහිදී සියයට අනූඅටක්ම එම පිටි වර්ගය යොදමින් ඔහු කළ නිර්මාණය නිසා ඇතැම් පිරිසකගෙන් ඔහුට ජීවිත තර්ජන පවා ඇති විය.

මේ වන විටි ඔලු කුරහන් මෙන්ම කොස් අලු කෙහෙල් ඇතුලු දේශිය ධාන්‍ය වර්ග හා එළවුලු රාශියකින් සමන්විත ආහාර නිෂ්පාදන හැට දෙකක් වෙළෙඳපළ ට ඉදිරිපත් කරන්නට අජිත් දසනායක මහතා සමත්ව සිටී. ඒ අතර දියවැඩියා රොගීන්ට දිය හැකි ඕලු බිස්කට් රුධිර පීඩනය ඇතිරෝගීන් ට සුදුසු සුදු ලූනු ඉඟුරු ඕලු කුකීස් කොස් ඇට කුකීස් සහ විවිධ ධාන්‍ය වර්ග වලින් සහ සහල් පිටි බඩ බරිඟු පිටි වලින් නිපදවූ කේක් වර්ගද වෙයි.

9c4RzKC.jpg

සුදු වැන් රථයකින් පැහැර ගැනීම

මෙම නව නිර්මාණ බිහිකරන අතරතුරේ අජිත් මහතා පසුගිය දිනයක සුදු වැන් රථයකින් පැහැරගෙන ගොස් ඇත.සිද්ධිය වූ දිනයේ උදේ කුරුණෑගල කච්චේරියට ගොස් ආපසු එද්දී වෑන් රථයකින් පැමිණි හතරදෙනකු ඔහු පැහැරගෙන දෑස් බැඳ ගෙනගොස් කාමරයක සිර කර සිටි බවට අජිත් මහතා විසින් විසින් පොලිසියට පවසා ඇත. එහිදී පැහැරගත් පුද්ගලයන් විසින් දිගින් දිගටම විමසා ඇත්තේ ඔලු හා සුවදැල් ධාන්‍ය වර්ග භාවිතයෙන් බිස්කට් නිෂ්පාදනය කරන අයුරු හා එහි ප්‍රමිතිය පිලිබඳවය. ප්‍රශ්නකිරීම් වලින් අනතුරුව අජිත් මහතා වරකාපොල ප්‍රදේශයේ මහමග දමාගොස් ඇත.පොලසිය මේවනවිට ඒ සම්බන්ධව පරීක්ෂණ පවත්වයි.

බිස්කට් නිර්මාණයේ ඉතිහාසය- මතුගම සෙනෙවිරුවන්ගේ ලිපියක් ඇසුරිනි.
gossip9
 
  • Like
Reactions: 121221

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොකක්ද බ්‍රෑන්ඩ් එක.....අන්න ඒවා තමි අපි ගන්න ඕනි....
     

    mihisoft

    Member
    Jan 13, 2009
    29
    1
    0
    පට්ට පට්ට.... නියම බුවෙක්... කියපන් මොකක්ද බ්‍රෑන්ඩ් එක කියල....
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    හ්ම් මේකත් අලෙවි ප්‍රවර්දනයක්ද දන්නේ නෑ...
    සුදු වැන් හා ජනාදිපති බිස්කට් කන ෆොටෝ දාල තියෙන්නෙත් එයාව සම්බන්ද කරන්න වෙන්න ඇති...
    බලමු ඉතින් මේ වර්ගයේ තව බිස්කට් එකක් එයිද කියල...

    හැබැයි ඉතින් සුදු වැන් නම් හැමෝටම ගන්න පුළුවන්...:lol:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඊලඟට නාමල් කුරක්කන් කුකීස්, ටටනාලි කුරක්කන් යෝගට්, යසාරා ඕලූ ආප්ප,යොෂිත සුදු ලූනු චිප්ස්,යසාරා කුරහන් චොකලට්, ටට්ලිනා හාල්පිටි චීස් මිනිසුන්ට කන්න අවස්ථාවක් ලැබෙයි..අනේ බන් මේ වගේ දුප්පත් එකෙක්ගේ මොලේ හොරකම් කරගෙන කනවට වඩා හොඳ නැද්ද හේනක් කොටා ගත්තනම් ගමට ගිහිල්ලා
    :D:D:D
     
    Last edited:

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    ඊලඟට නාමල් කුරක්කන් කුකීස්, ටටනාලි කුරක්කන් යෝගට්, යසාරා ඕලූ ආප්ප,යොෂිත සුදු ලූනු චිප්ස්,යසාරා කුරහන් චොකලට්, ටට්ලිනා හාල්පිටි චීස් මිනිසුන්ට කන්න අවස්ථාවක් ලැබෙයි..අනේ බන් මේ වගේ දුප්පත් එකෙක්ගේ මොලේ හොරකම් කරගෙන කනවට වඩා හොඳ නැද්ද හේනක් කොටා ගත්තනම් ගමට ගිහිල්ලා
    :D:D:D

    සුදු වැන් එකයි ජනාදිපති ෆොටෝ එකයි නිසාද කිවේ ....:D
    ඕකනම් ඔය බිස්නස් කරන එකෙක්ගේම වැඩක් වෙන්න ඕන, ජනාදිපති බිස්කට් හදන්න දගලන්නේ නෑ සල්ලි හම්බකරන්න... එහෙම පැහැරගත්තත් මු ඕක කියන්න හුස්ම ගන්නෙත් නැති වෙයි, මු එක්කෝ ඔය බිස්කට් එක ජනප්‍රිය කරන්න ගොතපු කතාවක්ද දන්නේ නෑ. බලන්න බිස්කට් එකේ රසට වඩා දැන් නම යන හැටි ;)