සිංහල අවුරුදු උත්සවය

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major

    'සිංහල අවුරුදු උත්සවය'​

    රොබර්ට් නොක්ස් යනු ශ්‍රී ලංකාවේ මහනුවර රාජධානි සමයේ රජකම් කළ දෙවන රාජසිංහ රජ සමයේදී සිරකරුවෙකු ලෙස රඳවාගෙන සිටි බ්‍රිතාන්‍ය ජාතික නාවිකයෙකි.
    ඔහුගේ පියා සමග ඉන්දියාවේ සිට බ්‍රිතාන්‍යය බලා යාත්‍ර කරමින් සිටියදී කුණාටුවකට හසුවූ ඔවුන් සිටි නෞකාව ලක්දිවට ගොඩගසා තිබිණි.
    ඒ අනුව, ඔහු ඇතුළු පිරිස ලක්දිව රජුගේ සිරකරුවන් බවට පත්වූහ.
    1660 අප්‍රේල් මස 04 වන දා ලංකාවේ සිරකරුවෙකු බවට පත්වූ බවත්, එදින ඔහුගේ වයස අවුරුදු 19 මාස 1ක් සහ දින 27ක් වූ බව රොබර්ට් නොක්ස් සිය 'An Historical Relation of the Island of Ceylon' ග්‍රන්ථයේ පෙරවදනෙහි සඳහන් කර තිබේ.
    1679 ඔක්තෝබර් මස 18 වන දා නිදහස ලබන විට ඔහු අවුරුදු 19 මාස 6ක් සහ දින 14ක් සිරකරුවෙකු ලෙස ලංකාවේ ගත කර තිබිණි.
    එම කාලය සම්බන්ධයෙන් ඔහු විසින් රචනා කරන ලද 'An Historical Relation of the Island of Ceylon' ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ මහනුවර යුගයේ සමාජය ගවේෂණය කිරීමට අතිශයින් වටිනා ග්‍රන්ථයක් වන්නේ, එවකට ජීවත් වෙමින් ලත් අත්දැකීම් ඔහු ම සටහන් කර තිබීම හේතුවෙනි.
    ඔහු සිය ග්‍රන්ථයේ ලක්දිව එකල 'අලුත් අවුරුද්ද' සැමරූ ආකාරය සම්බන්ධයෙන් ද විස්තර කර තිබීම ලක්දිව සමාජයේ වැදගත් සංස්කෘතික උත්සවයක ඉතිහාසය ගවේෂණය කිරීමට ලැබුණු මහඟු මූලාශ්‍රයකි.

    රොබර්ට් නොක්ස්, රජ මාලිගයේ 'සිංහල අලුත් අවුරුදු උත්සවය' ද නිරීක්ෂණය කරමින් ඔහු එය දුටු ආකාරය සිය ග්‍රන්ථයේ සඳහන් කර තිබේ.
    'සිංහල අවුරුදු උත්සවය වූකලී ලක් වැසියන් ඉතා වැදගත් කොට සලකන උළෙලකි. මේ දින රජ මාලිගයේ දොරටුවක් පාසා තොරන් බැඳ සරසති.' (එදා හෙළදිව)
    'සිංහල අවුරුදු මංගල්‍යය දා බලමුළු පෙළ සැදී මහා වාසල අරක් ගනිති. උදෑසනක් සේ ම අවදි වන රජතුමා මීට කලින් ද කියූ පරිදි ස්නානය පිණිස පැන් ගෙට ප්‍රවිෂ්ට වන්නේ ය. එම උල්පැන් ගෙයි දියවඩන නිලධාරියා රජුට මෙහෙ පිණිස සැරසී සිටී. රජ්ජුරුවෝ හිස් සෝදා නාපියා සර්වාභරණ විභූෂිතව සන්නාහ සන්නද්ධව පෙළ සැදී සිට ගත් බල සෙනග පරීක්ෂා කිරීම සඳහා මාලිගාවෙන් නික්මෙති.' (එදා හෙළදිව)

    රස කැවිලි​

    අලුත් අවුරුදු කාලයේ ආහාර අතර විශේෂ තැනක් හිමි වන කැවුම් ඇතුළු රස කැවිලි කිහිපයක් පිළිබඳව ද රොබර්ට් නොක්ස් විස්තර කර තිබේ.
    • කැවුම්
    රොබර්ට් නොක්ස් අලුත් අවුරුදු කාලයේදී වර්තමානයේ පවා අතිශයින් ජනප්‍රිය කැවුම් පිළිබඳව සිය ග්‍රන්ථයේ සඳහන් කර තිබේ.
    මීට වසර 365කට පෙර පවා කැවුම් රස කැවිලි අතර ප්‍රධානත්වයක් ගෙන ඇති බව ඔහුගේ සටහනෙන් පෙනී යයි.
    'ඔවුන්ගේ රස කැවිලි විවිධ ය. ඒ රස කැවිලි අතර ප්‍රධානත්වයක් ගන්නා කැවුම්, සහල් පිටියෙන් හා පැණියෙන් සාදා ගනු ලැබේ. සහල් පිටි අනා ගුලි ගසා කොළපතක තබා ඇඟිල්ලෙන් පැතලි කොට පැහෙන තෙල් ඇතිලියේ බහා පදමට කර වූ පසු තෙලෙන් එළියට ගනිති.' (එදා හෙළදිව - 282 පිට)
    මේ අතර, කැවුම් සම්බන්ධයෙන් ඔහු අසා තිබූ ප්‍රවාදයක් ද එහි සඳහන් කර ඇත.
    'ඕලන්දක්කාරයන් පළමු කොට ලක්දිවට පැමිණි අවධියේ, ඔවුන්හට රාජකීය සංග්‍රහයක් කරනු කැමති වූ කන්දේ රජු, ඔවුන්ට කැවුම් පිස යවන ලෙස රාජ පුරුෂයන්හට නියම කළේ ය. එම කැවුම් කා පුදුමයට පත්වූ ලන්දේසීහු එපමණ ප්‍රණීත ආහාරයක් මිනිස් අතකින් නම් සෑදිය නොහැකි යැයි සිතා "මේවා ගස්වලින් කඩා ගන්නා දෙයක් දැ?" යි ඇසුවෝ ල!' (එදා හෙළදිව)
    • අග්ගලා
    ලක්දිව ජනයා අතර ජනප්‍රිය තවත් ආහාරයක් ලෙස ඔහු අග්ගලා හඳුන්වා තිබේ.
    අග්ගලා සකස් කරන ආකාරය ද ඔහු විස්තර කර ඇත.
    'අග්ගලා නමින් තවත් අලුමුසුවක් වෙයි. බැදි හාල් පිටි පැණියෙන් අනා ගම්මිරිස්, කරදමුංගු හා කුරුඳු පොතු මඳ වශයෙන් මුසු කොට මෙම ගුලි සාදා ගනු ලැබේ. මේ ගුලි, ගුලි කිරීමෙන් පසු තද වෙයි. ගමන් බිමන් යාමේදී, සන්ධ්‍යා භෝජනය සඳහා පසුම්බිවල දමාගෙන යන්නේ මේ අග්ගලා ය.' (එදා හෙළදිව)
    • අලුවා
    'මෙම අග්ගලා සාදන ආකාරයෙන් ම සාදා ගනු ලබන අලුවා නම් අහරක් ද ඇත. වෙනසකට ඇත්තේ හැඩය පමණකි. අග්ගලාව වටකුරු වූ අතර, අලුවා පැතලි ය. ආහාර අහේනියෙන් හාමත් වූ විට අලුවා කා ඉක්බිති වතුර බොනු ලැබේ. අතුරුපසට මන වඩන්නා වූ මෙම අලුවා ටිකක් අපි පලා එද්දී ගෙන ආවෙමු.' (එදා හෙළදිව)
    • යක්පැටි
    වණ්ඩු ආප්ප ලෙස සැලකිය හැකි රස කැවිලි වර්ගයක් පිළිබඳව ද රොබර්ට් නොක්ස් සටහන් කර තිබේ.
    ඔහු එම රස කැවිලි විශේෂය නම් කර ඇත්තේ, යක්පැටි ලෙස ය.
    'යක්පැටි නම් තවත් අහරක් වෙයි. හාල් පිටි, පොල් හා හකුරුවලින් සාදනු ලබන මෙය රස අහරකි. හාල් පිටි, පැණි මුසු කොට අනා ගුලි කොට කොළයක ලා වණ්ඩුවේ තම්බා ගනිති. ඉතා මොළොක් වූ මෙය බුදින විට හකුරු සමග සුදු පාන් කන බවක් හැඟෙන්නේ ය.' (එදා හෙළදිව)

    source:
    https://www.bbc.com/sinhala/articles/cx2vrj0m5leo
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,911
    1
    60,871
    113
    Mother Earth
    සිංහල රජ කාලේ නොවෙයි දැන් මේ කාලේ..
    ගෑනුන්ටත් සිදාදියේ නටන්න ලැබුනේ.. ❤️
     
    • Like
    Reactions: Asmodeus

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,068
    2,382
    113
    22
    නොක්ස්ස්ගේ කාලේ අවුරුද්ද තිබිල තියෙන්නේ අප්‍රේල් මුල නේද.
     
    • Like
    Reactions: Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    The new year festival is a harvesting festival. It is also a new year festival because the new season starts with it. Since we belong to the Indian subcontinent, we share similarities in customs, foods, etc. So there are similar foods that exist for ours. That essentially does not mean we are copying their traditions.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    101,000
    113
    34
    Kalutara
    බලපන් ඔය පොතේ 725 වෙනි පිටුවේ ඇති ඒ කාලේ පොරගේ ෆෝන් එකට එයාටෙල් කාඩ් ගෙනත් දීපු එකා ගැන.. ඒ වෙන කවුරුත් නෙමෙයි ඒ මම..

    Kid Winning GIF
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,417
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    The new year festival is a harvesting festival. It is also a new year festival because the new season starts with it. Since we belong to the Indian subcontinent, we share similarities in customs, foods, etc. So there are similar foods that exist for ours. That essentially does not mean we are copying their traditions.
    :yes:
    කැවුම්, කිරිබත්, කොකිස්... etc මේ සෙට් එකම සිංහල සංස්කෘතිය එක්ක හැදුන කෑම.
    හින්දු අයට මුංකිරිබත්, වඩේ, ලඩ්ඩු, හල්ව, පායසම්...
    හින්දු අයටම අයිති අවුරුද්දක් කියන්න බෑ.
     
    • Like
    Reactions: kinkon and Asmodeus

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    නොක්ස් කැරියා කලකට හොඳයි කලකට වහයි

    Utto u karima explorer kenek.

    බලපන් ඔය පොතේ 725 වෙනි පිටුවේ ඇති ඒ කාලේ පොරගේ ෆෝන් එකට එයාටෙල් කාඩ් ගෙනත් දීපු එකා ගැන.. ඒ වෙන කවුරුත් නෙමෙයි ඒ මම..

    Kid Winning GIF

    Arame Aunty tath uba neda phone cards aran denne
    ------ Post added on Apr 14, 2025 at 1:20 PM
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,756
    7,955
    113
    මෙන්න මෙතන...
    බලපන් ඔය පොතේ 725 වෙනි පිටුවේ ඇති ඒ කාලේ පොරගේ ෆෝන් එකට එයාටෙල් කාඩ් ගෙනත් දීපු එකා ගැන.. ඒ වෙන කවුරුත් නෙමෙයි ඒ මම..

    Kid Winning GIF
    Bohukapan chaminda..
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    බලපන් ඔය පොතේ 725 වෙනි පිටුවේ ඇති ඒ කාලේ පොරගේ ෆෝන් එකට එයාටෙල් කාඩ් ගෙනත් දීපු එකා ගැන.. ඒ වෙන කවුරුත් නෙමෙයි ඒ මම..
    කඩේ ගියා ඇති නෙව දැන් හේසාන් මාමේ..... 😐
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,192
    7,716
    113

    Songkran - Thailand New Year Year​

    Songkran is Thailand’s traditional New Year festival, celebrated from April 13 to 15 each year (though festivities can extend longer in some areas). It’s one of the biggest and most joyful holidays in Thailand — a mix of deep cultural traditions and all-out water fights in the streets!

    Here's what Songkran is all about:​

    🌞 Cultural Significance

    • "Songkran" comes from a Sanskrit word meaning "transformation" or "change", marking the Thai solar New Year.
    • Traditionally, it’s a time to:
      • Visit family and pay respect to elders.
      • Make merit at temples (offering food, releasing birds/fish, etc.).
      • Clean the home to sweep away bad luck.
      • Gently pour water on Buddha statues and elders’ hands as a blessing.

    💦 Modern Celebrations (aka giant water fights!)

    • In cities like Bangkok, Chiang Mai, and Phuket, the celebration has transformed into huge public water fights. People use water guns, buckets, and even hoses!
    • Everyone gets drenched — locals, tourists, kids, monks (gently), and even police sometimes join in.
    • It's believed that splashing water washes away bad luck and welcomes the new year fresh.

    🎉 Other Elements​

    • Traditional Thai dancing, parades, and beauty contests.
    • Some dress in traditional Thai clothing.
    • Often accompanied by music, food, and street parties.

    ✅ Countries that celebrate New Year in April:

    1. Thailand – Songkran
    2. Cambodia – Khmer New Year
    3. Laos – Pi Mai
    4. Myanmar – Thingyan
    5. Sri LankaAluth Avurudda (Sinhalese and Tamil New Year, usually April 13–14)
    6. IndiaVarious regional New Years:
      • Tamil Nadu – Puthandu
      • Kerala – Vishu
      • Punjab – Vaisakhi
      • West Bengal – Poila Boishakh (also celebrated in Bangladesh)
      • Assam – Bohag Bihu
      • Odisha – Pana Sankranti
      • Andhra Pradesh & Telangana – Ugadi (sometimes in March/April depending on the lunar calendar)
    7. Bangladesh – Pohela Boishakh
    8. Nepal – Nepali New Year (Bikram Sambat)
    ------ Post added on Apr 14, 2025 at 5:35 PM
     
    Last edited:

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,971
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒ කාලෙ අවුරුදු උත්සව, පරිසරය, රස කැවිලි හොඳටම තියෙන්ඩ ඇති..
    දැන් නිකන් නමට අවුරුදු විතරයි, ගම් කියලත් නෑ ගැමි පරිසරය කියල එකකුත් නෑ