අනුන්ගේ සම්මාන මහ දවල් කොල්ලකන හිරු මාධ්&#8205

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    අනුන්ගේ සම්මාන මහ දවල් කොල්ලකන හිරු මාධ්&#8205

    යෞවනයේ ජනප්‍රියතම ගුවන් විදුලි සහ රූපවාහිනී නාලිකා සඳහා සම්මාන ලබාදීමක් පසුගියදා සිදුවුනා.

    ඒ කොළඹ ආනන්ද විද්‍යාලය, ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශය හා කොළඹ විශ්ව විද්‍යාලයේ අධීක්ෂණයෙන් ශ්‍රී ලංකාවේ සියළුම පළාත් ආවරණය කරමින් දීපව්‍යාප්තව සිදු කළ පාසල් ජනමාධ්‍ය සමීක්ෂණයට අනුවයි.

    ජනවාරි 31වනදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවති එම උළෙලේදී රූපවාහිනී හා ගුවන්විදුලි නාලකා සඳහා සම්මාන ලබාදී තිබුනේ මෙලෙසින්.


    යෞවනයේ ජනප්‍රියතම රූපවාහිනී නාලිකා:
    ජනප්‍රියතම ප්‍රවෘත්ති නාලිකාව – ස්වර්ණවාහිනී
    ජනප්‍රියතම අධ්‍යාපනික වැඩසටහන් සහිත නාලිකාව – ජාතික රූපවාහිනිය
    ජනප්‍රියතම ආගමික වැඩසටහන් සහිත නාලිකාව – ස්වර්ණවාහිනී
    ජනප්‍රියතම ක්‍රීඩා නාලිකාව – CSණ්
    ජනප්‍රියතම විනෝදාත්මක වැඩසටහන් නාලිකාව – හිරු ඨ්V
    ජනප්‍රියතම ළමා වැඩසටහන් සහිත නාලිකාව – සිරස ඨ්V
    ජනප්‍රියතම කාලීන වැඩසටහන – දොරමඬලාව (ඓඨ්ණ්)

    යෞවනයේ ජනප්‍රියතම ගුවන්විදුලි නාලිකා:
    ජනප්‍රියතම ප්‍රවෘත්ති රේඩියෝ නාලිකාව – හිරු FM
    ජනප්‍රියතම විනෝදාත්මක වැඩසටහන් සහිත ගුවන්විදුලි නාලිකාව – හිරු FM
    ජනප්‍රියතම කාලීන වැඩසටහන් සහිත ගුවන්විදුලි නාලිකාව – නෙත් FM
    ජනප්‍රියතම ආගමික වැඩසටහන් සහිත ගුවන්විදුලි නාලිකාව – නෙත් FM
    ජනප්‍රියතම ක්‍රීඩා වැඩසටහන් සහිත ගුවන්විදුලි නාලිකාව – සිරස FM
    ජනප්‍රියතම ළමා වැඩසටහන් සහිත ගුවන්විදුලි නාලිකාව – සිරස FM

    නමුත් එබීසි මාධ්‍ය ජාලය ජනතාව ගොනාට අන්දමින් වසරේ ජනප්‍රියම රූපවාහිනී නාලිකාව, වසරේ ජනප්‍රියම ගුවන්විදුලි නාලිකාව හා වසරේ විශිෂ්ටතම ප්‍රවෘත්ති නාලිකාව හිරු ප්‍රවෘත්ති ලෙස ත්‍රිත්වයම තමන් දිනාගත් බව ප‍්‍රකාශ කරමින් මිනිසුන් නොමග යවමින් සිටී.

    හිරු FM නාලිකාව තුලින් සෑම විනාඩි 30කටම බැගින්ද රූපවාහිනී නාලිකාව තුලින් විටින් විටද තම ජනතාව මෝඩයාට අන්දන්නේ මෙලෙසින්.

    "සංදේශය සම්මාන උළෙල 2012 ජනප්‍රිය ජනමාධ්‍ය ත්‍රිත්වයෙන්ම හිරු ඨ්V, හිරු FM පිදුම් ලද වගයි....!!
    වසරේ ජනප්‍රියම රූපවාහිනී නාලිකාව හිරු ඨ්V...
    වසරේ ජනප්‍රියම ගුවන්විදුලි නාලිකාව හිරු FM...
    වසරේ විශිෂ්ටතම ප්‍රවෘත්ති නාලිකාව හිරු ප්‍රවෘත්ති....
    සියලු ගුවන්විදුලි හා රූපවාහිනී නාලිකා අභිබවමින් සංදේශය 2012 සම්මාන ත්‍රිත්වයෙන්ම හිරු යලිත් විශිෂ්ඨත්වයට පත්විය....!!"

    එයින් හැඟෙන්නේ ලබාදී තිබූ සම්මාන තුනෙන් තුනම ඇඹ්C මාධ්‍ය ජාලය ලබාගත බවයි. එම හඬපටය පහතින්.



    ඉස්සුවෙ මෙතනින්
    නැව ගිලුනත් බෑන් චුන්