CCNA පා‍ඩම

N..A..1n kelauna

Junior member
  • Mar 25, 2012
    71
    1
    8
    WAN encapsulation ක්‍රම 3 ක් තියෙනවනේ.

    01 Point to point (Dedicated)
    02 Circuit Switched
    03 Packet Switched

    ඔබ සදහන් කරපු HDLC සහ PPP අයත් වන්නේ Point to Point Connection වලට. ඒ කියන්නේ dedicated connection එකක්. ඒ‍කේ පොදු ලක්ෂණය තමයි මුලු කාලය තුලම අපිටම වෙන්වුනු connection එකක් සේවා දායකයා විසින් ලබා දීම. Connection එක බිදවැටීමක් ‍සිද්ධවෙන්න තියෙන ඉඩ කඩ හුගක් අඩුයි. ඒ වගේම PPP සහ HDLC කියන්නේ WAN එකක තියෙන router දෙකක් එකිනෙකාට කතා කරන භාෂාව කිව්වත් වැරදි නෑ.

    HDLC (High Level Data Link Control) කියන්නේ IBM සමාගම විසින් මුලින්ම හදුන්වලා දීපු SDLC (Synchronous Data Link Control) වලින් පසුකාලීනව ඇති වෙච්ච WAN technology එකක්.

    උඹ WAN ගැන කරලා තියෙනවනම් දැනටමත් දන්නවා ඇති HDLC communication සදහා පාවිච්චි කරන්නේ layer 02 address එහෙම නැත්තම් MAC address බව.

    HDLC කියන්නේ CISCO වලින් සාදන ලද communication method එකක්. ඒක නිසා CISCO routers වල default තියෙන්නේ HDLC. ඒක HDLC වල තියෙන අවාසියක් මොකද CISCO වල විතරයි HDLC පාවිච්චි කරන්න පුලුවන්.

    HDLC වල තියෙන්නේ පොඩි overhead එකක්. ඒ කියන්නේ මෙයා data communication කරද්දි මෙයාගේ frame එකේ ලොකු විස්තර ගොඩක් තියා ගන්නේ නෑ. Overhead එක අඩුවුනාම speed එක වැඩියි.

    ඒ වගේම HDLC වලින් Connectionless වගේම Connection Oriented දෙවිදිහටම Data communication කරන්න පුලුවන්.

    HDLC වල තියෙන තව අවාසියක් විදිහට ගන්න පුලුවන් features හුගක් අඩු කම. අපිට WAN එකක් ඇතුලේ දාන්න පුලුවන් වැඩ කෑලි ඒක නිසා සීමා වෙනවා.
    -----------------------------------------------------------------

    PPP (Point to Point Protocol) කියන්නේ ඕනෑම නිශ්පාදකයෙකුට පාවිච්චි කල හැකි WAN communication method එකක්. ඒ කියන්නේ Industry Standard communication method එකක්.

    PPP වලදි අපිට හුගක් WAN methods පාවිච්චි කරන්න පුලුවන්. ඒ කියන්නේ වැඩ කෑලි වැඩියි. අපිට data communication වලදි password පාවිච්චි කරන්න පුලුවන්. Data Compress කරන්න පුලුවන් ..... ඔය වගේ ගොඩක් දේවල් කරගන්න පුලුවන්.

    ඒ වගේම තව දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි WAN වලදි යොදා ගන්න ඉහත කතා කරපු method වලදි අපි Router එකිනෙක සම්බන්ධ වෙන්න භාවිතා කරන්නේ serial interface එකක්. නමුත් PPP වලදි අපිට Ethernet cable එකක් හරහාත් PPP configure කරන්න පුලුවන්. ඒකට අපි PPPoE කියලා කියනවා.

    මේකෙදි Overhead එකනම් HDLC වලට වඩා වැඩියි.

    -------------------------------------------------------------------------

    Frame Relay කියන්නේ Packet Switched WAN encapsulation method එකක්.

    මෙහිදී අපිටම වෙනවුනු communication line එකක් නෑ. ඉහත සදහන් කරපු HDLC සහ PPP වලට වඩා මුදලින් අඩුයි. ලංකාවේ හුගක් ආයතන ඔවු‍න්ගේ ශාඛා සමග සම්බන්ධ වෙන්න මේ Frame Relay පාවිච්චි කරනවා.

    Frame Relay concept එක සරලව කිව්වොත් ISP ලා ඔවුන් ලග තියෙන විශාල bandwidth එක පොඩි පොඩි කොටස් වලට කඩලා ඒවා එක එක ගණනට විකුණනවා. හරියට විශාල ඉඩමක් කට්ටි කරලා එක එක ප්‍රමාණ වලට එක එක ගණන් නියම කරලා විකුණනවා වගේ වැඩක්.

    machan FRAME RELAY gena thawa tiakak wisthara karanawada
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    CCNA කරලා කොච්චර කාලයක් ඇතුලත ඊලග ලෙවල් එක කරන්න ඕනෙද බන්

    අවුරැදු 3 ක් ඇතුලත CCNP හෝ ඊට සමාන Exam එකක් කල යුතුයි.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    හොදයි අපි Internet layer එකේ වැදගත් වෙන protocol කිහිපයක් ගැනම කතා කලා. අපිට තව protocol දෙකක් තියෙනවා කතා කරන්න.

    ARP (Address Resolution Protocol)

    මෙයා කරන්නේ අපි දැනටමත් දන්න IP Address එකක් භාවිතා කරලා ඒ IP Address එක අයිති Host ගේ MAC address එක එහෙම නැත්තම් Hardware Address එක හොයලා දෙන එක. ඔයගොල්ලෝ දැනටමත් දන්නවා MAC Address එක එහෙම නැත්තම් Hardware Address එක ගැන අපි කතා කරන්නේ Internet Access layer එකේදි කියලා (OSI වලදිනම් Data Link layer එක). ඒ කියන්නේ ‍ARP විසින් Internet layer එක සහ Network Access layer එක අතර සම්බන්ධතාවයක් ගොඩ නගා ගන්නවා.

    මෙයාගේ කාර්්‍යයත් හුගක් වැදගත්. Internet Protocol එකින් datagram එකක් යවන්න පෙර එයා LAN එකේ ඉස්සෙල්ලාම ඒ datagram එක ලබා ගන්න (immediate destination එක) තැන Hardware Address එක ලබා ගන්නවා ඒ ලබා ගන්නේ ARP හරහා.

    කොහොමද මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. හොදයි අපි Router එකක් සහ switch එකක් පාවිච්චි කරලා network එකක් හදා ගත්තා කියන්න එතකොට ඒ network එකට සම්බන්ධ සියලුම host ලගේ network card එකට විශේෂිත වූ Hardware Address එකක් තියෙනවා ඒක ලෝකයේ කොහේ ගත්තත් device එකෙන් device එකට වෙනස්. මේක අපි Organizationally Unique Identifier (OUI) කියලා හදුන්වනවා. මේක IEEE standard එකක්. ඒ වගේම ඒක hexadecimal number එකක්. ඉතින් මුලින්ම router එක විසින් (Switch එකෙනුත් මේ දේ සිද්ධ වෙනවා ඒ ගැන අපි පස්සේ කතා කරමු) මේ network එකේ switch එකට සම්බන්ධ වෙලා ඉන්න host ලගේ Hardware Address එක වෙන වෙනම table එකකට එකකට අරගෙන ති‍යාගෙන ඉන්නේ. ඒකට කියනවා අපි ARP cache එක කියලා.

    හොදයි දැන් අපි මේක උදාහරණයකින් පැහැදිලි කරගමු. ඔන්න office එකක සාමා සහ අමර කියලා දෙන්නෙක් වැඩ කරනවා කියලා හිතමු ඔන්න දැන් සාමා පණිවිඩයක් යවනවා එයාගේ PC එකේ ඉදලා අමරගේ PC එකට. අපි හිතමු අමරගේ PC එකේ IP Address එක 10.10.10.1 කියලා. හැබැයි දැන් මුලින්ම සිද්ධ වෙන්නේ network එකේ තියෙන Router එක මේ 10.10.10.1 කියන IP Address එකට අදාළ Hardware Address (MAC Address) එක එයාගේ ARP Cache එකේ තියෙනවද කියලා බලන එක. ඔන්න ARP Cache එකේ තියෙනවනම් මෙයා ඒ MAC Address එක IP Address එකත් එකක් සම්බන්ධ කරගෙන අදාළ පණිවිඩය අමරගේ (Destination host) ට අරගෙන යනවා.

    හැබැයි අපි හිතමු අමරගේ PC එකේ MAC Address එක ARP cache එකේ නෑ කියලා. එතකොට මොකද කරන්නේ අදාළ Router එක Broadcast ARP පණිවිඩයක් යවනවා. ඔයගොල්ලෝ දන්නවානේ broadcast message එකක් කියන්නේ මොකක්ද කියලා. broadcast message එකක් කියන්නේ අදාළ LAN එකේ සියලුම host ලට යවන පණිවිඩයක් මොකද Router එක දන්නේ නෑ කා ලගද මේ 10.10.10.1 අදාල MAC Address එක තියෙන්නේ කියලා මේකට අපිට කියන්න පුලුවන් ARP Request එකක් යවනවා කියලත්.

    එතකොට 10.10.10.1 කියන IP එක තියෙන Host (අමරගේ PC එක) නැවත පණිවිඩයක් එවනවා (ARP reply එකක්) මම තමයි 10.10.10.1 කියන IP එක තියෙන host මෙන්න මගේ MAC address එක කියලා. ඊට පස්සේ අදාල Router එක එයාගේ ARP cache එක update කර ගන්නවා ඒ තොරතුරැත් එක්ක. ඊලට සැ‍රේ කවුරැ හරි අමරගේ PC එකට පණිවිඩයක් යැව්වොත් එක පාරටම ඒ පණිවිඩය අදාල තැනට යවන්න පුලුවන් broadcast එකක් නොයවා.

    මේ සිද්ධිය මම පහත රෑප සටහනින් දක්වලා තියෙනවා

    ARP.jpg

    බලන්න සාමා විසින් ARP Request එකක් යවනවා broadcast එකක් විදිහට. Broadcast එකක් Hexa decimal වලින් දක්වන්නේ FF.FF.FF.FF.FF.FF විදිහට ඒක හොදට මතක තියාගන්න. ඒ වගේම IP Broadcast එකක් දක්වන්නේ 255.255.255.255 විදිහට. broadcast එක network එකට සම්බන්ධ සෑම දෙනාටම යනවා. ඊට පස්සේ අදාල කෙනාට (අමර) ඒ broadcast එක ආවම එයා ඊට අදාලව reply එකක් යවනවා. මේක router එකේ ARP Cache එකේ save කර ගන්නවා.

    ඒ වගේම තවත් වැදගත් කාරණයක් තියෙනවා කියන්න. මම මේක MAC Address පාඩම කරද්දිත් කිහිප වතාවක් කිව්වා. MAC Address එහෙම නැත්තම් Hardware Address එකක් හැම තිස්සේම ඒ LAN එකට විතරයි විශේෂ වෙන්නේ (Locally Significant). ඒ නිසා network එකක Node එකෙන් node එකට යද්දි Source MAC Address එකයි Destination MAC Address එකයි වෙනස් වෙනවා. IP Address විතරයි ලෝකයේ කොහේට ගියත් Source එකයි destination IP address එකයි වෙනස් නොවෙන්නේ (Globally Significant).
     
    Last edited:

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    හොදයි අපි Internet layer එකේ වැදගත් වෙන protocol කිහිපයක් ගැනම කතා කලා. අපිට තව protocol දෙකක් තියෙනවා කතා කරන්න.

    ARP (Address Resolution Protocol)

    මෙයා කරන්නේ අපි දැනටමත් දන්න IP Address එකක් භාවිතා කරලා ඒ IP Address එක අයිති Host ගේ MAC address එක එහෙම නැත්තම් Hardware Address එක හොයලා දෙන එක. ඔයගොල්ලෝ දැනටමත් දන්නවා MAC Address එක එහෙම නැත්තම් Hardware Address එක ගැන අපි කතා කරන්නේ Internet Access layer එකේදි කියලා (OSI වලදිනම් Data Link layer එක). ඒ කියන්නේ ‍ARP විසින් Internet layer එක සහ Network Access layer එක අතර සම්බන්ධතාවයක් ගොඩ නගා ගන්නවා.

    මෙයාගේ කාර්්‍යයත් හුගක් වැදගත්. Internet Protocol එකින් datagram එකක් යවන්න පෙර එයා LAN එකේ ඉස්සෙල්ලාම ඒ datagram එක ලබා ගන්න (immediate destination එක) තැන Hardware Address එක ලබා ගන්නවා ඒ ලබා ගන්නේ ARP හරහා.

    කොහොමද මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. හොදයි අපි Router එකක් සහ switch එකක් පාවිච්චි කරලා network එකක් හදා ගත්තා කියන්න එතකොට ඒ network එකට සම්බන්ධ සියලුම host ලගේ network card එකට විශේෂිත වූ Hardware Address එකක් තියෙනවා ඒක ලෝකයේ කොහේ ගත්තත් device එකෙන් device එකට වෙනස්. මේක අපි Organizationally Unique Identifier (OUI) කියලා හදුන්වනවා. මේක IEEE standard එකක්. ඒ වගේම ඒක hexadecimal number එකක්. ඉතින් මුලින්ම router එක විසින් (Switch එකෙනුත් මේ දේ සිද්ධ වෙනවා ඒ ගැන අපි පස්සේ කතා කරමු) මේ network එකේ switch එකට සම්බන්ධ වෙලා ඉන්න host ලගේ Hardware Address එක වෙන වෙනම table එකකට එකකට අරගෙන ති‍යාගෙන ඉන්නේ. ඒකට කියනවා අපි ARP cache එක කියලා.

    හොදයි දැන් අපි මේක උදාහරණයකින් පැහැදිලි කරගමු. ඔන්න office එකක සාමා සහ අමර කියලා දෙන්නෙක් වැඩ කරනවා කියලා හිතමු ඔන්න දැන් සාමා පණිවිඩයක් යවනවා එයාගේ PC එකේ ඉදලා අමරගේ PC එකට. අපි හිතමු අමරගේ PC එකේ IP Address එක 10.10.10.1 කියලා. හැබැයි දැන් මුලින්ම සිද්ධ වෙන්නේ network එකේ තියෙන Router එක මේ 10.10.10.1 කියන IP Address එකට අදාළ Hardware Address (MAC Address) එක එයාගේ ARP Cache එකේ තියෙනවද කියලා බලන එක. ඔන්න ARP Cache එකේ තියෙනවනම් මෙයා ඒ MAC Address එක IP Address එකත් එකක් සම්බන්ධ කරගෙන අදාළ පණිවිඩය අමරගේ (Destination host) ට අරගෙන යනවා.

    හැබැයි අපි හිතමු අමරගේ PC එකේ MAC Address එක ARP cache එකේ නෑ කියලා. එතකොට මොකද කරන්නේ අදාළ Router එක Broadcast ARP පණිවිඩයක් යවනවා. ඔයගොල්ලෝ දන්නවානේ broadcast message එකක් කියන්නේ මොකක්ද කියලා. broadcast message එකක් කියන්නේ අදාළ LAN එකේ සියලුම host ලට යවන පණිවිඩයක් මොකද Router එක දන්නේ නෑ කා ලගද මේ 10.10.10.1 අදාල MAC Address එක තියෙන්නේ කියලා මේකට අපිට කියන්න පුලුවන් ARP Request එකක් යවනවා කියලත්.

    එතකොට 10.10.10.1 කියන IP එක තියෙන Host (අමරගේ PC එක) නැවත පණිවිඩයක් එවනවා (ARP reply එකක්) මම තමයි 10.10.10.1 කියන IP එක තියෙන host මෙන්න මගේ MAC address එක කියලා. ඊට පස්සේ අදාල Router එක එයාගේ ARP cache එක update කර ගන්නවා ඒ තොරතුරැත් එක්ක. ඊලට සැ‍රේ කවුරැ හරි අමරගේ PC එකට පණිවිඩයක් යැව්වොත් එක පාරටම ඒ පණිවිඩය අදාල තැනට යවන්න පුලුවන් broadcast එකක් නොයවා.

    මේ සිද්ධිය මම පහත රෑප සටහනින් දක්වලා තියෙනවා

    ARP.jpg

    බලන්න සාමා විසින් ARP Request එකක් යවනවා broadcast එකක් විදිහට. Broadcast එකක් Hexa decimal වලින් දක්වන්නේ FF.FF.FF.FF.FF.FF විදිහට ඒක හොදට මතක තියාගන්න. ඒ වගේම IP Broadcast එකක් දක්වන්නේ 255.255.255.255 විදිහට. broadcast එක network එකට සම්බන්ධ සෑම දෙනාටම යනවා. ඊට පස්සේ අදාල කෙනාට (අමර) ඒ broadcast එක ආවම එයා ඊට අදාලව reply එකක් යවනවා. මේක router එකේ ARP Cache එකේ save කර ගන්නවා.

    ela ela macho... hogaak mahansivena paatai Thanks.. rep denna mage rep power 0 hambavuna gaman palavenieka oyata thamai denne :yes::yes::yes::yes:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    RARP (Reverse Address Resolution Protocol)

    ඔයගොල්ලන්ට නමින්ම පොඩි අදහසක් ගන්න පුලුවන් මේකේ කාර්්‍යභාරය මොකක්ද කියන එක ගැන. මේකෙන් කරන්නේ ARP වලදි කරපු දේට කණපිට වැඩේ. ARP වලදි කලේ IP Address එක යවලා Hardware Address එක සොයා ගත්තු එක. RARP වලදි කරන්නේ Hardware Address එක යවලා IP Address එක හොයා ගන්න එක.

    මේක හුගක් වැදගත් වෙන්නේ network එකක ඉන්න සාමාන්‍ය Host ලට (PC, Printers වගේ). මේගොල්ලෝ network එකට සම්බන්ධ වෙන්නේ network card එකක් මගින්. මේ network card එක තමයි MAC Address එක කියන්නේ ඉතින් මේ devices හදද්දිම මේ MAC Address එක ඒ devices වල ROM එකට save කරනවා. ඒක නිසා මේගොල්ලෝ තමන්ගේ MAC Address එක හොදින් දන්නවා මොකද ඒක ඒ machine එකේ hardware වල කොටසක් නිසා ROM එකේ ඒ තොරතුරැ තැන්පත් වෙලා තියෙනවා. ප්‍රශ්නයක් වුනොත් වෙන්නේ IP Address එක අමතක වීම තමයි මොකද IP Address එක අපි logical address (Software Address) එකක් විදිහට අදාල host ලට පිටතින් assign කරන නිසා. සමහර විට අද තියෙන IP Address එක නෙවෙයි හෙට තියෙන්නේ. ඉතින් අන්න ඒ වෙලාවෙදි මේ host කෙනෙක්ට RARP Request එකක් යවන්න පුලුවන් කාට හරි එයාගේ IP Address එක හොයලා කියන්න කියලා.

    මෙතනදිත් RARP request එකක් යවන්නේ Broadcast message එකක් විදිහට බව මතක තියාගන්න.

    මේකත් සරල රෑප සටහනකින් බලමු.

    RARP.jpg

    එක PC එකක් එයාගේ IP Address එක දන්නේ නෑ එයා යවනවා RARP request message එකක් broadcast එකක් විදිහට. එතකොට කවුරැ හරි network එකේ ඉන්න device එකක් ඒ host ගේ request එකට reply එකක් එවනවා එයාේ IP Address එක දන්වලා.

    කලින් ARP වල කිව්වා වගේම RARP එකත් Locally Significant.

    • Like
    Reactions: sandaru d

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ccna academic karama expire wenne ne neda?

    CCNA Academic කරන්නේ ගොඩක් වෙලාවට lecture කරන කට්ටිය. නමුත් CCNA Industrial කරන්නේ නැතුව එතනින් එහාට CCNP වලට සුදුසුකම් ලබන්න බෑ
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Samahara Institute Walin Karahama Ehema Renew Karanna One Nehei Kiyawaneda

    ඒක අනිවාර්්‍ය කරලා තියෙන්නේ CISCO company එකේ Exam panel එකෙන්. මම දන්නේ නෑ මෙහේ සමහර ආයතන වලින් එහෙම බොරැවක් ප්‍රචාරය කරනවද කියලා. මම මේ කතා කරන්නේ Industrial CCNA ගැන.
     
    • Like
    Reactions: Mal Baba

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    ඒක අනිවාර්්‍ය කරලා තියෙන්නේ CISCO company එකේ Exam panel එකෙන්. මම දන්නේ නෑ මෙහේ සමහර ආයතන වලින් එහෙම බොරැවක් ප්‍රචාරය කරනවද කියලා. මම මේ කතා කරන්නේ Industrial CCNA ගැන.
    එහෙම කතාවක් කිව්වා එකෙක් එකයි මම මේ ඇහුවේ
    තැන්ක්ස් මචෝ info එකට
    11.gif
     
    ciscoguru

    Member
    Dec 9, 2009
    84
    1
    0
    superb macho mama mey tike igenagatta Ziyam sir gen may widihatama thanks macho mata apohu ewa mathak kalata .umbata pin ethi wedak machang mekanang.macho umba ccna kalada ?
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ela ela machang .dhen kohedha weda ?

    මම මෙච්චර කල් ස්වීඩන් වල හිටියේ. ලංකාවට ආවේ ගිය සතියේ. නැවත ස්විඩන් යන්න අදහසක් නැත්තෙමත් නෑ ඇත්තෙත් නෑ :D:D
     
    • Like
    Reactions: danlix

    prasad8712

    Member
    Jan 4, 2013
    11
    0
    0

    sahooge balaporothuwa ista wenda kiyala mama prarthana karanawea....

    eth loke kehe giyath apiwa amathaka karanada nam epa:oo::oo::oo::oo::confused::confused::confused:... patan gathu me wede digatama karagena yan
    ada......:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    මම මෙච්චර කල් ස්වීඩන් වල හිටියේ. ලංකාවට ආවේ ගිය සතියේ. නැවත ස්විඩන් යන්න අදහසක් නැත්තෙමත් නෑ ඇත්තෙත් නෑ :D:D