පෘථිවිය ඇතුළෙ තියෙන විවිධ රටවල් අඳුනගත්ත දවසෙ ඉඳලා විවිධ විදියට බිහිසුණු යුද්ධ වලට මුහුණ දීලා තියෙනවා. සිවිල් යුද්ධ, එහෙමත් නැත්තං විදේශ රටවල් සමඟ පවතින යුද්ධවලටත් නොයෙක් විදියට සම්බන්ධ වෙනවා. මේ යුද්ධ ඇතුලෙ කොයිතරම් නම් ආයුධ වර්ග එහාට මෙහාට වෙන්න ඇත්ද කියල හිතාගන්න අමාරුයි නේද..? එදහස් අටසිය ගණන්වල එක්දාහස් නවසිය ගණන්වල මුල්කාලෙ තිබුණු ආයුධ නම් දැන් කාලෙට හරියන්නෑ කියලා හොඳටම තේරෙනවා. මොකද ඒවා යල් පැනපු තාක්ෂණයත් එක්ක Create කරපු දේවල් නිසා. අපි හිතපු දේවල් හරියටම හරිද කියල හිතන්න වෙන්නෙ II ලෝක යුද්ධෙ අන්තිම අවුරුද්දෙදි අලුතින්ම නිර්මාණය කිරීම ආරම්භ කරපු AK-47 ගැන කරුණු හොයල බැලීමෙන් පස්සෙ තමයි. කොහොම වුණත් 1945 දී ආරම්භ වෙලා, 1947 දී නිර්මාණය වෙලා අවසන් වුණු AK-47 තවමත් වෙනත් කිසිම අවියකට නොදෙවැනි විදියට පෙරමුණ අරගෙන තියෙනවා.
AK-47 කියන්නෙ තෝරාගැනීමක් සහිතව වෙඩි තැබිය හැකි අවියක්. ගෑස් යොදාගත හැකි 7.62X 39mm වර්ගයේ තදින්, ඉක්මනින් පහරදිය හැකි රයිෆලයක් වන මෙය මුලින්ම නිපදවූයේ USRR හී Mikhail Kalashnikov විසිනි. මෙහි නිල කටයුතු සඳහා භාවිත කරන නම වන්නේ Avtomat Kalashnikov ලෙසින් වන අතර රුසියාවේදී මෙය හඳුන්වන්නේ AK යනුවෙනි. මෙහි නිෂ්පාදන කටයුතු ආරම්භ කරනු ැබුවේ 1945 දීය.
AK යනුවෙන් හඳුන්වන්නේ Avtomat Kalashnikov යනුවෙන් වන අතර 47 යනුවෙන් දැක්වෙන්නේ මෙය නිෂ්පාදනය කර අවසන් වූ වසරයි. මෙහි විශේෂත්වය වන්නේ AK-47 අවියේ නිර්මාපකයා දෙවැනි ලෝක යුද්ධ සමයේදී තුවාල ලැබූ අයෙකු වීමයි. ඔහු තුවාල ලබා රුසියාවේ රෝහලක ප්‍රතිකාර ලබන අවධියේ අතීතයේදී රුසියාව තම යුද්ධ කටුයුතු සඳහා භාවිත කරන ලද ගිනි අවි ප්‍රතිසංස්කරණය කරන ආකාරය පිළිබඳ අධ්‍යනය කරන්නට විය. එම කරුණු අධ්‍යනය කර ඔහු රෝහලෙන් පිටව ගිය පසු තම සිතේ නිර්මාණ්ය කරගත් යුද අවිය නිර්මාණය ආරම්භ කළේය.
AK-47 නිෂ්පාදනය කිරීමට ඉවහල් වූ මූලින සාධක වූයේ අඩු මුදලකින් නිෂ්පාදනය කිරීමේ හැකියාව සහ භාවිත කිරීමේ පහසුවයි. මෙම ගිනි අවිය රළු, සටන් කිරීමට මෙන්ම පිරිසිදු කිරීමට හා භාවිත කිරීමටද පහසු වන අතර හදිසි සටන්වලදී මෙය ඉතාමත් ප්‍රයෝජනවත් වේ. මේ සඳහා භාවිත කරන්නේ ඉතා ප්‍රබලත්වයකින් යුක්ත වන 7.56mm කැලිබර් උණ්ඩ වර්ගයයි. මෙම උණ්ඩ M-16 ගිනි අවියේ උණ්ඩ වලට වඩා භයානකත්වයෙන් වැඩිය.
M-16
5.56mm වර්ගයේ උණ්ඩ භාවිත කරන රයිෆලයක් වන මෙය අර්ධ ස්වයංක්‍රීය ගිනි අවියකි. M-16 ඇමෙරිකාවේ නිෂ්පාධනයක් වන අතර ඇමෙරිකන් හමුදාව විසින් 1963 දී වියට්නාමයේ වනාන්තරයක් තුළ සිදුකරන සටන් සඳහා යොදාගැනුණි. වියට්නාම යුද්ධය අවසාන වනතෙක්ම මෙය ඇමෙරිකානු හමුදාවේ ප්‍රාථමික ගිනි අවිය වන අතර මෙය ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 75 ක පමණ යොදාගෙන ඇත. ඇමෙරිකාව හා වියට්නාමය යන රටවල් දෙක අතර යුද්ධයක් හටගත් නමුත් සැබෑ වශයෙන්ම ඒ තුළ අනු යුද්ධයක්ද හටගත්තේය. ඒ AK-47 අවිය හා M-16 අතරයි. යුද්ධයේ ජයග්‍රාහකයා තීරණය කිරීමේ එකම සලකුණ වූයේ මේ අවි දෙක තුළ තිබෙන ප්රබලත්වයයි.
1947 දී AK-47 සෝවියට් හමුදාව විසින් තෝරාගත් සේනාංක කිහිපයකට ලබාදුන් අතර මේ වනවිට මෙය රටවල් 80ක පමණ නිෂ්පාදනය වෙමින් පවතී.
AK-47 – M-16
මෙම අවි දෙක අතර බොහෝ වෙනස්කම් තිබෙන අතර AK අවියට කොන්ක්‍රීට් තුළින් පවා උඩ්න යැවිය හැකි නමුත් M-16 අවියට ඒ ආකාරයේ ප්‍රබලත්වයකින් ක්‍රියා කිරීමේ හැකියාවක් නැත. එමෙන්ම AK-47 කුණු ගොඩක සඟවා තබා හෝ පසුකාලීනව ඒ අයුරින්ම භාවිත කළ හැකියාවක් මෙන්ම ජලය තුළ සඟවා තබා හෝ භාවිතා කිරීමේ හැකියාවක් පවතී. නමුත් M-16 අවිය මේ දෙයාකාරයෙන්ම භාවිත කිරීමට නොහැකි අතර එය ක්‍රියා විරහිත වන තත්වයට පත්වෙ. නමුත් AK-47 ට වඩා වැඩි කාර්යක්ෂඹතාවකින් M-16 අවියෙන් වෙඩි තැබිය හැක.
මෙම අවි දෙක අතර වෙඩි තැබීමේ දුර පරාසයන් පිළිබඳව වෙනස්කම් පවතී. AK අවියෙන් 300m – 600m ක දුර පරාසයකට වෙඩි තැබිය හැකි අතර M-16 අවිය එසේ දුරට වෙඩි තැබීමේ හැකියාවක් නැත. එයට හේතුවන්නේ AK අවිය සඳහා 30 Calibre (7.56mm) උණ්ඩ යොදාගැනීමයි.
කෙසේ වෙතත් AK-47 ට වඩා M-16 රයිෆලය පිළිබඳ එය භාවිත කරන්නන්ගෙන් ලැබෙන පැමිණිලි සංඛයාවද ඉහළ අඟයක් ගනී. M-16 යොදාගෙන කරනු ලබන සටන් වලදී ඇතිවන උණුසුම නිසා අක්‍රීය වන අතර එක දිගට වෙඩි පිටවන නිසා තෝරාගැනීමකින් යුක්තව වෙඩි තැබීමේ අවස්ථාව අහිමි වී යයි. ගඟක්, ඇළක්, තරණය කරද්දී ජලය ඇතුළු වූ විට එය ක්‍රියා විරහිත වනවා මෙන්ම කුඩා මඩ අංශු ප්‍රමාණයක් අවිය තුළට ගිය විටද අක්‍රිය තත්වයට පචත්වේ.
අද ලෝකයේ තාක්ෂණය ඉහළ මට්ටමක තිබිල මොන විදියෙ ආයුධ නිර්මාණය කරල වෙළඳපොළට ගලාගෙන ආවත් 1947 දී Mikhail Kalashnikov නිර්මාණය කරපු AK-47 තවමත් ඉදිරියෙන්ම ඉන්න බව නම් කියන්න ඕන.
AK-47 අවිය සඳහා යොදාගන්නා උණ්ඩ
M-16 අවිය හඳහා යොදාගන්නා උණ්ඩ
AK-47 නිපදවූ Mikhail Kalashnikov
M-16 නිපදවූ James Sullivan සහ Eugene Stoner
→Rajitha Basnayake
→Kasun Priyadarshana
→Kasun Priyadarshana



