දත් නැති, බඩක් නැති මුහුදු අශ්වයෝ

Shadow.Walker

Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    දත් නැති, බඩක් නැති මුහුදු අශ්වයෝ

    මුහුදු අශ්වයින් ගැන පොඩි facts ටිකක් හම්බ වුණා. ඉතින් elakiri එකේ අයත් එක්ක share කරගන්න තමයි මේ හදන්නේ. පොඩි පොඩි ෆොටෝ ටිකකුත් එකතු කලා බලාගන්න.

    මුහුදු අශ්වයින් ජීවත් වෙන්නේ නිවර්තන කලාපීය උණුසුම් ජලජ ප්‍රදේශ වල සහ නොගැඹුරු ජලයේය. කොරපොතු තිබුන වගේ පෙනුනත් මොවුන්ට කොරපොතු පිහිට නැත. ඍජු අතට පිහින යන නිසා අනිත් ජලයේ වෙසෙන සත්වයින්ගෙන් කැපී පෙනෙයි. අශ්වයින කිසිම සම්බන්දකමක් නැති වුනත් මොවුන්ගේ මුහුණේ හැඩරුව නිසා මෙම නම ලැබී ඇත... :dull:

    79344141249515055865.jpg



    මුහුදු අශ්වයින්ට පුංචි ඔටුන්නක් වගේ දෙයක් පිහිටලා තියෙනවා. එකට කියන්නේ "coral net" කියල. ඒක එකෙක්ගෙන් එකෙක්ට වෙනස් වෙනවා.


    මොවුන්ට හොඳ පිහිනුම් හැකියාවක් නැති අතර පිටු පස පිහිටි වරල වගේ කොටස එහාට මෙහාට යෑමට උදව් කර ගන්නවා.
    ඒ වගේම මුන්ට ඔවුන්ගේ ඇස් එකක් අනෙකට සාපේක්ෂව වෙන වෙනම චලනය කරන්න පුළුවන්. :D

    ලස්සන වැඩේ කියන්නේ පිරිමි මුහුදු අශ්වයා තමි බිත්තර රැකීම කරන්නේ. :rofl: දවස් 45 පමණ කාලයක් මෙසේ බිත්තර රැකීම කරනවා. සාමාන්‍යයෙන් 1% ප්‍රතිශතයක් තමයි පැටව්ගෙන් ලොකු වෙනකන් ජීවත් වෙන්නේ. මේක නිසා වීන ඇති ගැහැණු මුහුදු අශ්වයා එක වරකට බිත්තර 1500 පමණ ප්‍රමාණයක් පිරිමි මුහුදු අශ්වයා තුල තැන්පත් කරන්නේ.

    92281827679996547309.jpg
    42965406133011066196.jpg
    92540938287201283216.jpg
    68376531410043782405.jpg



    සාමාන්‍යයෙන් මුහුදු අශ්වයින් මිලියන 20 ක ප්‍රමාණයක් වාර්ෂිකව අල්ලනවලු චීන බෙහෙත් ජාති වගේ දේවල් හදන්න. :(

    මොවුන් අර වලිගෙ වගේ තියෙන කොටසින් තමයි ඔවුන්ට අවශ්‍ය දේවල් අල්ලගන්නේ. අපි අපේ අත් පාවිච්චි කරන විදිහට මුහුදු අශ්වයට උගේ වලිගෙ කොටස පාවිච්චි කරන්න පුළුවන්. :confused:


    සාමාන්‍යයෙන් පොදු මිත්‍යා මතයක් තමයි මුහුදු අශ්වයින් තම ජීවිත කාලයම එකම සහකරු/සහකාරියක් සමග ඉන්නවා කියන එක. :yes:

    හොඳින් පිහිනීමට නොහැකි නිසා මුහුදු දියවැල් වලට අසු වීමෙන් මොවුන් ගොඩක් මිය යනවා. මොවුන් ආහාරයට ගන්නේ ඉතා කුඩා ඇහැට පෙන්නේ නැති ජලජ සතුන් නිසා එවැනි ආහාර නැති ප්‍රදේශ වලට ඇදී යාමෙන්ද මොවුන් ගොඩක් විනාස වෙලා යනවා.

    මුහුදු අශ්වයින්ට දත් නැ. දත් නැති නිසා මුළු අහරම එකවර ගිල දානවා. :shocked: ඇඟට සාපේක්ෂව ලොකු හොම්බක් වගේ කොටසක් තියෙන්නේ ඒකයි . :oo:

    එ වගේම බඩකුත් නැ. එක නිසා මොවුන්ට නිරන්තරයෙන් ආහාර ගැනීමට ඕන. ඒ වගේම ජීරණ ක්‍රියාවලියත් වේගවත්.
    :shocked:

    27319549834750236882.jpg
    41246283058702051157.jpg


    එක නිසා මොවුන්ගේ මුළු ජීවිත කළෙම වගේ එක්කෝ ආහාර ගන්නවා එක්කෝ කිසිම දෙයක් නොකර ඔහේ ඉන්නවා :cool:

    මොවුන්ට ඔවුන්ගේ ශරීරයේ වර්ණය අවට ඇති දේවල් වලට අනුකූලව වෙනස් කර ගන්න පුළුවන්. :cool: හැබැයි අර කැරකිලා තියෙන වලිගෙ වගේ පිටුපස කොටස අනිත් පැත්තට කරකවන්න නම් බැ. :D


    මොවුන්ට ඔවුන්ගේ ශරීරයේ වර්ණය අවට ඇති දේවල් වලට අනුකූලව වෙනස් කර ගන්න පුළුවන්. හැබැයි අර කැරකිලා තියෙන වලිගෙ වගේ පිටුපස කොටස අනිත් පැත්තට කරකවන්න නම් බැ. :P

    සාමාන්‍යයෙන් අඟල් 1 1/2 සිට අඟල් 10,12 දක්වා වූ ශරීර ප්‍රමාණයන්ගෙන් තමයි මුහුදු අශ්වයින් දකින්න ලැබෙන්නේ...

    මොවුන්ගේ ලොකුම තුර තමයි පෙන්ගුඉන්ල. ඒ වගේම කෙලවල්ල, කකුළුවා අනිත් හතුරෝ :angry:


    66593829693251130902.jpg


    ඒ වගේම අර කැරකිලා තියෙන නැට්ට අවශ්‍ය වුනොත් රණ්ඩු
    කරන්නත් පාවිච්චි කරනවා. විශේෂයෙන් ප්‍රජනන කාල වලදී පිරිමි සත්තුද :P, ආහාර හා සීමා මායිම් පිළිබඳ ගැටළු වලදී ගැහැණු සත්තුද රණ්ඩු වලට පැටෙලෙනවා. හැබැයි ගොඩක් වෙලාවට මේගොල්ලෝ කරන්නේ හැන්ගෙන එක රණ්ඩු කරනවට වඩා. ඇඟේ පාට වෙනස් කරලා ලේසියෙන්ම මේක කරන්න පුළුවන් මේ අයට.

    මුහුදු අශ්වයින්ගේ ජීවිත කාලය අවුරුදු 4-6 අතර ප්‍රමාණයක් සාමාන්‍යයෙන්. හැබැයි ගොඩක් වෙලාවට ඊට වැඩ අඩු කාලෙකින් මැරෙනවා අනිකුත් හේතු නිසා. (මිනිස් ආක්‍රමණ, ආහාර නොමැති කම, අඩික මහන්සිය) :no:

    පිරිමි සතා ගැහැණු සතාගෙන් පහසුවෙන් වෙන් කරලා අදුන ගන්න පුළුවන් ඔවුන්ගේ උදරය වගේ ලොකුවට තියෙන පෙදෙසින්. ඒ ඔවුනට කුඩා මල්ලක් වගේ දෙයක් පිහිට තිබෙනවා බිත්තර රකින්න. ඒ වගේම ඒ හරිය සිනිදුයි පිරිමි සතාගේ... :rolleyes:

    54524952939588776300.jpg
    40919612472140958438.jpg


    93386902736495973903.jpg
    14628208028038711444.jpg
    87722351493797529458.jpg


    36896626864992626392.jpg
    78998257200360671679.jpg
    99987325577947732928.jpg



    src: OceanwideImages.com /
    fotosearch.com / listverse.com / nationalgeographic.com

    හොදයි නම් comment එකක් දාලම යන්න අනිත් අයටත් බල ගන්න
    thumbs-up.gif
     
    Last edited: