Quantum පරිඝණක(The best)

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ


    Quantum physics​

    images

    මිනිසුන්ට සිතීමේ හැකියාව ලැබුන දා සිට විශ්වය කියන්නේ මොකද්ද කියලා හොයන්න උත්සාහ කලා. ඒකට හොඳම උදාහරණයක් තමයි නොයෙකුත් ආගම් ඇතිවීම. මේ හැම ආගමකින්ම වගේ උත්සාහ කලේ විශ්වයේ සත්‍යය විවිධ ආකාරයෙන් අර්තකථනය කරන්න. නූතන විද්‍යාවත් උත්සාහ කරන්නේ මේ දේමයි. ඒත් මේ විශ්වයේ සත්‍යය සොයා යන ගමනේදී ලඟදි scientistsලට විද්‍යාවේ අමුතුම කොටසක් ගැන හෝඩුවාවක් ලැබුනා.ඒ තමයි Quantum physics .

    ඒකට අනුව විශ්වයේ තියන ලොකු ලොකු දේවල් තේරුම් ගන්නනම් මුලින්ම පොඩිම දේවල් ගැන දැනගෙන ඉන්න ඕන. විද්‍යාවේ දැනට භාවිතා කරන පොඩිම දේ තමයි පරමාණු. ඒත් quantum theory වල තියන ලොකුම දේ තමයි පරමාණු. හිතාගන්න පුලුවන් නේද කොච්චර අමුතු හා සංකීර්ණද කියල මේ quantum ලෝකය? අපේ සාමාන්‍ය ලෝකයේදී කිසිදාක වෙනස් වෙන්නෙ නෑ කියන නීති එකක්වත් මේ quantum ලෝකයට බලපාන්නෙ නෑ. උදාහරණයක් විදිහට කාලය හරහා ගමන් කිරීම හා එක වෙලාවක එකම දේ තැන් කිහිපයක තිබීම quantum physics වල මූලික් සිද්ධාන්ත. :rofl:

    මේ විෂය විද්‍යාවට ඉතාම අලුත් දෙයක්. ඒක හින්දා තාම මේක නිරීක්ශන මට්ටමේ තියෙන්නෙ. ප්‍රායෝගික යොදාගැනීම් සඳහා ප්‍රායෝගික විය හැකි අදහස් බොහොම කිහිපයයි තියෙන්නෙ.

    මේ quantum physics විස්තර කරන්න ගියොත් මූලික සිද්ධාන්ත පැහදිලි කිරීමත් ඉතා අමාරු හා දීර්ඝ ක්‍රියාවලියක්. උනන්දු කට්ටිය ගොඩක් ඉන්නවනම් මම ත්‍රෙඩ් කිහිපයකින් පස්සෙ ඒ ගැන පැහැදිලි කරන්න උත්සාහ කරන්නම්. ඒක නිසා මම අද දැනට පර්යේෂන මට්ටමේ තියන ප්‍රායෝගික යොදාගැනීමක් ගැන කියන්නම්.


    Quantum පරිඝණක​

    quantum_entanglement.gif


    Subatomic particals - පරමාණුවකට වඩා කුඩා දේවල්.

    සමහර Subatomic particals දෙකක් ලං උනාම හෝ එකට හැදුවොත් ඒ දෙක අතර සම්බන්ධයක් ඇති කරගන්නවා. ඒ ක්‍රියාවලියට කියන්නෙ quantum entanglement කියල. ඉතින් මෙහෙම සම්බන්ධයක් ඇති උනාට පස්සෙ ඒ දෙකෙන් එකකට මොකක් හරි වෙනසක් කලොත් ඒ ක්ෂනිකයෙන්ම සම්බන්ධය තියන අනෙක් partical එකත් ඒකට අනුව වෙනස් වෙනවා. අපූරු වැඩේ කියන්නෙ මේ particals දෙකෙන් එකක් අරගෙන ආලෝක වර්ෂයක් දුර ගියත් අර වෙනස් වීම ක්ෂනිකයෙන් සිදු වෙනවා.

    Photon+Entanglement+2.jpg

    ඒකියන්නෙ එකක් වෙනස් උනා කියන දත්තය අනික් එකට දුරක් ගමන් කිරීමක් වෙන්නේ නැ. මොකද දෙයක් ගමන් කරනවනම් කොච්චර වේගවත් උනත් දුර අනුව ගමන් කරන්න යන කාලය වෙනස් වෙන්න ඕන. ඕක හරියටම quantum physics වල කොටසක් වන String theory එකෙන් පැහැදිලි කරගන්න පුලුවන්. ඒත් දළ වශයෙන් වෙන්නෙ ඕක.

    දැන් scientistsල උත්සාහ කරන්නෙ මේ දේ පරිඝණක වල දත්ත හුවමාරු කිරීම සඳහා යොදාගන්න. දැනටමත් පරීක්ෂන කරනවා.

    නවීන පරිඝනක වල ගණනයට පාවිච්චි කරන්නෙ Bits. ඒකනම් හැමෝම වගේ දන්නවානෙ. Quantum computers වල ගණනයට පාවිච්චි කරන්නෙ Q-bits (Quantum bits).


    සාමාන්‍ය bits පාවිච්චි කරල එකපාරට ගණනය කිරීම් කරන්න පුලුවන් එකයි. හැබැයි Q-bits වලින් එකපාරට ගණනය කිරීම් කිහිපයක් කරන්න පුලුවන්. ඇත්තටම මේ ගණනය කිරීම් සංඛ්‍යාවට සීමාවක් නෑ. විද්‍යාවේ දියුණුවත් සමග මේ ගණනය කිරීම් ප්‍රමාණය වැඩි කරගන්න පුලුවන්.

    දැන් එතකොට සරළව බැලුවොත් Quantum computer එකකට වේග සීමාවක් නෑ, ගණනය කිරීම් වල සීමාවක් නෑ. හිතාගන්න පුලුවන් නේද කොච්චර ලොකු වෙනසක්ද කියලා? MIT එකේ දැනටමත් scientists ල Q-bit එකක් හදලා පරීක්ෂන කරනවා.

    image-01-large.jpg

    Quantum computer එක හදල ඉවර උන දාට මුලු ලෝකයම වෙනස් වෙනවා. දැනට හදන්න පුලුවන් Q-bits කිහිපයක් පාවිච්චි කරල computer එකක් හැදුවොත් මුලු අන්තර්ජාලයම පාලනයට ගැනීමට තරම් බලයක් ඒකට තියේවි.



    ප්‍රතිචාර හොඳනම් මම quantum physics ගැන තව පැහැදිලි කරන්න try කරන්නම්.;)





     
    Last edited:

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    Mamath oya field eke thama inne. Thawama hoda fidelity ekak ganna puluwan qubit algorithms naa. Eka develop karana eka thama mulma de mata huthena widiyata. Nathnam qubit eka manipulate karana eka simple. Great fidelity is the problem.
     
    • Like
    Reactions: mmaxx

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    Mamath oya field eke thama inne. Thawama hoda fidelity ekak ganna puluwan qubit algorithms naa. Eka develop karana eka thama mulma de mata huthena widiyata. Nathnam qubit eka manipulate karana eka simple. Great fidelity is the problem.

    එළනෙ එහෙනම්. ඔව් කට්ටිය තාම algorithm එකක් හොයනවා. ටිකක් කල් ගියත් කරන්න බැරි දෙයක් නෙමෙයි කියල මටනම් හෙතෙන්නෙ. මම මැරෙන්න කලින් එකක් හැදුවොත් සිරා.
    මමනම් මේ field එකේ නෙමෙයි. ඒක හින්දා අඩු පාඩුවක් තිබ්බොත් කියන්න. සහෝදරය දන්නවනෙ මේ විෂය කොච්චර confusing ද කියල.:yes:
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    එළනෙ එහෙනම්. ඔව් කට්ටිය තාම algorithm එකක් හොයනවා. ටිකක් කල් ගියත් කරන්න බැරි දෙයක් නෙමෙයි කියල මටනම් හෙතෙන්නෙ. මම මැරෙන්න කලින් එකක් හැදුවොත් සිරා.
    මමනම් මේ field එකේ නෙමෙයි. ඒක හින්දා අඩු පාඩුවක් තිබ්බොත් කියන්න. සහෝදරය දන්නවනෙ මේ විෂය කොච්චර confusing ද කියල.:yes:

    Uba asanam kolla dwave kiyala company ekak thynawa. Un thama oka commercially hadanne. Site ekata gihin balapan. Asa hithei. Ubata research articles ehema oninam pm karapan. Mata access thynawa.