තට්ට ගෑනු

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels


තට්ට ගෑනු

නිලූකා හට තම සැමියා පිළිබඳව පැවතියේ බලවත් සැකයකි.තනිවූ වහාම ඔහු අන් අඟනන් ඇසුරු කරතැයි ඇය නිරන්තරයෙන් සිතුවාය.එසේ සිතා කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම සැමියාට ඇනුම්පද කියන්නටත් දෙස් දෙවොල් තබන්නටත් පටන් ගත්තාය.සෑම දිනකම හවස ඔහු නිවෙසට පැමිණි පසු ඔහුගේ කලිසම් කමිස පිරික්සා බලා කෙසේ හෝ දිග කෙස් ගසක් සොයා ගෙන තම සැමියාට අවලාද කීවාය.සාප කරමින් බැණ වැදුණාය.

එක් දිනක් සවසක මහත් පරිශ්‍රමයක් දරා ඔහුගේ ඇඳුම් පරීක්ෂා කර බැලුවද ඇය කිසිදු කෙස් ගසක් සොයා ගන්නට අපොහොසත් වූවා ය.ඔහුගේ ඇඳුම් පුටුවක් මතට වීසි කළ ඇය මහ හඬින් හඬන්නට වූවාය.

‘ඒ පාර මොකද යෝදියේ මේ බෙරිහන් දෙන්නේ?’ සැමියා ඇසුවේ කෝපයෙනි.

‘අනේ දෙයියනේ ඒ පාර මේ මිනිහා තට්ට ගෑනු එක්කත් යන්ඩ පටන් අරන්.’

නිලූකා හිසේ දෑත් බැඳ මහ මලකඩ හඬින් විලාප තැබුවාය.

:angry:
:angry:
:angry:





ලෝක වාර්තාව

“මිස්ටර්ට නොසෑහෙන්න උණ තියෙනවා” හදිසියේ ගිලන්ව තමා වෙතින් ප්‍රතිකාර ලැබීමට පැමිණි මලල ක්‍රීඩකයා හොඳින් පරීක්ෂා කර බැලූ වෛද්‍ය ගුණසේකර කීවේය.

“කීයට වගේ ද ඩොක්ටර්?” ක්‍රීඩකයා වහා විමසීය.

“උණ එකසිය දහයට නැඟලා” දොස්තර කීවේය.

“හැබෑට, ඒකෙ ලෝක වාර්තාව කීයද ඩොක්ටර්” ලොකු උනන්දුවක් දක්වමින් මලල ක්‍රීඩකයා විමසීය.

:no:
:no:
:no:




ඒකනෙ පැරදුණේ

“මම ඡන්දෙන් පැරදුණේ ඡන්ද ගණන් කරපු නිලධාරීන්ගෙ වැරැද්ද හින්දා” රෝහිත මන්ත්‍රීතුමා කීවේ තමා වටකොට සිටි හිතවතුන් දෙස බලමිනි.

“ඒ කියන්නෙ සර් ඒ ගොල්ලො ඡන්ද වැරදියට ගණන් කළා ද?” මන්ත්‍රීතුමාගේ ජයග්‍රහණය පතා බොක්කෙන් ම වැඩ කළ පච්ච සිරා ඇසුවේ ඉනේ සඟවා සිටි පිහියට අත තබමිනි.

“වැරදියට ගණන් කළා නං මම දිනුම්නෙ බං” මන්ත්‍රීතුමා කීවේ දොම්නසිනි.

:P
:P
:P





වේග පුහුණුව

නුවන් කියවීමට හරිම දුර්වලයි. ඒ අතින් ඔහු හැමදාම පන්තියෙ අන්තිමයා. අනිත් ළමයි සේරම නවකතා පොත් ආදිය වේගයෙන් කියවද්දී නුවන්ට පෙළ පොතක් පාඩමක්වත් වේගයෙන් කියවන්න බැරි වුණා.

පන්තිය බාර ගුරුතුමී මේකට පිළියමක් යෝජනා කළා. ඔයාට වේගෙන් කියවන්න පුරුදු වෙන ක්‍රමයක් මං කියලා දෙන්නං. ගෙදර ටේප් රෙකෝඩරයක් තියෙනවාද ?

ඔව් මිස් තියෙනවා

හොඳයි ! මං මේ පාඩමේ තියෙන කතාව ටේප් කරල ඔයාට ගෙනත් දෙනවා. ඔයාට තියෙන්නේ පොත පෙරලාගෙන, ඒ දිහා බලාගෙන රෙකෝඩරයට ඇහුම්කන් දෙන එක විතරයි. සතියක් දෙකක් යනකොට ඔයාටත් ඒ විදියට වේගෙන් කියවන්න පුළුවන් වේවි

ගුරුතුමි පොරොන්දු ප්‍රකාර නුවන්ට කතා ටේප් කරලා දුන්නා.

සති කීපයක් ගත වුණාට පස්සේ ගුරුතුමී නුවන්ව පන්තිය ඉස්සරහට කැඳෙව්වා.

කොහොමද ? දැන් ටිකක් වේගෙන් කියවන්න පුළුවන් නේ ද ? හොඳයි ! මෙන්න මේ කතාව කියවන්න කාටත් ඇහෙන්න ඇය කීවා.

නුවන් අදාල කතාව වේගයෙන් කියවගෙන ගියා. පන්තියෙ ළමයින්ට තියා ගුරුතුමියටවත් තේරුණේ නැහැ නුවන් කියවන්නේ මොනවද කියලා. කාටත් ඇහුණේ සට සට පට පට සටපටාස් සට පටාස් වැනි සද්ද ටිකක් විතරයි.

ඔය මොකද නුවන් ඔය ! මං කිව්ව විදියට හඬ පටියට ඇහුම්කන් දුන්නද ගුරුතුමී ඇහුවා.

ඔව් මිස්

කොහොමද ඇහැව්වේ

මට ඉතින් දිගටම අහගෙන ඉන්න කම්මැලි හින්ද රෙකෝඩරේ ෆාස්ට් ෆෝවර්ඩ් දාල ඇහුම්කන් දුන්නා නුවන් කීවා.

:rofl:
:rofl:
:rofl:





නොට්ටිගේ පුතා

සිය පියාගේ අඩිපාරේ යාමට උනන්දුවක් දැක්වූ නීතිඥවරයෙකුගේ පුතෙක් නීති විද්‍යාලයට ඇතුළත් විය. ගෞරව උපාධි සමග සමත් වූ ඔහු යළි නිවෙසට පැමිණ පියාගේ නීති ආයතනයට එක් විය.

එම ආයතනයේ ඔහු සේවය කළ පළමු දිනය අවසානයේ ඔහු, ඔහුගේ පියාගේ කාර්යාලයට කඩා වදිමින් ඉතාමත් ආඩම්බරයෙන් මෙසේ දන්වා සිටියේය.

“තාත්තේ... තාත්තේ... තාත්තා අවුරුදු දහයක්ම මහන්සි වෙන රිය අනතුරු නඩුව මම එක දවසින් ඉවර කළා!’’

නීතිඥ තාත්තාට පපුවේ කැක්කුමක් හට ගත්තේය. වේදනාව දරා ගනිමින් ඔහු පුතාට මෙසේ බැණ වැදුනේය.

“උඹ මෝඩයා... මී හරකා... අපි අවුරුදු දහයක්ම ජීවත් වුනේ ඒ නඩුවෙනුයි!

:dull:
:dull:
:dull:





හදිසිය

අල්බට් ක්ලාක් මහත්තයාට

ඉක්මනටම දුම්රිය ස්ථානයට යන්නට අවශ්‍ය විය.

“මට ඔහේගේ මිදුල උඩින් ගියොත්

උදේ හයේ කෝච්චිය අල්ලාගන්න පුළුවන් වෙයි නේද?” විමල්ගේ නිවස අසලට ගිය ඇල්බට් ක්ලාක් මහත්තයා විමල්ගෙන් විමසුවේ,

ඔහුගේ මිදුල මැදින් ගියවිට දුම්රිය ස්ථානයට යන දුර අඩුවෙන බැවිනි.

“අපොයි පුළුවන්; හැබැයි මගේ බල්ලා මහත්තයාව දැක්කොත්, මහත්තයාට උදේ පහේ කොච්චියත් අල්ලාගන්න පුළුවන් වේවි” විමල් කීවේ ඇඟපතට නොදැනීය.

;)
;)
;)





ලේ දන්දීම දුටු මදුරුවෝ

මිනිසුන් පැමිණ ඇඳක වැතිරී ලේ දන් දෙන ආකාරය දෙස ශෝකයෙන් බලා සිටි මදුරුවෙක් අනෙක් මදුරුවා අමතමිනි.

”මේ ලෝකේ කොච්චර අසාධාරණකම් සිද්ධ වෙනවද මචං. අර බලපං අර මිනිස්සු කැමැත්තෙන්ම ඇඳේ හාන්සිවෙලා ලේ ගන්න ඉඩ දෙනවා. අපි එහෙම උන්ගේ ළඟින් ගියත් ඇති එලව එලවා ගහලා අපිව මරනවා“ යි කියා දිග සුසුමක් හෙලුවේය.

:(
:(
:(





කුණු ගෙන යාම

කුණු ගොඩ රථයට දමා ගත් නගර සභා සේවකයෝ වෙනත් තැනකට යාමට රථය පණගැන්වීය. එවිට නිවසක් තුළින් කාඩ්බෝඩ් පෙට්ටි රැගත් කාන්තාවක් දුවගෙන් ඇවිත් “අනේ කුණු ගෙනියන්න මං පරක්කු වැඩිද?” යි ඇසුවාය.

”නෑ” යි පිළිතුරු දුන් සේවකයා “විගහට මෙහෙන් නගින්න” යි කීය.

:lol:
:lol:
:lol:





දෙවියන් අයැදීම

අයෝමා තම පුතාගේ කාමරය අසලින් යන විට පුතාගේ හඬ ඇසී කාමරයට එබිකම් කළ විට දක්නට ලැබුණේ කතරගම දෙවියන් ඉදිරියේ වැද වැටී මොනවාදෝ මුමුණන තම පුත්‍රයායි’.

‘අනේ දෙවියනේ නේපල්ස් නගරය ඉතාලියේ අගනුවර කරන්න’ මේ විදියට කිහිප සැරයක් කියමින් දොඩවන තම පුත්‍රයා අසලට ගිය අයෝමා,

“මොකක්ද පුතේ ප්‍රශ්නය” යි ඇසුවාය.

“අනේ අම්මා මම ඊයේ ටෙස්ට් එකට ලිව්වේ ඉතාලියේ අගනුවර නේපල්ස් කියලයි’ ඒක එහෙම වෙන්න කියලා මම දෙයියංගෙන් ඉල්ලුවා” යි දරුවා කීවේය.

:baffled:
:baffled:
:baffled:






මිටියේ අභිරහස

ද්විත්ව මිනීමැරුම් චෝදනාවකට ලක්වූ පුද්ගලයෙක් උසාවියේ විත්තිකූඩුවේ සිටගෙන සිටියේය.

“තමුන්, තමුන්ගේ බිරිය මැරෙන තෙක් ඇයට මිටියකින් පහර දී තිබෙන බවට චෝදනා එල්ල වී තියෙනවා” යැයි විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

ඒ අවස්ථාවේ උසාවි ශාලාවේ පිටුපස අසුනක සිටි පුද්ගලයෙක් “අවජාතකයා!” යයි කෑගැසුවේය.

විනිසුරු ඔහුගේ කාර්යය දිගටම කරගෙන යමින් “තමුන්, තමුන්ගේ දියණිය මිය යන තුරු ඇයට මිටියකින් පහර දුන් බවටත් චෝදනාවක් තියෙනවා” යැයි කියා සිටියේය.

එවිට, නැවත වතාවක් උසාවි ශාලාවේ පිටපුස අසුනකින් “උඹ පරයෙක්! අවජාතකයෙක්!” යනුවෙන් කෑගසනු අසන්නට ලැබිණි.

මේ අවස්ථාවේ විනිසුරුවරයා ඔහුගේ කතාව නතර කොට උසාවි ශාලාවේ සෙනඟ අතර පිටුපස පේලියේ අසුන් ගෙන සිටි පුද්ගලයා දෙස බලමින් මෙසේ කීවේය.

“මහත්මයා! මේ අපරාධය ගැන ඔබ තුළ ඇතිවන කෝපය මට තේරුම් ගත හැකියි. නමුත් ඔබේ මේ ආවේගයට මට තවදුරටත් ඉඩ දෙන්න බැහැ. ඔබ නැවත වතාවක් එසේ හැසිරුණොත් උසාවියට අවමන් කිරීමේ චෝදනාව මත ඔබට දඬුවම් කරන්න මට සිදුවෙනවා. දැන්... ඔබට තවත් ප්‍රශ්නයක් තියෙනවාද?’’

සිය අසුනෙන් වහා නැගිට ගත් එම පුද්ගලයා මෙසේ ප්‍රතිචාර දක්වා සිටියේය.

‘’අවුරුදු පහළොවක්ව මම ජීවත් වෙන්නේ මේ ‘අවජාතකයාගේ’ නිවසට අල්ලපු ගෙදරයි. ඒ මුළු කාලයේම මම ඔහුගෙන් මිටිය පොඩ්ඩකටට ඉල්ලුවාම තමන් ළඟ මිටියක් නැහැ කියලා ඔහු කිවුවා!’’

:frown:
:frown:
:frown:





ප්‍රශ්නය

පාසල් පරීක්ෂක : ඔයාලට මගෙන් ප්‍රශ්නයක් අහන්න නැද්ද.? ඔව් අත් ඔසවපු පුතා අහන්න.

දරුවා : ඔබතුමා කොයි වෙලාවේද යන්නේ ?

:rolleyes:
:rolleyes:
:rolleyes:





කහිනවා ඇහෙයි

’මගේ කන් ඇහීම කොයි තරම් දුර්වල වෙලාද කියනවා නං මම කහින සද්දෙවත් මට ඇහෙන්නෙ නෑ ඩොක්ටර්.’

හේමපාල ඇන්ටි, වෛද්‍යවරයා තම කන පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව පැවසීය.

’හොඳයි, මේ පෙති ටික දවසට දෙක ගණනේ උදේ හවස පාවිච්චි කරන්න.’ වෛද්‍යවරයා කීවේ තරමක උච්ච ස්වරයකිනි.

’මේවා පාවිච්චි කරන කොට කන් ඇහෙන්න පටන් ගනියිද ඩොක්ටර්?’ හේමපාල ඇන්ටි ඇසුවේ බලාපොරොත්තු වලින් දෑස් පුරවා ගෙනය.

’නෑ.. නෑ... හොඳට හයියෙන් කහින්ඩ පුළුවන් වෙයි’ වෛද්‍යවරයා කීවේය.

:oo:
:oo:
:oo:





බල්ලා කයිද?

දිනක් කාර්යාලය වැසූ පසු මංජුල තම නිවෙසට ගියේ තම කාර්යාලයීය මිතුරු චන්ද්‍රසේන ද කැටිවය. දෙදෙනා ගේට්ටුව හැර වත්ත ඇතුළු වත්ම බල්ලෙක් බුරාගෙන ආවේය.

’බල්ලා කයිද?’ බියපත් වූ චන්‍ද්‍රසේන ඇසුවේ අඩියක් ආපස්සට තබමිනි.

’මටත් බලාගන්ඩ ඕනැ ඒකම තමයි. මම මූව ගෙනාවේ ඊයෙ.’ මංජුල කීවේය.

:no:
:no:
:no:





සින්දුවේ තරම

’මං ඔයාට CD එකක් ගන්ඩ කියල දීපු සල්ලි අරන් බාර් එකට රිංගුවා නේද? මට ආරංචියි බාර් එකේදි අන්තිමට වමනෙත් දැම්මා කියල.’ දයා තම සැමියා ගෙදරට පය තැබූ වහාම කඩා පැන්නාය.

’රෙකෝඩ් බාර් එකට නොගොහින් CD ගන්නෙ කොහොමද හලෝ?’ ප්‍රේමරත්න කිසිදු වෙනසක් නොපෙන්වා කීවේ අතකින් කොන්ඩය පිටුපසට පීරමිනි.

’හොඳයි එතකොට වමනෙ කළේ?’

’ආ, ඒ අර CD එකේ තිබුණු අලුත් සින්දුවක් අහලනෙ’ ප්‍රේමරත්න ඇඟට පතට නොදැනී පිළිතුරු දුන්නේය.

:D
:D
:D





අලි මදිවට හරක්

දියණියන්ම දුසිමක් ලබා සිටි පියතිස්ස පුතෙකු ලැබීමේ නොතිත් ආශාවෙන් පසුවිය. දරු ප්‍රසූතිය අපේක්ෂාවෙන් රෝහලේ නවත්වා සිටි බිරිඳ බැලීමට ගිය හෙතෙම, ඇය සිටි ඇඳ හිස්ව තිබෙනු දැක වටපිට බලද්දී ඔහු වෙත ආ සාත්තු සේවිකාවක් බිරිඳ දරු ප්‍රසූතිය නිම කළ බැව් කීවාය.

‘මිසී, මේ වාරෙවත් පුතෙක් ද?’ පියතිස්ස ඇසුවේ නොඉවසිල්ලකිනි.

‘ඔව්, තුන් දෙනාගෙන් එක දරුවෙක් පුතෙක්.’ සාත්තු සේවිකාව සිනා වෙමින් කීවාය.

:shocked:
:shocked:
:shocked:




රීපෝස්ට් නම් සොරිවෙන්න ඕන.
:sorry:
දැකලා තියනවනම් දැකල නැති අයට බලන්න බම්ප් එකක් වත් දෙනවලු නේ.
;)
පුලුවන්නම් අර උඩින් දකුනු පැත්තේ තියන KARMA ඔබල කම්මෙන්ට් එකක් දෙන්න.
:rolleyes:



picture.php