රටේ බයිලා

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඩොල්කි රබන් තාලෙට මල් බෝල හැලෙනවා....
    අහලා බලමු මෙන්න රටේ බයිලා කියනවා....
    අහලා බලමු මෙන්න රටේ බයිලා කියනවා.....
    ඩොල්කි රබන් තාලෙට මල් බෝල හැලෙනවා....

    වැස්ස වැහැලා වැව් ජලාස ඉතිරිලා යනවා....
    අර මැඩම් ඇවිත් ලයිට් බිලට මතුරලා යනවා
    මචං.. වැස්ස වැහැලා වැව් ජලාස ඉතිරිලා යනවා....
    අර මැඩම් ඇවිත් ලයිට් බිලට මතුරලා යනවා...

    ඩීසල් පෙට්‍රල් මිල තව උඩටම යනවා.....
    බස් වල යන්නත් ගානක් හෙට වැඩි වෙනවා....
    බොලා... ඩීසල් පෙට්‍රල් මිල තව උඩටම යනවා.....
    අන්න..බස් වල යන්නත් ගානක් තව වැඩි වෙනවා....

    මොනරා අරං ලොක්කා වගේ කඩේට වනවා..........
    අර කූඩෙ පිරිලා නෑ මොනරට ඇප නැති වෙනවා.........
    මචං කූඩෙ පිරිලා නෑ මොනරට ඇප නැති වෙනවා......
    මෙයා මොනරා අරං ලොක්කා වගේ කඩේට යනවා.....

    සල්ලි ණය වෙලා ගෙයි දොර උගසට තියලා........
    වැව්ව කුමුරු යායම තඹ සතේට කපලා........
    වී ගෝනිය බ්‍රෝකර්ලගෙ මඩි තද කරලා...
    ගොවි රජාගෙ ගෙල තොන්ඩුව තව තද කරලා....

    උඩ පැන පැන නැව ගිලුනත් ක්‍රිකට් ගහන්නේ....
    ඔය ක්‍රිකට් ලෝකෙ අයියලාට නැද්ද ගෙවන්නේ....
    ඔය ක්‍රිකට් ලෝකෙ අයියලාට නැද්ද ගෙවන්නේ....
    උඩ පැන පැන නැව ගිලුනත් ක්‍රිකට් ගහන්නේ....


    පිස්සු ඩබල් මල හොල්මං කොන්ඩෙට බැන්ද...
    වැඩක් බලං මනුස්සයෝ යනවද නැද්ද............
    දැං වැඩක් බලං මනුස්සයෝ යනවද නැද්ද...............
    ඔය... පිස්සු ඩබල් මල හොල්මං කොන්ඩෙට බැන්ද...

    අහලා නැද්ද දියවන්නා බයිලා කියනවා...
    වහලා තියෙන පාලු ගෙවල් ඉබේ ඇරෙනවා....
    ඔය වහලා තියෙන පාලු ගෙවල් ඉබේ ඇරෙනවා....
    අහලා නැද්ද දියවන්නා බයිලා කියනවා...

    බලාපොරොත්තුව ඔබ ලග සදහට තියලා....
    අවුරුදු පහකින් යන්නේ පරපුර හදලා........
    ආයෙ ඇවිත් ගෙවල් ගානෙ ඉඹ ඉඹ අඩලා.....
    බඩුම තමා ටටා යනවා හරහට වැදලා.............


     
    • Like
    Reactions: .::|Dark_Knight|::.

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    සංකල්ප සහෝදරයගෙ නිසැඳෙස්, කවි ගැන වෙනම කතාකරන්න දෙයක් නෑනෙ.
    නියමෙටම ලියල තියෙනව:yes:
    rep3+
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පට්ට කොල්ලෝ ඈ...... සුපිරි.......

    සංකල්ප සහෝදරයගෙ නිසැඳෙස්, කවි ගැන වෙනම කතාකරන්න දෙයක් නෑනෙ.
    නියමෙටම ලියල තියෙනව:yes:
    rep3+
    බොහොම ස්තූතියි :D