Import Japan vehicle to Sri Lanka - ජපන් වාහනයක් ගෙන්වමු
ඔන්න ඉතින් අපි හා හා පුරා කියල දෙවැනි පාරටත් ජපානෙන් වහනයක් ගෙන්නුවා. (තාම නැවේ හොඳේ.) ඉතින් ඕක මහා කට්ටක්. මොකද කිසි විස්තරයක් දන්නේ නැතුව ඔහොම වහනයක් ගේන්නේ කොහොමද කොච්චර විතර ගානක් යාවිද අනන් මනං ගැන හොයා ගන්න විදියක් නැහැ. ඔන්න ඉතින් මම කෙටියෙන් කියන්නම් කොහොමද ජපානෙන් වහනයක් ගේන්නේ කියල. මොකටද අප්පේ ජපන් වහනයක්? මෙහෙම හිතමු, ඔන්න දැන් අපි දකිනවා කිරි කිරි වහනයක් (උදා- Allion එකක්.) ඉතින් අපේ ඇඟ කහනවා මෙහෙම එකක් ගෙන්නන්න. අපි දුවල දුවල යනවා Toyota එකට. ගිහින් කියනවා මට අර වාහනේ ඕන දෙන්න කියල. ඒ අය කියනවා, අපි ඔය වාහනේ ගෙන්නන්නේ නෑ Axio එකක් දෙන්නම් කියල. අපිට මොකටද බොල Axio කියල අපි එනවා. අනිත් එක තමයි ඔය ලංකාවට බ්‍රෑන්ඩ් නිව් ගෙන්වන ගොඩක් ජපන් වාහන ජපානේ නෙවෙයි හදන්නේ. තායිලන්තේ මැලේසියාවේ වගේ රටවල තමයි හදන්නේ. ඉතින් ජපනෙන්ම වහනයක් ගෙන්නන්න පුළුවන් නම් හොඳයි නේ.
හැබැයි පුතෝ අද කාලේ වහනයක් ගේනවා නම්, (ලක්ෂ 60 කට වැඩි එකක්) පර්මිට් එකක් නැතුව ගේන එක මහා ගොන්කමක්. එහෙම ගේන්න ඉන්නවා නම් අඩුවට පර්මිට් එකක් හොයා ගන්න. දැන් ලක්ෂ 8-12 අතරේ පර්මිට් ගොඩක් තියනවා. ඔය ගානට පර්මිට් එකක් ගත්තට පාඩු නැහැ.
පර්මිට් එකකුත් හොයා ගෙන ඊළඟට තව කෙනෙක් හොයා ගන්න ඕන. ඒ තමයි බ්‍රෝකර් කෙනෙක්. බ්රොකර්ලත් විවිධාකාරයි. ලොකුවට බිස්නස් කරන අය ඉන්නවා, පොඩියට කරන අය ඉන්නවා. ලංකාවේ නමගිය වාහන ගෙන්වන බොහොමයක් උදවිය මේ වැඩේ කරනවා. මම නම් ගම දාන්නේ නෑ. එහෙම කෙනෙක් කොහොම හරි හොයා ගන්න.ඒ තරම් අමාරු නැහැ.
ඔක්කොම හොයා ගත්තට පස්සේ මෙන්න මේ වෙබ් සයිට් එකට යන්න.
http://jpcenter.ru/
ඔන්න දැන් හිතේ හැටියට වාහන තියනවා අරගන්න. ඕකේ තියන්නේ ජපානේ පාවිච්චි කරපු වාහන ජපනට එපාවෙලා වෙන්දේසියට දාපුව. දැන් අපිට කරන්න තියන්නේ ඔය වහනයක් තෝරන එක. වහනයක් තෝරනකොට තමන්ට අවශ්‍ය විදියට එකක් බලන්න. හැම වාහනේම පෙන්නවා auction sheet එකක් කියල එකක්. එකේ ලකුණු කරලා තියනවා කොහොමද වාහනේ තත්වේ මොකක්ද කොහෙද හීරිලා තියන්නේ මොනවද තියන ඔප්ෂන් කියල. දැන් ඉතින් ඕක කියවන්න ජපන් දැනගන්න එපැයි. එහෙම ඕන නෑ. පොඩි ගුගල් පාරක් දාල බලන්න "how to read Japanese auction sheet" කියල. එතකොට පෙන්නයි කොහොමද ඔය වැඩේ කරන්නේ කියල. දැන් ඉතින් කාලයක් හූල්ල හූල්ල ඉඳල කොහොම හරි හිතට අල්ලන එකක් ආව ගමන් බ්‍රොකර්ට කෝල් එකක් දාල කියන්න මෙන්න මේ වාහනේ මට ගෙන්නලා දීපියෝ කියල. එතකොට එයා ජපානේ ඉන්න පොරකට කතා කරලා වෙන්දේසියේදී තරඟ කරලා ඔන්න ඕක ගන්නවා.
වෙන්දේසිය ගැන පොඩි අදහසක් ගන්න මෙන්න මේ වීඩියෝ ටික බලන්න
http://www.youtube.com/watch?v=GPfpgkKSstA
http://www.youtube.com/watch?v=iTWE6pRhYKw
http://www.youtube.com/watch?v=kHtbAZ5zZ90
පිස්සු හැදෙනවා නේ?
හරි දැන් තමයි අපේ වැඩ තියන්නේ. වාහනේ එහෙන් අරගෙන ඒ බුවා අපිට invoice එකක් email කරනවා. එතකොට අපිට කරන්න තියන්නේ ඒක උස්සන් ගිහින් බැංකුවකට දීල LC (Letter of credit) ඕපන් කරන එක. කරලා බලාගෙන ඉන්න. එතකොට එහෙන් වාහනේ නැවට දාල තව ලියකියවිලි වගයක් කුරියර් කරනවා. ඒවා ආවම තමයි අපි මෙහෙන් ජපානෙට සල්ලි ගෙවන්නේ. ඔන්න දැන් වැඩේ හරි.....මොන? දැන් තමයි වැඩේ පටන් ගන්නේ. දැන් කොහොමද බොලේ ලංකාවෙන් වාහනේ අරගන්නේ? එකට බදු ගෙවල කස්ටම් එකට වැඳලා පුදලා තමයි වාහනේ අපිට ගන්න වෙන්නේ.
කොච්චර විතර බදු ගහයිද? ඒක තමයි ප්‍රශ්නේ. මම කියන්නම් දල විදියට කොහොමද බදු ගණනය වෙන්නේ කියල.
අපිට මුලින්ම එවන invoice එකේ තියනවා CIF (Cost, Insurance and Freight) value එකක්. කොහොම හරි බ්‍රෝකර් ඕක එවන්නේ පුළුවන් තරම් අඩු කරලා. එහෙම නැත්නම් ඉතුරු ගාන වෙනම දෙන්න කතාකරගෙන ඕක අඩුවෙන් දාන්න කියන්න. ඔන්න ඔය ගානට තමයි බදු ගණනය වෙන්නේ. උදාහරණය විදියට අපි ගන්න වාහනේ CIF එක යෙන් 1450000(රු 1911114.50) ක් කියල හිතමු. ඊට පස්සේ අපි බලන්න ඕන depreciation එක කොච්චරද කියල. ඒ කියන්නේ වාහනේ කොච්චර පරණද කියල. පරණ ඒවාට ඒ කාලය අනුව තක්සේරු වටිනාකම අඩු වෙනවා.
මාස 6 ට වඩා අඩු නම් - Nil
අවුරුදු 1.5 ත් මාස 6 ත් අතර - 90%
අවුරුදු 2 ත් අවුරුදු 1.5 ත් අතර - 80%
වගේ වෙනස් වෙනවා. දැන් අපි හිතමු අපි ගෙන්වන වාහනේ නිෂ්පාදිත මාසය අවුරුදු 1.5 ත් මාස 6 ත් අතර කියල. එතකොට වාහනේ තක්සේරු වටිනාකම,
රු 1911114.50 * 90 %= රු 1720003.05
ඔන්න ඔය ගානට තමයි බදු හදන්නේ. පර්මිට් එකට වහනයක් ගන්නවා නම් එකේ ගහල තියනව් එන්ජින් ධාරිතාවය අනුව කොහොමද බදු අය වෙන්නේ කියල. උදාහරණයක් විදියට අපි 1500 cc වහනයක් ගේනවා නම් බදු 65 % යි. ඒ කියන්නේ
රු 1720003.05 * 65 % = රු 1118001.98
හෝ හෝ....එතකොට අපි කියක් ගෙවන්න ඕනද බොලේ?
අපි වාහනේට ගෙවන්න ඕන සම්පුර්ණ ගාන,
රු 1911114.50 + රු 1118001.98 = රු 3029116.48 සහ බ්‍රෝකර් ගාස්තු ලක්ෂ 2-5 අතර ගානක්.
දැන් උඹල කියයි අපිට ඔය ජපන විසික්ක කරපු වාහන වැඩක් නෑ. අපිට අලුත්ම එකක් ඕන කියල. හරි, එකටත් වැඩක් තියනවා. ඔය බ්‍රෝකර් බුවාට කියන්න ඔරිම ඔරිජිනල් වහනයක් වෙනම ගන්න කියල. ඒ කියන්නේ ඩිරෙක්ට් වාහන නිෂ්පාදකයාගෙන් වාහනේ ගන්න කියල. ඊට පස්සේ කරන්න තියන්නේ ඒක ජපානේ රෙජිස්ටර් කරන එක. එහෙම කරලා සතියක් දෙකක් වාහනේ ජපානේ තියාගෙන නැවට පටවන්න කියල. එතකොට ඉතින් වාහනේ අලුත් උනාට වැටෙන්නේ රී කන්ඩිෂන් කියල නේ. ඊට පස්සේ ඉතින් ඔය කලින් කියපු විදියට ඉතිරි වැඩ කරගන්න.
තව දෙයක් තමයි පර්මිට් එකට ඇරෙන්න ගේන වාහන වලට ප්‍රධාන(ආනයන) බද්දට අමතරව, පරිසර බද්ද, VAT, ජාතිය ගොඩනැගීමේ බද්ද සහ තව තව නොයෙක් බදු වදිනවා. ඒවා ගණනය කරන්න නම් අමාරුයි. හැබැයි සැලකිය යුතු ගානක් ගෙවන්න වෙනවා.
කියන්නත් බැරි උනා, ඔන්න අපි ගෙන්නන වාහනේ...
Mitsubishi RvR/ASX/Outlander Sport
1.8L Compact SUV.
P.S.- ගේන වාහනේ තියන ඔප්ෂන් අනුව සහ නිෂ්පාදිත මාසය අනුව බදු ගාස්තු විශාල වශයෙන් වෙනස් වෙනවා. ඒක නිසා ඔය ටීවී, තැටි ධාවන යන්ත්‍ර එහෙම නැතුව ගේන එක තමයි ඇඟට ගුණ. කිව්වම මොකෝ ලංකාවේ මහත්තුරු ආරක්ෂාවට තියන හුලං මල්ලටත් (air bag) හෙන බද්දක් ගහනවා නේ.

Last edited: