සුවද දැනෙනමුත්....

Nohim Ys

Well-known member
  • සුවද දැනෙනමුත්....

    සුවද දැනෙනමුත් සිසිල විදින්නට අවසර නැති අඩවන් දෙනෙතට
    කදුලු උරුම බව දැනසිටියත් නෙතඟින් වැටුනේ ඔබෙ කදුලක් නොව
    සිතින් විදවන්න වුවත් සොදුරු සිත අන් සුවයක් ලග සැනසෙනු දැක
    වෛර කරන්නට බෑ ඒ සුවදට ආදරයෙන් දුන් දිවුරුම් බිද


    සුදු පියුමක් වූ ඒ බැදි සෙනෙහස
    නූල් පොටක් අතැගිලි පැටලූ
    ආදරෙයෙන් මැවූ සලකුණු දෙකකට
    නොදැනුවත් ව ඔබ දුන් කදුලූ

    සුවද දැනෙනමුත්....

    ජීවන ගමනක එක්කල සෙනෙහස
    එක් හැඟුමක් ලඟ ඔබ කෙලෙසූ
    දැන සිටියානම් මේ ලෙස වන බව
    ඔබට නොදෙනු ඇත පෙම් ඇරයුම්

    සුවද දැනෙනමුත්....




    හිතේ ඇඳුනු චිත්‍රයක් වචන ටිකකට ගොනු කලා.
    දැනෙන දේ කොටලා යන්න:):):)
     
    Last edited: