2013 Mar 18 - ElaKiri Radio ! - Hot Hitz with delmar

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක


    ඔලුව තදින් නරක් වෙච්ච - මිනිසුන් පිරිසක් රැදිච්ච

    අරුම පුදුම රටක් තියෙනවා ඕයි

    අඹගෙඩියක හැඩය ගත්ත මහ මුහුදින් වට කෙරිච්ච

    ඒකට මරු නමක් කියනවා ඕයි

    ඒ රටේ මිනිස්සු තනිකර කෙළින්නෙ පිස්සූ..///


    එකෙක් නගින කොට ඉහළට ඇහේ කටු ඇනෙයි අනෙකට

    අඩිය ‍බිමට හෙළයි පහළට ඕයි

    නිස්සො සුදුස්සෝ යටකොට පුස්සෝ වැඩ දෙනව යමරෙට

    සෙතක් වෙයිද එහෙම රටකට ඕයි

    බඩට නැතිවුනත් ලුණු කැඳ - ඉඇඟට ඕනෙමයි විල්ලුද

    ඒකයි ඉහළම සංතෝසේ ඕයි

    නැතිබැරි අඟ හිඟකම් මැද - බියසැක මැද දුක් විඳ විඳ

    පෙන්නයි ලෝකෙට පරකාසේ ඕයි


    ඒ රටේ මිනිස්සූ තනිකර කෙළින්නේ පිස්සූ...///



     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක


    අපි වෙන් වෙන තරමට කියනා දේවල්
    කොහොමද උහුලා ගන්නේ
    අපි වෙන් වෙන තරමට කටයුතු වෙන විට
    කොහොමද බල බල ඉන්නේ
    අපි එක් වුන මතකය සිහියට එනවිට
    කදුළුයි දෑස තෙමන්නේ
    මම ඔබ ගැන හිත හිත දුක් වෙන හැම විට
    මනසයි වන්දි ගෙවන්නේ…

    හිතන්න බැහැ හිත කීරි ගැහෙනවා
    ඔය සුදු මුහුණ මතක් වී
    සිඹින්න බැහැ මුව අහක බලනවා
    මගෙ මුව එක්ක තරහා වී
    කියන්න බැහැ අපෙ ආදර කථාව
    කදුළුත් එක්ක සිනාසී
    සොයන්න බැහැ තව ඔයා වගෙ කෙනෙක්
    ආදරෙ කරන්න පෙරසේ…

    අපි වෙන් වෙන තරමට….

    සුන්දර සිනහව හුරතල් සිනහව
    දකින්න ආසයි අදුරේ
    දැවටුන හැටි ආදරෙයි කියා මට
    දැනෙනවා කිති කැවි යහනේ
    තොල් පෙති සිඹින්න ආසයි ඇත්තට
    තුරුලට ගෙන ඔබ පෙරසේ
    ආදරෙ කියන්න තව එක සැරයක්
    වෙන්වී යන්නට මත්තෙන්….

    අපි වෙන් වෙන තරමට….