නුඹට බැඳි ආදරය සිතුවමක් විය ..

max_xx

Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    නුඹට බැඳි ආදරය සිතුවමක් විය ..

    ඉතින් යාළුවනේ කොහොමද? මේ ජොබ් නිසා දැන් EK එන්නවත් වෙලාවක් නැහැ.. ඒත් EK අමතක නැහැ හරි.. ඔන්න මම අද දාන්න යන්නෙ මම ලියන කතාවක්. මේක මම ගොඩක් කාලෙක ඉඳන් ලියන එකක්. මට හිතුනා EK සෙට් එක එක්ක බෙදා ගන්න. කියවල කටිටියගෙ අදහස් දාන්නකො.. (කවර නිර්මානයත් මගේ වැඩක් හරි ;) )


    ....... නුඹට බැඳි ආදරය සිතුවමක් විය .......

    vvv_zpsa71a0aa2.jpg



    "හලෝ ලොක්කා .."
    අහ්.. සිනෙත් .. කියහන් මොකෝ හදිස්සියෙම
    උඹ කොහෙද බන් ඉන්නෙ , වරෙන් සචියල්ගේ දිහාට. කැරම් පාරක් ගහමු.
    එල .. මන් මේ ඔය පැත්ටහ්ට එන්න හදන්නෙ. මන් ඉක්මනට එන්නම් ගීතෙශයවත් ඇදහෙන
    ඕකේ .. ඕකේ .. ඉක්මනට වරෙන් එහෙනම් .

    අපි හැමදාම හවසට සචියලගෙ ගෙදරට වෙලා පැයක් දෙකක් ගත කිරීමට පුරුදුව සිටියෙමු. උසස් පෙළ විභහගයත් ඉවරනිසා රෑ වී ගෙදර ආවාට අම්මගෙන්ද බර බරයක් නොතිබුනි. ස්චියගේ ගෙදර අපිට හරි සැහැල්ලුවක් දැනුනි. අපි කල හැම ජඩ වැඩක්ම ප්ලෑන් කලේ සචියගෙ කාමරේය. අපි කල් පිස්සු වැඩ ගැන කතා කලෙද, අපි පාඩ්ම් කලේද සචියගෙ කාමරේය. ගීතේෂ්, මම , සචියා, සිනෙත් හොඳ යාළුවන් විය. මේ වගේ යාළුවන් තිදෙදෙනක් ලැබීමට මම පෙර ආත්මයක ලොකු පිනක් කර ඇතැයි මට වෙලාවකට සිතුනි.

    ආ... අයන්තයා.. මොකෝ බන් පරක්කු. මම මේ උඹ එනක්ම් බල බල් හිටියෙ. මට දැන් සිනෙතුත් කෝල්කලා..
    අනේ මේ.. යමන් බන් යන්න.. මොකක හරි හෙතුවකට උඹ අද වෙලාසන ලෑස්ති වෙලා දැන් එනවා මට කෑගහන්න..
    හරි හරි බන්.. වරෙන් යන් ඉක්මන්ට. අරුන් දෙන්න අපි එනකම් බලාගෙන ඇති.

    ගීතේෂයා කිසිම දිනක වෙලාවටනම් වැඩක් කරන් එකෙක් නොවීය. ඒත් උගෙ කටනම් මේ ලෝකෙ ඌ විතරක් ඉන්නවා වගේවිය. නමුත් ඔහු මට හමුවූ හොඳ මිතුරෙකි. අපි දෙන්න කදුරුගස් හන්දිය දිගේ බයිසිකලය පැදගෙන ආවෙමු. මෙච්චර වෙලවක් ෆොන් එකේ උන්න ගීතිෂයගේ මියුරු හඬ අවදි කලේය.

    ඒක නෙමේ අයන්තයා.. මම මේ උඹට කියන්නම්යි උන්නෙ. කෙල්ලෙක්ව යාළු කරගනින්කො බන්. ආදරෙ කරහන්කො දැන්වත්. ඔය පාරෙ යන් උන් දිහා බල බල සිහින දකින් නැතිව.
    අනේ මේ විකාර දොඩවන්නැතිව ඔන්න ඕක ඉක්මන්ට පැදහන්, අරුන් දෙන්න වෙලහකටත් අපේ අම්මලට පින් අනුමොදන් කරනවා ඇති.
    ඔය ඉතින් උඹට විහිලු. දැන් බලපන් මගෙ සුදු මැණික.. මම වෙලවට් කවද, බිව්වද මම කොහෙද ඉන්නෙ මොනවද කරන්නෙ කියල් හැමවෙලෙම හොයල බලනවා. බලහන් මට ඒකි කොච්චර ආදරේද කියලා.
    අනේ මේ ඇති උඹේ ඔය බණ. මන් ගැන හොයන්න මගෙ අම්ම ඉන්නවා..
    අපි සචියාගේ දිහා යන විටත් සිනෙත් එහි සිටියේය. අපිදෙදෙනාත් බයිස්කල්ය නවතා ඔවුන්ට එකතු විය.

    මොකද බන් පරක්කු. වෙලවට වරෙල්ලකො බන්. අපි හදිසිසියකදි කතා කලොත් එහෙම මුන් දෙන්න එද්දි අපි මැරිලත් තියෙයි.
    අයියෝ.. ඕක කියපන් අපේ මල් කුමාරයට. උගේ ඔය මල් කැඩිල්ල නැතිනම් අනිවා අපි තව විනඩි විස්සකට කලින් එනවා මෙතන්ට. ඔය පේන් නැද්ද තාම ෆොන් එකේ..
    හා .. හා.. දැන් ඕව නවත්තල වරෙල්ලා කැරම් ගහමු.. ගීතේෂ් ඔය කෙල්ලට ටිකක් නිදහසේ ඉන්න දීල මෙන්න මෙහෙ වරෙන් බන්..

    සචියලගෙ ඉස්සරහ මිදුලට වෙලා ගීතේෂයව නෝන්ඩි කරමින් පැයක් විතර අපි සෙල්ලම් කෙරුවෙමු. සචියා කැරම් වලට දක්ෂයෙකි. ගීතේෂයත් සචියාට දෙවනි නැත. මටයි සිනෙත්ටයි කැරම් ක්රීඩාව එච්චර දන්නැති වුවද අපි දෙන්නා බොහෝ වෙලවට ගෙම් ජයග්රහනය කලේ අපි දෙදෙනාගේ සූක්ෂම බුද්ධිය සහ තැනට සුදුසු නුවණ ඕනෑවට වැඩියෙන් තිබුනු නිසාය.

    ඒක නෙමේ අයන්තයා උඹ ඉංග්රීසි කෝස් එකක්ට යන්වා කිව්වා නේද? කවද්ද බන් පටන් ගන්නෙ? උඹ සිලෙක්ෂන් ටෙස්ට් එක පාස් නේද?
    ඔව් සචියා.. ඒක ලබන් සතියෙ පටන් ගන්නවා කියලා මට ලියුමක් ඇවිත් තිබුනා.
    අඩෝ එලනෙ බන්.. කොළඹ ලසිසන කෑල්ලක් දාගනින් එහෙනම් ..
    අම්මෝ උඹට කට් ඇරියොත් කෙල්ලිලොම තමා.. උඹ ඔය උඹේ සුදු මැණිකව බලගෙන හිටපන්. අපිනෙ දන්නෙ උඹේ සුදු මැණික ගැන.
    සචියාගේ පොඩිනෝන්ඩියත් සමගම ගීතේෂයා නිහඩ විය. උගේ මූන රතු වී තිබුනි.
    හැබැයි මචෝ කොළඹ යද්දි පරිස්සමින් .. මොකද එහෙ නෑ උඹට අපි වගේ උන්. උඹ ගිහින් උඹේ වැඩේ කරන් වරෙන් පරිස්සමින්.

    සිනෙත්ගේ ඒ ඔවදන්ත් සමගම මට මතකයට ආවේ මම මුලින්ම කොළඹ ආව දවසය. ඒ මම සිලෙක්ෂන් ටෙස්ට් එකට ආවදවසය. කොළඹ යාමට පෙර අම්මා යන බස්වල අන්කයන හැටි මගෙ පොතේ පිටිපස්සේ ලියා දුන්නු හැටි සිහිවිය. අම්මා අවුරුදු ගනනාවක් කොළඹ රජයේ ආයතනයක වැඩ කල නිසා කොළඹ නුපුරුදු තැනක් නොවූවාය. අම්මා කියූපරිදි කුලියපිටිය බසයකට නැගගත් මා කොළඹින් බැස ගත්තෙමි. බලන බලන තැන මිනිස්සුන්ගේ හඬ, දුම, වහන්වල සද්ද නිසා මට කොළඹ මට පළ්මු දවසේම තිත්ත විය. මේ සියළුම විකාර සද්ද අස්සේ මම පිටකොටුව බෝ ගස ළඟට ගොස් එකසිය තුන බොරැල්ල බස් රථයකට නැගගත්තෙමි.

    ඇක්වයිනාස් බැහැගන්න .. නංගි මොකද කරන්නෙ ඉක්මනට බැහැගන්නකො. ඔයාලත් ලත වෙනවනෙ .. කොන්දොස්තරයාගේ කෑගැහිල්ල අස්සේම මමත් ඉක්මනටම බසයෙන් බැස ගත්තෙමි.
    මම හිතුවාට වඩා ලස්සන ප්රිය මනාප තැනක් විය. මා එහි යන විටත් සිලෙක්ෂන් ටෙස්ට් එක සඳහා ළමුන් විශාල ප්රමානයක් පැමිණ සිටියේය. ගීතේෂයාගේ කතව සියයට් සියයක්ම නිවරැදිය. කොළඹ කෙල්ලෝ පොෂ්ය. හැඩකාරය.. කටකාරය. මට ගීතේශයාගේ කතාවක් මතක් විය.

    "විවිදාකාරවූත්, එකිනෙකට වෙනස්වූත් වස්තූන් දකින නමුත්, එන වස්තූන් බලා විමසන්න නොව බලා සැනසෙන්න පමණි"

    මම හිනහව තද කරගෙන මට නියමිත ආසනයේ වාඩිවී පේපර් එක ලීවෙමි.එය එතරම් ආමාරු එකක් නොවීය.අපිට ඉංග්රිසි ඉගැන්වූ වජිර මිස්ට හා අයිවන් සර්ට පින්සිද්දවෙන්න මම කිසිම අපසුවකින් තොරව පේපර් එක ලීවෙමි. නියමිත වෙලාවටහ් කලියෙන් ලියා අවසන් කල් මම අම්මා කියූ පරිදිම එකසියතුන බස් රථයකට නැග කොටුවට පැමිණ කොළඹ හලාවත බස් එකක්ට නැග්ගේ මාවගෙනියන්න මාරවිල හන්දියට පැමිනෙනෙ ලෙස සිනෙත්ට පනිවිඩය දෙන ගමන්ය.
     

    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    .....ඊළඟ කොටස .....

    මොකෝ බන් පරක්කු උනේ..
    වත්තල් හරියෙදි මාර ට්රැෆික් එකකට සෙට් උනා බන්.
    ම්ම්ම්ම්.. කොහොමද ටෙස්ට් එක ?
    අවුලක් නැහැ සිනෙත්. හිතපු තරම් අමාරු නැහැ. වජිර මිස්ටයි අයිවන් සර්ටයි පින්සෙද්දවෙන්න ගොඩදාගහ්තා.
    එල .. එල.. හොඳට කලානම් ඉතින් අවුලක් නෑ..

    පැය දෙකක් පමණ බස් එකේ චටර් වූ නිස මට පුදුමාකාර බඩගින්නක් දැනුනි. හන්දියේ රුවන් අයියාගේ කඩෙන් කොත්තුවක් ගිල දැමු අපි දෙන්නා කොළඹ කෙල්ලන් ගැන විස්ත්ර කියමින් සචියලගේ දිහාට ගියේය.

    පුතේ නැගිටින්න .. නැගිටින්න .. අද නේද ඉංග්රීසි පන්තියට යන්න තියෙන්නෙ. පාන්දර හතරයි වෙලාව. නැගිටින්න ඉතින්..

    අම්මා කෑගසනවා හීනෙන් වගෙ ඇසී මා ඇඳෙන් බැස ගත්තෙමි. බස් එකේ යනවාට වඩා කෝච්චියෙ යන එක ලේසිය්යි, ඇඟට අමාරුවක් නැහැ ඊයේ තත්තා කියූ නිසා මම නාත්තන්ඩිය ස්ටේෂන් එකට ගියෙමි.පාන්දර පහයි තිහට පමණ පැමිනි මුතුකුමාරියට නැගගත් මා ජනෙලයක් අසලින්ම වාඩි වූයේ බහින තැන වරදියැයි බයටය. කෝච්චියේ කොළඹ යන මුල්ම දිනය නිසාදෝ මගේ හිතට අමුතු හැඟීමක් දැනෙන්නටවිය. ටික දුරක් යත්ම ඇන්ගිල්ලක්වත් ගහන්න් තරම් ඉඩක් නොවීය.

    අන්කල්... මරඳාන ස්ටේෂන් එකට තව දුරද ?
    අහ් ඔව් පුතා.. මමත් බහින්නෙ මරඳානෙන්.. මම් පුතාව බස්සන්නම්. පුතා ක්ලාස් යනව වගෙ ?
    ඔව් අන්කල්.. තෑන්ක්ස්.

    මා කත කල මිනිසා ප්රියමනාප පුද්ගල්යෙක් විය. රජයේ උසස් රැකියාවක් කරන අයෙකුයැයි මට සිතුනි. මම අද මුලින්න කෝච්ච්යේ කොළඹ ආ බවත්, මට සිතුන දේවලුත් කීවෙමි.
    අයියෝ ඕක හරියයි පුතා තව දවස් දෙකක් තුනක් එනකොට. ඔන්න පුතා එකසිය තුනක් එනවා එහෙනම් ඔකෙ නැගල ඇක්වයිනාස් එක ගාවින් බැහැගන්න.. මම් මෙ පැත්තෙන් යන්නම්. මට පයින් යන දුර.
    තෑන්ක්ස් අන්කල් ...

    මම් අන්කල්ට ස්තූති කරමින් බසයේ පා පූරුවේ එල්ලුනෙමි. තමන් ගැන විතරක් සිතන මිනිසුන් සිටින මේ යුගයක අද පාන්දරම මට හමුවූ මේ අපූරු මිනිසා ගැන මට පුදුම සිතුනි. තවත් විනඩි කීපයකින් මම අදාල තැනින් බැසගත්තෙමි. මා යන විටත් අට වී තිබුනි. මෙහි පන්ති අටට ආරම්භකරන් බවත් අටට කලින් වියලුම සිසුන් පැමිණිය යුතු බවත් ආරම්භක සෙමිනා එකේදී කිවා මට මතකය.

    ගුඩ් මෝර්නින් මචන්..
    මම ගෙට්ටුවෙන් ඇතුලු වෙනවත් සමගම පිටුපසින් පැමින එකෙක් ගුඩ්මොර්නින් කීවේය.
    ගුඩ් මෝර්නින් මචන් ..

    කොළඹට ඇවිත් පළමුව මට සෙට් උන මිතුරා ඔහු විය. ඔහු නමින් රන්ගය. බන්ඩරගම සිට පැමින ඇති ඔහුද මා වගේම පළමු වරට කොළඹ ජිවිතයට පය තබපු එකෙක් විය. අපි දෙදනාම එකම කෝස් එකකට පැමිනඉයත් රන්ග මට වඩා පහල් පන්තියකට තේරී තිබුනි. කෙසේ හෝ මම රන්ගයගේ පන්ති කාමරය සොයා දී මම් මගෙ පන්ති කාමරය වෙත යන විට අටයි විස්ස පමන වී තිබුනි. මාගේ වාසනාවට පන්තියට ඒ වන විටත් ලෙක්චර් කෙනක් පැමින නොසිටියේය.

    මා පරක්කු වු නිසාදෝ මා දිහා සියලුමදෙන හැරී බැලුවේය. සියලුදෙනාටම සිහින් සිනාවකින් ආචාර කලා මා අසලම් තිබුනු හිස් අසුනකින් වාඩි වුනෙමි. පිරිමි ළමයින් දයයක් පමණ හා ගැහැණු ළමයින් විසිපස් දෙනෙක්ගෙන් පමන පන්තිය තුල සිටියේය. මා වාඩිවී හුස්මක්වත් ගන්න කලින් ...

    පරක්කුවෙලා එන උන්ටනෙ බන් ලන්කාවෙ තැන තියෙන්නෙ ...

    එකෙක් මට කියනවා ඇසින. සියල්ලෝම මා දිහා බලා නොන්ඩි හිනාවක් දැම්මේය. මට ලැජ්ජ සිතුනි. ආයේ නම් අටට කලින් එනවායැයි මම ඒ වෙලේම සිතා ගත්තෙමි.

    හලෝ මචන් .. මම රාදික.. උඹ තරහ නෑනේද මම කිව්ව එකට. ???
    මට මුලින්ම කින්ඩිය දාපු එකා එසේ කියමින් මා අසලින් වාඩිවිය. මුගේ හොක්කට දෙකක් අනින්න සිතුනත් එසේ නොකලේ මම ආගන්තුකයෙක් නිසාවෙනි. අනික මම මුන් එක්ක තවත් මාස හයක් පමන සිටිය යුතුය. ඒ නිසා මම හිනා වී ඌ එක්ක කතාකළෙමි.

    පිස්සුද මචෝ .. මම එහෙම තරහ වෙනවද..
    ඒකනේ බන්.. ඉතින් කියපන්කො නම අපිට දැන ගන්න..
    අයන්ත ..

    අයන්ත .. මේ ඉන්නෙ ගිහාන්, ඩිලාන්. දිමුතු, කොඩිතුවක්කු.. ආ... එතකොට මේ අන්ජලා, ජෑන්ස් අඳුනගනින් මෙයාලව.
    හලෝ අයන්ත ...
    හලෝ අන්ජලා .. හලෝ ජැන්ස් ..

    මා පරක්කු වු විනාඩි විස්ස ඇතුලත මේ පිරිස දැන අඳුනගෙන ඇත. ඔවුන්හරියට් කාලයක් තිස්සේ අඳුනන අය වැනිය.මමත් එම පිරිසට සෙට් වී කටියව අඳුන ගත්තෙමි. අපිට යහලුවෝ වීමට ගත වුයේ ඉතා සුලු කාලයෙකි. තවත් ලමුන් පිරිසක් පන්තියෙ අනික් කොනටවී සිටියේය. ඔවුන් ඔය්න්ගේ පාඩුවේ මොන මොනවදෝ කරමින් සිටියේය. සමහරවිට ඔවුන් කලින් සිටම් යලුවෝ වෙන්න ඇතැයි මට සිතුනි. රාදිකයා කථානයක්ත්වය අරගෙන තිබුනි. මමත් රාඩිකයාගේ පුරාජෙරුව අසමින් පැත්තකට වී සිටියෙමි. හදිසියේම ලස්සන් හිනා හඩක් මට ඇසිනි. මට විතරක් නොව එය සියලුදෙනාටම ඇසූබව දැන ගත්තේ, සියලු දෙනාම හැරී බලපු නිසය. මමත් ඉතින් ටිකක් ඔලුව උස්සා බැලුවෙමි. පන්තියෙ අනික් කෙලවරේ ගැහැණු ළමයි දෙදෙනා සිනාසෙමින් සිටි අතර, රෝස පාට ටී ෂර්ට් එකකින් හා නිල් පැහැති ඩෙනිමකින් සැරසුනු අපූරු යුවතියක් අසල මාගේ ඇස් නතරවිය. මාගේ හුස්ම පවා මොහොතකට නවතිනව මට දැනිනි. ඒ තරම් ලස්සන ළමයෙක්ව මේ ඇස්දෙකට දැක නොතිබුනි. සචියා, සිනෙත්, ගීතේෂයා එක්ක හැම්තැනම් රවුම් ගසා තිබුනත්, කොච්චර කෙල්ලන් දැක තිබුනත් මෙවැනි සුන්දර චාම් යුවතියක් දැක නොතිබුනි. අරුන් තින්දෙනා මෙතන හිටියානම් මගේ අදහසට එකඟ වෙන එක ගැන නොඅනුමානය.
     

    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    ...... ඊළඟ කොටස .....

    හලෝ අයන්ත .. මම් කුමාර. දුලිප් කුමාර. කොහොමද ඉතින්?
    මම හොඳින් යාළුවා.
    උඹ් කොහෙද බන් ඉන්නෙ? මම කිරිබත්ගොඩ
    මම මාරවිල..
    ම්ම්ම්.. මීගමුවට ටිකකක් එහයින් නේද?
    ඔව් ඔව්..

    මම කුමාරයා සමග කතා කලද මගෙ හිත තිබුනේ මා දුටු ඒ අපූරුයුවතිය වෙත උනත්, පළමු දවසේම නෝන්ඩි වීමට අක්මැති නිසා මම ඒ අදහස සිතින් මදකට අයින් කර කුමාරයා ස්මග කතාවට වැටුනේය. කුමාරයා අහින්සක අවන්ක පුද්ගල්යෙකි. ගති පැවතුම් සරලය. රාදිකයා වගේ කියවන්නේ නැත. සෝබන වැඩ නැත.කියන දේ අවන්කවම කතා කරයි. මගේ අදහස් වලට ගැලපෙන නියම මිතුරා මොහුයැයි මට සිතුනි. රාදිකයා සෙට් එක වට කරගෙන මොන මොනවදෝ කියවමින් සිටියේය. සල්ලි වල උණුසුමේ හැදුනු වැඩුනුඑකෙක් විය යුතිය.මගේ සිතුවිල්ල නිවරැදිය. කුමාරයත් මට ඔය ටිකම පැවසුවේ මගේ හිත කියෙව්වා වගේය.

    මටනම් මේ ලෝකෙ ඉන්න සියලුම පුද්ගලයන් එක සමානය. මට සල්ලි කියන දේ වැදගත් නැත. මට සල්ලි නොතිබුනත් මම කවමදාවත් සල්ලි කියන ටොපික් එක යටතේ බාල්දු වී නැත. අපි මේ ඉර හඳ යට ඉන්නා එක පුද්ගලයන් වෙමු. ඒ නිසා අපි සැමටම එක හා සමනාව සැලකිය යුතුය. ගරුකල යුතුය. සමාජය තුල කිසිවෙක් කොන් නොකරසිලලු දෙනාවම ඇසුරු කරන්න ඕනි... මම් එක දිගටම කුමාරයාට කියාගෙන ගියෙමි. කුමාරයා පුදුමයෙන් වගෙ මන් දිහා බලගෙන සිටියේය.

    අඩෝ උඹනම් සිරා පොරක් බන්.. උඹ වගේ හිතන් උන් මේ රටේ තවත් හිටියනම් ජාති බේද, ආගම් බේද, දුප්පත් පෝසත්කම් නෑ බන්..
    කුමාරයා එසේ කියද්දී මට තරමක් ආඩම්බර සිතුනි. මම මුල් දවසේම කියවනව වැඩිද මන්දා කියලාමට සිතුනි.

    ඒක නෙමේ අයන්තයා .. මන් දැක්කා උඹ ආව ගමන්ම අර කෙල දිහා බලගෙන ඉන්න්වා.. උඹ අඳුරන්වද ඒකිව.
    කුමාරයා එසේ කියද්දී මට කලින් දැනුන ආඩම්බර කම් විනාස වී බොඳවී ගියේය. කුමාරයාත් මා සමග අවන්කවම මා සමග කතා කල් නිසා මම ඇත්තම කියන්න්ට සිතුවෙමි..
    පිස්සුද කුමාරයා.. මම් අඳුරන්නෙ නෑ.. ඒ කෙල්ල හරි ලස්සනයි බන්.. ලස්සින හිනාවක් තියෙන්නෙ ඒ කෙල්ලට.
    ඔව් බන්.. මමත් බැලුවා.. මන් දිහා නිකමටවත් බැලුවෙ නෑ බන්. රාදිකයනම් මොන මොනවද කතා කලා. කෙල්ල හිමිහිට මාරු උනා වැඩිය බජනෙට ගියෙ නැහැ.
    ම්ම්ම්ම් .. ඒ කියන්නෙ කෙල්ල ටිකක් ආඩම්බර පාටයි ...
    ඔව් ඒ වගේ තමා බන්.. ලස්සන කෙල්ලො කොහොමත් ටිකක් අඩම්බරයිනෙ මචෝ.. හැබැයි ඒකි උඹ එක්ක හිනා උනා ලස්සනට.. ඒකයි මම ඇහුවෙ උඹ අඳුනනවද කියලා ..
    මම අඳුරන්නේ නෑ බන්.. මොකද්ද බන් එයාගෙ නම. ?
    ම්ම්ම්.. නමනම් දන්නේ නෑ බන්.. මම කතාකරන්න් ගියෙ නැහැ. හැබැයි උඹට ඕනිමනම් මම් ගිහින් අහල එන්නම්.
    පිස්සුද යකෝ .. පුදනකොටම කාපි යකා වගේ උඹ පළමු දිනයේම කෙල කරන්නද යන්නෙ. මෙන්න මෙහෙට වෙලා හිටහන්. නැද්ද වෙන විදිහක් නම දැන ගන්න. ?
    අහ් .. පලමු දිනය උනාට කොල්ලට ඒකිව බොක්කටම් වැදිල වගේ .. නම දැන ගන්න විදිහක් තියනවා.. උඹ බය නැතිව ඉඳපන්කො.
    ඒ කොහොමද කුමාරයා ..
    ඇයි බන්, තව ටිකකින් අපේ මිස් එයි.. මිස් ආවට පස්සෙ අනිවාර්යයෙන් අපේ විස්තර් අහනවා.. අනික රෙජිස්ටර් එක හදන්නති ඔනනෙ. එතකොට අපි අහගමු..
    නියම අදහස බන්.. උඹටත් ටිකිරි මොලේ ඕනෑවට වඩා තියනව බන් ..

    ඒයි කුමාරයා .. අයන්තයා .. අද අපේ මිස් නැතිලු. වරෙල්ල යන්න කැන්ටිම පැත්තේ රවුමක් දාල ප්ලේන් ටී එකක් ගහල එමු. වරෙල්ල යන්න.
    රාදිකයා එසේ කියද්දී මම් කුමරයාගේ මූන දිහා බැලුවේ අපරාජිත ලෙසය.
    ඇයි බන් ...
    බලහ්න්කො.. සේරම වැඩ අවුල්නෙ.. මිස් නෑලු නේද, දැන් කොහොමද නම දැන ගන්නෙ ??
    අඩෝ ඉවසපන් බන්.. උඹට මාර හදිස්සියක්නෙ තිය්න්නෙ.. මට හිතෙන්න තවත් ආදර අන්දරයක ඇරඹුමක් වගේ ..
    අනේ මේ වරෙන් යන් .. අරුන් බලගෙන ඇති කැන්ටිමේ ..

    කඇන්ටිම පිහිටා තිබුනේ අපේ පහල් මහලයේ නිසා අපිට එයට යාමට අපහසුවක් නොවීය. මමයි කුමාරයයි අර කෙල්ල ගැන පොඩි චැට් එකක් දාමින් රාඩිකයලා ඉන පැත්තට හියේය. අපි කියන්නටත් කලියෙන් රාදිකයා ප්ලේන්ටි දෙකක් හා බිත්තර රෝල්ස් ගෙනවිත් තිබුනි.

    මෙන්න උඹලට.. අද මන් ගානෙ. කාපල්ලා..
    අඩෝ එහෙම හරි නෑ නේද බන්.. මම නිකන් බොරුවට වගේ කීවෙමි.
    පිස්සුද බන් උඹලට. කාපල්ල. උඹල දැක්කනෙ මම හැමෝම එක්ක කතා කලා. පිස්සු කෙලියා.ඒත් උඹල දෙන්න තමා බන් මට සෙට්. අනික් උන් වගෙ නෙමේ බන්, උඹලගෙ පන්පෝරි නෑ.. බොරු සෝබන් ටෝක්ස් නෑ.. උඹල දෙන්න මගෙ හිතට අල්ලලා ගිය නිසා තමා අද මම ගානෙ ගෙනාවේ. හමදාම නෑ ඒ හින්දා කාපල්ලා. බඩගිනියි.

    රාදිකයා එසේ කියද්දී මට පුදුම සිතිනි.මීට මොහොතක්ට පෙර මමයි කුමාරයයි කතාකරපු පුද්ගල්යද මේ. කුමාරයටත් එසේ සිතුනුයැයි ඔහුගේ නිහඩ බවින් කිව හැකිය.අප තිදෙනා වටමේස සාකච්චාවක් සමග විනාඩි විස්සක් පමන කැන්ටිමේ ගත කලේය. මේ ගෙවුනු ටික කාලය තුල අප තිදෙනා හොඳ මිතුරන් විය. අප සිටිනා තැනට තවත් එකෙක් සෙට් විය. ඒ රන්ගය.

    හායි මචන්.. වාඩි වෙයන්.. මේ තමා රන්ග. බන්ඩාරගම් ඉන්නෙ. මම මෙහෙට මුලින්ම පය තියද්දිම සෙට් උනේ මූ තමා.. රන්ග මේ කුමාර. මේ රාදික..
    හලෝ මචන්.. කොහෙද බන් මේ පොත් ටිකත් අරගෙන යන්නෙ..
    අද අපේ මිස් නෑ බන්. ඒ නිසා මන් ගෙදර යන්න් කියලා..
    අහ් .. අපේ මිසුත් නෑ බන්.. මම් කීවෙමි.. අපිත් යන්ද?
    කුමාරයා හා රාදිකයා එකවරම මගේ යෝජනාව ස්තීර කලේය.
    ඔහොමම හිටහල්ලා.. මම ගිහින් උබලගෙත් පොත්ටික අරගෙන එන්නම්..
    මම එසේ කියමින් ඉක්මනට පන්තියට ගියේ පොත් ගෙන එකට වඩා මගේ හිතෙ ඇඳි ඒ අපූරු රුව දැක ගැනීමට ඇති ආසාව නිසාය.

    එහෙනම් .. අපි යමු හෙට සෙට් වෙමු.. අපි තුන්දෙනා යන්වා බොරැල්ලට. උඹ එහෙනම් මෙතනින්ම එකසිය තුනක නැගල යමන් කොටුවට අයන්තයා.. හෙටවත් වේලාසන් වරෙන් හරි. රාදිකයා පොඩි කින්ඩියක් දැම්මේය.
    ඔකේ මචන්ලා .. සී යූ ටිමෝරෝ ..

    ඔවුන් තිදෙනා සමුගත්ම මා ගේට්ටුව අසල්ට වී සිටියේ එකසිය තුනක් එනකම්ය. මා සිටිනා තැනට කැන්ටිම හා අපෙ පන්ති කාමරය පහැඩිලිව පෙනුන නිසා මා හිත ඇඳි ඒ රුව සිටීදැයි මම නැවත වරක් හැරී බැලුවෙමි. මා සිතූ සේම ඇය කැන්ටිමතුල ඇයගේ යෙහෙළිය සමග සිටියේය. ආපසු හැරී කන්ටිම දෙසට යාමට සිතුනද, එකසිය තුනක් පැමිනි නිසා මම එයට නැග ගත්තෙමි.
    මා හිත ඇඳි ඒ අපූර්වතම් රුව ගැන සිතමින් මම කුලියපිටිය බසයකට ගොඩවුනෙමි. ඇයගේ සිනහව මට මැවි මැවී පෙනෙන්ට විය. මේ පුන්චිකෙල්ලව මට මෙච්චරටම විෂේෂවූයේ ඇයිදැයි මමවත් නොදනිමි. බසයේ අන්තිම කෙලවරේ ආසනයට් වී ඇය ගැන සිටමින් සිටි මට හිතට නැගුනු කවි පද කීපයක් මා පොත පිටිපස්සේ සටහන් කර ගත්තෙමි.


    සිහින් සිනහවට සිත බැඳුනත් මට
    දන්නේ නහැ නුඹ කවුරුදෝ ..
    ලන්වීලා මම ඇහුවොත් නුඹ ගැන
    කියනවදෝ මට කියනවදෝ..

    නුඹේ දෙතොල් ලඟ මිමිනුන වදනට
    පුන්චි ඇස් දෙකත් නැලවූනා ..
    නුඹ දන්නෑනේ නුඹව බලාගෙන
    හිටියේ නුඹගේ ලඟට වෙලා ..

    පන්තිය තුල ඔබ හිනැහෙනකොට මට
    ඉන්නට සිතුනා ළඟට වෙලා ..
    කොහෙද ගියේ නුඹ පන්තිය නිමවී
    නුඹේ සිනහ මගේ ළඟ තියලා ...


    :love::love::love::love::love:
     
    • Like
    Reactions: madura199

    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    ....... ඊළඟ කොටස (4) .......

    මේ ගෙව්නු කාලය මට හිතා ගන්වත් බැරි තරම්ය. නාඳුනනා යවතියක් නිසා මගේ මුලු සිස්ට්ම් එකම කණපිට ගසා ඇත. මම දැන් කවියෙකුත් වී ඇතැයි මට සිතිනි. එක දවසට මට මොකක් වෙලාදැයි මට හිතගන්න්වත් බැරි තරම්ය. නාඳුනනා එම රුව නිසා මමගේ සිත අසරණ වී ඇත.අපි ගීතේෂයාව නොන්ඩි කලාට ඌ කියන දෙවල් ඇත්තයයි මට සිතුනි.පසුදා උදෑසනම පන්තියට ගියේ ඇයව දැක ගැනීමේ ආසවෙනි.මම යන විටති කුමාරයා හා රාදිකයා පැමින සිටියේය.

    ගුඩ් මොර්නින් අයන්තයා ..
    උඹල දෙන්නටම වෙරි ගුඩ් මොර්නින්..
    මොකො අද උදෙන්ම.. රාදිකයා ඇසුවේ කින්ඩියට මෙනි.
    ඊයෙත් එනකොට පරක්කු උනානෙ බන්.. ඉතින් අද වේලාසනින්ම ආවා..
    ම්ම්ම්ම්.. අන්න රන්ගයත් ඇවිත් ගියා. ඉන්ටර්වල් එකේ එන්නම් කිව්වා මේ පැත්තට.. ඒ හඬ අවදි කලේ කුමාරයාය.

    අද අපේ ගුරුතුමිය පැමින සිටියේය. ඇය තරමක් මැදිවයසක ගැහැණියක් විය. නමුත් හරි කරුණාවන්ත බවක් ඇගේ මුහුනෙන් දිස්විය.කුමාරයගේ අදහස සියයට සියයක්ම නිවැරදිවිය.මිස් රෙජිස්ටර් එක මාර්ක් කරද්දී අපි නම අසා සිටියෙමු. පාසල් ජීවිතේ පාඩමක්වත් එතරම් උනන්දුවෙන් අසා සිටියාදැයි මතකයක් නැත.

    තමාලි දිල්රුක්ෂි ..
    ප්රසන්ට් මිස් ..

    ම්ම්.. දැන් හරිනෙ උඹේ දොල දුක. නම අහගත්තනෙ දැන්..
    ඔව් ඔව් .. තමාලි දිල්රුක්ෂි.. මම මිමිනුවෙමි.

    අද පන්තිය තුල අපිට එකිනෙකා සමග කතාවත් කරන්න වෙලාවක් නොවීය. ඊයෙත් වැඩක් නොකෙරුනු නිසා අද අපේ ඉංග්රිසි පාඨමාලාව ගැනහැඳින්වීමක් තිබුනි. විනාඩි දහයක පමන පොඩි විවේකයකින් පසු කන්ඩායම් වැඩ සඳහා පන්තිය කන්ඩයම් හයකට බෙදීය. මම තමාලිව මගේ එකට වැටෙන්නයැයි දෙවියන්ගෙන් ඉල්ලුවෙමි. එවිට ඇය ගැන දැන ගත හැකිය. ඇය හා කතාකල හැකිය. ඇය හා මිතුරු විය හැකිය. නමුත් අද දෙවුයන්ටද මාව මගහැරී තිබුනි.මම වෙනම කන්ඩයමකට සිලෙක්ට් විය. කුමාරයද නැත. රාදිකයා තමාලිගේ කන්ඩයමට් සිලෙක්ට් විය. රාදිකයාට මේගැන කලින්ම කියා තිබුනේනම් සුහද මාරුවක් දාගැනීමට තිබුනේය. මම කුමාරයා දිහා බැලුවෙමි. කුමාරයා ඈත සිටම නොන්ඩි හිනාවකින් සන්ග්රහ කලේ මා සිතූදෙය තේරුනාක් මෙන්ය. කුමාරයාට කිසිම දෙයක් හන්ගන්න බැරි බව මට තෙරුම් ගියේ කුමාරයා මට සෙට් උන පලමු දිනයේදීමය. ඇත්තටම රාදිකයාට වඩා කුමාරයා මට හොඳ මිතුරෙක් විය.

    හායි අයන්ත .. හව් ආ යූ ?? මම් ගැස්සී බැලුවෙමි. ඒ ජෑන්ස්ය. ඇය අප පන්තියෙ සිටිනා සුරත්ලම කෙල්ල විය. පහැපත් මුහුනක් හා පුංචි ළමයෙකුගේ සිනහවක් ඇය සතු විය.

    හායි .. ජෑන්ස්.. අයිම් ෆයින්.. යූ ..

    අපි පැය භාගයක් පමන අපිට පවරා තිබූ වැඩ කෙරුවෙමු.ජෑන්ස් අපේ කන්ඩායම් නායිකාව විය. නායකයෙකුට සුදුසු සියලුම ගුනාන්ග ඇය සතු විය.මෙ සියලුම වැඩ රාගකාරී අතර තුර අපි හොඳ යාලුවො වීමු. ජෑන්ස්, තාත්තාගේ අණසකටබියව, කෙල්ලෙකුගේ ආසාවන් යටපත් කරගෙන ජිවිතය හතකරපු කෙල්ලෙක් විය. මීට හෙතුව වූයේ ඇගේ පියා රිටයි වූ හමුදා නිළදාරියෙක් වීමයැයි මට ජෑන්ස් පවසුවාය.ඇයට සහෝදර සහෝදරියන් නැත. ඇය පවුලේ එකම දරුවා විය.ඇහේ ජීවිතයේ ගොඩක් දේ මට ඇය කීවේය. මා ඈ සමග කතාකල පලමු දිනයේම මේ දෙවල් මට කියන්නේ ඇයි.. මට ප්රරස්නයක් විය..

    ඒක නෙමේ ජෑන්ස් ..
    ඇයි අයන්ත ..
    මම ඔයා එක්ක අද තමා ඉස්සෙල්ලම කත කලේ.. එත් ඔයා ඔය ගනැන හැම දේම මට කිව්වා. ඔයාගෙ ප්රයිවට් දේවල් පවා ..

    අයියෝ අයන්ත.. අනේ ඔයා මම ගැන වැරදියට හිතන්න එපා.ඔයාව දැක්ක මුල් දවසෙම මට සිතුනා ඔය හරි හොඳයි කියලා, අහින්සක අවන්ක කොල්ලෙක් කියලා. ඒකයි මම් ඔයා එක්ක බය නැතිව කතා කලේ.මගෙ හමදේම කිව්වෙ. මම හිතන්ව මට ඔයාව විස්වස කරන්න පුලුවන් කියලා අනික් හැම්දෙනාටම වඩා. මට අයියලා නැහැ අයන්ත. ඔයා මගේම අයියෙක් වෙලා මගේ ගාවින් ඉන්නවද ?

    මට මොහොතකට හුස්ම ගන්න පවා අපහසු විය. මගෙන් කවමදාවත් කෙල්ලෙක් එහෙම ඉල්ලීමක්කර තිබුනේ නැත. ලැබුන තරමක් කෙල්ලන්ගෙන් ලැබුනේ චාටර්මය. ජෑන්ස් කියූ දේවල්වලට මට අඩම්බරයක්ද ඇතිවිය.මම් ඔය කියන් තරම්ම අහින්සකද? මම මගෙන්ම අසා බැලුවෙමි. සචියා හා ගීතේෂයා හිටියනම් මගෙ ගැටලුවට නියම පිලිතුරක් ලැබනවා නොඅනුමානය.

    මොනාද අයන්ත ඔයා ඔච්චර කල්පනා කරන්නෙ ? මම කිව්ව එක වැරදියට හිතුනද?
    අහ් ..අ නේ .. නෑ .. නෑ ..ජැන්ස් එහෙම එකක් නැහැ. ඕකේ ඕකේ .. මම් ඔයගෙ අයියන්ඩිය වෙන්නම්කො එහෙනම් .. මම හිනාවෙලා කීවෙමි.

    ඇයගේ සිත රිද්දවීමට මට කිසිසෙත් උවමනවක් නොවීය. ඇය එම ඉල්ලීම කලෙ අහින්සක සිතකින් බව මට සියයට සියයක්ම විස්වාසය. මගේ කතාවට ජැන්ස් ගේ හදිසි පැමිනිම මට ගැටලුවක් නිසා මම පිල්තුරක් සෙවීමට පොඩි උත්සහයක් දැරුවෙමි. මගේ සිස්ටම් එක පාරටම ස්ටක් උන නිසා මිස් පන්තියෙන් එලියට යනවාද මට දැනුනේ නැත. කුමාරයාගේ හඬට මම හිව ඔසවා බැලුවෙමි.

    අඩෝ අයන්තයා.. මොකද බන් සියට අරන් රෙන්ට් කරල වගෙ ඉන්නෙ.. මොකද අවුල?
    අහ් නෑ බන් .. මන් මේ ..
    හරි හරි ඔක පස්සෙ බලමු වරෙන්කො ටිකක් මෙහෙට. පොඩි විස්ටර ටිකක් තියන්ව උබට කියන්න.
    මොකෝ බන් නොකද මේ හදිස්සිය..
    මන් තමාලි ගැන බේසික් ඩීටේල්ස් ටිකක් හොයා ගත්තා.
    ඒ කොහොමද බන්.. උඹට තමාලිගෙ අම්මවත් සෙට් උනාද?
    උඹට විහිලු.. උඹ දන්නවනෙ මේ කුමාරයගෙ වැඩ.මන් තමාලිගෙ යාළුවා අනුරාධිගෙන් විස්තර ටිකක් දැන ගත්තා.
    ඔය කෙලියෙ.. උඹ කිව්වද එකිට මම තමාලි ගැන හොයන්වා කියලා..
    පිස්සුද යකෝ.. මම මගෙ හැකියාව යූස් කලා..
    හරි දැන් කියහන්කො මොනවද උඹ දැනගත්තෙ කියලා ..
    තමාලි ඉන්නෙ කැස්බෑවෙ. මල්ලිකෙනෙක්ලු ඉන්නෙ.. යන්තන් අයියල නෑ. ඒ හින්දා කන්න වෙන්නෙ නෑ.
    ඔච්චරද ඉතින් උඹ දැන ගත්තෙ.
    තමාලි එන්.අයි.බී.එම් එකේ මැනේජ්මන්ට් කරනවලු. මේ තියෙන්නෙ ෆොන් නම්බර් එක.
    යකෝ උඹනම් දෙයියෙක් නමේ දේවාලයක් බන්..
    හරි, හරි හැබැයි වෙලාව එනකම් කෝල් කරන්න එපා හරි. අහ් තව එකක් තමාලි කිව්වලු උඹ හරි අහින්සක පාටයි කියලා.
    අනේ මේ.. යමන් බන් යන්න නිකන් මුරුන්ග ගස්වලට යන්වන් නැටිව..

    බොරු නෙමේ බන් මට අනුරාධි කිව්වෙ.අපි දෙන්න පන්තියෙ ඉන්න කෙල්ලො දිහා බැලුව වගේ උන්දෙන්නත් බලලා. එතකොට තමා උබව දැකල එහෙම කියල තියෙන්නෙ.
    මුලින් ජැන්ස්. දැන් තමාලි. මන් ඔය කියන තරම්ම අහින්සකද? යකෝ මේ කෙල්ලන්ට මොකද වෙලා තියෙන්නෙ. මගෙ නන්ගිවත් මට කියල නෑනෙ අයියා හරි අහින්සකයි කියලා. එක්කෝ මට පිස්සු නැතිනම් උන්ට පිස්සු එහෙමත් නැතිනම් කුමාරටය පිස්සු.. මම මටම් කිය ගත්තෙමි. නමුත් කුමාරය කියූ දේ අසා මට පොඩි ආඩම්බරයක්ද ඇතිවුනි. අපට පැවරූ වැඩ සියල්ලම ඉවර කර ගැනීමට නොහැකි වූ නිසා ඉතිරිය හෙට උදේට කරමුයැයි කියමින් අද පන්තිය නික කලේය. මායි කුමාරයයි රාදිකයව හොයමින් කැන්ටිමට දෙසට පැමිනියෙමු. තමාලිද පෙනෙන්ට නොවීය. තමාලි අපිට කලින් යන්න ඇතැයි අපි දෙදෙනාගේම අදහස විය. හදිසියේම රාදිකයා අප දෙදෙනා දෙසට දිව ආවේ කලබලයෙනි. රාදිකයගේ මුහුන වෙනදාට වඩා එලිය වැටී තිබුනි.

    කොහෙද බන් උඹල දෙන්න හිටියෙ.. මම හැමතැනම හෙව්වා..
    අපි කොහෙවත් ගියෙ නැහැ රාදිකයා.. අපි උඹව හෙව්වා
    හරි හරි දැන් ඕවයින් වැඩක් නැහැ. වරෙන්කො අපෙ වට මේස සාකච්චාවට.. දිනේෂ් අයියා අපිට ප්ලේන්ටී තුනක් ගෙන්න.
    හරි දැන් මොකද කියන්න් තියන්වා කිව්වෙ. මමයි කුමාරයයි එකපාරම ඇසුවේය.
    හරි අපි කෙලින්ම කතාවට බහිමු. උඹල දෙන්නට තමා මම මේක ඉසෙල්ලමකියන්නෙ.. මට උඹලව ට්රස්ට් ..

    හරි බන් ඉතින් කියහන්කො .. තවත් ලත වෙන්නෙ නැතිව..
    මචන්ලා උඹලට මතකයිනෙ අපේ පන්තියෙ ඉන්න තමාලි.
    හ්ම් .. මම කීවෙමි. ඇත්තටම කීවා නොව කියවුනි.
    මට ඒ කෙල්ල ගැන ආදරයක් ඇති උනා බන්. එයා හිනාවෙනකොට හරි ලස්සන්යි බන්.උඹල දෙන්න මට සප් එකක් දෙනවා නේද.. මේ ආදර කතාව ගොඩ දාගන්න.

    මට කනට ගැසුවාක් මෙන් දැනුනි. මම කුමාරයාගේ මූන දිහා බැලුවේ මොහොතකට මම ගොළු වූ නිසාය. මූටත් මේ කෙල්ලම ඕනි උනානෙ ලව් කරන්න. මම මටම කියා හත්තෙමි​
    .


    :love::love::love::love::love::love::love::love::love: